Sinhala Typing Tool

සමුගන්නම්...........................

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

සමුගන්නම්...........................

Post  Jith on 6th November 2014, 14:04




ඔයාගෙ සතුට වෙනුවෙන් මම ඔයාට යන්න දෙන්නම් මගෙ රත්තරන්. ඒ මම ඔයාට ගොඩාක් ආදරේ නිසා. ඔයා විඳවනවා බලන්න මට බැරි නිසා. ඒත් පොරොන්දු වෙන්න. කවම හරි දවසක මට සමුදෙන්න එනවා කියලා.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3414
Member Since : 2013-10-18

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  thavisha on 6th November 2014, 20:09

pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  virmadu on 7th November 2014, 01:27

හ්ම්ම්මිමිමිමි....සමුදෙන්නට ආදරයෙන් එනකම් බලාහිදිමි.

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2176
Member Since : 2014-07-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Jith on 8th November 2014, 17:03

මගේ දෑස් කෝපයෙන් රතු වන්නට ඇත. අවුරුදු හයකට පසු......... අවුරුදු හයකට පසු ඇය නැවතත් මගෙ දෑස් ඉදිරියේ සිටී. මගේ හද ගැස්මෙහි හඬ සවන් තුළ දෙදුරුම් කන්නාක් මෙන් මට දැනිණි. සීතල තදින් දැනුණද මගේ නළලෙන් දහඩිය බිඳුවක් ගලා ගියේ හදවතින්ම නැගුණු කෝප ගින්නෙන් මා දැවී ගිය නිසාවෙනි.
 
ඇය.......  මගේ ජීවිතය මොහොතකින් මගෙන් උදුරාගත් ඇය. මගේ ජීවිතය බඳු වූ පුද්ගලයා මගෙන් උදුරාගත් ඇය. අද ඔහු පසෙකලා වෙනත් තරුණයෙකු සමඟ පෙමින් වෙලී සිටින අයුරු මම දු‍ටුවෙමි. මා ගල් ගැසුණේ පසුගිය මතකයන් හා අතරමංව මුළු ආත්මයෙන්ම පැන නැගුණු කෝපයෙනි.
 
"රුද්‍ර! මොකද මේ?"
 
ඔහුගේ හඬින් යම්තාක් දුරකට මම පියවී සිහියට පැමිණියෙමි. සිදු වූ දේ වටහා ගැනීමට ඔහුටද වැඩි වේලාවක් ගත නොවන්නට ඇත.
 
"අපි මෙතනින් යමු රුද්‍ර. ඒවා පරණ දේවල්. කුණු අවුස්සන්න අපිට ඕනෙ නැහැ. අපි යමු. එන්න."
 
ඒ දෙස බලාගත් වනම ඔහු මගේ අතින් වෙනත් පසෙකට අදින්නට විය. නමුත් එය මට පහසුවෙන් අතහැරිය හැකි කරුණක් නොවීය.
 
"ශවීන් ඒ මගෙ ජීවිතේ. ඒකි මගෙන් උදුර ගත්තෙ මගෙ ජීවිතේ. ඔයා හොඳටම දන්නවා ඒක. දැන් ඉන්නෙ කොහොමද? වෙන එකෙක් එක්ක මඟුල් නටනවා."
 
"අපිට ඒකෙන් වැඩක් නැහැ. ඔයා දැන් ඒකට අදාළ නැහැනෙ. ඔයාට දැන් මම ඉන්නවා. අපි යමු යන්න."
 
දෙසවන් ඔහුගේ වදන් හඳුනා ගන්නට ඇත. නමුත් මගේ මුළු ආත්මයෙන්ම එය ප්‍රතික්ෂේප කරන්නට විය. මම ඔවුන් දෙසට වේගයෙන් පිය නැගුවෙමි.
 
"මොකද ඔය කරන්නෙ? පිස්සු හැදීගෙන එනවද?"
 
ඔහු දැඩිව අල්ලාගත් මගේ අත මම වේගයෙන් ගසා දැමුවෙමි.
 
"එක සැරයක් ශවීන්. ජීවිතේටම මේ සැරේ විතරයි. මට ඕනෙ එකම එක සැරයක් ඒකි මෙහෙම කළේ ඇයි කියලා අහන්න."
 
ඔහුගෙන් ඉවත්ව මා ඔවුන් දෙදෙනා වෙතට සමීප වන විට හදවත ගැහෙන වේගය තව තවත් වැඩි වූ අයුරු මට හොඳින් දැනිණි. හදවත පැළී මා මිය යනු ඇතැයිද මට සිතිණි. පසුගිය අවුරුදු හයක සිදුවීම් දාමය මා ඉදිරියේ නැවත නැවතත් මැවි මැවී පෙනෙන්නට විය. ඊළඟ නිමේෂයේදී මම ඇයට මුහුණලා සිට ගත්තෙමි.
 
"කරදර කළා නම් සමාවෙන්න ඕනෙ තූර්යා මැඩම්. මතකද මාව?"
 
ඇය මා දෙස මොහොතක් බලා සිටින්නට ඇත.  මා හඳුනාගත් බව සනි‍ටුහන් කරමින් ඇගේ දෑස් විසල් වන අයුරු මම හොඳින් දු‍ටුවෙමි. ඒ අයුරින්ම ඇය තවත් වේලාවක් මා දෙස බලා සිටින්නට ඇත.
 
"රුද්‍ර !"
 
ඇගේ මුවින් පිටවුණු සියුම් ශබ්දයක් මට ඇසිණි. මම ඇයට අවඥා සහගත ලෙස සිනාසුණෙමි.
 
"මතකයි නේද මාව? අහ් ඔව්. කොහොම අමතක වෙන්නද? තමුසෙ අරන් පැනලා ගියේ මම ආදරේ කරපු කෙනාවනෙ. තමුසෙ ජීවිතේ කාපු මිනිහව කොහොමද ඉතින් තමුසෙට අමතක වෙන්නෙ?"
 
ඇය බිම බලාගත් වනම තදින් දෑස් වසා සිටින අයුරු මම දු‍ටුවෙමි. ඇය රිදවීමේ පහත් සතුටක් මා තුළ දැඩිව ඇති විය.
 
"තූර්යා. මොනවද මේ වෙන්නෙ?"
 
ඈ සමඟ සිටි තරුණයා ඇසුවද ඇය තවමත් නිහඬය.
 
"ඔහ්. මම කියන්නම්. මේ ඉන්නෙ, මම ආදරේ කරපු කෙනාව මගෙන් උදුරගෙන දැන් වෙන එවුන් එක්ක මඟුල් නටන ජරා ගෑණියෙක්."
 
මගේ කෑ ගැසීම අවසන් වනවාත් සමඟම මුහුණට එල්ල වන පහරක ඡායාව මම යන්තමින් දු‍ටුවෙමි. කම්මුල ගිනි ගෙන දැවෙන්නාක් මෙන් මට දැනිණි. නමුත් ඇයට රිදවීම තරම් සතුටක් මට තවත් නොවීය.
 
"තූර්යා!"
 
ඔහු එක් වරම නැගිට ඇය තදින් අල්ලා ගත්තේය. ඈ හිස වනමින් ඇය හොඳින් බව ඔහුට අඟවන අයුරු මම දු‍ටුවෙමි.
 
"එයා කිව්වෙ රවීන් ගැන විශ්ව."
 
පුදුමයෙන් මෙන් මොහොතක් ඇය දෙස බලා සිටි ඔහු මා දෙස බැලුවේය. ශාන්තුවරයෙක් අසරණයෙකු දෙස බලන්නාක් වැන්නක් ඒ තුළ ගැබ් වී තිබිණි. ඈ මා දෙස බැලුවේ බලාපොරොත්තු කඩවූවෙකු පරිද්දෙනි. එම බැල්මෙහි ‍රැඳී පැවතුණේ වරදකරුවෙකු වරදකාරීත්වය හමුවේ නිරුත්තර වන බවකි.
 
"ඔය කම්මුල් පාරට මමවත් රවීන්වත් ඔයාවත් වැරදි නැහැ රුද්‍ර."
 
ඇගේ වදන් මගේ හදවතෙහි සියුම්ම තැනට වැදුණු බලවත් පහරක් විය. ඈ රිදවීමේ අරමුණෙන් පැමිණියද අවසානයේ නැවතත් අසරණ  තත්ත්වයට ඇද වැ‍ටුණේ මම නොවේද? අතීතයේ පරිදිම නැවතත් වේදනා සියල්ලකටම ගොදුරු වූයේ මමය. නමුත් මට ඇගෙන් විමසීමට යමක් ඇත.
 
"ඇයි තමුසෙ මෙහෙම....................................."
 
මම ඒ වචන සියල්ල ඒ අයුරින්ම ගිල ගත්තෙමි. පෙර නොදු‍ටු යමක් මා දු‍ටුවේ එවිටය. බොහෝ වේලාවක් මා දැවෙමින් සිටි කෝප ගින්න එක්වරම අතුරුදහන් කරවීමට එය සමත් විය. ඈ නොබෝ දිනකින් මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් වී සිටියාය. ඇගේ මුහුණ දෙස මා නැවතත් බැලුවද එහි ඇති හැඟීම් කියවීමට මම අපොහොසත් වීමි. සියලුම දෑ නැවතත් සිතේ හිර කරගෙන මම ආපසු හැරුණෙමි. අවන්හලෙහි වූ සියලු දෙනා අප දෙස බලා සිටියේ විදේශීය භාෂාවක් වුවද සිදුවූ සියල්ල යම් තාක් දුරකින් හෝ අවබෝධ කරගැනීමට ඔවුනට හැකි වූ නිසා විය යුතුය. එසේ බලා සිටින්නවුන් අතර ශවීන් ද විය.
 
"අපි යමු. ඔක්කොම හරි."
 
ඔහු පසු කරමින් යන අතරතුරේ මම පැවසුවද ඔහු තවදුරටත් තූර්යා දෙස බලා සිටියේය. අවන්හලෙන් පිටතට පැමිණි මම අසල වූ ගල් බංකුවේ හිඳ ගත්තෙමි. තවත් මොහොතකින් ශවීන් ද මා හා එක් විය. ඔහු නිහඬය. කිසිවක් කීමට ඔහුගේ අදහසක් නැත්තාක් මෙනි. ඈතින් සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු දෙස මා බලා සිටියේ කිසිදු අරමුණකින් තොරවය.
 
"මට සමාවෙන්න ශවීන්. මට තවමත් ඒ මතකය අමතක කරන්න බැරි වෙලා. මම ඔයාට ද්‍රෝහි වුණා නෙවෙයි ශවීන්. අනේ මට සමාවෙන්න."
 
මගේ හඬ වෙවුලන්නට විය. සෙමෙන් මතු වූ කඳුළු බිඳුවක් මගේ අත මතට වැටෙද්දී සෑම දිනකදීම මෙන් ඔහු යළිත් මා තුරුළු කරගත්තේය.
 
"ඒවා ඔක්කොම හරි දරුවෝ. මම ඉන්නවනෙ. මම ඔයා ගැන හොඳට දන්නවා රුද්‍ර. මට ආයෙමත් ඒ ගැන කියන්න එපා. ගොඩාක් ආදරෙයි මම ඔයාට."
 
ඔහුගේ උරහිස මත හිස තබාගෙන දෑස් පියා ගත් මම සිතෙහි වූ සෑම සිතුවිල්ලකටම කඳුළු ලෙස ගලාගෙන යාමට ඉඩ සැලසුවෙමි. මා අමතක කිරීමට වෙර දැරූ අතීතයේ පැරණි ඡායාවන් නැවත මා තුළ හොල්මන් කරන්නට විය.
 
"රවීන් ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? කවුද ඒ කෙල්ල?"
 
"ඒ කෙල්ලද? ඒ කෙල්ල තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්."
 
"ගර්ල් ෆ්‍රෙන්ඩ්? නිකන් ඉන්න රවීන්. මම දන්නවා ඔයා ගැන. ඔයා හදන්නෙ මට රිද්දන්න. ඒත් මේ විහිළුව ඕනාවට වඩා වැඩියි.
 
සමච්චලයට මෙන් ඔහු සිනාසුණු අයුරු මගේ මතකයේ තවමත් හොඳින් ඇඳී තිබිණි.
 
"ඔව් ඔව් ඔව්. උඹ ගොඩාක් හොඳ එකා. මම ගොඩක් ආසයි උඹේ මේ ඇඟට. මට හරියට ඒක මිස් වෙයි."
 
"මොකක්ද රවීන්?"
 
"ඇයි බං? උඹ දුන්න ෆන් එක නම් නියමයි. සෝ සොරි මචං. උඹට තේරෙනවනෙ. කොල්ලො වුණහම එහෙම තමයි බං. අනික උඹ හිතන්නෙ කොල්ලො දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න පුළුවන් කියලද? ඒක හීන ලෝකයක් කොල්ලො. ලබන අවුරුද්දෙ මුල මමයි තූර්යයි මැරි කරනවා. අනිවා උඹටත් කියන්නම්."
 
හීනයක් දකින්නාක් මෙන් ඒ සියල්ල අවසිහියෙන් මෙන් මම අසා සිටියෙමි. හැකි වෙර යොදා ඔහුගේ මුහුණට දුන් පහරේ තරම අදටත් මට හොඳින් මතකය. ඔහු බිම වැ‍ටුණු අයුරු, නහයෙන් ගැලූ ලේ වලින් කමිසය තෙත් වූ අයුරු ඇස් වල ‍රැඳී තිබුණු කඳුළු පටල අතරින් දු‍ටු අයුරින්ම නැවතත් මා ඉදිරියේ මැවෙන්නට විය.
 
ඒ වන විටත් මා මුළු ආත්මයෙන්ම කඩා වැටී තිබිණි. ඔහුට පිළිතුරු දීමට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. තව දුරටත් කළ හැකිව තිබූ එකම දෙය මම නොවලහා ඉ‍ටු කළා පමණි. ඔහුගෙන් මට ලැබුණු ඔහුගේත් මගේත් ආදරයේ සංකේතය වූ මුදුව මම ගලවා විසි කළෙමි.
 
එදා සිට අද වනතුරු ඔහු පිළිබඳව මා තුළ ඇත්තේ කඳුළු මතකයක් පමණි. ඉන්පසු කිසිඳු දිනෙක එකඳු වතාවක් හෝ යළිත් මා ඔහු දු‍ටුවේ නැත.
 
ශවීන් මගේ හිස පිරිමදින්නට වූයෙන් මම නැවතත් පියවි ලෝකයේ අතරමං වීමි. ඔහුගේ කාරුණික සිනහව ඒ සියළු වේදනාවන් අමතක කර දමන්නට මට වූ එකම ඔසුව විය. සැබැවින්ම ඔහු නොවන්නට මා මිය ගිය තැනක් හෝ සොයා ගැනීමට මේ වන විට අපහසු වනවා නොඅනුමානය. ජීවත් වීම සඳහා මට තිබූ එකම බලාපොරොත්තුව ද ඔහු විය.
 
"අඬන්න එපා සුදූ. කෝ එන්න කඳුළු පිහදාන්න. අපි යමු දැන්."
 
මගේ කඳුළු පිස දැමූ ඔහු නැඟිටීමට මට වෙර දුන්නේය. ඔහුගේ අතින් අල්ලාගෙන මම උද්‍යානය දෙසට ගමන් කළෙමි. ශවීන් කිසිවක් කීමට උත්සාහ කළේ නැත. යළිත් ඔහු නිහඬය. ඔහුගේ ඒ නිහඬ බව මගේ සිත සනසා ගැනීම උදෙසාය. 
 
"රුද්‍ර."
 
පි‍ටුපසින් ඇසුණු උස් කටහඬ මම හොඳින් හඳුනා ගත්තෙමි. නමුත් මට නැවතීමට වුවමනාවක් නැත.
 
"රුද්‍ර පොඩ්ඩක් ඉන්න."
 
එහි වූයේ ආයාචනාත්මක බවක්ද විධානාත්මක බවක්ද යන්න මට ගලපාගත නොහැකි විය. ශවීන් මගේ අත තදින් මිරිකුවේය. මම ඔහු දෙස බැලීමි. ඔහු මා දෙස බලා යන්තමින් සිනාසීය.
 
මා ආපසු හැරුණේ ඇය කෙරෙහි තිබූ අප්‍රමාණ ක්‍රෝධයෙනි. ඇයට රිදවීමට මා උත්සාහ කළද ඇගේ තත්ත්වය මා තුළ ඇති කළ හැඟීම මට නැවත වෙනස් කර ගත නොහැක. නමුත් මට රිදවීමට මෙන් ඇය යළිත් මා ඉදිරියට පැමිණ සිටී.
 
ඈ මා දෙස බැලුවාය. ඇගේ දෑසෙහි වරදකාරී බවක් නැත. මා රිදවීමට ඇති චේතනාවක්ද නැත. පසුතැවීමක්ද නැත. එහි ගැබ් වී තිබුණේ අනුකම්පාවක් පමණි.
 
"මගෙ තත්ත්වෙ ගැන හිතලා මට අනුකම්පා කරන්න එපා. ඔයාට බනින්න තියෙනවා නම් මට බනින්න."
 
ඇගේ පුදුමාකාර කතාවෙන් මම විමතියට පත් වීමි. නමුත් ඒ මොහොතේ එය අඬන්නට සිටින්නෙකුගේ ඇසට ඇඟිල්ලෙන් අනින්නාක් මෙන් විය.
 
"මම දන්නෙ නැහැ ඔයයි රවීනුයි අතර මොනවා වුණාද කියලා. මට දැන ගන්න වුවමනාවකුත් නැහැ. ඒත් ඔයාට එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් කියන්න, ඔයාට මාව හම්බවුණා කියලා. කියන්න මම දැන් ඉන්නෙ ගොඩාක් සතුටින් කියලා. එයාට කියන්න මට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බවුණා කියලා. තවත් ‍රැවටීමක් මගෙ ජීවිතේ නැහැ කියන්න. තව කියන්න කොල්ලො දෙන්නෙක් ලස්සන පවුලක් හදාගෙන එකට ජීවත් වෙනවත් කියලා."

"කියන්න පුළුවන්. ඒත් එයා ඒකට ආයෙමත් මුකුත් කියන්නෙ නැහැයි කියන එක නම් මට හොඳටම විශ්වාසයි."

"මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි යමු ශවීන්."


 මා ආපසු හැරී ශවීන් පසු කරන විට මට නැවතත් ඇගේ හඬ ඇසිණි.
 
"රුද්‍ර.......................රවීන් දැන් අපිත් එක්ක නැහැ."
 
මගේ දෙපා ගල් ගැසුණාක් මෙන් විය. තවත් එකඳු අඩියක් හෝ ඉදිරියට යාමට මට හැකියාවක් නොවීය. ඇය කියූ දෙයෙහි අර්ථය මට හොඳාකාරවම වැටහිණි. නමුත් ඇය කියූ දෙය සැබැවින්ම ඇසුණාදැයි විශ්වාසයක් මා තුළ නොවීය.
 
"ඒ......ඒ......කිව්වෙ?"
 
මම මොහොතකටවත් දෑස් ඉවතට නොගෙන ඇගේ දෑස දෙසම බලාගෙන සිටියෙමි. විශාල සුසුමක් හෙළා ඇය ඇගේ දෑස් මොහොතකට වසා ගත්තාය.
 
"රවීන් නැති වෙලා දැන් අවුරුදු පහකටත් වැඩියි රුද්‍ර." 
 
අනේ දෙවියනේ! රවීන්! වේදනාවේ සහ වෛරයේ බාධකයන්ගෙන් හිර කර තැබූ ඔහුගේ මතකයන් නැවතත් මා තුළට වේගයෙන් ගලා එන්නට විය. ඒ පැරණි මතකයන් මගේ සිත පුපුරුවා හරීදෝයි මට සිතිණි.හදවතින් ගලා සිතිවිලි වචන බවට පෙරළෙන්නට පෙර උගුරේ සිර වෙන්නාක් මෙන් මට දැනිණි.
 
"රවීන්? මැරිලා?"
 
මට කිව හැකිව තිබුණේ එවැන්නක් පමණි. ඔහු මට කෙබඳු තත්ත්වයක් උදා කර දුන්නද මගේ මුළු ආත්මයම ඔහු වෙනුවෙන් හඬා වැළපෙන්නට වූයේ ඇයිදැයි මට තේරුම් ගත නොහැකි විය. ඔහු කෙරෙහි තිබූ ආදරයට සාක්ෂි දරමින් මගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය.
 
"කො....කොහොමද?"
 
තූර්යා ඉතාමත් අසරණව ඇය සමඟ සිටි තරුණයා දෙස බැලීය. ඔහු ඇගේ අතක් තදින් අල්ලා ගත්තේය.
 
"ඔයා පොරොන්දුව කඩනවා නෙවෙයිනෙ තූර්යා. එයා ඒක දැනගන්න ඕනෙ. නැත්නම් අපි ඒක එයාට කරන අසාධාරණයක්. එයා වැරදි නැහැ."
 
ඔහුත් ඇයත් මා දෙස බලාගෙන මුමුණනු මට යන්තමින් ඇසිණි. සිදු වන්නේ කුමක්ද? කිසිඳු දෙයක මුලක් මැදක් අගක් මට නොතේරේ. මට තේරුම් ගත හැකිව තිබූ එකම දෙය වූයේ කුමක්දෝ වේදනාවක් මා වෙළාගෙන ඇති බවක් පමණි.
 
ඈ ඉතා සෙමින් මා සමීපයට පැමිණියාය. මට කළ හැකිව තිබුණේ ඇය දෙස බලා සිටීම පමණි.
 
"මම රවීන්ව මැරි කළේ නැහැ රුද්‍ර. මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වත් නෙවෙයි."
 
තූර්යාගේ වදන් මගේ හිසට හිටිවනම එල්ල කළ පොලු පහරක් බඳු විය. කිසිවක් සිතා ගත නොහැකිව මගේ සිත අයාලයේ දිව ගියේය. රවීන්ගේ වචන මට නැවතත් ඇසිණි.
 
"ඒ කෙල්ල තමයි මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ලබන අවුරුද්දෙ මුල අපි මැරි කරනවා."
 
නැවත නැවතත් ඔහුගේ හඬ මගේ හිස තුළ දෝංකාර දෙන්නට විය. ඒ සිදුවීම් පෙළ යළි යළිත් මා ඉදිරියේ දර්ශනය විය.
 
"මො.....ක........ක්? මොකක්ද මේකෙ තේරුම? රවීන්! රවීන් ඇ....යි මට බො...රු කි...ව්වෙ?"
 
එක්වරම මා සිහින ලෝකයක අතරමං වූවාක් මෙනි.
 
"රුද්‍ර. රවීන්ට...............රවීන්ට..................රවීන්ට 'ලන්ග් කැන්සර්' එකක් තිබුණා."
 
කුමක් සිදු වූවාදැයි සිතා ගැනීමට මට නොහැකි විය. අඩියක් හෝ දෙකක් පසුපසට විසි වී ගිය මම කවරෙකුගේ හෝ ග්‍රහණයකට හසුවනු මට දැනිණි. ශවීන්ගේ හඬ මට යන්තමින් ඇසිණි. තූර්යාගේ වදන් තවමත් මගේ සවන් තුළ ‍රැව් දෙන්නාක් මෙන් මට දැනිණි. මතකයන් ‍රැසක් මධ්‍යයේ මම නැවතත් අතරමං වීමි. ඒ මතකයන් අතුරින් යළිත් වරක් ඇගේ මුහුණ මතු වන්නට විය.
 
"රවීන් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් මගෙ හොඳම යාළුවා. ඇත්ත, මට එයා ගැන හැඟීම් තිබුණා. ඒත් එයාට කවදාකවත් එහෙම වුණේ නැහැ. ඒත් කාලයත් එක්ක මම එයාට එයාගෙම සහෝදරියෙක් වගේ ළං වුණා. එයා ළඟින් ආශ්‍රය කරපු අයගෙන් එයා 'ගේ' කියන එක දැනගෙන හිටියෙ මම විතරයි. හැමදේම වගේ කියන්න එයාට හිටියෙ මම විතරයි. මට තවමත් මතකයි, එයා පළවෙනියටම ඔයාව දැක්ක දවස ගැන කිව්වා රුද්‍ර. එයා ඔයාට පුදුම විදිහෙ ආදරයක් කළේ. ඔයා දන්නෙ නැහැ නේද රුද්‍ර? ඔයාට අසනීප වුණ දවස් වලට රෑ එළි වෙනකල් එයා ඔයාලගෙ ගෙදර ළඟට වෙලා හිටියා. එයා හිතුවා කොයි වෙලාවක හරි ඔයාට එයාව ඕනෙ වෙයි කියලා. ඒ තරම් එයා ඔයාට ආදරේ කළා. මට වෙලාවකට හිතාගන්නත් බැරි වුණා ඇත්තටම එහෙම ආදරයක් ලෝකෙ තියෙනවදත් කියලා. හැම දෙයක්ම රවීන් ආසම විදිහට වුණා. ඒත් එතකොටම තමයි මේ හැම දෙයක්ම එළියට ආවෙ. එයා හිටි හැටියෙම හොඳටම අසනීප වෙන්න පටන් ගත්තා. ඔයාට මතකද රුද්‍ර, ඔයාව හම්බවෙන්න එයාට එන්න බැරි වුණ දවස්? ඔයාට දැන් තේරෙනවා ඇති ඒ ඇයි කියලා."
 
ඇය මොහොතක් මා දෙස බලා සිටියාය. මගේ මුළු ශරීරයම ගිනි ගෙන දැවෙන්නාක් මෙන් මට දැනෙන්නට විය. මා රවීන්ට කොතරම් නම් ශාප කරන්නට ඇත්ද? ඒ සියල්ලක්ම නැවතත් මටම ඇසෙන්නාක් මෙන් මට දැනිණි. ළය පැළී මිය යන තරමේ වේදනාවක් මට දැනෙන්නට විය. මගේ දෑස් බොඳ කරවමින් එම වේදනාව නොනවත්වා ගලා යන්නට විය. මම ඒ අතුරෙන් තූර්යා දෙස බලා සිටියෙමි.
 
"රවීන්ට 'ලන්ග් කැන්සර්' එකක් තියෙනවා කියලා හොයා ගත්තා. එතකොට එයාට ඉතුරු වෙලා තිබුණෙ තවත් මාස හයක් වගේ කාලයක් විතරයි. එයා මැරෙන්න බය වුණේ නැහැ රුද්‍ර. එයාට බැරි වුණේ ඔයාව දාලා යන්න විතරයි. එයා එදා දුක් වෙවී වැළපුණේ ඒ ගැන හිතලා. ඔව්, එයාට තිබුණා ඔයාට හැමදේම කියලා එයා මැරෙන මොහොතෙත් ඔයාව එයා ළඟින් තියා ගන්න. ඒත් රවීන් දැනගෙන හිටියා ඔයා එයාට කොයි තරම් ආදරේද කියලා. ඒ ආදරේ නිසාම තමයි එයා ඒ තීරණේ ගත්තේ. එයා දැනගෙන හිටියා ඔයාට ඒ වේදනාව දරා ගන්න බැහැයි කියලා. ඒ නිසා එයා ඔයා වෙනුවෙන් හැම වේදනාවක්ම බාර ගත්තා රුද්‍ර."
 
මගේ දෙපා වලට තව දුරටත් මා දරා ගැනීමට නොහැකි විය. මම මගේ දණිස් දෙක මතට ඇද වැ‍ටුණෙමි. පොළොවේ හැපි හැපී හැඬීමට තරම් වේදනාවක් මා තුළ විය. අනේ මගෙ රවීන්! ඔහුට මා නපුරු වූ ආකාරය මට මැවී පෙනෙන්නට විය.
 
"ඇයි? ඇයි එ..යා මට කි..ව්වෙ නැත්...තෙ? ඇයි තූර්යා මගෙ රවීන් මට ඒක කිව්වෙ නැත්තෙ?"
 
ඒ ජනාකීර්ණ උද්‍යානය මධ්‍යයේ මා මහ හඬින් කෑ ගසන්නට ඇත. තූර්යා මා අසලට පැමිණ නැවත මා නැගී සිට වූවාය.
 
"ඒ වෙලාවෙ රවීන් ඔයාව එයා ළඟින් තියා ගත්තා නම්, ඊට පස්සෙ එන ජීවිතේ හැම තත්පරයකම ඔයා දුක් විඳියි රුද්‍ර. හැමදාකම ඔයා ඔයාලගෙ මතකයන් වලම විතරක් ජීවත් වෙයි. ඔයාලගෙ ලස්සන මතකයන් ‍රැඳුණ තැන් වල ඔයා විතරක් තනි වෙලා ඉඳී. ඔයාලගෙ ලස්සන අතීතේ මතකයන් මතක් කර කර හැමදාම ඔයා විඳවයි රුද්‍ර. එයා දැන ගත්තා ඒකෙන් ඔයාගෙ ජීවිතේ නැති වෙන විදිහ. රවීන්ට ඒක දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ඔයාට දැනිලා තියෙනවද රුද්‍ර? ඔයාට දැනිලා තියෙනවද ඔයා මුළු ලෝකෙන්ම වැඩිපුරම ආදරේ කරන කෙනාගෙ හුස්ම ඔයාගෙ අත් දෙක උඩ යනකොට දැනෙන හැඟීම? ඒ හැඟීම ඔයාට දීලා ඔයාව පණ පිටින් මරන්න බැරි නිසයි රවීන් ඒ දේ කළේ. ඔයාට තියෙන ආදරේ වැඩි කමට ඔයා නැතුව ඉන්න වේදනාව එයා විඳ ගත්තා."
 
මම මහ හඬින් හඬන්නට ඇත. මගේ කම්මුල් දිගේ නොනවත්වා ගලා ගිය කඳුළු වල රසය විඳිමින් මම හැඬුවෙමි. ඔහුගේ ඒ ආදරයට නොදැනුවත්ව නමුදු කුරිරු වූ ආකාරය මට දරා ගත නොහැකි විය. 
 
මගෙ රවීන් මට ඒ තරම් ආදරේ කළාද? ඔහු වෙනුවෙන් කිසිඳු දුකක් මට අත් නොවන්නට තරම් ඔහු මට ආදරේ කළාද? මගේ ආදරය ඔහු කෙරෙහි වෛරයකට පරිවර්තනය කරන්නට ඔහු ගත් උත්සාහයේ සැබෑ ප්‍රතිඵල මා ඉදිරියේ නිරුවත් වන්නට වූයේ එවිටය. සැබෑවකි. ඔහුගේ ආදරය අහිමි වීමෙන් මම වසරක කාලයක් දුක් විඳින්නට ඇත. වැළපෙන්නට ඇත. සැබැවින්ම ශවීන්ද මගේ ජීවිතයට ළං වූයේ ඔහු නිසා නොවේද? සදාකාලික දුකක් උරුම කරගෙන ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණේ සතුටත් සමඟ නැවත ජීවිතයක් මට උරුම කර දෙමිනි.
 
ඔහුගේ මුහුණ, කවදත් මා ආකර්ෂණය වූ සිනහව, මා ඉදිරියේ මැවෙන්නට විය. අහිංසක මුහුණ තුළ සැඟවුණු කපටිකම ලෙස පසුගිය අවුරුදු හය තුළ මම එයට කොතරම් නම් වෛර කරන්නට ඇත්ද? මට මා ගැනම ඇති වූයේ බලවත් වෛරයකි.
 
ශවීන් වැළඳගෙන කොතරම් වේලාවක් හැඬුවාදැයි මතකයක් මට නොවීය. ඔහුගේ උණුසුම දැනෙන විට රවීන්ගේ මතකය මට යළි යළිත් දැනෙන්නට විය. ඇතැම්විට ඔහුගේ උණුසුම තුළ රවීන්ගේ උණුසුම යළිත් සොයන්නට මා උත්සාහ දරන්නට ඇත.
 
"මට සමාවෙන්න රුද්‍ර. ඔයාව රිද්දවන්න නෙවෙයි මේ හැම දෙයක්ම කිව්වේ. රවීන් වෙනුවෙන් මම ඕනම බැනුමක් අහන්නම්. ඒත් ඔයාට මෙච්චර ආදරේ කරපු එයා වැරදිකාරයෙක් වෙන එක මට කවදාවත් බලාගෙන ඉන්න බැහැ. හිතන්න එපා රුද්‍ර ඔයා වැරදියි කියලා. ඔයාට දැනෙන දුක මම දන්නවා. ඒත් අද වෙනකොට ඒ දුක දරාගන්න ඔයාට හයියක් වෙන්න ඔයා ළඟින් කෙනෙක් ඉන්නවා. මම හිතන්නෙ රවීනුත් ඒ දේ බලාපොරොත්තු වෙන්න ඇති."
 
සැබැවින්ම ශවීන් නොසිටියේ නම් මා මේ මොහොතේ කුමක් කරගනු ඇත්ද? මම ඔහුව තව තවත් වැළඳ ගතිමි. ඔහුද පෙරළා මා තද කර ගත්තේ ඒ බවක් දැනුණු පරිද්දෙනි. ඒ තුරුළේ මම තව තවත් වැළපෙන්නට ඇත.
 
"රුද්‍ර. මම හිතන්නෙ මේක අයිති වෙන්න ඕනෙ ඔයාට."
 
තූර්යා ඇගේ මාලය ගලවන අයුරු මම දු‍ටුවෙමි. අවුරුදු හයකට පසුව වුවද එහි ‍රැඳී තිබුණු දෙය හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැත.
 
" මගේ.....ම....ගේ............."
 
"ඔයාගෙ මුද්ද. ඔයා ගලවලා විසිකරපු වෙලාවෙ මේක වැටිලා තිබුණෙ කුණු කාණුවකට. එදා රවීන් එන්න ගොඩක් පරක්කු වුණ නිසා මම එයාව හොයන්න යනකොට එයා මේක හොයන්න මුළු කුණු කාණුවක්ම ඇද ඇද හිටියා රුද්‍ර. ඇස් දෙක පියා ගන්නකනුත් ඔයාව ළඟින් තියා ගන්න එයාට උදව් වුණේ මේ මුද්ද."
 
ඇය මුදුව මා අත තැබුවාය. මම එය මගේ පපුවට තුරුළු කර ගත්තෙමි. දෙවියනේ! ඒ මොහොතේ මට එයින් දැනුණේ රවීන්ගේ ස්පර්ශයයි. මගේම රවීන්ගේ ස්පර්ශයයි.
 
"අනේ රවීන්. තව එක පාරක්..............................තව එක පාරක් මට ඔයාව බලන්න තිබුණා නම්."
 
අසල වූ ගල් බංකුවක් මතට ඇද වැ‍ටුණු මම මගේ දෑත් අතර හිස සඟවාගෙන හැඬුවෙමි. ඒ ස්පර්ශය මගේ ආත්මය තුළ අවදි කළ හඬින් ඉකි ගසමින් හැඬුවෙමි. ඔහුගේ මතකයන් ‍රැගත් මුදුව තුරුළු කරගෙන බොහෝ වේලාවක් හැඬුවෙමි.
 
මගේ හිස පිරිමදින ස්පර්ශයෙන් මම හිස ඔසවා බැලීමි. තූර්යා මා අසල හිඳගෙන සිටියාය.
 
"රවීන් බය වුණා එයා ගැන ඔයාට ආරංචි වෙයි කියලා. ඒ නිසා එයා අමෙරිකාවට ආවා. රවීන් නැති වුණේ මෙහෙදි රුද්‍ර. එයා දැන් ඉන්නෙ මෙතන ඉඳන් වැඩි දුරක නෙවෙයි. ඔයාට පුළුවන් අන්තිම වතාවට එයාට සමු දෙන්න."
 
තූර්යාගේ කතාවෙහි අර්ථය මට වැටහිණි. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. එහි වූයේ කරුණාවන්ත බවකි. මා කුඩා කාලයේදීම මිය ගිය මගේ මවගේ මුහුණ ඒ තුළින් මට මැවී පෙනිණි. ඇගේ ඇසකින් වැ‍ටුණු කඳුළු බිඳුවක් මගේ අත මතට වැටෙනු මට දැනිණි.
 
මම වහා ශවීන් දෙස බැලුවෙමි. කඳුළු අතරින් ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේ ඉතාමත් පියකරු මඳ සිනහවකි. මගේ සිතැඟි තේරුම් ගත්තාක් මෙන් ඔහු එය අනුමත කිරීමට හිස වැනීය. ඒ අවසරයෙන් මා සූදානම් වූයේ රවීන් වෙත දිව යාමටය.
 
"රුද්‍ර."
 
තූර්යා එක්වරම මගේ අතකින් අල්ලා ගත්තාය. ඈ මා වැළඳ ගත්තේ මවක් හඬමින් සිටිනා දරුවෙකු වැළඳ ගන්නාක් මෙනි. මම ඇගේ උරහිස මතින් හිස තබා ගත්තෙමි. ඇය මට ඇසෙන ලෙස සෙමින් කෙඳීරීය.
 
"කහපාට ලස්සන පුංචි මල් වැටෙන ලොකු ගහක් රුද්‍ර. හරියට නිකන් එයාගේ ආදරේට පූජාවක් වගේ. ඔයාගෙ රවීන් එතන ඉඳී."
 
ඇගේ වදන් සමඟම මම ඒ දෙසට දිව ගියෙමි. මා කිසි දිනෙක නොදිවූ තරම් වේගයකින් දිව ගියෙමි. හදවතින් නැගුණු වේදනාව තුළින් කඳුළින් දෑස් තෙත්වත්ම මා තව තවත් වේගයෙන් රවීන් වෙත ළඟා වීමි. ඒ සුවිසල් උද්‍යානය හරහා හඬමින් මා නොනැවතී දිව යන්නට ඇත.
 
සොයමින් පැමිණි දසුන මා ඉදිරියේ මැවෙන්නට වූයෙන් මම මගේ වේගය අඩාල කළෙමි. කහ පැහැයෙන් වෙළී තිබුණු ඒ වෘක්ෂය මගේ දෑස් ඉදිරියේ විය. ඒ හරහා හමා ගිය මඳ සුළඟින් එහි කුඩා මල් එහි සෙවණේ සැතපී උන්නෙකුගේ ස්මාරකය මතට වැටිණි.
 
ඒ දෙසට මා ඇවිද ගියේ සිහියෙන්ද අවසිහියෙන්ද යන්න මම නොදනිමි. රවීන්ගේ මතකයන් එකින් එක මා ඉදිරියේ දිග හැරෙන්නට විය.
 
"රුද්‍ර? මොකද දරුවෝ මේ අඬන්නෙ පොඩි එකෙක් වගේ?"
 
පෙර දිනෙක ඔහු කී අයුරෙන්ම මට නැවතත් ඇසිණි.
 
"මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ රත්තරන්."
 
ඔහුගේ තුරුළට ගෙන මගේ කණට කෙඳිරූ අයුරු මට ඇසිණි.
 
"ඔයාට කලිනුයි මම මැරෙන්නෙ. මට බැහැ මගේ පණ ඔයාව ඒ විදිහට දකින්න."
 
මගේ දෑත් සිඹිමින් හඬමින් ඔහු කියූ අයුරු මට ඇසිණි.
 
මම ඔහුගේ සොහොන් ස්මාරකය අසලට ළං වුණෙමි. එය ඉදිරියේ දණ ගසා ගත් මම මැඩගත් කඳුළු අතුරෙන් බොහෝ ආයාසයෙන් ඔහුගේ නම කියවීමි. රවීන්................................... ඒ නම තුළින් ඔහුගේ ආදරණීය මුහුණ නැවතත් මට මැවී පෙනිණි.
 
"බොරුකාරයා! බොරුකාරයා! බොරුකාරයා!"
 
මම මහ හඬින් කෑ ගසමින් හඬන්නට වීමි.  ඔහුගේ සොහොන් ස්මාරකයට අතින් පහර දෙමින් හැඬුවෙමි.
 
"ඇයි රවීන් මට මෙච්චර ආදරේ කළේ? ඇයි රවීන් ඇයි? මට එක පාරක් ඔයාව බලන්න බැරි වුණා රවීන්. අනේ මට වැඳලා ඔයාගෙන් සමාව ගන්න ඕනෙ රත්තරන්. අනේ ඇයි රවීන් හැම දුකක්ම ඔයා විතරක් අරගෙන ගියේ? ඇයි මගෙ රත්තරන් ඇයි?"
 
මම සොහොන් ස්මාරකය වැළඳ ගත්තෙමි. ඔහුට සැලකූ ආකාරය මට මැවී පෙනෙන්නට විය. ඔහුට ශාප කළ වචනයක් වචනයක් පාසා මට ඇසෙන්නට විය. ඒ වේදනාව දරා ගැනීමට තරම් ශක්තියක් මා තුළ නොවීය. හැකි වෙර යොදා මගේ හිස ස්මාරකයේ ගසා ගත්තෙමි. නමුත් මුළු ආත්මයම දවාලමින් පැන නැගුණු වේදනාව යටපත් කිරීමට එය සමත් නොවීය.
 
පි‍ටුපසින් ඇදුණු දැතකින් මා යමෙකුගේ ග්‍රහණයට නතු විය. ශවීන්ගේ උණුසුම මට නැවතත් දැනිණි. ඔහුගේ උණුසුම විඳිමින් මම තව තවත් ඉකි ගසමින් හැඬුවෙමි.
 
"අනේ ශවීන්. රවීන්ට එන්න කියන්නකො. අනේ එක පාරක් මට සමාව දෙන්න එන්න කියන්නකො ශවීන්."
 
මා තදින් තුරුළු කරගත් ඔහු තව දුරටත් නිහඬව සිටියේය. මම ඔහු වැළඳ ගනිමින් තව තවත් වැළපුණෙමි.
 
"රවීන් ඔයාට සමාව දෙන්න ඔයා වැ‍රැද්දක් කළේ නැහැ මහත්තයො. එයා කවදාවත් ඔයාට වෛර කරලා නැහැ. එයා මේ ලෝකෙන් යන අන්තිම මොහොතෙත් ඔයාට ආදරේ කළා විතරයි රුද්‍ර."
 
නොනවත්වා ගැලූ කඳුළු අතුරින් මම රවීන්ගේ සොහොන් ස්මාරකය දෙස බැලුවෙමි. ඔහුගේ සුපුරුදු මුහුණ යළිත් ඒ තුළින් මැවෙන්නට විය. පුරුදු ආදරයෙන් ඔහු මා සමඟ සිනාසීය.
 
"ඒත් මගෙ රත්තරන් රවීන් කැමති වුණේ නැහැ නේද ඔයා මේ විදිහට විඳවනවා බලන්න. එයා කැමති වුණේ ඔයා හැමදාම සතුටින් ඉන්නවා දකින්නයි රුද්‍ර. ඒක තමයි රවීන්ගෙ එකම සතුට වුණේ. ඔයා කැමති නැද්ද මගෙ වස්තු රවීන් සතුටෙන් ඉන්නවට?"
 
මම ඔහු දෙස බැලුවෙමි. දෑස් වලින් ගලන කඳුළු අතරින් ඔහු යන්තමින් මා සමඟ සිනාසුණේය. මගේ කම්මුල් මත දෑත් තැබූ ඔහු දෑස් වලින් මගේ මුළු ආත්මයම ආමන්ත්‍රණය කරන්නට විය. අවසානයේ ඔහු මගේ නළල සිපගත්තේය.
 
රවීන්ගේ මතකයන් ‍රැගත් ඒ සොහොන් ස්මාරකය දෙසට නැඹුරු වී තවත් එක් වරකට එය වැළඳ ගතිමි. ඔහුට සෙවණ දෙමින් සිටි ඒ මහා වෘක්ෂය, ඔහු වෙනුවෙන් නොකඩවා පුද කරනු ලබන මල් වරුසාව දෙස මම මොහොතක් බලා සිටියෙමි. ඉන් කහ පැහැති මලක් අහුලාගෙන එය ඔහුගේ සොහොන් ස්මාරකය ඉදිරියේ තබා ඔහුගේත් මගේත් මතකයන් අතර තවත් එක් වරකට අතරමං වීමි.
 
"මගේ රවීන්. ඔයාට මම ගොඩාක් ආදරෙයි මගෙ රත්තරන්."
 
ස්මාරකය අසල දණ ගසාගෙන අවසන් වරට එය මම මහත් සෙනෙහසකින් සිප ගත්තෙමි. එහි එක් කෙළවරක සටහන්ව තිබූ කුඩා සිංහල අකුරු කිහිපයක් අසල මගේ හදවත නතර විය.
 
"ඔයාගෙ සතුට වෙනුවෙන් මම ඔයාට යන්න දෙන්නම් මගෙ රත්තරන්. ඒ මම ඔයාට ගොඩාක් ආදරේ නිසා. ඔයා විඳවනවා බලන්න මට බැරි නිසා. ඒත් පොරොන්දු වෙන්න. කවම හරි දවසක මට සමුදෙන්න එනවා කියලා."


                                              නිමි.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3414
Member Since : 2013-10-18

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Esala on 8th November 2014, 18:53

ඇස් වලට කඳුලු එනව බං....................ලස්සනට ලියලා තියෙනවා pride pride pride pride pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4146
Member Since : 2013-03-28

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  virmadu on 9th November 2014, 06:24

හ්ම්ම්මිමිමිමි...හද දවන මතකයක් දරාගෙන විදවන්නමි සැමදා.

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2176
Member Since : 2014-07-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Chandana on 9th November 2014, 07:33

තමන් ආදරේ කරපු කෙනාට සමුදෙන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ කියන්නේ ජීවිතේ කාලයක් විඳවන්න වෙන දෙයක්. මටත් එහෙම අත්දැකීමක් තියනවා. ලස්සන කතාවක් සහෝ. kiss

Chandana
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 51
GetReal Gold : 2949
Member Since : 2013-05-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  kasunx on 9th November 2014, 14:02

කොහොමද මල්ලි ඔයා මේ විදිහට මිනිස්සුන්ගේ හිතේ ගැඹුරටම දැනෙන විදිහට අකුරු කරන්නේ ? මම හැමදාමත් ඔයාගේ කතාවවලට ආදරෙයි ! එත් මේ කතාව මාව අසරණ කරා උනත් මම මේකට ඊටත් වඩා ගොඩක් ආදරෙයි ! ජය වේවා !


Last edited by kasunx on 9th November 2014, 19:57; edited 1 time in total

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  thavisha on 9th November 2014, 16:26

pattama patta kathawa macho mama weradila office eke meka dan kiyawal es dekata kanduluth awa awesome man
hats off to the wondeful story

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Siyapath on 9th November 2014, 17:00

superb story bro. one of the best short story i have ever read
hug hug hug hug

wish you!!!
rocksss rocksss rocksss

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  සහන් on 9th November 2014, 20:20

හරිම ලස්සන, ගොඩක් සංවේදි කථාවක්.
එක හුස්මට කියව්වා.

අපූරුයි.

ඒත් හැබෑ ජීවිතේදි කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Sameerasanjeewa on 11th November 2014, 12:43

හදවතේ ගැඹුරටම දැනෙනවා.. හරිම සංවේදී කතාවක්.. :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry:  හරිම ලස්සනට ලියලා තියෙනවා. මම හිතන්නෙත් මේක මේ සයිට් එකේ තියෙන හොඳම කෙටි කතා අතර එකක් කියලා..  bow

Sameerasanjeewa
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 37
GetReal Gold : 2838
Member Since : 2013-08-31

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Nayan on 14th November 2014, 21:43

Adawanna puluwan uparimayatama oya mava adewwa aiya. E wachana, e hageem, hamadeyakma godaak lokuwata hithata danenawa. Kenekta me wage adare karanna puluwannam loke inna wasanawanthama kena eya wenna one. Me athdakeema nupurudu deyak nam nemei. Eth kochchara shakthimath kiyala hithuwath ayemath kadagena watuna aiya. Hoda lekakayek. Improve it as much as you can. Good Luck 

Nayan

Nayan
+ 100 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Somewhere in the world
Country : Sri Lanka
Posts : 101
GetReal Gold : 2290
Member Since : 2013-12-14

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  gayan2015 on 25th November 2014, 18:12

ammooooo.......... godak duka hithena kathawak wane wana sathurekutawath me wage deyak wenna epa.......... cry   cry

gayan2015
memebrs with 1 post

Now :
Online
Offline

Mood : In love

Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 1602
Member Since : 2014-09-28

Back to top Go down

මට හිතෙන දේ

Post  shevan on 4th December 2014, 03:53

නවකතා වලට වැඩිය කෙටි කතා වලට තමයි මම කුඩා කාලෙ ඉදලම ඇලුම් කලේ. ඒකට හේතුව ඕනම දේකට අඩු කාලයක් ගතකරන්න තියෙන කැමැත්ත වෙන්න ඇති කියල හිතෙනවා (හැබැයි එකම එක දේකට නම් එහෙම නෑ Basketball ) මං කියන්න ගියේ මං ගැන නෙවෙයි. මේ කතාව ගැන. කියවන්න මිඩංගු කරන කාලය කොපමණ කෙටි වුනත් ඒ තුළින් ලබන රසවින්දනය සර්වකාලීවන එකක් විය යුතුයි කියලයි මගේ පුද්ගලික අදහස වෙන්නෙ. ඉතිං මේ කතාව තුළ ඒ කියපු සර්වකාලීන වින්දනය කියන ලක්ෂණය ඇතුළත් වෙන බවක් දැනෙනවා. රසවින්දනය කියන කාරණාවෙදි නිර්මාණයේ දිග පලල එතරම් වැදගත් නොවෙන්නෙත් මේ හේතුව නිසා වෙන්න ඇති.
අනිත් අතට ඉතා කෙටි පරාසයක් තුළ නිර්මාණයක් ගොනු කර ගන්නත් ඒ වගේම කියවන්නාගේ රසවිනදනයට නිර්මාණයේ කෙටි වීම බාධාවක් නොවන පරිදි ගොඩනැගීමත් එක්තරා සියුම් දස්කමක්. තව හිතෙන දේවල් බොහොමයි. ලියන්න කම්මැලියි. කෙටියෙන් ඉවර කරන පුරුද්ද නිසා වෙන්න ඇති. Sleep මේ කතාව ඇතුලු කෙටි කතා කිහිපයක්ම කියෙව්වම මට වෙලාවකට හිතුණා නවකතා රසිකයින්ගේ හිත් කෙටිකතා රචකයන් පැහැරගෙනවත්දෝ කියලත්.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3746
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමුගන්නම්...........................

Post  Sponsored content Today at 19:43


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum