Sinhala Typing Tool

ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

View previous topic View next topic Go down

ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  Isura on 2nd May 2014, 13:13

පිරිමි සමලිංගිකත්වය ඇතිවන්නේ දුරින් සිටින පියෙකු සහ ඉතා ළඟින් සිටින මවක් නිසානොවන බවත් සහ කුඩා කළ පිරිමියෙකු අතින් අතවරයට ලක්වීම නිසා නොවන බවත් මේ වනවිටත් බටහිර විද්‍යාවෙන් පිළිගෙන හමාරය. සමලිංගිකත්වයට හේතු සාධක සෙවීම සඳහා විද්‍යාඥයින් දැන් යොමුව සිටින්නේ ජානමය සහ හෝමෝනමය සාධක වෙතටය. දරුවෙකු මව් කුස තුළ හැදී වැඩෙන විට එම කළලය තුළ පරිසරය දරුවෙකුගේ ලිංගිකත්වය තීරණය කිරීමෙහිලා වැදගත් කාර්‍යයක් සිදුකරන බව නවතම මතයයි.

                                                  [You must be registered and logged in to see this image.]
                                                                   සෙල්සෝ සහ හේසුස්, කළු පාටින් ඇඳගෙන සිටින්නේ සෙල්සෝය.
 
මෙහි දැක්වෙන සෙල්සෝ සහ හේසුස් කාර්ඩේනස් කුඩා කල සිටම එකට ඇතිදැඩි වුණු සර්වසම නිවුන්නු වෙති. වයසින් වැඩෙත්ම මොවුන් දෙදෙනාගේ බාහිර පෙනුම එක සමාන වුවත් දෙදෙනාගේ රුචි අරුචිකම් එකිනෙකින් වෙනස් වන්නටවිය. සෙල්සෝ නර්තනයට සහ ඉගෙනීමට උනන්දුවක් දැක් වූ අතර හේසුස් ක්‍රීඩාවලට උනන්දුවක් දැක්වීය. එහෙත් පුදුමසහගත කරුණ නම් සෙල්සෝ සමලිංගිකයෙකු වීමත් හේසුස් විෂමලිංගිකයෙකු වීමත්‍ය. සර්වසම නිවුන්නු දෙදෙනෙකුගේ ලිංගිකත්වය එකිනෙකින් වෙනස් වීම ජීව විද්‍යාවේ විවාදාත්මක ප්‍රශ්නයක් වන "මිනිසුන් සමරිසි වී උපදින්නේද?" ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා යොදාගත හැකිය.
 
සෙල්සෝ සහ හේසුස් කුඩා කළ සිටම තම දෙමාපියන් යටතේ ඇති දැඩිවූ නිසා සිය පුද්ගලික ජීවිතවල වැඩි ප්‍රමාණයක්  එකම පරිසරයක දෙදෙනාම හැදීවැඩී ඇත.අධ්‍යයනවලින් තහවුරු වී ඇති ආකාරයට, ඔබට සමරිසි නිවුන් සහෝදරයෙකු නැතිනම් සමරිසියෙකු ලෙස ඔබ ඉපදීමේ සම්භාවිතාව සියයට 5ට අඩුය.එසේ සිටී නම් සම්භාවිතාව ඉහළ යයි. ඔබ සිය සමරිසි නිවුන් සහෝදරයාගේ ජානවලින් අඩක් සමාන වන විෂම නිවුන් දරුවෙක් නම් සමරිසියෙකුවීමේ සම්භාවිතාව සියයට 25කි.ඔබ එම සමරිසි නිවුන් සහෝදරයාගේ ජාන සියල්ල සමාන සමනිවුන් දරුවෙක් නම් සමරිසියෙකුවීමේ සම්භාවිතාව සියයට 50කි.
 
මෙනිසා අපේ ලිංගිකත්වය තීරණය කරන කිසියම් ජානමය සංඝටකයක් තිබිය යුතු බව මෙය අඟවයි. නමුත් ජානමය සාධක පමණක්ම නිසා ලිංගිකත්වය තීරණය වේයැයි නිගමනය කළ නොහැකිය.  මන්දයත් එසේනම් සියලුම සමනිවුන්නු යුගල්වල එක්කෝ දෙදෙනාම විෂමලිංගික විය යුතුය. නැතිනම් දෙදෙනාම සමලිංගික විය යුතුය. එනිසා වෙනත් සාධකද මෙයට බලපෑ යුතුය.
 
පළමු සති කීපයේදී ගර්භාෂය තුළ ඇති කළලය එකම අයුරින් වැඩෙයි.  ඉදිරියේදී කිසිවක් නොවුනහොත් මේ කළලය ගැහැණු දරුවෙකු බවට පත්වෙයි. කළලය ය් *ක්‍රොමොසෝම සහිත පිරිමි කළලයක් නම් වෘෂණ කෝෂ නිර්මාණය වීම කළලයට සති 6ක් ගතවන විට ඇරඹෙන අතර වයස සති 8ක් වන විට ඉන් ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය මුදා හැරීම ඇරඹෙයි. ටෙස්ටෙස්ටරොන් හෝමෝනය  සිරුර හා මොළය පුරුෂත්වකරණයට ලක් කරනු ලබයි. මොළයේ ඇති හයිපොතැලමස මගින් අප ලිංගිකව ආකර්‍ෂණය වන්නේ කාටද යනවගේ යම් ප්‍රමාණයක් ඉන් පාලනය කරනු ලබන අතර,  සමහර විද්‍යාඥයින් විශ්වාස කරනු ලබන්නේ හයිපොතැලමස වැඩියෙන් ටෙස්ටෙස්ටරෝන්වලට නිරාවරණය වන තරමට ගැහැණුන් කෙරේ ඇති ආකර්‍ෂණයද වැඩි වන බවය.
 
ඇතැම්විට පිරිමි කළලයෙන් අවශ්‍ය තරම් ටෙස්ටෙස්ටරොන්  නිපදවනු ලබන්නේ නැති අතර,නැතිනම් මොළය විෂමලිංගිකබවට පත්වීමට තරම් එය ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගනු ලබන්නේද නැත. මේ න්‍යාය සත්‍යනම් සෙල්සෝගේ කළලය සිරුර පිරිමියෙක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය තරම් ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගනු ලැබුවත්, මොළය විසින් අවශ්‍ය තරම් අවශෝෂණය කර නොගන්නට ඇත. එනිසා ඔහුට පිරිමින් කෙරේ රුචියක් ඇතිවන්නට ඇත.

බොහොමයක් අභිරහස් ඉතිරිව තිබුණත් මෙවැනි නිවුන්නු මගින් කෙනෙකුගේ ලිංගිකත්වය කවදා කෙසේ තීරණය වන්නේදැයි දැනගැනීමට විද්‍යාඥයින්ට මහත් සේ උපකාරී වනවා ඇත.

 
අපිජානවිද්‍යාවට(epigenetics) අනුව මොවුන්ගේ DNA කේත එක සමාන වුවත් එය ක්‍රියාකරන ආකාරය එකිනෙකින් වෙනස් විය හැකිය.මානව ජෙනෝමයේ(genome) ජාන 25000ක් පමණ ඇති අතර ඒ සෑම එකකටම ශක්තිය නිපදවීම, සෛල බෙදීම වැනි එකිනෙකින් වෙනස් වූ විශේෂිත කාර්‍යයක් ඇත.දැන් ජාන විද්‍යාඥයින් විසින් ජෙනෝමයේ කලින් නොදන්නා කරුණක් වන අපිජෙනෝමය(epigenome) පිළිබඳව පරීක්‍ෂණ කරනු ලබන අතර, අපිජෙනෝමය යනු එක් එක් ජානය අක්‍රීය හෝ සක්‍රීය තත්ත්වයට පත්කරනු ලබන ස්විච ලෙස ක්‍රියාකරන රසායන ද්‍රව්‍ය ශ්‍රේණියකි. මේ ස්විච අතරින් සමහරක් DNA methylation නම් ක්‍රියාවලිය මගින් ක්‍රියාකරනු ලබයි. සෛලය තුළ ඇති එන්සයිමයක් මගින් ඉතා කුඩා රසායනික සංයෝගයක් වන මෙතිල් කාණ්ඩයක් ජානයට ඈදනු ලබයි. මේ සංයෝගයට ජානය අක්‍රීය හෝ සක්‍රීය කිරීමට හැකිය. ජානයේ සහ DNA කේතයේ කිසිදු වෙනසක් සිදු නොවේ. 
 
                                                           [You must be registered and logged in to see this image.]
                                                                            අපිජෙනෝමය මගින් ජාන සක්‍රීය හෝ අක්‍රීය කිරීම
 
 
මේ අයුරින් පූර්ව අවධියේදී ජාන අක්‍රීය හෝ සක්‍රීය වීම  මගින් මිනිසාට සිදුවන බොහොමයක් දේවල් පැහැදිලි කරගත හැකිය. උදාහරණයක ලෙස කෙනෙකුට රෝගයක් වැළඳෙද්දී තවත් කෙනෙක් ඊට ප්‍රතිශක්තිය දක්වන්නේ කෙසේද යන්නය.  අපිජානවිද්‍යාව මගින් කෙනෙකුගේ ලිංගිකත්වය තීරණය වන්නේ කෙසේදැයි කියාද පැහැදිලි කරගත හැකි විය හැක.මැස්සන් වැනි සරල සතුන්ගේ ලිංගිකත්වය තනි ජානයක් මගින් තීරණය වන බව හඳුනාගෙන තිබුණද, මිනිසුන් වැනි සංකීර්ණ සතුන්ගේ එයට ජාන කිහිපයක් බලපෑ හැකිය. කෙනෙකුගේ ලිංගිකත්වය තවමත් හඳුනානොගත් ජාන මගින් තීරණය වන්නේනම් අපිජෙනෝමය මගින් එම ජාන සක්‍රීය හෝ අක්‍රීය තත්වයට පත්කිරීම මත කෙනෙකුගේ ලිංගිකත්වය තීරණය විය හැක. එවන් ජාන හඳුනාගෙන නොතිබූ පමණින් එවැන්නක් නැතැයි ප්‍රකාශ කළ නොහැකි අතර මානව ජෙනෝමයේ ජාන සියල්ල ශ්‍රේණිගත කළ පමණින් එක් එක් ජානය වෙන්වෙන් වශයෙන් ක්‍රියාකරයිද එමගින් කුමන කාර්‍යයක් ඉටුවේද යන්න කිවනොහැකිය.  මේ ජාන ස්විච, සර්වසම නිවුන් යුගලයක එක් කළලයක් වැඩියෙන් ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගෙනෙ එක් දරුවෙක් විෂමලිංගිකයෙකුත් තවත් දරුවෙක් සමලිංගිකයෙකුත් බවට පත්වන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර විය හැකිය.
 
මෙයින් පැහැදිලි වන්නේ අපේ සෞඛ්‍යය​, පෙනුම, රුචිය​පෞරුෂය සියල්ලම ජානවල සහ පරිසරයේ ප්‍රතිඵල නොවන බවය. සොබාදහම සහ පෝෂණය අපිජෙනෝමය නැමැති ජීව විද්‍යාත්මක සබැඳියාවෙන් එකිනෙකින් බැඳී එය සිදුවන බවය...
  
                                                                 [You must be registered and logged in to see this link.]


අන්තර්ජාලය ඇසුරිණි..

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3169
Member Since : 2014-02-16

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  Jith on 2nd May 2014, 15:14

බොහෝම ස්තූතියි ඉසුර... ඇත්තෙන්ම වැදගත් වුනා...  bow  bow  pride  pride 

හ්ම්..................

දැන් හිතලා බලන්න ඕනේ මගේ ගැන.......................  study   study   

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  shevan on 3rd May 2014, 00:08

මමත් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනව ඉසුර මෙවැනි ලිපි මගින් අපව දැනුවත්කිරීම සම්බන්ධව. ඒ වගේම මට අත්දැකීම් කිහිපයක් නිසා හිතෙනවා අප සමරිසියන් වී ඉපදීම ජානමය වෙනස්කම් මතම පමණක් සිදුවෙනවාය කියන පදනම ආධ්‍යාත්මික හේතුද සහිතව සිදුවිය හැකිය යන ලෙස වෙනස්විය යුතුයි කියල.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  kasunx on 3rd May 2014, 11:08

වැදගත් ලිපියක් ඉසුර !  Thank you

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  thavisha on 5th May 2014, 01:29

nice article

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  Siyapath on 7th May 2014, 07:41

වැදගත් ලිපියක් මල්ලී.  hug  hug ඒත් මේ වගේ ලිපියක් අන්තර්ජාලයෙන් උපුටාදක්වනකොට ඒකේ මූලාශ්‍රය දාන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඒක සිංහලෙන් වෙනත් බ්ලොග් අඩවියක දැමූ ලිපියක් එහෙමම දානකොට ඔයා මූලාශ්‍රය පෙන්වන්නේ නැති එක​, මහන්සිවෙලා ඒ ලිපිය ලිව්ව කෙනාට කරන අසාධාරණයක්. එහෙම නේද​?

[You must be registered and logged in to see this link.]

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  tharushka on 16th May 2014, 09:30

Thank u isura.....e wagema siyapath kiyapu detath ekagai..... bow  Thank you

tharushka
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : colombo
Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 1890
Member Since : 2014-05-16

Back to top Go down

Re: ඔබ සමලිංගික වී ඉපදුනාද​.....?

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum