මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  eboys on 2013-10-22, 10:59 pm

Fuk nd damn. I hav nk comment to put lyk dis but if u want i can comment prsonally
avatar
eboys
+ 250 Posts

Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 4347
Member Since : 2013-08-13

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  සහන් on 2013-10-22, 11:59 pm

හැබෑවටම මේවගෙ දෙයක් අත්විදින එක පනපිටින් පුච්චනවගේ දෙයක්.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  භානුක on 2013-10-23, 12:00 am

@kasunx wrote:මොනවගේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැ .........................මල්ලි මේක ඔයාගේ සත්‍ය අත්දැකීමක්ද ?
මට ඒ ප්‍රශ්නෙට කියන්න තියෙන්නෙත් අයියේ "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..." කියලම තමයි. :)
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4735
Member Since : 2013-05-05

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  භානුක on 2013-10-23, 12:01 am

@සහන් wrote:හැබෑවටම මේවගෙ දෙයක් අත්විදින එක පනපිටින් පුච්චනවගේ දෙයක්.
එකෙන්ම......:(
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4735
Member Since : 2013-05-05

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  kasunx on 2013-10-23, 12:37 am

@භානුක wrote:
@kasunx wrote:මොනවගේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැ .........................මල්ලි මේක ඔයාගේ සත්‍ය අත්දැකීමක්ද ?
මට ඒ ප්‍රශ්නෙට කියන්න තියෙන්නෙත් අයියේ "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..." කියලම තමයි. :)
මම තේරුම් ගත්තා මල්ලි ! ..............ඒ හින්ද මටත්  "මුනිවත හොඳයි"  :D
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 8019
Member Since : 2013-05-31

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  සහන් on 2013-10-23, 12:47 am

@භානුක wrote:
@සහන් wrote:හැබෑවටම මේවගෙ දෙයක් අත්විදින එක පනපිටින් පුච්චනවගේ දෙයක්.
එකෙන්ම......:(
අකුරු ගැලපුන විඩිය වෙනස් උනාට අඩුවැඩි ඇතිව මේ වගෙම සිද්දියකට මමත් මූන දුන්න මීට අවුරුදු ගානකට කලින්.

ඒත් ඒදා ඒ වෙච්චදේට මම අද සතුටුයි. නැත්නම් මට පනවගේ ආදරේ කරන කොල්ල මට ලැබෙන්නෙ නෑනෙ.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  azores on 2013-10-23, 9:15 am

:( 😢


Last edited by azores on 2013-10-23, 5:36 pm; edited 1 time in total

azores
+ 250 Posts

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 377
GetReal Gold : 5448
Member Since : 2013-07-06

Back to top Go down

Re: මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

Post  Guest on 2013-10-23, 9:49 am

@සහන් wrote:
@භානුක wrote:
@සහන් wrote:හැබෑවටම මේවගෙ දෙයක් අත්විදින එක පනපිටින් පුච්චනවගේ දෙයක්.
එකෙන්ම......:(
අකුරු ගැලපුන විඩිය වෙනස් උනාට අඩුවැඩි ඇතිව මේ වගෙම සිද්දියකට මමත් මූන දුන්න මීට අවුරුදු ගානකට කලින්.

ඒත් ඒදා ඒ වෙච්චදේට මම අද සතුටුයි. නැත්නම් මට පනවගේ ආදරේ කරන කොල්ල මට ලැබෙන්නෙ නෑනෙ.
කතාවකුත් තියෙනවනේ සහන් අයියේ වෙන හැමදෙම වෙන්නේ හොදට කියලා..:D :D
avatar
Guest
Guest


Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  Esala on 2013-10-23, 10:20 am

අනේ මලයෝ...........😢
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5222
Member Since : 2013-03-28

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  nuran on 2013-10-23, 1:59 pm

attamai...ahata kadulak unanawa...meka mata uananm attamai marei man.....:( :( :( :( :( :( :(
avatar
nuran
Regular Member

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 3707
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

සංජනගෙන්...

Post  Guest on 2013-10-23, 8:57 pm

ලස්සනයි පොඩ්ඩෝ...
avatar
Guest
Guest


Back to top Go down

සිත පෙමට මුවා වූ දා ඉඳලා...

Post  භානුක on 2013-10-27, 10:56 am

"හෙලෝ.. බබා ඔයා කොහෙද ඉන්නේ..??"

"මං කොහේ යන්නද සුදු අයියේ...?  ඔයා ඉන්න කියපු තැනම තමයි ඉන්නෙ.. දැන් පැය දෙකක් තිස්සෙ මං මෙතන..."

"අනේ සොරි රත්තරං.. මං මේ එනගමන්. මට තව විනාඩි පහක් දෙන්න.."

විනාඩි පහක් නෙමෙයි දෙයියනේ මං මගේ මුළු ජීවිතේම ඔයාට දීලා ඉවරයි.. මං එහෙම කිව්වේ හිතෙන්.

"පරිස්සමෙන් එන්න හොඳේ..."

අපේ ආදරේට දැන් අවුරුදු හතරකුත් වෙන්න ඇවිත්. ඉස්සර කවදාවත් ඔයා මාව මෙහෙම රස්තියාදු කරල නෑ.. වෙනදට පරක්කුවෙලා එන්නෙ මම. එහෙම පරක්කුවෙලා එද්දි මූණ බෙරිකරන් ඉන්න ඔයාව යාළුකරගන්න ම මට සෑහෙන වෙලාවක් යනවා. ඒත් දැන් ඔයා මාව බලන්න එන්නෙ හරියට ඇපේකින් බේරෙන්න වගේ. වෙනසට හේතුව මං දන්නව සුදු අයියේ. ඒක ඔයත් දන්නවා. ඒත් ඔයා කැමති නෑ ඔයා වෙනස් වෙලා කියල පිළිගන්න..

විනාඩි පහට තව පැය භාගයක් බලන් ඉන්නයි මට වුනේ. හිතට පොඩි තරහක් ආවත් ඔයාගෙ හිනාව ඒ සේරම නැතිකරල දානවා.

"සොරි චූටියෝ... අද දිල්කි අපේ ගෙදර ආව. අම්මගෙන් බේරිල්ලක් උනේ නෑ එයාව ගෙදරින් ඩ්‍රොප් කරන්න කියල. එයාව දාල එන්න ගියපු නිසයි පරක්කු වුනේ.."

අම්මගෙන් බේරිල්ලක් නැතිවුන නිසාමද ගියේ කියල අහන්න හිතුනත් මං ඒ ප්‍රශ්නෙ එළියට එන්න ඉඩක් දුන්නෙ නෑ. අඩුගානෙ පරක්කු වෙනව කියල කෝල් එකක්වත් දුන්න නම්... මං කෝල් කරලා අහනකන් ඔයාට මාව අමතක උනා නේද සුදු අයියේ...? අඬන්න එපා කියල උඩු හිත කොච්චර බල කලත් මුළු පපුවම පිච්චීගෙන වගේ ආපු ඉකියක් එක්ක මගේ ඇස් දෙකෙන් කඳුළු එළියට පැන්නෙ මටත් නොදැනිමයි.

"ඔය ඉතිං අඬනවද...?? පිස්සුනේ.. මේ මිනිස්සුත් බලන් ඉන්නව. එන්න, ඇවිත් කාර් එකට නගින්න. අපි කොහෙට හරි යමු.."

කාර් එකට නගිනව වෙනුවට මං කළේ එවෙලෙම එතනට ආපු බස් එකකට නැගපු එකයි. ඒක කොහෙට යන බස් එකක්ද කියලවත් බලන්න සිහියක් මට තිබුනෙ නෑ.. අනේ මං මේ නපුරු වෙනව නෙමෙයි රත්තරං.. මට මේ වෙන දේවල් වාවන්නෙ නෑ. දීපු රුපියල් විස්සට සෑහෙන දුරක් ආව කියල හිතුනම මං බස් එකෙන් බැස්ස. බැහැපු ගමන්ම මගේ ළඟ නවත්තපු කාර් එක වෙන කාගේවත් නෙමෙයි ඔයාගෙ. පහතට දාපු වීදුරුවෙන් මං දැක්කේ මගේ සුදු අයියගෙ මූණ නම් නෙමෙයි. කේන්තියෙන් කළු උන නපුරු මූණක්.

"මට කියල කණ පලාගන්නෙ නැතුව නගිනව ඇවිත් කාර් එකට.."

විරුද්ධ වෙන්නේ කොහොමද..? කාටත් වඩා හොඳින් මං ඔයාව දන්නව. ඒ වෙලාවෙ මගේ කණ පලනවට වැඩි දෙයක් උනත් කරන්න පුළුවන් තරම් කේන්තියකින් ඔයා හිටියේ. මේ කාර් එකේ ඔයාගෙ වම් පැත්තෙන් වාඩිවෙලා යන්න මං කොච්චර පෙරුම් පුරනවද..? ඒත් ඒකට උරුමක්කාරය මං නෙමෙයි කියල දැන දැනත් කොහොමද දෙයියනේ හිත හදාගන්නේ..??

මං කාර් එකට නැගපු ගමන්ම වේගෙන් අරගෙන ගියපු කාර් එක පාරක් අයිනෙන් නතර කරපු ඔයා සුක්කානමට ඔළුව ගහගෙන හෙලපු හුස්මෙ බර උහුලන්න තරම් මේ පපුව හයිය නෑ කියල ඔයා කවද තේරුම් ගනීවිද..??

"ඇයි බබා ඔයත් මට මෙහෙම කරන්නේ...? හැම පැත්තෙන්ම මම තැලෙනව. එක පැත්තකින් අම්ම. එහෙන් දිල්කි. මට හිතට සහනයක් දෙන්න ඉන්නෙ ඔයා විතරයි. දැන් ඔයත් මට මෙහෙම කරද්දී... මාව පිස්සෙක් කරන්න එපා වස්තුවේ..."

ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඔයා මෙහෙම කියද්දී තවත් හිත ගල් කරගෙන කොහොම ඉන්නද සුදු අයියේ.. හැම පැත්තකින්ම තැලෙන්නේ ඔයා නෙමෙයි මමයි කියන දේ ඔයා කවද හරි තේරුම් ගනීවි. ඒත් එදාට මේ චූටියගෙන් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ. මං සෙල්ලම් බඩුවක් නෙමෙයි සුදු අයියේ..

මං ඉන්නම්... ඔයාට, ඔයාගෙ හිතට මං ඉන්න එක සැනසීමක් නම් මං ඉන්නම්.. මේක හීනයක්. කොයි මොහොතෙ හරි ඔයා මේ හීනෙන් ඇහැරිලා යාවි. එදාට මට මාව වත් ඉඳීවිද කියල මං දන්නෙ නෑ... ඒත් මං එකම එක දෙයක් දන්නවා. මට තවමත් මේ හීනෙන් ගැලවීමක් නැත්තේ ඒ නිසයි.. ඒකයි මං ඒ වෙලාවෙ ඔයාගෙ බෙල්ලෙ එල්ලිලා මෙහෙම කිව්වේ...

"මං ඔයාට ආදරෙයි මගේ සුදු අයියේ..."


සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත් 
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා

avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4735
Member Since : 2013-05-05

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  සහන් on 2013-10-27, 12:28 pm

ඔබ ලඟින් ඉන්න බැහැනේ 
ඇය ඔබ ලඟම නිසා 
ඔබ දුරින් ඉන්න හැම මොහොතක
දුක උරුම වෙලා 
මගේ ආදරේ ඔයානේ 
එය දන්නවනේ ඔයා 
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා. . . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9222
Member Since : 2013-01-29

Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  භානුක on 2013-10-27, 12:52 pm

@සහන් wrote:ඔබ ලඟින් ඉන්න බැහැනේ 
ඇය ඔබ ලඟම නිසා 
ඔබ දුරින් ඉන්න හැම මොහොතක
දුක උරුම වෙලා 
මගේ ආදරේ ඔයානේ 
එය දන්නවනේ ඔයා 
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා. . . .
pride pride
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4735
Member Since : 2013-05-05

Back to top Go down

Re: සිත පෙමට මුවා වූ දා ඉඳලා...

Post  Guest on 2013-10-27, 1:13 pm

pride pride
avatar
Guest
Guest


Back to top Go down

Re: මට කඳුළු එන්න කලියෙන් මං දමායන්න...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 3 Previous  1, 2, 3  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum