Sinhala Typing Tool

I AM GAY

View previous topic View next topic Go down

I AM GAY

Post  saranga.aw on 27th September 2014, 22:57

මම මේ ගැන දන්නේ, මම සමලිංගිකයෙක් නිසයි.

මට කියන්න තියෙන්නේ මේකයි. සමලිංගිකත්වය අපි හිතා මතා ‍ ගන්න දෙයක් නෙවෙයි. අපට කාගෙන් වත් "බෝවන" දෙයකුත් නෙවෙයි. ඔබ කියන විදියට අපි සමාජයෙන් කොන්වෙලා, රහසේ ජීවත් විය යුතුයි? ඒ මොන පදනමක් මතද? එසේ සිටීමෙන්, අපටවත්, සමාජයටවත් සිදු වන "හොඳ" කුමක්ද? බොහොම දෙනෙක් සමලිංගිකයන්ට විරුද්ධ, ඔවුන් කිසි දිනක විවෘතව ජීවත් වන සමලිංගික පුද්ගලයෙක් ඇසුරු කර නැති නිසා. අපි සමාජයේ හැම තලයකම ජීවත් වෙනවා, ඔබ වගේම අපිත් අපේ රටට සේවයක් කරනවා. කරුණාකර අපේ ලිංගිකත්වය මත පමණක් අපි කවුද කියා නිගමනය කරන්න එපා. අනික මම සිංහලයෙක්, බෞද්ධයෙක්. මම මගේ ජාතියට, ආගමට ආදරෙයි. නමුත් මට තේරෙන්නේ නැහැ, ඇයි බහුතරයක් දෙනා සතු‍ටු කරන්න ඇයි අපි අපේ ජීවිත් රහසිගතව ගත කරන්න ඕනා?

ඹුලින් ම මේ කාරණයේ දෙපැත්තම සොයා බලන්න. විවෘත වූ මනසකින් කාරණාව දිහා බලලා, සාධාරණ තීරණයක් ගන්න. සමලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ඇති කර ගන්න. ලෝකයේ අනෙක් රටවල මේ ගැන දරණ අදහස්, විද්වතුන් මේ ගැන දක්වන අදහස් සොයා බලන්න. එහෙම නැතුව තමන්ගේ හිතට එන අදහස් මත පමණක් යැපෙමින් තීරණ ගන්න එක නුවණැති දෙයක් නෙවෙයි.

saranga.aw
 
 

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura
Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 2182
Member Since : 2014-02-15

https://twitter.com/SarangaAw

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum