Sinhala Typing Tool

සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

View previous topic View next topic Go down

සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  sihina on 20th April 2014, 23:57

Chat box එක තුල සිදුවු කතාබහක් ඇසුරිනි...




සමහර දෙවල් වල ඒ ඒ ස්වරුපය හෝ ඒ ඒ භුමිකාව පැහැදිලි කරද්දි, ඒ ඒ කාල සිමාව තෙක් පැවත ගෙන ආ විස්වාස පද්ධතියට පහර වදිනවා. ඒක හැමදාම උනා.. ඒකනේ ගැලීලියෝව දන ගස්සවලා සමාව ගන්නවන්නේ..  බෘනෝව පුච්චන්නේ අභියෝග කරද්දි. සූර්‍යා වටා පෘතුවිය කැරකෙනවා කියද්දි පෘතුවිය වටා සුර්‍යා කැරකෙනවා කියන බයිබලීය මතය බිඳවැටෙද්දි මේ තත්වයමයි ඇති උනේ..ඒ මතය පහර දුන්නා. ඒ චින්තකයන්ව ඝාතනය කලා. සිර කලා. ඩාවින් ලවා පරිනාමවදයේ දෙවෙනි මුද්‍රණයේදි බලෙන් ලියවනවා සියලු සත්වයන් මැවුම් කරුවෙකු විසින් මවන ලද්දේය, එතැන සිට පරිනාමනය වන්නේය..  මෙතන කවුරු හරි කිහිප දෙනෙක් එකතු උනොත් ඒ අයටත් වෙන්නේ මේ ටිකමයි. ඒ නිසා සැලැස්මක් නැතුව සාමාජය ඉදිරියේ සමලිංගිකත්වයේ සමාජ භුමිකාව කථා නොකරන එක ඇඟට ගුණයි. මෙහි යම්තාක් කරුණු උපුටා ගන්නා ලදි..


Last edited by sihina on 23rd April 2014, 00:29; edited 1 time in total

sihina
Regular Member

Now :
Online
Offline

Mood : Wasted

City : LONDON
Country : United Kingdom
Posts : 58
GetReal Gold : 2816
Member Since : 2013-07-27

http://nextera-sithiwili.blogspot.com/

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Jith on 21st April 2014, 09:45

සිහින කියන කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැහැ... ඒත්,

සමලිංගිකත්වය ගැන විතරක් නෙවෙයි. මම නම් දකින විදිහට අපි සැලැස්මක් ඇතුව තමයි හැම දේ ගැනම සමාජය ඉස්සරහ කතා කරන්න ඕනෙ..

කොහොමහරි,අන්තිමේදි ගැලීලියොත් හරි ගියා සූර්ය කේන්ද්‍රීය වාදයත් හරි ගියා.

සරල උදාහරණයක් ගන්නම්.. දෙවෙනි ධර්ම සංගායනාවෙදි දස අකැප වස්තුව ථේරවාදයට පටහැනි දෙයක් විදිහට හඳුන ගත්තා.. සංගායනාවක් කියන්නෙ "එකට එකතු වෙලා සමූහව සාකච්ඡා කිරීමක්." වෙනත් විදිහකට කියනව නම්, සැලැස්මකට අනුව අරමුණක් ළඟා කරගැනීම සඳහා කරුණු විශ්ලේෂණය කරමින්, අර්ථ දක්වමින්, කරුණු ගෙනහැර පෑමක්. එතනදිත් පේනවා සැලැස්මක් අනිවාර්යයෙන්ම ඕනෙ කියලා.

සමලිංගිකත්වයෙදි විතරක් නෙවෙයි. වැරදි මත අපිට ඕන තරම් හම්බවෙලා තියෙනවා ඉතිහාසයේ..

වැරැද්ද මෙයාගෙයි කියන එකට අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ එක්කෙනෙකුට හෝ සමූහයකට. වැරැද්ද නම් තියෙන්නෙ සම්මතයේ.. සරලම තවත් උදාහරණයක් ගත්තොත් gay කිව්වහම 10 කින් 8ක් 9ක් ම කියන දෙයක් තමයි, gay කියන්නෙ කොලුකාරයෝ කියන එක..

අපි කරන්නෙ සම්මතය හරිද නැද්ද විශ්ලේෂණය නොකර ඒක ඒ විදිහටම පිළි අරගෙන ඉස්සරහට යන එක.. හැබැයි එතනදි නම් වැරැද්දක් අපිටත් පැටවෙනවා.

තවත් දෙයක් නම් සම්මතය ප්‍රතික්ශේප කිරීමේ අකමැත්ත. එතනට නම් මුල් වෙන්නෙ සමාජ ක්‍රියාකාරිත්වය..

සම්මතයේ තියෙන වැරැද්ද සහ පැටලිලි සහගත බව පෙන්නලා දුන්න හොඳ කෙටි කතාවක් මේ forum එකෙන් කියවන්න පුළුවන්.. සැලැස්ම ගැන මම අවබෝධයක් ගත්තේ ඒ රචකයාගෙම වචන වලින්..

සමලිංගිකත්වය ගැන සමාජය ඉස්සරහ කතා කරන්න පුළුවන්, ඒක හරියාකාරයෙන්ම දකින අය ඇත්තටම මම දැනගෙන ඉන්නවා වුනත් සජීවීව මුණ ගැහිලා නම් නැහැ..

කොහොමහරි ඒ වගේ හොඳ දර්ශනයක් තියෙන කෙනෙක් නම් මම මේ forum එකේ ටික කාලයක ඉඳන් අඳුරනවා.. සැකයක් නැහැ. කියන්න පුළුවන් එයාට නම් හොඳ සැලැස්මක් තියෙනවා කියලා..

අන්තිම වශයෙන් නම් කියන්න ඕනෙ... එකෙක් නෙවෙයි දහයක් පහළොවක් එකට එකතු වුනත් කරුණු විශ්ලේෂණයකින් යුතුව නිවැරදි දේ දැන ගෙන ඒ නිවැරදි මතයේම ඉන්නවා නම් මම හිතන්නෙ එතනින් එහාට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ... මොකද, නිවැරදි අවබෝධය අපිට ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇති කරගත යුතු දෙයක් නිසා.



( කරුණු වල පැටළිලි ගතියක්, නොගැළපෙන ගතියක් තියෙනවා නම් සමාව ඉල්ලනවා. හිතට ආව අදහස් ටිකකුත් ඇතුල් කළා ගැලපෙන අවස්ථාවක් වුණ නිසා. )


Jith

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  thavisha on 21st April 2014, 17:32

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  sihina on 23rd April 2014, 00:29

යම් මතයක පමණක් එළඹ සිටිම ඒ තරම් නුවනැති කාර්‍යක් වෙන්න නම් නෑ. ඒ වගෙම තවත් කෙනෙක්ට සවන් දෙන්න පුලුවන්නම් මේ වගේ දේවල් බොහොම ලේසියෙන් විසඳගන්න පුලුවන්. ඒත් ලාංකික ජන මතය වෙනස් වෙන්න නෑ. වෙනස් කළ යුතු වෙනවා. හැංගි හොරා වෙස් බැඳලා මම නම් හිතන්නේ නෑ මේ ප්‍රශ්නයට යම්තාක් හෝ පිළිතුරක් ලැබෙවි කියලා. ඒ සඳහා හැමදෙනාම තම අවධානය යොමු කරනු මැනවි.

sihina
Regular Member

Now :
Online
Offline

Mood : Wasted

City : LONDON
Country : United Kingdom
Posts : 58
GetReal Gold : 2816
Member Since : 2013-07-27

http://nextera-sithiwili.blogspot.com/

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Isura on 23rd April 2014, 18:55

සඳට සඳ එලියට​...
මලට මල් පොකුරට​...
කවියො කවි ලීවට​...
වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත​...
මේ මිනිසුන්ගෙ සිත​...
 
උමතුවෙන් මත් වෙලා...
රාගයට ලොල් වෙලා...
මනස වීදෝ මුලා...
සුමුදු මල් පරවෙලා...
 
අඳුර ලොව රජ වෙලා...
මිනිස් සිත ගොලුවෙලා...
විශ්වයම වී මුලා...

දහම ඇත සැඟවිලා...

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3169
Member Since : 2014-02-16

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  shevan on 26th April 2014, 02:59

මේකට මටත් යමක් ලියන්න හිතුණා. අප හැම කෙනෙක්ම ඕනෑම සිදුවීමක් දෙස බල දෘෂ්ටියක් හෝ කෝණයක් තිබෙනවා. එකිනෙකාට වෙනස් හෝ සමාන්තර සමාන කම් වලින් යුක්ත ඒ දෘෂ්ටිය හෝ කෝණය සකස් වීම කෙරෙහි සිතේ නිර්මාණය වෙන කිසියම් ආකල්ප , පුරැදු,  පිලිගත් සම්මූතීන්, ලැබූ අධ්‍යාපනය වගේම සාංසාරිකව අපවත් නොදැන අප විසින් පුරුදු කරගත් හෝ බැසගත් නිගමන පවා හේතු වෙනවා. ඒ නිසා අපි තුළ ඇති දැක්ම සැම විටම අන්‍යෙන්‍ය වශයෙන් සමාන හෝ සමාන්තර වෙන්නෙ නැහැ. මේ කියන සිදධාන්තය සමාජයේ කුමන මාතෘකාවකට වුණත් පොදු සාධකයක් විදිහට මං දකිනවා. ඒ නිසාම එකම අරමුණක් සාක්ෂාත් කරගැනීමටඑක් රැස්වූ පිරිසක් වුනත් විවිධ මතවාද වල සිටින නිසා සිහින කියන විදිහටම සාමාජය ඉදිරියේ සමලිංගිකත්වයේ සමාජ භුමිකාව කථා නොකරන එක ඇත්තටම ඇඟට ගුණයි. මමත් මේකෙ සැරිසරන වෙලාවල් වලදී විවිධ තර්ක සහ විවාද වලට මුහුණ දීල තියෙනවා. ඒ හැම තැනකදිම මං දැකපු පොදු කරුණ තමයි වර්තමානයේ සමාජය තුළ සමලිංගිකත්වය පිලිබඳව ඇති ආකල්පය කෙබදු එකක්ද යන්න නිවැරදිව හදුනාගෙන නොමැති වීම. සමහර කෙනෙක් කියනවා ඒක දන්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කලේ සුද්දා නිසා අප එය ඉවත් කලයුතු බව. ඉතින් දැන් ඉවත් කල නොහැකි ඇයි කියා ඇසුවොත් හාමුදුරුවන් විරැද්ධ වීම සහ එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට පටහැනි වීම බව පිලිතුර බවට පත් වෙනවා. එතකොට අප ප්‍රශ්නය ලෙස දකින්නෙ එකක්. විසඳුම අසලදී පෙනෙන්නෙ තව එකක්. එතකොට කෙනෙක් , හාමුදුරැවො විරැද්ධ වෙන හැම එකම ආණ්ඩුව නොකර ඉන්නවද (කැසිනෝ වගේ) කියල ඇහුවොත් ඒකට උත්තරේ වෙන්නෙ ආණ්ඩවේ චන්ද පදනම බිදෙන නිසා මේ නීතිය සම්මත නොකරන බව කෙනෙක් කියාවි. දැන් මෙතනම පැහැදිලියි ප්‍රශ්නෙ ඇතිවුනේ කාගේ වුණත් විසදුම ගන්න තියෙන්නෙ අප තුලින් බව. ඉතින් නීතිය කියන මධ්‍ය ලක්ෂය වටා ගැටළුවක් සේ ගෙතුණු සමලිංගිකත්වයට සුජාතක භාවය දිය යුතුද වැනි විශාල සමාජ ප්‍රශ්නයක්වත් නිවැරදිව හදුනා නොගෙන සිටිද්දි සිහින කියනව වගේ තවමත් මේක කතාකල යුතු කාලය නෙවෙයි කියලයි මං හිතන්නෙ.

අනෙක් අතට සමාජ සිදුවීම් කියන්නෙ ඉතාම සංකීර්ණ දේයක්. ඒවා එකකටවත් ඒක පාක්ෂික දැක්මකින් විසදුමු දෙන්න පුළුවන් කමක් නෑ. අපි සම රිසි අය බව ඇත්ත. ඒත් සම රිසි බව පිලි නොගත් සමාජයක ඒ ඔස්සේ ජයගුහණය කලයුතු යැයි අප තුළ ඇති අපේෂා සම්මත මහා සමාජයට බලපාන ආකාරයත් අප විසින් දැනගෙන සිටීම ඉතා වැදගත්. ඒකත් මේ ගැටලුව පිලිබද කරන සාකච්චාවකදී වැදගත් වෙන කරැණක්. ඒ වගේම නීතිය සම්මත වීම ම හුදෙක් සමාජය සම රිසි බව පිලගැනීමට හේතු වෙනවාය යන වැරදි වැටහීමකුත් අප තුළ තිබෙනවා. කෙනෙක් මා ඒ කියූ කරැණට අභියෝග කරනවා නම් ඊට පෙර “නීතිය සම්මත වූ පසුදාම මං ගෙදරට මේ ගැන කියනවා“ කියන ස්ථාවරයේ ඔබ සිටිනවාද කියන වග හදවතින් ප්‍රශ්න කර බලන්න. එවිට පෙනේවි ඔබට නීතිය සම්මත වීමම පුශ්නයට පූර්ණ විසදුමක් නොවන බව. මොකද තමන් සමරිසි අයෙකු බව දෙමවුපියන්නට කෙසේ වෙතත් විවෘතව කීමට පුළුවන් අය ඉදිරියේ පවා ඔබ ඒ බව විශාල ආයාසයකින් සගවා සිටින බව අප අත්දැකීමෙන්ම දන්නවා.

ඒත් මං ඔබට යොජනාවක් කරනවා. නීතිය අමතක කරන්න. හිතට අවංක වෙන්න. නිර්භයව අදහස් ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න. නිසි කාලයේදී තිරණයක් ගැනීමට පසුබට නොවන්න. පොදුවේ නොව, පෞද්ගලිකව සාක්ෂාත් කරගත හැකිවන පරිදි සැලසුම් කරන්න. (උදා - තමාට විශ්වාසවන්ත පෙම්වතෙක් සිටී නම් පිටරටකට හො ගොස් ඔහු සමග ජීවත් වීම සදහා සැලසුම් කරන්න.) අන් අයගේ අදහස් තෘප්තිමත් කිරීම ඔබගේ නොසතුට හේතු වන බව තරයේම හිතට ගන්න. යම් කාලයකදී වැඩිහිටියන් සම රිසි බව කුමක්දැයි තේරැම් නොගත්තත් දරැවන්ගේ වුවත් ජීවිත අපිට වුවමනා විදිහට නෑ කියන එකවත් තේරැම්‍ගෙන නිහඩ වන දවසක් පැමිනෙනවා. සමරිසි නොවන යුවලක් පවා නිසි විවාහයකට යන්නට ගත කරන කාලය දෙස බලන්න. ඉතින් ඇයි අප කලබල වන්නේ.

මට තිබෙන අත්දැකීම -
මා සමරිසියෙකු බව විවෘතව පැවසීම සහ පෙම්වතා සමග එලෙස හැසිරීම මා සමච්චලයට ලක්වීමට වඩා පෙරටත් වැඩි පිලිගැනීමකට ලක්වීමට හේතුවක් වුණා. මා මේ පිලිඹදව විවාදාපන්නව සාකච්චා කල සැම නිහඩ කලේ “මා කෙරෙහි ඔතරම් ආදරයක් දක්වමින් විවාහ වන ලෙස පවසන ඔබ මාගේ සැබෑ හිතවතෙකු ලෙස හිතන්නේ මා ගැහැනියක් විවාහ කරගෙන ඇයත් අමාරුවේ දමා මටත් අපායකට යා යුතුයි කියාද“ කියායි.  සැම විටම ඔවුන් නිහඬ වූයේ ඒ ප්‍රශ්නය ඉදිරියේදීය. මා මගේ මවගෙන් පවා මේ ප්‍රශ්නයම අසා තිබේ.
ඒ වගේම තම පෙම්වතාට අනෙක් සමරිසි නොවන දෙදෙනකුගේ ආදරය පරිද්දෙන්ම තමන් ඉතා ආදරය කරන බව ඔවුන් ඇගවිය යුතුයි. එමෙන්ම තමන් සමාජ මතයේ ඇති වලත්ත කොලුකාරයෙක් නොවන බවත් ඒත්තු ගැන්වෙන ලෙස චරිතවත්ව හැසිරිය යුතුයි.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  kasunx on 26th April 2014, 21:47

ශෙවාන්ට මගේ ආචාරය !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Jith on 27th April 2014, 13:43

අන්න හරි ශෙවාන්.....

මම කියන්න උත්සාහ කළෙත්, එහෙම නැත්නම් කියන්න ඉඟි කලෙත් ඔය ටිකම තමයි..

මම ඉගෙන ගත්තෙ නම් වාණිජ අංශයෙන්. ඒ නිසා මම ශෙවාන්ගෙ අදහස ගැන මෙහෙම කියන්නම්..

"මාගෙ අදහස ආයතනයක දැක්මක් වැනිය.. ශෙවාන්ගෙ අදහස මෙහෙවර ප්‍රකාශයක් වැනිය.. එනම් දැක්ම ලඟා කරගන්නා ආකාරය සහ ක්‍රියාමාර්ග පුළුල්ව දක්වා ඒවා විස්තරාත්මකව ගෙනහැර පා ඇති හරවත් සංකල්පයකි..  "

මගෙනුත් නැවතත් ශෙවාන්ට ආචාරය!!!!  bow  bow   bow 

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  shevan on 27th April 2014, 21:02

[You must be registered and logged in to see this link.] wrote:අන්න හරි ශෙවාන්.....

මම කියන්න උත්සාහ කළෙත්, එහෙම නැත්නම් කියන්න ඉඟි කලෙත් ඔය ටිකම තමයි..

මම ඉගෙන ගත්තෙ නම් වාණිජ අංශයෙන්. ඒ නිසා මම ශෙවාන්ගෙ අදහස ගැන මෙහෙම කියන්නම්..

"මාගෙ අදහස ආයතනයක දැක්මක් වැනිය.. ශෙවාන්ගෙ අදහස මෙහෙවර ප්‍රකාශයක් වැනිය.. එනම් දැක්ම ලඟා කරගන්නා ආකාරය සහ ක්‍රියාමාර්ග පුළුල්ව දක්වා ඒවා විස්තරාත්මකව ගෙනහැර පා ඇති හරවත් සංකල්පයකි..  "

මගෙනුත් නැවතත් ශෙවාන්ට ආචාරය!!!!  bow  bow   bow 
"මාගෙ අදහස ආයතනයක දැක්මක් වැනිය.. ශෙවාන්ගෙ අදහස මෙහෙවර ප්‍රකාශයක් වැනිය.. එනම් දැක්ම ලඟා කරගන්නා ආකාරය සහ ක්‍රියාමාර්ග පුළුල්ව දක්වා ඒවා විස්තරාත්මකව ගෙනහැර පා ඇති හරවත් සංකල්පයකි..  "
මෙහෙම කිය කිය උඹ මට බදින්න කතා කරනව නෙවේනෙ  lol!  lol!  lol! 

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Jith on 27th April 2014, 21:18

මේ වෙලාවෙ මට ‍ෆිල්ම් එකක දෙබසක් මතක් වෙනවා.

"ඔයා ඇර ඔයාට බල්ලෙකුයි සහොදරයෙකුයි හිටියා නම් මම ‍තෝරගන්නවා බල්ලාව...."    rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss   lol!   lol!  lol!  lol!  lol!  banana  banana  banana  banana  banana  banana  banana 

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  shevan on 28th April 2014, 17:07

[You must be registered and logged in to see this link.] wrote:මේ වෙලාවෙ මට ‍ෆිල්ම් එකක දෙබසක් මතක් වෙනවා.

"ඔයා ඇර ඔයාට බල්ලෙකුයි සහොදරයෙකුයි හිටියා නම් මම ‍තෝරගන්නවා බල්ලාව...."    rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss  rocksss   lol!   lol!  lol!  lol!  lol!  banana  banana  banana  banana  banana  banana  banana 
මටත් මේ වෙලාවෙ ඒ ෆිල්ම් එකේම දෙබසක් මතක් වෙනවා

“උඹට මං මගේ බල්ලවත් දෙන්නෙ නෑ ...“

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Ranga3 on 20th November 2014, 17:30

Sihina කියන්න උත්සහ කරන දේ ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. ඒත්, ඒකට ප්‍රවේශ වෙන්න ගත්තු උදාහරණ වල නිරවද්‍යතාවය ගැන නම් මට එකඟ වෙන්න බැහැ. කව්රුවත් ගැලීලියෝව දණ ගස්සවලා සමාව ගන්න කිව්වේ නැහැ. පල්ලියේ ඒ කාලයේ ක්‍රියාත්මක වුණු 'ධර්මාධිකරණ සභාව'(Inquisition) විසින් ගැලීලියෝ එදා පිළිගත්තු සාම්ප්‍රදායික මතයට පටහැනිව වෙනත් මතයක් ඉදිරිපත් කළ නිසා තමන් හමුවේ පෙනී ඉඳලා ඒක ඔප්පු කරන්න කියලා කිව්වා. ඒත් අද කලේ වගේ චන්ද්‍රිකා ජායාරූපවත් නොතිබුනු යුගයක ගැලීලියෝට තමන්ගේ මතය(පෘතුවිය සූර්යයා වටේ භ්‍රමණය වන බව) ඔප්පු කරගන්න බැරුව අසරණ වුණා. ඒක නිසා ඒ සභාව කිව්වා එහෙමනම් තමුන්ගේ ඉගැන්වීම් ඉල්ලා අස්කරගන්න කියලා..ඒ කාලයේ පවතින බලවේග වලට අභියෝග කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් නිසා පස්සේ ගැලීලියෝගෙ පොතපත තහනම් කරලා ඔහුව නිවාස අඩස්සියේ තිබ්බා. ගියොර්ඩානෝ බෘනෝ(Giordano Bruno) කියන තාරකා විද්‍යාඥ කතෝලික තාපසයාටත් වුණේ ඔය වගේම දේකට මරණ දඬුවම ලැබීමයි. චාල්ස් ඩාවින්ට වුනත් එයාගේ පොතේ 2වෙනි මුද්‍රණයේදී එහෙම ලියන්න කියලා කව්රුත් බල කළේ නැහැ. එයාට මූලික වශයෙන්ම ගොඩක් විරුද්ධ වුණේ ඒ කාලේ සාමාන්‍ය ජනතාවයි. ඒකයි ඩාවින්ගේ මූණට වඳුරු ඇඟක් දාලා පත්තරවල කාටූන් පවා ගියේ. 2වෙනි මුද්‍රණයේදී අර වගේ සංශෝධනයක් කළා නම් එහෙම කරන්න ඇත්තේ සමාජයෙන් එයාට එල්ලවුණු විරුද්ධත්වය තරමක් දුරට හරි මගහරව ගන්න වෙන්න ඇති. අනික ඒ පොතෙන් ඉදිරිපත් කරන්නේ 'පරිණාමයක්' ගැන මිසක් 'ආරම්භයක්' ගැන නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් ගාවගන්න කොට ටිකක් හොයල බලලා දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ, හුදු ජනප්‍රිය කටකතා ලියන්න එපා.

හැම කාලෙකදීම පවතින සාම්ප්‍රදායික දේවල්වලට පටහැනිව යමක් ඉදිරිපත් වෙද්දී ඒකට විරුද්ධත්වයක් ඇතිවෙන බව අපි දන්නවා, ඒක ස්වාභාවිකයි. හැබැයි ඒ පවතින මතයත්(thesis) විරුද්ධ මතවාදයත්(anti-thesis) ගැටිලා කාලයක් යද්දී හැමෝම පිළිගන්න පොදු සම්මුතියක්(synthesis) අවසානයේදී බිහි වෙනවා. ඉතින් ඒකට ගොඩක් කල් යනවා, ගොඩක් අයගේ ලේ, දහඩිය කැප කරන්න වෙනවා. අපේ රටේ සමලිංගිකත්වය ගත්තත් එහෙමයි....

Ranga3
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 89
GetReal Gold : 2228
Member Since : 2014-03-24

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Max Tylar on 12th December 2014, 18:23

Hail to Shevan's comment...!!!

Max Tylar
Regular Member

Now :
Online
Offline

Mood : Shy

City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 1472
Member Since : 2014-12-07

Back to top Go down

Re: සමලිංගිකත්වයේ සමාජ පසුබිම, සමාජ භුමිකාව හා ලාංකීය ජන සමාජය

Post  Sponsored content Today at 01:42


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum