හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

View previous topic View next topic Go down

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Post  Sanketh on 2014-07-19, 11:13 pm

(ගොඩ කාලෙකින් හිතට ආපු වචන ටිකක් ලියන්න හිතුණා..)
මහා ගොඩක් ආදරේ හිත ඇතුලේ කිටි කිටියේ තද වෙලා...
මම ඝන කලුවර අහස දිහා බලාගෙන ඉන්නවා..
අහසේ පුංචි පුංචි එළි...
හරියටම ඔයාගේ ඇස් දෙක වගේ...
ඒ නිසා වෙන්න ඇති කලුවර කළු වුනත් මට දාලා යන්න නොහිතෙන්නේ..
ඇයි හඳ අහලකවත් නැත්තේ...
මගේ හිත ඇහුවේ අහසින්..... අහස උත්තර දුන්නා
සෑහෙන තරම් කාලෙකින් හඳ ආවේ නැහැ.. ඔයාගේ ජීවිතේට වගේමයි...
මගේ හිතටත් කාලයක් එක දිගට හඳ පෑව්වා..ආමවකක් තිබුණෙම නැහැ..
මගේ හිත උත්තර දුන්නේ නෝක්කාඩුවෙන්..
ආයේත් හඳ පායන්න වගේ නේද? අහස මගෙන් ඇහුවේ ඔමරියෙන්...
පපුව හත් පොලක් කඩාගෙන මහා හුස්මක් එළියට ආවා,
හ්ම්ම්... හඳ ඔයාගේ, මට ඒක අල්ලන්න බැහැ, ඒත් මම ඒකට පුදුම තරම් ආදරෙයි..
එයා මගේ, මම එයාට පුදුම තරම් ආදරෙයි...
ඒත්, කවදාවත් එයා මගේ වෙන්නේ නැහැ..
හ්ම්ම්ම්ම්..ඔයා අහලා බැලුවේ නැත්ද? අහසත් සුසුම් හෙලුවා..
නැහැ.. මට බයයි.. හඳ හොයද්දි තරුත් නිවිලා ගියොත්..
ඔයා පව්.. අහසින් වැහි පොද කෝඩයක් වැටුණා.. අහස අඬනවද..
මමත් තරුවක් වෙලා ඔයා ගාවට ආපු කාලේක එයාට කවුරු හරි කියයි මම එයාට මහ ගොඩක් ආදරෙ කළා කියලා..

වැහි පොද මහා වැස්සක් වුණා.. මම ලොකු කලුවර ගහ යටට වුණා..
අහසට මාව තේරුණා.. වැහි වළාකුළු තිබුණට තරු එහෙමම දිලිසුණා..
ඒත් එයාට..........
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
තව සුසුමක් පිටවුණා...


avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6800
Member Since : 2013-02-06

Back to top Go down

Re: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Post  thavisha on 2014-07-20, 4:34 pm

hmmmmm

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7810
Member Since : 2013-07-29

Back to top Go down

Re: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Post  සහන් on 2014-07-20, 6:31 pm

දිලිසෙන ලස්සන හඳ 
අපි ලගට එන්නේ නෑ
සත්තයි කොයිතරම්
එන්න කිව්වත්. . .

ඒත් 

හඳ ලගට 
යන්න පුලුවන්
මොනතරම් අමාරු උනත්
ඒක පුලුවන් 

ඒ හද එලියේන්
සිහිලෙන් පාර කියාවි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum