Sinhala Typing Tool

අංක 999

Page 1 of 5 1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Go down

අංක 999

Post  Jith on 2nd June 2014, 13:43

 "කොහොමද මිනිහෝ මේ ප්‍රශ්නෙ විසදන්නෙ?"

"ඒත් මහත්මයා ලොකු මහත්මයා කියන විදිහට නම්..........................".

"ලොක්කා කිව්ව එකක් නෙවෙයි මිනිහෝ.. මේ ප්‍රශ්නෙ විසඳන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ.. අනික ඒ නම ගාවන්න එපාලු මේ නම ගාවන්න එපාලු.. කොහොමද කියනවා මෙහෙම වැඩ කරන්නෙ.."

"ප්‍රමාණවත් සාක්ෂි නැහැ තමයි මහත්මයා. ඒත්......................."

"තමුසෙ දන්නවා නම් ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා, ඒක ගැන මට කියන්න එපා ආයෙත්. ලොක්කාට කියනවා මේක විසඳගන්නම ඕනෙ නම්, මොන ලෝකෙකින් හරි ෂර්ලොක් හෝම්ස්ව හොයා ගන්න කියලා."

මගේ දෙවෙනි නිලධාරියාට බැන වැදුණු මම කන්තෝරු කාමරයට වැදී දොර වසා ගත්තෙමි. මගේ සුව පහසු අසුන දෙස මම මඳ වෙලාවක් බලා සිටියේ කලකිරුණු සිතකිනි. කෙතරම් සුවපහසු වුවත් එහි ‍රැඳී තිබුනේ නම් සුවපහසු කටයුතු ගොන්නක් නොවේ. අසුනට බර වුණු මම මඳ වෙලාවකට දෑස් පියා ගත්තේ තරමක හෝ සැනසිල්ලක් ලබා ගැනීමේ අරමුණෙනි. ඉහළ නිලධාරියාට බැණ වැදීමේ බරපතලකම ඒ වන විටත් මට දැනෙන්නට විය. ඒ සියල්ල අමතක කර දමා මම සූදානම් වූයේ මගේ අවසන් පරීක්ෂණයේ වාර්තාව සකස් කර අවසන් කිරීමටය. මේසය මත වූ පරීක්ෂණ වාර්තා අතුරින් ඉහළින්ම වූ පරීක්ෂණ වාර්තාව අතට ගත් මම එය දිග හැරියෙමි. මා තව තවත් යක්ෂාරූඪ වූයේ එවිටය.

"විල්සන්........... කොහෙද මනුස්සයෝ මගේ අන්තිම පරීක්ෂණ වාර්තාව?"

 මම කෑ ගැසුවේ කන්තෝරු කාමරයේ දොර මහ හඬින් හරිමිනි. අනෙක් නිලධාරීන් ඒ දෙස ඒ තරම් අවධානායක් යොමු නොකළේ ඔවුන් මාගේ හැසිරීම හොඳාකාරවම දැනගෙන සිටි නිසා විය යුතුය. ඒත් සමගම විල්සන් මගෙ දෙසට පැමිණියේ ලිපිගොනුවක්ද සමගය.

 "කවුද මිනිහෝ තමුසෙට මේක ගන්න කිව්වේ?"

 ඔහු තරමක් විමතියෙන් නමුත් වෙනදා සුපුරුදු ආකාරයෙන්ම මා දෙස බැලීය.

"ඇයි මහත්මයා? මහත්මයමනේ මට දුන්නෙ වැරදි තියෙනවා නම් ආයෙත් නිවැරදි කරලා දෙන්න කියලා. ඒ කටයුත්ත අවසන් කළා විතරයි."

 සෑම දෙයක්ම මට නැවත මතක් වෙන්නට පටන් ගත්තේ එවිටය.

 "මට සමාවෙන්න විල්සන්. මේ ටිකේ හැම දෙයක්ම අමතක වෙලා. අර වින්සන්ට් වීදියේ ගෑනිව මරලා තිබුන හැටි දැක්කට පස්සෙ තවමත් මගෙ ඔළුව විකාර වෙලා වගේ."

 ඔහු සුපුරුදු කරුණාවන්ත සිනහවෙන් මට සංග්‍රහ කළේ ලිපිගොනුව මගේ අතට දෙමිනි.

" මට තේරෙනවා මහත්මයා. ගණන් ගන්න එපා. ඕක අමතක කරලා දාන්න. බාගවෙලාවට කෝපි කෝප්පයක් බිව්වොත් ඔය ගතිය මග ඇරිලා යයි."

 "හ්ම්.. ඔව්.. මටත් හිතෙනවා. ඒක නම් හොඳ අදහසක්."

 මට හිස නමා ආචාර කල ඔහු ප්‍රධාන දොර‍ටුව දෙසට ඇවිද යන්නට විය. මම තරමක වෙලාවක් එතන නැවතී ඔහු දෙස බලා සිටියෙමි. ඔහු කොතරම් නම් වාර ගණනක් මා සමඟ මේ ආකාරයෙන් ඉවසන්නට ඇත්ද? තරමක් සන්සුන් වීමේ අරමුණෙන් සුසුමක් හෙළා කටයුත්ත අවසන් කිරීමේ අරමුණෙන් මම නැවත හැරුණෙමි.

 "මට උදව් කරන්න… අනේ මට උදව් කරන්න… දෙවියන්ගෙ නාමෙන් කවුරුහරි මට උදව් කරන්න."

එක්වරම ඇසුණු කෑ ගැසිල්ලෙන් මම තුෂ්ණිම්භූත වීමි. මා ආපසු හැරී බලන විට දු‍ටු දර්ශනයෙන් මා තරමක් කැළඹිල්ලට පත් විය. දොර‍ටුව අසල සිටගෙන සිටියේ තරමක් උස් වූ තරුණයෙකි. ඔහුගේ මුහුණ කඩවසම් එකක් වුවද, එය අස්වාභාවික ලෙස සුදුමැලි වී තිබිණි. ඔහුගේ හිසකෙස් ඉතා අක්‍රමවත් ලෙස අවුල් වී තිබිණි. ඔහුගේ ඇඳුමෙහි විශාල ලේ පැල්ලමක් විය. බොහෝ වේගයෙන් එහෙ මෙහේ දිව ගිය ඔහුගේ ඇස්, අවසානයේ නතර වූයේ මා ළඟය. බොහොම අපහසුවෙන් ඔහු ඉදිරියට ඒමට තැත් කළේ අසල වූ මේසයකට වාරු දෙමිනි. නමුත් ඔහු ඇද වැටීමට වැඩි වේලාවක් ගත නොවන බව මට අවබෝධ විය.

"විල්සන්, ඉක්මණට අල්ල ගන්නවා ඔය මනුස්සයාව. වැටෙන්න දෙන්න එපා."

ශරීර සමබරතාව ගිලි හෙද්දී ඔහු අල්ලා ගැනීමට විල්සන්ට හැකි විය. මම වහා ඔවුන් සිටි තැනට ගියෙමි. විල්සන් එම තරුණයාගේ බොත්තම් එකිනෙක ගලවමින් සිටියේ ඔහුට ආශ්වාස කිරීමට පහසු වීම සඳහාය. මා එතනට පැමිණ දණ ගසා ගන්නවාත් සමඟම ඔහු මගේ අතින් අල්ලා ගත්තේය.

"ජේසන්........... ජේසන්............ අශ්ව කරත්තය....... පහළ............."

ඔහුට කිව හැකි වූයේ එපමණකි.

"මහත්මයා, ඇඳුමේ හොඳටම ලේ. තුවාල මුකුත්..............................."

"නැහැ. ලේ ගෑවිලා තියෙන්නේ පිටින්. කිසිම තුවාල සලකුණක් පේන්න නැහැ. අනික් ලේ දැන් වේලෙන්නත් පටන් අරගෙන. ලොකු කම්පනයක් වගේ. සිහිය නැති වෙලා."

"මොකක්ද මහත්මයා මේ මනුස්සයා අන්තිමට කිව්වේ?"

"මට හිතෙන විදිහට තව කෙනෙක් ඉනවා. විල්සන්, මේ මනුස්සයාව මගේ කන්තෝරු කාමරයට ගෙනියන්න. රාක්කයේ බ්‍රැන්ඩි ඇති."

වහා ක්‍රියාත්මක වුණු මම පහළ මාලයට දිව ආවෙමි. එක්වරම මට අසන්නට ලැබුණේ අශ්ව කරත්ත රියදුරෙකු යමෙකුට කෝපයෙන් බැණ වදින හඬකි.

"අයින් කරගනින් මිනිහෝ ඔය කරත්තේ අහකට. උඹ මොකා වුණත් මට කමක් නැහැ. දැන්ම ගනින් ඔය කරත්තේ පාරෙන් අහකට. මහ රෑ වුණාට මේ පාරේ තවමත් මිනිස්සු ගෙවල් වලට යනවා. මම බැහැලා එන්න කලින් ඕක අයින් කරගත්තොත් හොඳයි."

මට දැක ගත හැකි වූයේ පොලිස් ස්ථානය ඉදිරිපිට පාර අවහිර වන සේ නවත්වා තිබූ විශාල අශ්ව කරත්තයකි. එය පසු කර ගැනීමට නොහැකි වූ නිසා පසු පසින් පැමිණි අශ්ව කරත්ත රියදුරා කෝපයට පත් වී සිටියේය. මා දු‍ටු සැණින් ඔහුගේ කෝපාවිෂ්ඨ පෙනුම අතුරුදහන් විය. වහා තම හිස් වැසුම අතට ඔහු මට අචාර කළේය.

"සමාවෙන්න මහත්තයෝ මෙහෙම කෑ හැහුවට. ඒත් අපි කියලත් ගෙවල් වලට යන්න එපැයි. මේ මෝඩ තකතීරුවෙක් පාර මැද කරත්තය නවත්තගෙන පිටි පස්සට වෙලා නිදි ද කොහෙද."

ඔහු නොනවත්වා තව තව දේ කියවන්නට පටන් ගත්තද මම ඔහු දෙසට අවධානය යොමු නොකර ඉදිරිපසින් තිබූ අශ්ව කරත්තය දෙසට දිව ගියෙමි. අශ්ව කරත්තයේ දොර විවෘත කළ මට දැක ගත හැකි වූයේ බිහිසුණු දර්ශනයකි. ඒ තුළ වූයේ ලේ විලක් මැද වැටී සිටි තරුණයෙකි. ඔහුගේ සිරුර නිශ්චලව තිබූ නමුත් මා අශ්ව කරත්තයට ගොඩ වූයේ ඔහුගේ හෘද ස්පන්දනය පරික්ෂා කිරීම සඳහාය.

"දෙවියන්ට ස්තූති වේවා! ඔහු තවමත් ජීවතුන් අතර."

මට එක්වරම කියවුනේ ඔහුගේ ජීවිතය තවමත් ‍රැඳී තිබූ බැවිනි.

"මහත්මයා ඔය මිනිහා නිදි නේද? මිනිහෙක් වුණාම පොඩ්ඩක් බිව්වට කමක් නැහැ. ඒත් සීතල වුණාට ගන්න ඕනෙ ප්‍රමාණයක් තියෙනවා. වැඩියෙන් ගත්තහම ඔහොම තමයි."

"ඔහේ... ඉක්මණට එනවා. ඉක්මණට අරන් යනවා මේ අශ්ව කරත්තය රෝහලට."

"ඇයි මහත්මයා? මොකක්ද ප්‍රශ්නේ? දෙවියනේ............... මේ ලේ නේද?"

"කිව්වහම අහලා ඉක්මණට කරනවා මනුස්සයෝ."

"ඒත් මහත්මයා මගේ අශ්ව කරත්තේ? ඒක කොහොමද මෙතන දාලා යන්නේ?"

"තමුසෙගෙ ඔය කෙහෙම්මල යකාට ගියදෙන් මිනිහෝ. තමුසෙට ඔය අශ්ව කරත්තෙට වඩා මිනිහෙක්ගෙ ජීවිතේ වටින්නෙ නැද්ද?"

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: අංක 999

Post  සහන් on 2nd June 2014, 13:51

තවත් රහස් පරීක්ශක කතාවක්. rocksss 
නියමයි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: අංක 999

Post  Guest on 2nd June 2014, 15:35

ela   pride

Guest
Guest


Back to top Go down

Re: අංක 999

Post  kasunx on 2nd June 2014, 23:30

නියමයි නියමයි ! අසාවෙන් හිටියේ මේ වගේ එකකට !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: අංක 999

Post  shevan on 3rd June 2014, 01:21

"තමුසෙගෙ ඔය කෙහෙම්මල යකාට ගියදෙන් මිනිහෝ. තමුසෙට ඔය අශ්ව කරත්තෙට වඩා මිනිහෙක්ගෙ ජීවිතේ වටින්නෙ නැද්ද?"

මං මොනවද බං කියන්නෙ?. එක්කො ඕන නෑ. ලියල ඉවරම කරපන්කො. ඊට පස්සෙ කියාගෙන යන්නම්.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: අංක 999

Post  Jith on 4th June 2014, 11:46

මා නැවතත් පොලිස් ස්ථානයට පැමිණියේ පැය කීපයකට පසුවය. සිදුව ඇති දේ පිළිබඳව යම් තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට මට නොහැකි විය. නමුත් තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය අනුව අත්දැකීමෙන් මට කිව හැකි දෙයක් විය.

කන්තෝරු කාමරයේ දොර සෙමින් විවෘත කළ මට දැක ගන්නට හැකි වූයේ එහි සිටි විල්සන් සහ තරුණයාය. ඔහු අසුනක හිඳගෙන සිටියේ දෑත් අතර හිස සඟවා ගනිමිනි. මා දු‍ටු සැණින් විල්සන් සෙමින් මට සමීප විය.

"බොහොම අමාරුවෙන් මහත්මයා තියා ගත්තේ මේ විදිහට හරි. සිහිය ආපු ගමන්ම ලෑස්ති වුණේ ජේසන් කෙනෙක්ව හොයන්න. තවමත් ලොකු කම්පනයකින් වගේ ඉන්නේ."

විල්සන් පැවසුවේ ඉතාමත් සියුම් හඬකිනි.

"බොහොම හොඳයි. විල්සන්ට යන්න පුළුවන්. මෙතන ඉඳන් මම බලා ගන්නම්."

විල්සන් පිටත්ව යනවාත් සමඟම මම තරුණයා දෙසට ඇවිද ගියෙමි. ඔහු මා දෙස බැලුවේ මාගේ අඩි ශබ්දය නිසා විය යුතුය. ඔහුගෙන් මා දු‍ටුවේ ඔහු මා හඳුනා ගත් ආකාරයකි.

"අනේ මහත්මයා...... ජේසන්................ කෝ ජේසන්? ඇයි මේ කවුරුත් මට මුකුත් කියන්නේ නැත්තේ?"

ඔහු මා අසලට දිවවිත් බැගෑපත් විය.

"මහත්මයා, කලබල වෙන්න එපා. මම රහස් පරීක්ෂක එඩ්වඩ් ක්‍රේන්. ජේසන් බොහොම හොඳින් ඉන්නවා."

"මට කියන්න, කෝ මගේ ජේසන්? කෝ එයා?"

"ජේසන්ගේ තත්ත්වය බොහොම දරුණු වුණා. ඔහුව ඉක්මණින්ම රෝහල් ගත කළා. බය වෙන්න දෙයක් නැහැ. ඔහු දැන් හොඳින්. මගේ නිලධාරීන් දෙදෙනෙකුත් ජේසන්ගේ ආරක්ෂාවට රඳවන්න කටයුතු කරලයි තියෙන්නේ. ඔහු බොහොම හොඳින් වගේම උපරිම ආරක්ෂාව යටතේ ඉන්නේ."

ගිනි උඳුන අසලට ඇවිද ගිය ඔහු එහි වූ පු‍ටුවේ සෙමින් හිඳ ගත්තේය. ඔහුගේ මුවින් පිටවූයේ තෘප්තිමත් බවට පත් වූ බවක් හඟවන ශබ්දයකි.

"දෙවියන්ට ස්තූති වේවා! මට පුළුවන් වුණා ජේසන්ව බේරගන්න. මට පුළුවන් වුණා."

ඔහු ස්වල්ප වේලාවක් තනිවම යම් යම් දේ මුමුණන්නට විය. එහි අවසානයක් දකින තෙක් බලා සිටියද එය අවසන් කරන ආකාරයක් ඔහු කෙරෙන් මට දිස් නොවීය.

"මහත්මයා.... මම බොහොම කැමතියි වුණ දේ මොකක්ද කියලා දැන ගන්න. බොහොම ඉක්මණින්."

"දෙවියනේ මහත්මයා........ මොකක්ද ඔබ කිව්වේ?"

ඔහු මා දෙස බැලුවේ බොහෝ තැති ගත් ස්වාභාවයකිනි. මරණ බියෙහි සජීවී ස්වරූපය ඔහුගේ දෑස් වලින් මම හොඳාකාරවම දු‍ටුවෙමි. ඔහුගේ මුළු ශරීරයම දහඩියෙන් නැහැවී ගියේ ඉතාමත් වේගයෙනි.

"අනේ මහත්මයා..... දෙවියනේ.............. කොහොමද ඒක මතක් කරන්නේ? ඒක බොහොම භයානකයි මහත්මයා. මම ඒක මතක් කරන්නවත් කැමති නැහැ. මේ බලන්න. තවමත් මගේ ඇඟේ හිරිඟඩු පිපෙනවා."

ඔහු බොහොම ආයාසයෙන් වචන ගැලපීය.

"මේ අහන්න. මේක බොහොම බරපතල තත්ත්වයක් බවට සැකයක් නැහැ. එක ශක්තිමත් තරුණයෙක් දරුණු කම්පනයකට ලක් වෙන විදිහට බය වෙලා යම් සිද්ධියක් නිසා. තවත් කෙනෙක් මාරාන්තික තුවාල ලබලා. අත්දැකීමෙන් මට කියන්න පුළුවන්, ඒවා තියුණු ආයුධයකින් ඉතාමත් වුවමනාවෙන් සිදු කරපු තුවාල බව. අනික, සාමාන්‍ය අනතුරක් නම් ඔබ ජේසන්ව කෙළින්ම ගෙනයන්න ඕනේ රෝහලට. නමුත් ඔබ කෙළින්ම ආවේ ස්කොට්ලන්ඩ්යාඩ් වලට ඔහු තුවාලව සිටියදිත්. ඔබට ඕනේ වුණා ලොකු ආරක්ෂාවක්."

"ඒත් මහත්මයා....................... ."

"මේ අහන්න. ඔබ මෙතනදි හොඳින්ම ආරක්ෂිතයි. ජේසන් පවා ඉන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් ආරාක්ෂාව යටතේ. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මට ඔබට උදව් කරන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධිය බොහොම පැහැදිලිව ඔබ මට පැවසුවොත් විතරයි. නැත්නම් නිරපරාදෙ ඔබ වැරදිකරුවෙක් වෙයි."

ඔහු බොහොම සෘජුව මා දෙස බැලීය. ඔහු තද හුස්මක් ඉහළට ගත්තේ යම් තීරණයකට එළැඹි බව හඟවමිනි.

"ඔව් මහත්මයා. මම කියන්නම්. මම ඔක්කොම කියන්නම්. අඩුම තරමේ ඒකෙන් තව මිනිහෙක්ගෙ ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි. නමුත් මහත්මයා දැනගන්න. මම දැක්කේ යක්ෂයාව මහත්මයා. ඔව්. ඒ නම් යක්ෂයාම තමයි."

බ්‍රැන්ඩි බෝතලය අතට ගත් ඔහු තවත් වීදුරුවක් හිස් කළේ ඇසි පිය ගසන වේගයෙනි.  ඔහුගේ කතාව ආරම්භ කිරීමට ඔහුගේ කාලය ලබා දී මම යම් වේලාවක් බලා සිටියෙමි.

"මහත්මයා, මගෙ නම ‍තෝමස් හැමිංටන්. මම වෘත්තියෙන් නීතිඥවරයෙක්. තුවාල ලැබුවේ ජේසන්. ජේසන් ග්‍රෙගරි. ඔහු වෘත්තියෙන් දේපල වෙළෙඳාම් තැ‍රැව්කරුවෙක් විදිහට කටයුතු කරනවා. මේ සිද්ධියට අපි මුහුණ දුන්නේ......................................."

"මොහොතකට සමාවෙන්න මහත්මයා බාධා කිරීම ගැන. ඔබ කතා කළ විදිහට මම හිතුවේ ජේසන් කියන්නේ ඔබේ සහෝදරයා කියලා."

ඔහුගේ සුදුමැලි වී තිබුණු මුහුණ රතු පැහැයට හැරෙනු මම හොඳින් දු‍ටුවෙමි. ඔහු ලැජ්ජාවෙන් මෙන් බිම බලාගත්තේ තම අතින් කකුලට සෙමින් තට්‍ටු කර ගනිමිනි.

"ඇත්තටම මහත්මයා.............. අපි දෙන්නා........... අපි දෙන්නා............."

ඔහු තරමක් ගොත ගසන්නට විය. කරුණු එකින් එක මට අවබෝධ වන්නට වූයේ එවිටය.

"ඔහෝ........... මට තේරුණා. සමාවෙන්න ඔබ අපහසුතාවයකට ලක් වුණා නම්. ඔබට පුළුවන් නැවතත් කතාව පටන් ගන්න."

මම තරමක් සිනාමුසු මුහුණින් පවසන විට මෙතෙක් වේලා මැලවී තිබුණු ඔහුගේ මුහුණේ යන්තම් සිනා ‍රැල්ලක් දැක ගැනීමට මට හැකි විය.

"මමයි ජේසනුයි මුණ ගැහිලා මේ වෙනකොට අවුරුදු දෙකක් මහත්මයා. ඊයේ වගේ දවසක තමයි අපි දෙන්නා මුණ ගැහුණේ. ජේසන්ගෙයි මගෙයි රාජකාරි කටයුතු නිසා ඇත්ත වශයෙන්ම අපි දෙන්නටම තරමක් දිග නිවාඩුවක් ගත කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නැති තරම්. ඒ තරමටම කාර්යබහුල වුණා. නමුත් මේ අවුරුද්දේ ඒ අවස්ථාව කොහොමහරි ලබා ගන්න අපි මහන්සි වුණා. අපි මේ අවස්ථාව ගැන සැලසුම් කරන්න ඇති මාස කිහිපයක්.

අවසානයෙදි අපිට පුළුවන් වුණා දින කිහිපයක නිවාඩුවක් ලබා ගන්න. ජේසන් ගොඩක්ම කැමති වුණේ ගම්බද ප්‍රදේශයකට ගිහින් සැනසිල්ලෙ නිවාඩුව ගත කරන්න. කැලෑවෙ ඇවිදින්න, කුරුල්ලන් දිහා බලාගෙන ඉන්න ජේසන්ගෙ තිබුණෙ පුදුමාකාර කැමැත්තක්. ඉඩ ලබා දුන්නොත් ඔහු ඒක කරාවි දින ගණනක් වුණත් එක දිගටම."

ඔහු මඳ වේලාවකට කතාව නතර කළේ යම් යම් දේ ආවර්ජනය කිරීමට විය යුතුය. නැතහොත් නොගැලපෙන දේ අමතක කර දැමීමට විය යුතුය.

"නිවාඩුවෙ පළවෙනි දින කිහිපය අපි තීරණය කළා ජේසන් කැමති තැනට යන්න. ජේසන්ට යන්න ඕනෙ වුණේ ස්ට්‍රැන්ස්බර්ග් කියන පුංචි ගමට. ලන්ඩන්වලින් තරමක් ඈතින් තියෙන ලස්සන ගමක්. ජේසන්ගෙ කුඩා කාලයෙ දවස් කිහිපයක් ඒ ගමේ ගත වෙලා තිබුණා. ආයෙමත් එතනට යන්න ජේසන්ගෙ තිබුණෙ පුදුම ආසාවක්.

ගමනට පිටත් වුණේ මගෙ පෞද්ගලික අශ්ව කරත්තයෙන්. මහත්මයාට තේරෙනවා ඇති ඇයි අපි එහෙම දෙයක් කළේ කියලා. අශ්ව කරත්තය අරගෙන ගියෙ මගෙ රියදුරා, ඩේවිඩ්. ඒ වගේම ඔහු මගෙ පෞද්ගලික වගේම විශ්වාසනාවන්තම සේවකයා.

ස්ට්‍රැන්ස්බර්ග් වලට එන්න අපිට දවසක්ම ගත වුණා. ඇත්තටම ජේසන් කිව්වා වගේම ඒක බොහොම ලස්සන තැනක්. රාජකාරි කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉඳලා හොඳ නිවාඩුවක් ගත කරන්න එතන බොහොම අපූරු තැනක්. ජේසන් වගේම මමත් එතනට බොහොම කැමති වුණා.

අපි දින දෙකක්ම ස්ට්‍රැන්ස්බර්ග් වල හිටියා. තුන් වෙනි දවසෙ අපි සූදානම වුණේ මම සූදානම් කරලා තිබුණු තැනට යන්න. මගේ සේවාදායකයෙකුගෙ කටයුත්තක් සඳහා ගිය අවස්ථාවකදි මට දකින්න ලැබුණු තැනක්. ලස්සන විලක්, තැනිතලාවක් තිබුණු බොහොම සුන්දර ප්‍රදේශයක්.

එතනින් පිටත් වෙන්න සූදානම් වෙනකොටම මට විදුලි පණිවුඩයක් ලැබුණා. මගේ සේවාදායකයෙකුට ඔහුගෙ ඉතාමත් වැදගත් ලිපිගොනු වගයක් නැවතත් අවශ්‍ය වෙලා තිබුණා. ලන්ඩන් වලින් එනකොට මට ඒ කටයුත්ත අවසන් කරන්න බැරි වෙලයි තිබුණෙ. මේ ලැබුණු අවස්ථාව අත ඇරලා දමලා යන්නත් මගෙ හිතේ තිබුණෙ මහා අකමැත්තක්. ඩේවිඩ්ව මට බොහොම විශ්වාස නිසා මම ඒ කටයුත්තට ඔහුව යවන්න තීරණය කළා. හැකි ඉක්මණින් ලන්ඩන් වලට යා යුතු නිසා ඩේවිඩ් නැවත ආවෙ දුම්රියෙන්. ඒ නිසා අශ්ව කරත්තය ගෙන යාම සිදු කරන්න වුණේ අපි දෙන්නට.

ස්ට්‍රැන්ස්බර්ග් වල ඉඳන් මම බලාපොරොත්තු වුණ තැනට යන්න තිබුණෙ දවස් බාගයක පමණ දුරක්. නමුත් මීට කලින් ස්ට්‍රැන්ස්බර්ග් වල ඉඳන් ගිහින් නොතිබුණු නිසා පාරවල් සොයාගැනීම තරමක් නෙවෙයි, බොහොම අපහසු වුණා. ඒ නිසාම කළුවර වැටෙනකොටත් අපි හිටියෙ ගමන් කළ යුතු දුරෙන් හරි අඩක්වත් අවසන් නොකර.

මහත්මයාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ මේ දවස් වල තිබෙන සීතල ගැන. ඒ වගේම මේ දවස් ටිකේම වැස්සත් තරමක් තිබුණා. මේ වෙලාව වෙනකොටත් වහින්න තරමක් ළං වෙලයි තිබුණෙ. මොකද ඒ වෙනකොටත් තරමක් තදින් පොද වැස්ස පටන් අරගෙන තිබුණා."

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: අංක 999

Post  Thisara on 4th June 2014, 22:03

nice

Thisara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2827
Member Since : 2013-01-29

Back to top Go down

Re: අංක 999

Post  thavisha on 5th June 2014, 11:18

ela ela

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: අංක 999

Post  kasunx on 5th June 2014, 22:29

wow ! rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: අංක 999

Post  Jith on 6th June 2014, 13:21

නැවත වරක් ඔහු තම නළල පිරිමැද්දේය. වටපිටාව කෙතරම් සිසිල් වුවද ඔහුගේ නළලේ ‍රැඳී තිබුණු දහඩිය බිඳු මට හොඳින් දැකගත හැකි විය.

"ඔබට තරමක් අපහසුවක් දැනෙනවා නම් විවේකයක් ගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ."

"නැහැ නැහැ. ස්තූතියි ඔබට. මේක හැකි ඉක්මණින් අවසන් කරන්න තියෙනවා නම්................. ඒ හොඳටම ඇති."

නැවතත් තම කතාව ආරම්භ කිරීමට පෙර ඔහු මඳ වේලාවක් දෑස් පියාගෙන සිටියේය. නැවතත් ඔහු කතාව ඇරඹූයේ තම දෑත් එකිනෙක පටලවා ගනිමිනි.

"ඇත්තෙන්ම ඒ වෙනකොට අපි දෙන්න හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. සීතල නිසා වගේම වැස්ස නිසාත් බොහොම අමාරුවෙන්. මගේ අශ්ව කරත්තය මහත්මයා දකින්න ඇති. ජේසන්ට පි‍ටුපසට වෙලා නොතෙමී හොඳ සැප පහසුවට එන්න තිබුණා. මම මඟ දිගටම ඒ ගැන ඔහුට කිව්වා. නමුත් ඔහු ඒකට කැමති වුණේ නැහැ. ඒ තරමටම ඔහුගෙ ආදරය ඉහළයි මහත්මයා."

ඔහුගේ ඇස් අග ‍රැඳී තිබෙන කඳුළු බිඳු කීපයක් මට දැක ගන්නට ලැබිණි. එම දෑස තුළින් මා දු‍ටුවේ අසීමිත ආදරයක් පමණි.

"අපිට පාර වැරදිලාවත්ද ටොම්?"

ජේසන් මගෙන් ඇහුවෙ බැරිම තැන බව මට හොඳින් තේරුණා. ඇත්තටම ඒ වෙනකොට මටත් ඒ දේ තේරිලයි තිබුණෙ.

"මටත් හිතෙන්නෙ එහෙමයි. ලන්ඩන් වලට හැරෙන තැනත් පහු වෙලා දැන් පැය දෙකක් විතර. එකම තැන කැරකෙනවා කියලා කියන්න අමාරුයි. කීප පාරක් පාර වැරදුනත් ආපු පාර නම් මට හොඳටම මතකයි."

"අර බලන්න. ලන්තෑරුම් එළියක් නේද? මට හිතෙන්නෙ තානායමක්. අපිට නවතින්න පුළුවන් වෙයි."

ජේසන් මට පෙන්නුවෙ පාලු වත්තක් මැදට වෙන්න තිබුණු නිවසක්. ඒකෙ තිබුණෙ ගල් වලින් නිම කළ පරණ තාලෙ පෙනුමක්. කොහොම නමුත් ඒ නිවසෙ තිබුණෙ මහා ගුප්ත පෙනුමක්.

"ඔයා හිතනවද එතන හොඳ තැනක් කියලා? මහා මූසල පෙනුමක් තියෙන්නෙ."

ඇයි කියන්න මට තේරුණේ නැහැ මහත්මයා. නමුත් මගෙ හිතට දැනුණෙ පුදුමාකාර චකිතයක්.

"මේ වැස්ස තව වැඩි කරන්න පුළුවන් ටොම්. මේ ළඟ තැනක අශ්ව කරත්තය නවත්වන්න තරම් තැනකුත් නැහැ. ඒ වගේම ගෙයක්වත් නැහැ. මට මතක ඇති තරමින් අපිට හම්බවුණ පළවෙනි තානායම මේක. ඒ වගෙම අන්තිමට අපි මිනිහෙක් ඉන්න ගෙයක්වත් දැක්කෙ මීට පැය දෙකකට විතර කළින්. "

ජේසන් කියන්නෙ ඇත්ත බව මට තේරුණා. ඒත් ඒ නිවස දකිනකොට මගේ හිත තරමක් ගැස්සුණා.

"ම්ම්.................. ඔයා අකමැති නම් කමක් නැහැ. සමහරවිට තව ඉස්සරහට තවත් තානායමක් තියෙන්න පුළුවන්."

හැම වෙලාවකදිම ජේසන්ට මාව හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා මහත්මයා. මගෙ හිතේ තිබුණු දේ ඔහුට හොඳින් තේරුම් යන්න ඇති. ඒ වෙලාවෙ මගෙ හිතට දැනුණෙ පුදුමාකාර විදිහෙ වරදකාරී හැඟීමක්. මම ජේසන්ට කරන අසාධාරණය මට තේරුණේ එතකොටයි. තවත් ඔහුට අමාරුකම් විඳින්න දෙන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ නිසා මම තීරණය කළා ඒ තානායමේ රෑ ගත කරන්න.

"බය වෙන්න එපා. ඔයාට මොනවත් වෙන්න මම දෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා."

තානායමේ ගේට්‍ටුවෙන් ඇතුළු වෙනකොටම ජේසන් කිව්වෙ මගෙ අතකින් අල්ලගෙන. ඒකෙන් මගෙ හිතට ලොකු ධෛර්යයක් ආවා. ඇත්තටම මහත්මයා, ඔහු ඒක කළා... ඒ කියපු විදිහටම මට කිසිම දෙයක් වෙන්න ඔහු ඉඩ දුන්නෙ නැහැ."

ඔහු නැවත වරක් මට පි‍ටුපසින් වූ ජනේලයෙන් ඉවත මොහොතක් බලා සිටියේය. ඔහුගේ දෑස් වලින් මා දු‍ටුවේ බලාපොරොත්තුවේ හැඟීමක් මතුවීමකි.

"සැකයක් නැහැ. එතන බොහොම පාළුවට ගිහින් තිබුණු තැනක්. නමුත් තානායමේ දොර අසලට ගියහම ඇතුළත යන්තමින් ආලෝකවත් වෙලා තියෙන හැටි දැක ගන්න ලැබුණා. මට ඒ තානායමේ ‍රැයක් ගත කරන තරම් අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුණෙ නැහැ. මට ඕනෙ වුණේ වැස්ස අවසන් වුණු ඉක්මණින්ම එතනින් පිටත් වෙන්න. ඒ නිසාම මම තානායම ඇතුළට ගියෙ අශ්ව කරත්තය තානායමේ ප්‍රධාන දොර‍ටුව ඉදිරිපසින්ම නවත්වලා.

ඒ ගැන ජේසන්ගෙ හිතේ නම් කැමැත්තක් තිබුණෙම නැහැ. නමුත් මගෙ කැමැත්තට විරුද්ධ වෙන්න ඔහු කටයුතු කළේ නැහැ.

"ඔයා අනවශ්‍ය විදිහට බය වෙලා ටොම්. මේක නිකන් පරණ ගෙයක් විතරයි."

ජේසන් එහෙම කිව්වත් බොහොම අමුතු තැති ගැන්මක් මගෙ හිත ඇතුළෙ ‍රැඳිලා තිබුණා. සමහරවිට ඒ, හොල්මන් කතා වලට මම කුඩා කාලයේ ඉඳන් දක්වපු බය නිසා වෙන්න ඇති.

ප්‍රධාන දොර‍ටුව කළු පැහැයෙන් තිබුණු හරිම අමුතු තාලයේ එකක්. නිවසෙ අංකය රිදී පැහැති තහඩුවකින් එතනම සවි කරලා තිබුණා. අංක 999............... ඔව්. ඒක තමයි මහත්මයා ඒ නිවසෙ අංකය."


Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: අංක 999

Post  kasunx on 6th June 2014, 20:21

නියමයි නියමයි !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: අංක 999

Post  shevan on 7th June 2014, 11:12

.
.
.
.
.
.
.
.
.
.
.
.
.................................................... rocksss 
.
.
,

,
.
,

.


.
,

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: අංක 999

Post  Jith on 8th June 2014, 12:36


"ජේසන් සූදානම් වුණේ දොරට තට්‍ටු කරලා බලන්න. නමුත් දොරට අත තියනවත් එක්කම අපිට දැක ගන්න ලැබුණෙ ඒ දොර යන්තම් විවෘත වෙලා තිබුණු හැටි. එතනින් ගලාගෙන ආපු ළා ආලෝකයකින් යන්තම් අපි හිටපු තැන ආලෝකවත් වුණා.

"එන්න. ඇතුළට ගිහින් බලමු."

ජේසන් මගෙ අතින් අල්ලගෙන ඇතුළට ගියා. පිටත තත්ත්වය කොහොම වුණත් ඇතුළත නම් තරමක සතු‍ටුදායක තත්ත්වයක පැවතුණා. ඒ වෙලාවෙ තිබුණු තත්ත්වය නිසාද කියන්න බැහැ. ඇත්තෙන්ම ඇතුළතින් මට දැනුණෙ බොහොම උණුසුමක්. සුවපහසු බවක්. ඒත්, මොකක්දෝ අමුතු හැඟීමක් ඒ වෙනකොටත් මගේ හිතේ හොල්මන් කරා.


"සුභ සන්ධ්‍යාවක් මහත්වරුනි"


එක පාරම ඇහුණෙ හරිම අමුතු කටහඬක්. දෙවියනේ................ මට දැන් දැනෙන විදිහද කියන්න මම දන්නෙ නැහැ මහත්මයා. ඒත් ඒ කටහඬේ තිබුණෙ පුදුමාකාර ගුප්ත බවක්. ඒ වගේම අමුතුම විදිහෙ ගැඹුරු බවක්."

ඔහු නැවතත් බ්‍රැන්ඩි බෝතලය අතට ගත්තේය. ඔහුගේ දෑත වෙවුලන ආකාරය මට බොහොම හොඳින් දැකගත හැකි විය. ඔහු සූදානම් වූ කාර්යය ඔහුට කර දීම සඳහා මම ඉදිරිපත් වීමි.


"බොහොම ස්තූතියි මහත්මයා. මට සමාවෙන්න ඔබට කරදර කිරීම ගැන."

බ්‍රැන්ඩි වීදුරුව හිස් කළ ඔහු මඳ වේලාවක් දෑස් පියාගෙන යම් යම් දේ මතුරන්නට විය. නැවතත් කතාව ආරම්භ කිරීමට ඔහුට මොහොතක් ගත විය.


"මහත්මයා, මට දැක ගන්න ලැබුණෙ මැදි වියේ පසු වෙමින් සිටි මනුස්සයෙක්. ඔහු අඩි 6ක් පමණ උස පුද්ගලයෙක්. ඔහුගෙ මුහුණ සුදුමැලි වෙලා තිබුණා හරිම අසාමාන්‍ය විදිහට. හිසකෙස් බොහොමයක් සුදු පැහැ වෙලා තිබුණා. ඒ වගේම තිබුණෙ බොහොම පුළුල් නළලක්. ඔහුට තිබුණෙ මළානික වෙලා තිබුණු ඇස් දෙකක්. අතේ තිබුණු ලන්තෑරුම ඔහු මොහොතක් අපේ දෙසට ළං කරගෙන සිටියා. ඔහුගෙ මුහුණෙ යන්තම්වත් සිනහවක් මට දැක ගන්න ලැබුණෙ නැහැ. අඩුම තරමෙ එක චලනයක් මම ඔහුගෙ මුහුණෙන් දකින්න නැතුව ඇති. නමුත් අමුතුම විදිහෙ ගුප්ත පෙනුමක් ඒ මුහුණෙ ‍රැඳිලා තිබුණා.

"සුභ සන්ධ්‍යාවක් මහත්මයා. ඔබට කරදර කළා නම් සමාවෙන්න."


කලින් වගේම ජේසන් එතනදිත් ඉස්සර වුණා.

"ඇත්තෙන්ම අපි දෙන්නා අතරමං වුණා. කළුවර වෙලා වගේම එළිය බොහොම සීතල නිසා නවතින්න තැනක් හොයාගන්න කල්පනා කළේ. එතකොටයි මෙතන දැක්කෙ."

ජේසන් හිස් වැසුම ගලවලා ආචාර කරලා කතා කළත් ඒ මනුස්සයා ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැ. ඔහු අපි හිටපු විසිත්ත කාමරය හරහා ඇවිත් මේසයක් ළඟ නතර වෙලා එතනින් ලන්තෑරුම තිබ්බා.


"එක මහත්මයෙකුට එක කාමරයකට සිලිං හතයි පැන්ස පහයි."

ඔහු කිව්වෙ එතන තිබුණු රාක්කයකින් යතුරු ‍තෝරන ගමන්. ඔහු ඒ කටයුත්ත කළේ තරමක් හෙමින්. අනික් තානායම්කරුවො වගේ මොනවා හරි දෙයක් ගැන කතාවක් පටන් ගන්න ඔහු වුවමනා කළේ නැති තරම්.

"ඇත්තෙන්ම මහත්මයා, ඔබට පුළුවන් නම් දෙන්නෙකුට හරියන එක කාමරයක් දෙන්න............................................."

ජේසන් එහෙම කියනවත් එක්කම ඒ මනුස්සයා අපි දිහාවට හැරුණෙ පුදුම වේගෙකින්. ඔහුගෙ මළානික ඇස් දිලිසෙන විදිහ මම හොඳින් දැක්කා.

"මේ මහත්වරු දෙන්නා සහෝදරයො වෙන්න ඇති."

ඔහු අපි දිහා බැලුවෙ මාරුවෙන් මාරුවට.

"නැහැ. අපි.................."

"හවුල්කාරයො. අපි හවුල්කාරයො."

මම එතනදි ජේසන්ට උදව් කළා. අපේ ඇත්ත තත්ත්වය ගැන නොදන්න මනුස්සයෙකුට ඉඟියක්වත් දෙන්න මම කැමති වුණේ නැහැ. ඒත් අර මනුස්සයා බොහොම උනන්දුවෙන් අපි දිහා බලාගෙන හිටියා. ඔහු බලාගෙන හිටියෙ මම ජේසන්ගෙ අතක් තද කරගෙන හිටපු විදිහ. ඒ වෙලාවෙ තිබුණු තැති ගැන්ම නිසා මම ජේසන්ගෙ අත අල්ලගෙනයි හිටියෙ.

ඔහුගෙ මුහුණෙ ඒ වෙලාවෙ මතු වුණේ සිනහවක්. බොහොම ගුප්ත සිනහවක්. ඔහුගෙ ඇස් දෙක දිලිසෙන විදිහ මට හොඳින් ලන්තෑරුම් එළියෙන් දැකගන්න පුළුවන් වුණා.

"ඔබ දෙදෙනා සමලිංගිකයි."

ඔහු ඇසුවෙ තවත් මොහොතකින්. කරන්න දෙයක් නැතිම තැන මමත් ජේසනුත් කළේ ඒකට ඔළුව වනපු එක විතරයි. ඒ වෙලාවෙ ඔහු බොහොම තෘප්තිමත් විදිහට හුස්මක් පහළට හෙළුවා.

"සමලිංගිකයන් සඳහා විශේෂ කාමරයක් ඔබ වෙනුවෙන් තියෙනවා මහත්මයා. "

ඔහු රාක්කයේ වෙනම තැනක තිබුණු යතුරක් අරගෙන අපේ දිහාට දික් කළා.

"මේ මෝඩ මිනිස්සු කියන කතා මම පිළිගන්නෙ නැහැ මහත්මයා. ඒ ගැන මගෙ හිතේ කිසිම වැරදි වැටහීමක් නැහැ."

ඔහු මේසය මත තිබුණු ලන්තෑරුම අරගෙන අපි අතරට ආවා.

"ඔබේ කාමරය තියෙන්නෙ දෙවෙනි මහලෙ. මාත් සමඟ එන්න."

අපිව පසු කරගෙන ඔහු ගියෙ තරමක් වේගයෙන්. ඔහු ඉදිරියෙන් ගමන් කරනකොට අපි ඔහු පසුපසින් ගමන් කළා.

"මහත්වරු කොහෙ ඉඳන්ද?"

"අපි ලන්ඩන් වල"

ඒ වෙනකොට අපි ගමන් කරමින් හිටියෙ දිගු බරාඳයක් තුළින්. ඔහු ඒ බරාඳයේ තිබුණු එක සිතුවමක් ළඟ නතර වුණා. ඒක බොහොම කඩවසම් තරුණයෙකුගෙ සිතුවමක්.

"මමත් කාලයක් හිටියෙ ලන්ඩන් වල. මේ කාලය බොහොම වැරදියි මහත්මයා. බොහොම වැරදියි. මහත්වරුන්ට මේ කාලය කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ. මේ දේ නිසා මටත් නැති වුණ දේවල් බොහොමයි."

ඔහු කිව්වෙ ලන්තෑරුම් එළියෙන් ඒ සිතුවම දිහා මොහොතක් බලාගෙන. අපි අතරෙ තිබුණෙ තරමක නිශ්ශබ්දතාවයක්.

"ඒ මනුස්සයට පුතෙක් ඉන්න ඇති. ඔහුත් සමලිංගිකයෙක් වෙන්න ඇති. මොකක් හෝ හේතුවක් නිසා ඔහු ජීවිත හානියක් කරගත්තා වෙන්න ඕනෙ. සමහරවිට මේ ඔහුගෙ සිතුවමක් වෙන්න ඇති."

ඒ වෙලාවෙ මට හිතුණෙ එහෙමයි. මේ මනුස්සයා අපිටත් විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. ඔහු ගැන මගෙ හිතේ ඇති වුණේ විශාල අනුකම්පාවක්.

"ඒකෙන් කාරි නැහැ. අපි යමු. අද බොහොම විශේෂ දවසක්. ඔව්. අද බොහොම විශේෂයි."

ඒ අන්තිම වචන කිහිපය ඔහු මිමුණුවෙ බොහොම හෙමින්. නමුත් මට එය ඇහුණා.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: අංක 999

Post  සහන් on 8th June 2014, 15:53

නියමයි. මට කොටස් මග ඇරිලනෙ.
ඉක්මනට ඉතුරු ටිකත් ලියපන් ජිත්.

සිරා කතාවක්

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: අංක 999

Post  kasunx on 8th June 2014, 20:47

ජය වේවා !  rocksss  rocksss  rocksss 

ලස්සනයි ! kiss  kiss  kiss

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: අංක 999

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

Page 1 of 5 1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum