මගේ සිහින කුමරුන් නුඹ සදා..

View previous topic View next topic Go down

මගේ සිහින කුමරුන් නුඹ සදා..

Post  Oshada on 2014-08-22, 2:10 pm

එකම එක වහලක් යට
මගේ සෙවණැල්ල සේ
ළගින් හිඳ
එකම එක බත් පත
බෙදා කන්නට
එකම තේකක උණුසුමෙන්
රස බලන්නට
උදෑසන නුඹ යන තුරා
නුඹේ උණුසුමේ රැඳෙන්නට
මගෙන් නික්මී යන උදෑසන
නළල් තල මත නුඹේ
දෙතොල් උණුසුම ලබන්නට
දිවා කළ නුඹේ මතකයන් සමඟින්
මගේම සුර ලොව සැරිසරන්නට
ඇඳිරි වැටෙනා මොහොතේ සිට නුඹ
එනතුරා පෙර මඟ බලන්නට
දවසේ විස්තර නුඹට කියමින්
තුරුළු වී කිචි බිචි ගාන්නට
තරු පිරුණු රැය නුඹත් සමඟින්
අහස දෙස නෙත් යොමා සිටින්නට
තරු නිවී ගොස් හිරු නැගෙන තෙක්
එකම යහනක එකෙකු වෙන්නට
කරපු පිං තව මදිද මන්දා
නුඹ මගේ ලොව සුරකුමරු වෙන්නට
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6318
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

Post  thavisha on 2014-08-22, 7:30 pm

wedding  wedding  wedding

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7810
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

Post  ishan on 2014-08-23, 3:56 pm

waw lassanaiii
avatar
ishan
+ 100 Posts

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 3370
Member Since : 2014-03-10

Back to top Go down

Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum