Sinhala Typing Tool

ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

View previous topic View next topic Go down

ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  භානුක on 16th January 2015, 22:10

මළ හිරුගේ ගිනි ගහන රැස් දහරාව දෑසට ගෙන එනුයේ විඩාවකි. නමුත් ඒ උණුසුමට මම කවදත් ප්‍රිය කළෙමි. පානදුරෙන් ගොඩ වෙද්දී කොළඹ කොටුව දක්වා දිවෙන සවස දුම්රියේ කොතෙක් අසුන් තිබුණද මුහුදට මුහුණළා ඇති දොරටුව සමීපයේ හිටගෙන යෑම දස වසරක් පුරා මගේ දින චරියාවේ ම අංගයක් වී ඇත්තේ මටම වෙනස් කළ නොහැකි ආකාරයෙනි. සැබවින්ම මා එයට මෙතරම් ආශාක්ත වන්නේ උණුසුම් හිරු රශ්මිය නිසාද, නැතිනම් මග දිගට පසුවන්නා වූ නෙත්කළු දර්ශනයන් නිසාද, එසේත් නැතිනම් මේ වසර ගණන පුරාවට අසුනක වාඩි වී ගමන් කිරීමෙන් ලබාගත නොහැකි වූ අත්දැකීම් සම්භාරයක් කිසිවෙකුගෙත් ඇස නොගැටී ලබා ගැනීමට මෙම දොරටුව මහත් පිටිවහලක් වූ නිසාද යන්න පැහැදිලිව කිව නොහේ. කෙසේ වතුදු මා ඒ වන විටත් සිටියේ තවත් අත්දැකීමක රසය විඳීමේ නොතිත් ආශාවකිනි. අවසානයේ දී මට මා කෙරෙහිම කළකිරීමක් පමණක් ඉතිරිකර ගෙවී  යන කාලයක් සම්බන්ධව පවතින්නා වූ මේ ලැදියාව විටෙක මා සිතෙහි ජනිත කරනුයේ පුදුමයකි. ගොදුරක් අපේක්ෂාවෙන් කල් මරන බිළාලයකු මෙන් මම නොඉවසිල්ලේ පසුවීමි.




පෙර බොහෝ දිනවල මෙන් මෙදිනද මාගේ ගොදුර මා සමීපයටම ඇදී ඒමට වැඩි කාලයක් ගත නොවුනි. පරීක්ෂාකාරී දෑස ද මාගේ අභිලාශය අනුමත කරන්නටම සුසැදි මදහස ද එය ඉතාමත් පහසු ගොදුරක් බව මට පසක්කර දුනි. මම ඔහු දෙස බැලුවෙමි. ඔව්.. ඔහු... මා මෙතෙක් ගොදුරකැයි ඇමතූ ඔහු මෙතෙක් මා නුදුටුවෙකි. ඇතැම් දිනවල මට එකම ගොදුරකින් සෑහීමට සිදුවී ඇත. තවත් අයවලුන් මා නිතරම දුම්රියේ යනෙනා විට දකින්නන්ය. නමුත් මේ නැවුම් මාංශයකි. ඔහුද මා ගැන සිතනුයේ එලෙසම විය හැකිය. මාද ඔහුට ගොදුරක් ලෙසට පෙනෙනු ඇත.




මම ඔහුව පිරික්සුවෙමි. හෙතෙම ළාබාල තරුණයෙකි. මාගේ වයසින් අඩකටත් වඩා අඩු පෙනුමකින් යුක්තය. දිදුලන කාලවර්ණ සමත් තියුණු දෙනෙත් මධ්‍යයේ පිහිටි සුදු සඳුන් කුඩුත් ඔහුගේ ජාතිය ජන්මය කියාපායි. නමුත් එය මට බාධාවට කරුණක් නොවේ. ඒ වන විටද අප දෙනෙත් අපගේ මූලික හඳුනාගැනීම් සිදුකරමින් සිටියහ.




“උඹ පොඩියි..” ඒ මම.




“එළියෙන් බලපු පලියට ලොකු පොඩි කියන්න බැහැ...” ඒ ඇස් දඟකාරය.




“මං වගේ තලත්තෑනි මිනිහෙක්ට උඹ කැමතිද..?”




“ඔව්.. මං උඹට කැමතියි..”




“මමත් උඹට කැමතියි..”




මේ අතර මුවින් එකදු වදනකදු නොදොඩා දෑසින් සිදුවූ කතාබහ තවත් දුර ගෙනයාමට අපගේ දෙඅත් උත්සාහ දරමින් තිබුණි. මහ සයුර විසින් හිරු ගිල ගනිමින් තිබුණේ අපට ආශීර්වාදයට මෙන් හාත්පස ළා අඳුරක් එක්කරමිනි. දුම්රිය ස්ථානයක නතරවන සෑම විටෙකම තාවකාලික විවේකයකට පිළිපන් අපි දුම්රිය ගමන අරඹත්ම නැවත වැඩ ඇල්ලුවෙමු. පසුවූයේ ගල්කිස්ස දුම්රිය ස්ථානයයි. ඊළඟ නැවතුම මගේ ගමනාන්තයයි. ඊට පෙර මෙහි නිමාවක් දැකිය යුතුය. එක්කෝ තරුණයා මාගේ නවාතැනට ගෙනගොස් මෙම පහස දිගටම විඳිය යුතුය. නැතහොත් ඔහුට සමු දී ඔහුගේ මතකයේ බර මාගේ සුරතට ලබාදිය යුතුය. උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වූවාක් මෙන් මම කල්පනා කළෙමි. මේ නන්නාදුනන්නෙකි. සේරටමත් වඩා දමිළයෙකි. ගෙවී යනුයේ පොට්ටුවක් වේට්ටියක් දුටුවත් සැකයෙන් බලන්නා වූ යුගයකි. මෙවැන්නෙකුට මා ජිවත්වන ස්ථානය හෙළි කිරීම අනාරක්ෂිත විය නොහැකිද? මාගේ කල්පනා ලෝකය බිඳී ගියේ විශාල පිපිරුම් හඬක් සමඟ ඇතිවූ ගැස්මකින් අප දෙදෙනාම දුම්රිය ඇතුළට ඇද වැටීමෙනි.
avatar
භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 221
GetReal Gold : 4109
Member Since : 2013-05-05

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  Jith on 17th January 2015, 00:10

ආව් ආව්.. මෙන්න අළුත් කෙටි කතාවක්. rocksss rocksss rocksss rocksss



මේ බැහැලා තියෙන්නෙ හොඳ වැඩ කාරයෙක්. නියමයි නියමයි................................ thumbup thumbup thumbup thumbup thumbup
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3881
Member Since : 2013-10-18

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  Guest on 17th January 2015, 19:57

අම්මේ මූ මෙක අන්තිමට දාලා කියන්කෝ ඉතින් .....  


තිස් වසරක යුද්දය නිමා වී  සංවර්ධනය කාර යන ගමනේ එ අතිතය නැවත සිහිගන්නවමි ,, 


දන්නවද බන් නොදන්නවා උනත් මන් නම් එක්කන් යනවා මොකො .. මොනා හරි උනොත් වෙන්නේ පස්සෙනෙ  rocksss
avatar
Guest
Guest


Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  Hasun on 25th January 2015, 11:28

හ්ම්ම්ම්..... ඉතින් ඊට පස්සේ....... pale pale pale pale pale
avatar
Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3578
Member Since : 2013-07-22

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  kasunx on 28th January 2015, 09:45

කාලෙකින් මල්ලි අයෙත් ඇවිල්ල තියෙන්නේ ! ජය වේවා
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7399
Member Since : 2013-05-31

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  virmadu on 5th April 2015, 14:26

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....................ගොඩාක් දවසකින්.එත් අලුත් කතාවක් එක්ක.මරු... thumbup thumbup thumbup
avatar
virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2632
Member Since : 2014-07-29

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  weera1 on 12th November 2015, 02:23

katawa etanin awasanaida.............hitaganda be egana pale
avatar
weera1
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 1555
Member Since : 2015-10-14

Back to top Go down

Re: ත්‍රස්තවාදියා - The Terrorist - தீவிரவாதி

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum