Sinhala Typing Tool

නැවතත්...............

Page 6 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Go down

Re: නැවතත්...............

Post  kasunx on 9th February 2014, 19:50

[You must be registered and logged in to see this link.] wrote:මේ...අද රෑ වෙන්න කලින් එයාව ගෙන්වන්න බැරිද ජිත් මහත්මයා.  lol!


එහෙමනම් ගොඩක් හොඳයි ! ජිත් මහත්තය සලකල බලන්න පුලුවන්නම් !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: නැවතත්...............

Post  සහන් on 9th February 2014, 20:01

ඉක්මනට එයි නේද?

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: නැවතත්...............

Post  Jith on 9th February 2014, 20:46

මට ඉක්මණට ගේන්න පුළුවන්............ මේ දැන් වුනත්................. ඒත් ලියලා ඉවර කරපු විදිහට කට්ටිය කැමති වෙයිද දන්නෙ නැහැ... මම endings 3ක් හදන්න ට්‍රයි කලා................. ඒත් වෙනස් කරන්න හිත දෙන්නෙ නැහැ මම හීනෙන් දැක්ක දේ වගේම ලියලා ඉවර කරපු දේ ............. මට ටිකක් ඒ ගැන හිතන්න ඕනේ...........................

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: නැවතත්...............

Post  shevan on 9th February 2014, 22:23

[You must be registered and logged in to see this link.] wrote:මට ඉක්මණට ගේන්න පුළුවන්............ මේ දැන් වුනත්................. ඒත් ලියලා ඉවර කරපු විදිහට කට්ටිය කැමති වෙයිද දන්නෙ නැහැ... මම endings 3ක් හදන්න ට්‍රයි කලා................. ඒත් වෙනස් කරන්න හිත දෙන්නෙ නැහැ මම හීනෙන් දැක්ක දේ වගේම ලියලා ඉවර කරපු දේ ............. මට ටිකක් ඒ ගැන හිතන්න ඕනේ...........................
 Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral  Neutral

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: නැවතත්...............

Post  thavisha on 9th February 2014, 22:53

hmmmmmmmmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: නැවතත්...............

Post  amal123 on 10th February 2014, 07:56

"නැහැ නැහැ............... මම කැමතියි මම කැමතියි.......... මම කොහොමද එයාව හම්බවෙන්නෙ??? කවදද??"

amal123
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 2627
Member Since : 2013-09-26

Back to top Go down

Re: නැවතත්...............

Post  Jith on 10th February 2014, 14:39


ලැන්කැස්ටර් මහත්මයා පිටත් වෙලා ගියාට පස්සෙ මට දැනුනෙ පුදුමාකාර නොයිවසිල්ලක්. මට තව පොඩි වෙලාවක්වත් එතන ඉඳගෙන ඉන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ. එතන තිබුන කණ්ණාඩියෙන් මම කොණ්ඩෙ හැදුවා. ඇස් දෙක පිහ දැම්මා. කරන්න පුළුවන් හැමදේම කලා.. ඒ මගෙ ජේක්ව ආයෙමත් හම්බවෙන්න තිබුන ලොකු ආශාවත් එක්කයි. මම ආයෙමත් ජේක්ගෙ මුහුණ මතක් කරගත්තා. මට ඒත් එක්කම ඇහුනෙ විසිත්ත කාමරයෙ දොර අරින හඬ..

එතනින් ආපු රූපය දිහා මම බලන් හිටියෙ ඇත්තෙන්ම පුදුම වෙලා. ඒ රූපෙට මම වශී වුනා කිව්වොත් බොරුවක් නෙවෙයි. අකීකරු දුඹුරු කෙස්, ලා නිල් ඇස් මාව පුදුම කලා.. ඒ වගෙ කෙනෙක් මගේ ජීවිතේටම මම දැක්කෙ එදාමයි. මගෙ ඉස්සරහ හිටියෙ ඒ තරම් සුන්දර........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................... කාන්තාවක්..

ඒ සුන්දරත්වයට අමතරව මම ඒ කාන්තාවක් වුන එක ගැනත් පුදුම වුනා. මම බලාපොරොත්තු වුන කෙනා නොවුනු එක ගැන මගෙ හිතේ කණස්සල්ලක් ඇති වුනත් මම ඒක අමතක කලා. කොහොම වුනත් ඒ මගේ ජේක්.

ඇයත් මගෙ දිහා බලාගෙන හිටියෙ තත්පරයකටවත් ඇස් ඉවත් කරගන්නෙ නැතුව. මගෙ අවධානය යොමු වෙනකොටම ඇය බිම බලාගත්තා.

"ඉඳගන්න........"

මම කිව්වෙ තවත් මොහොතක් අරගෙන. ඇය ඉඳගත්තෙ කලින් මම ඉඳගත්ත තැනමයි. මම ඇගේ ඉදිරියෙන් තිබුනු පුටුවෙන් ඉඳගත්තා. ඒත් ඇය තවමත් බලාගෙන හිටියෙ ඇගේ අත් දෙක දිහා.

"ඔයා ස්ටීවන් නේද??"

ඇය කතා කලේ දිග නිහැඬියාවකින් පස්සෙ. ඒ කටහඬේ තිබුනෙ අමුතුම විදිහෙ ආකර්ශණීය බවක්..

"ඔව්. ඇත්තෙන්ම. ඔයාගෙ නම මොකක්ද.."

"ජොඇනා. ජොඇනා හාන්ස්.."

ඇය කතා කලේ ඇගේ අත් දෙක දිහා බලාගෙනමයි. බොහොම තදින් ඇගේ අත් වල ඇඟිලි එකිනෙක පැටලිලා තිබුනා.

"හඳුන ගන්න ලැබුන එකට සතුටුයි ජොඇනා."

"මටත් ස්ටීවන්."

ඇය පළවෙනිම වතාවට මගෙ මුහුණ දිහා බැලුවෙ ඒ වෙලාවෙදියි. ඇගේ මුහුණෙ ඉතාමත් ලස්සන හිනාවක් රැඳිලා තිබුනා. සත්තකින්ම මම ඒ සුන්දරත්වය හමුවෙ අසරණ වුනා කිව්වොත් නිවැරදියි.

"ඉතින්........ මගෙ ඒ කාලෙ පෙනුම කොහොමද??"

මම ඇහුවෙ මට අහන්න වෙන දෙයක් තිබුනෙම නැති නිසා. ඇය මගෙ දිහා බලලා හිනා වුනේ හරිම දඟකාර විදිහට.

"හරිම කඩවසම්... දැන් පෙනුමත් ඒකට දෙවෙනි නැහැ. ඉතින්... මං ගැන ඔයා මොකද හිතන්නෙ??"

"ඔයත් හරිම කඩවසම්.... ඒත් ඒක දැන් නම් ගැලපෙන්නෙ නැහැ..."

"ඇයි ඒ???"

ඇය ඇහුවෙ තරමක් පුදුමයෙන් මගෙ දිහා බලලා.

"දැන් ඔයා පිරිමියෙක් නෙවෙයි නෙ.... දැන් ඔයා ඇත්තෙන්ම හරිම ලස්සනයි...."

ඒ සුදු පැහැ කම්මුල් රතු වෙන හැටි මම හොඳින් දැක්කා. මම තව වෙලාවක් බලාගෙන හිටියෙ ඇගේ මුහුණ දිහාමයි. ඇය ආයෙමත් වතාවක් බලාගෙන හිටියෙ ඇගේ එකිනෙක පැටලුණු අත් දෙක දිහා.

"ඉතින් ඔයා ඇත්තටම බලාපොරොත්තු වුනේ පිරිමියෙක් දකින්නද???"

ඇය මගෙන් ඇහුවෙ තවත් මොහොතකින්.

"මට ඔයාට බොරු කියන්න ඕනෙ නැහැ... ඇත්තෙන්ම ඔව්..."

"ඉතින් මාව දැකලා ඔයාගෙ බලාපොරොත්තු කැඩුනද???"

ඇය ඇහුවෙ ආයෙමත් මගෙ ඇස් දෙක දිහා එක එල්ලේ බලන ගමන්.. ඒත් මුලින් තිබුන ලස්සන හිනාව ඒ මුහුණෙන් සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා තිබුනා

"නැහැ කීයටවත් නැහැ.."

"එහෙනම් අපිට පුළුවන් වෙයිද ආයෙමත් අළුත් කතාවක් පටන් ගන්න???"

සත්තකින්ම, ඒ මොහොතෙදි මම අසරණ වුනා කිව්වොත් ගොඩක්ම නිවැරදියි. මම වචන ගලපන්න තවත් මොහොතක උත්සාහයක් දැරුවා.

"ඔයා කවුරු වුනත් මගේම ජේක්.. ඔව් ඔයා මගේම ජේක්..... ඒත්......... ඒත්.................. මට ජේක් දිහා බලපු විදිහට තවදුරටත් ඔයා දිහා බලන්න ඇත්තෙන්ම බැහැ.. මට සමාවෙන්න ජොඇනා. මට සමාවෙන්න. මම අළුත් පුද්ගලයෙක් වෙන්න ඇති.. ඒත් මගෙ හැඟීම් වෙනස් වෙලා නම් නැහැ.. ජේක්ගෙ නමින් මට ඔයාව රවට්ටන්නත් බැහැ ජොඇනා. මට සමාවෙන්න.."

ඇත්තෙන්ම මගෙ හිතට දැනුනු දෙය තවදුරටත් මම හංඟන්න උත්සාහ කලේ නැහැ. මම ඒ හැමදෙයක්ම ඇයට කිව්වෙ මගෙ හෘද සාක්ෂියට එකඟව. ඇත්තෙන්ම හේතුව මොකක්ද කියලා නම් කියන්න මට තේරුනේ නැහැ ඒ වෙලාවෙ. නමුත් ජේක් තුලින් මම සිහිනෙන් හෝ විඳගත් ඒ සුපුරුදු බව මට ජොඇනා තුළින් දැනුනෙ නැහැ.

මේ තරම් කාලයක් මම හොයපු ජේක්ගෙ සුපුරුදු බව ඇත්තෙන්ම ඇය තුළින් මට දකින්න නොලැබුනේ ඇයි කියන එක මට ඇත්තෙන්ම තේරුනේ නැහැ.. මගේම ජේක් වුනත්, කාන්තාවක් නිසා ඇයව ප්‍රතික්ෂේප කිරීම ගැන මට මගේ ගැනම ඇති වුනේ ලැජ්ජාවක්. වරදකාරි හැඟීමක් මට දැනෙන්න වුනා. නමුත් ඒ තමයි මගෙ තීරණය.

මම මගෙ කබාය අතට ගත්තෙ පුටුවෙන් නැගිටින්න සූදානම් වෙලා. හිතට දැනුනු බර ඉක්මණින් ඉවත් කරගන්න පුළුවන් විදිහෙ තැනකට ඉක්මණින් යන්න මට වුවමනා වුනා.

"මට සමාවෙන්න.. මට ඇත්තෙන්ම ඒ වගෙ දෙයක් හිතන්න බැහැ. විශේෂයෙන්ම මට ඔයාව රවට්ටන්න බැහැ. ඔයා මගෙ ජේක් වුනත්................... මට ජොඇනාට කවමදාකවත් ආදරේ කරන්න බැරි වෙයි. මට කණගාටුයි ජොඇනා. සුබ දවසක්."

මම ඇය දිහා බැලුවෙ අන්තිම වතාවට ඇයට සමු දෙන්න. ඇගෙන් කිසිම වචනයක් පිට වෙන්න දරන උත්සාහයක්වත් මට දකින්න ලැබුනෙ නැහැ. නමුත් ඇගෙ ඇස් මගෙ ළඟ නතර වෙලා තිබුනා. ඒ හැඟීම කියවන්න මට පුළුවන්කමක් නොලැබුනු නිසා, මම විසිත්ත කාමරයේ දොර ළඟට ගියේ ඉක්මණින් එතනින් පිටත් වෙන අදහසින්.

"ස්ටීවන්.......... පොඩ්ඩක් ඉන්න........."



Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: නැවතත්...............

Post  shevan on 10th February 2014, 16:38

:cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry: 
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  No  No  No  No  No  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry: 
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry: 
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  No  :cry:  :cry:  No  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:
 :cry:  No  No  No  No  No  No  :cry:  :cry:  No  No  No  No  No  No  No  :cry:  :cry:  No  No  No  No  No  No  :cry:  :cry: 
 :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:  :cry:

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: නැවතත්...............

Post  සහන් on 10th February 2014, 16:57

මොකද්ද සිද්දවෙන්නෙ ඊලගට.නරක ද්‍යක් වෙන්න බෑ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: නැවතත්...............

Post  Siyapath on 10th February 2014, 18:12

:shock:  :shock:  :shock:  :shock:  :shock: 
podi iwak nam danenawa. eth balamuko

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: නැවතත්...............

Post  sandaru799 on 11th February 2014, 00:30

oya bawwekda siyapath ayye iwa danenna...? :p lassana kathawa..

sandaru799
+ 100 Posts

Now :
Online
Offline

Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 2530
Member Since : 2013-10-25

Back to top Go down

Re: නැවතත්...............

Post  Jith on 11th February 2014, 14:19



මට ඇහුනෙ ජොඇනාගෙ කටහඬ. නමුත් ඒ කටහඬේ දුකක් හෝ කළකිරීමක ස්වභාවයක් මට දැනුනෙ නැහැ. තිබුනෙ ඉතාමත් තෘප්තිමත් වගේම උද්යෝගීබවක්. මම ආයෙමත් ඇය වෙතට හැරුනෙ තරමක් නොඉවසිල්ලෙන්. ජොඇනා මගෙ දිහා බලාගෙන හිටියෙ ඇයට උරුම වුන සුන්දරම සිනහව රඳවගෙන. ඇත්තෙන්ම මම ඒ දෙයින් තරමක් පුදුම වුනා.

"මට සමාවෙන්න මහත්මයා. ඒ දෙය මම කල යුතු වුනා."

"කල යුතුව තිබුනෙ මොකක්ද???"

මම ඇහුවෙ කිසිම දෙයක් තෝරගන්න බැරි වුනු හැඟීමකින්. ඇය ආයෙමත් හිනා වුනේ බොහොම කරුණාවන්ත විදිහකින්. ඒ හිනාවෙ හුරුපුරුදු බවක් මට දැනුනා. ඇය මගෙ ලඟට ආවෙ තරමක් හිමින්.

"මට සමාවෙන්න මහත්මයා. මගෙ නම ජොඇනා ලැන්කැස්ටර්. ජොනතන් කියන්නෙ මගෙ තාත්තා." 

"මොකක්ද මේකෙ තේරුම?? ඒ කියන්නෙ ඔහෙලා දෙන්නම මාව රැවැට්ටුවා. ඒ කියන්නෙ ජේක් ඇත්තටම නැද්ද?? මම කොච්චර විශ්වාසයක් ඔහෙලා ගැන තිබ්බද??"

මට කෑ ගැහුනෙ පුදුම තරහකින්. ඒ වගේම විශාල ලැජ්ජාවක් මට ඇති වුනා. ඇත්තෙන්ම ඒ පිරිමියෙක් වුනා නම් සැකයක් නැහැ, ඔහුට මගෙන් ලැබෙන්නෙ හොඳ පහරවල් කිහිපයක්..

"කරුණාකරලා මහත්මයා. කලබල වෙන්න එපා. ඇත්තෙන්ම අපිට සමාවෙන්න. ඔබව රැවටීමකට ලක් කලා තමයි. නමුත් ඒක පරීක්ෂණයක්.."

"ඔහෙට ඔල්මාදෙද?? මට පිස්සු කියලද හිතන්නෙ???"

මම කෑ ගැහුවෙ පුදුමාකාර තරහකින්. ඇත්තෙන්ම මට දැනුනෙ පුදුම විදිහක අපහසුතාවයක්. එතන තිබුනු පුටුවට මම වැටුනෙ කිසිම අරමුණක් නැතුව. ඇත්තෙන්ම තරහටත් වඩා ජේක්ගෙ නමින් මගෙ හැඟීම් එක්ක කරපු ඒ සෙල්ලම නිසා මට දැනුනෙ ඇත්තෙන්ම ලොකු පසුතැවීමක්. මම අත් දෙකෙන් මුහුණ වහ ගත්තෙ තරමක් අපහසුවෙන්.

"ස්ටීවන්."

ඒ මොහොතෙ මට අහන්න ලැබුනෙ වෙනත් කටහඬක්. ඒ කටහඬ අයිතිකාරයා ජොඇනා නොවන බව මට දැන ගන්න ඒතරම් අපහසු වුනේ නැහැ. මොකද ඒ කටහඬ අයිති වුනේ පිරිමියෙක්ට. මම ඔළුව හැරෙව්වෙ ඒ කටහඬ ඇහුන පැත්තට. මගෙ ළඟින්ම හිටගෙන හිටි ඒ පුද්ගලයා දැක ගන්න මට පුළුවන් වුනා. මම තව තවත් පුදුම වුනා කිව්වොත් ඒකෙ ඇත්තෙන්ම වරදක් නැහැ. 

තද නිල් පැහැ ඒ ඇස් දෙකෙන් ඔහු මගෙ දිහා බලාගෙන හිටියෙ ඇත්තෙන්ම දුක්මුසු බැල්මකින්. ඒ ඇස් දිලිසුණේ රැඳිලා තිබුනු කඳුළු කැට නිසා. නළලට වැටිලා තිබුනු කළු පැහැ කෙස් නිසා ඔහුට ලැබුනෙ දඟකාර පෙනුමක්. නමුත් රතු පැහැයෙන් තිබුනු කම්මුල් නිසා ඔහුට ලැබුනෙ අහිංසක පෙනුමක්. ඔහු එක්වරම මගෙ ළඟින් දණ ගහගත්තෙ මගෙ අත් දෙකෙන් අල්ලගන්නවත් එක්කමයි.

"මට සමාවෙන්න ස්ටීවන් මට සමාවෙන්න.. ඇයි මම එහෙම ඔයාට කලේ??? ඒත් ඒත්.....ඔයා තවමත් මට ඒ විදිහටම ආදරෙයිද කියලා මට දැනගන්න ඕන වුනා."

ඇත්තෙන්ම ඔහු කතා කලේ හරිම සංවේදී විදිහට. ජීවිතේ පළවෙනිම වතාවට ඇහුනත් ඒ කටහඬ ගෙනත් දුන්නෙ හරිම හුරුපුරුදු හැඟීමක්. ඒ වෙලාවෙ ඒ ඇස් වල රැඳිලා තිබුනු ඒ කඳුළු එකින් එක බිමට වැටුනා. ඇත්තෙන්ම මොකක්දෝ හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා. මමත් ඔහුගෙ අත් දෙක තද කරගත්තෙ ඒ හැගීමත් එක්කමයි. ඔව්.... ඒ හැඟීම අඳුන ගන්න මට අමාරු වුනේ නැහැ. ඒ හැඟීම ආයෙමත් මට දැනෙන්න වුනා.... ඒ මගේ ජේක්........... ඒ නම් මගේම ජේක්....................... 

"ජේක්... ඔයා මාව ඒ තරම්ම අවිශ්වාස කලාද??"

"නැහැ ස්ටීවන්.. මට හිතාගන්න බැහැ.. මට සමාවෙන්න.. මට ඕන වුනා ඔයා හමදාටමත් මට ආදරේ කරයිද කියලා දැන ගන්න.. මට බය හිතුනා අපි අතරට තුන් වෙනියෙක් ආවොත් කියලා... මම ඒ වගේ දෙයක් කරන්න ජොඇනාගෙන් ඉල්ලුවෙ ඒකයි. ඔයා ඇත්තෙන්ම ජොඇනාව ප්‍රතික්ෂේප කලා. මට තේරෙනවා ඔයා ඒක කලේ ඇයි කියලා. මට ඕනෙ ජේක්ට විතරක් ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි ස්ටීවන්.. මටත් ආදරේ කරන කෙනෙක්ව.. මම ඔයා ගැන සැක හිතුවා නෙවෙයි ස්ටීවන්..."

ඔහු ඇඬුවේ මගෙත් ඔහුගෙත් එකේනෙක පැටළුණු අත් දෙක දිහාම බලාගෙන. තවත් මොහොතකටවත් ඔහු මගෙ ඇස් දෙක දිහා බැලුවෙ නැහැ. මම ඒ අහිංසක ඇස් දෙක මගෙ පැත්තට හරව ගත්තා.

"විලියම් ජේක්ට ආදරේ කරපු විදිහටම මම ඔයාටත් ආදරේ කලොත්??"

ඇත්තෙන්ම මම ඇහුවෙ ඒ ඇස් දෙක ඇතුලෙ අතරමං වෙලා. මම ඒ වෙලාවෙ ඔහුගෙ මුහුණින් දැක්කෙ ලස්සන හිනාවක්.

"ජේක් විලියම්ට ආදරේ කරපු විදිහටම මම ඔයාටත් ආදරේ කරනවා."

මම ඔහුගෙ නළල සිප ගත්තේ මොහොතකටවත් ඒ අත් දෙක අත්හරින්නෙ නැතුව. ඔහු ඒ වෙලාවෙදි ඇස් දෙක පියාගත්තා.

"ස්ටීවන්..................... මගෙ නම රිචඩ්..."

"මට කියන්න.......... ඔයා හැමදාටම මගෙම වෙලා ඉන්න කැමතිද රිචඩ්??? මම ඔයා වෙනුවෙන් මගේ ජීවිතේම කැප කලොත්, ඔයාටත් මම වෙනුවෙන් එහෙම කරන්න පුළුවන් වෙයිද???"

ඔහුගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන මම ඇහුවෙ අපි දෙන්නාට විතරක් ඇහෙන හඬකින්.

"සත්තකින්ම ස්ටීවන්.. මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ඒත් ඔයා තව මගෙ ගැන දැන ගන්න කැමති නැද්ද ස්ටීවන්???" 

"මම ඔයා වෙනුවෙන් ආත්මයක්ම බලාගෙන හිටියා.. ඔයා කවුරු වුනත් මට කමක් නැහැ. ඒ කාලෙට මම ඔයාගෙ ආදරේ ගැන දන්න තරමත් හොඳටම ඇති. මම ඒ ඉවසපු කාලෙ හොඳටම ඇති රිචඩ්.... එහෙම නෙවෙයිද???"

රිචඩ් ඔහුගෙ නළලෙන් මගෙ නළලට තට්ටු කලේ තවත් ලස්සනම හිනාවක් මවාගෙන.

"ඔව්.... මං හිතන්නෙ අපි දෙන්නම ඉවසගෙන හිටපු කාලෙ හොඳටම ඇති."

ඔහු පුටුවෙන් නැගිට්ටෙ මගෙ අතින් අල්ලගෙනමයි. මම ආයෙමත් ඔහුගෙ අත් දෙක තද කලා..

"මම ඔයාට ආදරෙයි රිචඩ්.."

"මමත් ස්ටීවන්.."

ඊලඟ මොහොතෙ ඔහු තව තවත් මට තුරුළු වුනා. මම ඇස් දෙක පියාගත්තෙ ඒ පහස තව තවත් විඳ ගන්න..... 

මොකද කියනවා නම් ඒ වෙලාවෙ මගෙ හිතේ ඇති වුනු හැම හැඟීමක්ම වගේම ඒ වෙලාවෙ වුනු හැම දෙයක්මත් මට ගෙනත් දුන්නෙ හරිම හුරුපුරුදු බවක්,

නැවතත්.............


                                                                                           

                                                                                             නිමි.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: නැවතත්...............

Post  thavisha on 11th February 2014, 15:41

ela ela macho nice work 

wenasma akaraye story ekak niyamai

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: නැවතත්...............

Post  kasunx on 11th February 2014, 20:00

මල්ලි කියල වැඩක් නැ ! විශිෂ්ඨ කෘතියක් ! හදවතින්ම අගය කරනවා ! ජය වේවා ! pride  pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: නැවතත්...............

Post  සහන් on 12th February 2014, 19:03

නියමයි මල්ලි.  pride  pride  pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: නැවතත්...............

Post  Sponsored content Today at 13:11


Sponsored content


Back to top Go down

Page 6 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum