Sinhala Typing Tool

අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

View previous topic View next topic Go down

අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Siyapath on 25th August 2013, 08:53



[You must be registered and logged in to see this image.]
හැමදාම කියන ඒවත් එක්ක  වෙනස් දෙයක් ගැන් මටත් පොඩ්ඩක් කතාකරන්න හිතුනා.
 
දෙමුහුම් සංස්කෘතිය
මොකක්ද මේ දෙමුහුම් සංස්කෘතිය කියන්නේ? ඒ කියන්නේ සංස්කෘතීන් දෙකක හෝ කීපයක අතර මිශ්‍රවීමක් වගේ දෙයක් කියල හිතමුකෝ. එතකොට ඇයි මම ඒ වගේ වචනයක් භාවිතාකරන්නේ කියලා ප්‍රශ්නයක් අනිවාර්‍යයෙන්ම ඔයාල අහන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ කතාකරන්න යන්නේ. මේ කතාකරන දෙවල් සමහරවිට ඔයාලගේ මතිමතාන්දර එක්ක සම්පූර්නයෙන්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අනේ එහෙම කියල ඉතින් තරහගන්න එපා. ඉවසීමෙන් කියවල බලන්නකෝ. අනිත් කාරණය තමයි මේක සම්පූර්ණයෙන්ම මගේ හිතේ ඇඳුණු අදහසක් විනා කාගෙවත් අදහසක් නොවන බැවින් මගේ අදහස්වල අඩුපාඩු වලට වෙන කාටවත් බනින්න එපා හොඳේ.
 
හරි දැන් යමු මාතෘකාවට​. අපි කවුරුත් දන්නවනේ අපේ රට සිංහල බෞද්ධ සංස්කෘතියක් මූලික කරගත්තු රටක්. ඊට අමතරව ඉන් දියානු සංස්කෘතිකාංගත් අපේ සංස්කෘතිය එක්ක මිශ්‍රවෙලා තියනවනේ. පොඩි උදාහරණයක් කීවොත් කාලිංග මාඝ අපේ රට අල්ලගෙන හිටිය කාලේ එතෙක් අපි සැමරුව නව වසර වූ වෙසක් මංගල්‍යය වෙනුවට අප්‍රේල් වල තියන සූර්‍යමංගල්‍යය අපේ සංස්කෘතියට එක්වුණා. දැන් කියන්න එපා ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ මිනිස්සු සූර්‍යවන්දනාව කලා. අන්න එහෙමයි මේක ආවෙ කියලා. අනේ ඉතින් ඒ යුගයේ අපේ රටෙ මිනිස්සු බෞද්ධවෙලා හිටියෙත් නැහැ නේ. අනික ගස් ගල් ස්වභාවික වස්තූන්ට මිනිස්සු වන්දනා කරන්නේ ඇයි කියල බුදුරජාණන් වහන්සේ දේශනාකරල තියනවනේ. හරි හෝ වැරදි හෝ ඉන්දියානු සංස්කෘතිකාංග අපි අතර තියනවා. ඒත් එම අංග අපේ සංස්කෘතියත් එක්ක එකට එකතුවීම අමාරුදෙයක් උනේ නැහැ. මොකද අපේ සහ ඔවුන් ගේ සංස්කෘතීන් වල තිබෙන සමානකම් නිසා. ඒ වගේම මම ඒක වැරදි කියල කියන්නෙත් නැහැ.
 
 ඔන්න ඔය සංස්කෘතිය ගැන කතා කලොත් ලංකාවේ ඉස්සරකාලෙ සමලිංගිකත්‍වය තිබුණද නැද්ද කියන්න තවම සාධක ලැබිලා නැහැ මම හිතන්නේ. බුදුදහමෙත් සමලිංගිකත්වයට විරුද්ධව කිසිම අදහසක් ප්‍රකාශවෙලා නැහැ (ඒ වෙනුවෙන් මම වෙනම ලිපියක් දාල ඇති). නමුත් විනය පිටකයෙදී භික්‍ෂූන් වහන්සේලාට එවැනි ක්‍රියා තහනම් කරලා තියනවලු. ඉතින් භික්‍ෂූන්වහන්සේලාට ස්ත්‍රීන් සමඟ ලිංගිකව හැසිරීමත් තහනම් නේ. ඒත් බයිබලයේ සහ කුරාණයේ නම් සමලිංගික ක්‍රියා තහනම් කරල තියෙනවලු.
 
ඉතින් ඔන්න අපේ රට අන්තිමට සුද්දෝ අල්ල ගත්තා. උන් එද්දී අපේ සමහර පැලැන්තිවල ගැහැණු ඉණෙන් ඉහලට ඇඳුම් ඇන්දේ නැහැ. සුද්දියොත් දැන් බාගෙට ඇන්දට ඒකාලෙ හොඳට වැහෙන්න ඇඳුම් ඇන්දා. සුද්දා දැම්මා අපේ ගැහැණුන්ටත් නීතියක් ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්න කියලා. ඔන්න ඔහොම එයාලගේ නිරීක්‍ෂණ එක්ක​, එයාලගෙ සංස්කෘතිකාංග එක්ක අපිටත් නීති රීති ආවා. ඔය නීතිත් එක්කම අපේ සංස්කෘතිය බටහිර සංස්කෘතිය එක්ක දෙමුහුම් වෙන්න පටන් ගත්තා. ඒකට තව උදාහරණයක් දෙන්නම්කෝ. ඉස්සර අපේ රටේ පිරිමි කොණ්ඩේ වවලා කරාබු දාලනේ හිටියේ. මට මතකයි අපේ සීයා කෙනෙක්ටත් දිග කොණ්ඩයක් තිබුණා. සුද්දා කොණ්ඩේ කොටට කපලා, කරාබු නැතුව​, කලිසම් කමිස ඇඳලා හිටියා. ඉතින් දැන් අපේ කොල්ලෙක් කොණ්ඩේ වවලා, කරාබු දාල හිටියොත් අපි ඌට කාඩයෙක් වගේ කියනවා. එතකොට කොණ්ඩේ කොටට කපලා, කලිසම් කමිස ඇඳලා ඉන්න එකා ඩීසන්ට් බෝයි. මෙන්න මේ විදියට වික්ටෝරියානු සංස්කෘතිකාංග අපේ සමාජයේ මුල්
බැස ගත්තා. හැමදේටම බටහිරින් එන දීන ගති කිව්වට අපි එහෙම නැහැ කියල හිතාගෙන ඉන්න දේවල් බොහොමයකුත් එහෙන් ආව දේවල් තමයි කියල අද අපේ අය දන්නේ නැහැ.
 
ඔන්න ඔය විදියට 1883 දී අපේ නීතිපොතට එකතුවුනා

ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුද්ගලයෙකු සමඟ තදබල අශෝබන ක්‍රියාවක් කරන හෝ එබඳු ක්‍රියාවකට පාර්ශවකරුවෙකුවන හෝ එබඳු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවන හෝ කරවීමට තැත්කරන පුරුෂයෙකු වරදකට වරදකරුවෙකු වියයුතුය​. ඔහුට අවුරුදු දෙක දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කලයුතුය​. එසේම කසපහර දීමකින් දඬුවම් කරනු ලැබීමටද ඔහු යටත් විය යුතුය"
 කියන වගන්තිය​. මේකට 1995දී එම අපරාධයට ලක්වූවේ අවුරුදු 18ට අඩුකෙනෙක් නම් චූදිතයාට අවුරුදු 10ක් දක්වා සහ අවුරුදු 16ට අඩුකෙනෙක් නම් චූදිතයාට අවුරුදු 20ක් දක්වා බන් ධනාගාර ගතකරන්න පුළුවන් විදියට නීතියට සංශෝධනයක් ආවා. 365අ වගන්තියට අනුව වරෙන්තු රහිතව අතඅඩංගුවට ගත හැකි අතර ඇප නියම කිරීම කල හැකි නමුත් සමථයකට පත්කල නොහැකිය​. 


Last edited by Siyapath on 25th August 2013, 08:57; edited 1 time in total

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Siyapath on 25th August 2013, 08:54


ඇයි මේක පිරිමින්ට විතරක්? ඇතුළුකිරීම සඳහා අවයවයක් නැති නිසා ස්ත්‍රී සමලිංගිකත්වයක් තියෙන්න පුළුවන් කියල සුද්ද විශ්වාස කලේ නැහැල්ලු. නමුත් දැන් ලංකාවෙ ස්ත්‍රී සමලිංගිකත්වයට විරුද්ධවත් නීති තියනවා. එතකොට මේ නීතිය එද්දී ලංකාවේ සමලිංගිකත්වය තිබුණෙම නැද්ද​? මම කලින් ගහැණුන් අඳින විදිය සම්බන්ධව උදාහරණයක් දුන්නා. දැන් පොඩි කථාවක් කියන්නම්. මේ කතාව මගෙන් අහගත්තු සමහරු මේ සයිට් එකේ ඇති. කමක් නැහැ අහන්නකෝ.
 
ඔන්න ඝන වනාන්තරයක් මැද්දේ කිසිම දාක වෙනත් මිනිස් කොටසකගේ ආශ්‍රයක් ලැබිල නැති ගෝත්‍රයක් ඉන්නවා. කාලෙකදී වෙන මිනිස් කණ්ඩායමක් ඇවිත් මේ ගෝත්‍රය අල්ල ගන්නවා. අල්ලගෙන පාලනය කරනවා. ඉතින් ඒ අල්ලගත්තු උදවිය එයාලටම නීති දාගන්නේ නැහැ නේ. අර ගෝත්‍රයට තමයි නීති දාන්නේ. ඔන්න නීතියක් දානවා "රොකට් සැදීම සපුරා තහනම්" කියලා. මේකුන් රොකට් තියා බකට් වත් දන්නේ නැති ගෝත්‍රයක්. ඔන්න දැන් කට්ටිය හොයනවා, "රොකට් කියන්නේ කන දෙයක්ද​? බීමක්ද​? සතෙක්ද​? කව්ද බන් මේ රොකට් කියන ඩයල් එක​? ඇයි ඒක හදන්න තහනම්? " අන්න ඒ වගේ දේවල්. එතකොට එහෙම ගෝත්‍රයට එහෙම නීතියක් දාන්න අර පාලකයින්ට ආතල් එකක් නැතුව ඇති නේද​? ඒ නිසා මට නම් හිතෙන්නේ සුද්දා 365අ ගෙනාවෙත් අපේ රටේ නොතිබුණ දේකට නෙවි තිබුණු දේකටමයි කියලා.
 
අද  අපි ගොඩාක් අයට අපේ සංස්කෘතිය වෙනස්වුණ විදිය ගැන කිසිම හැඟීමක් නැහැ. අපි හිතාගෙන ඉන්නව 2500ක මහඟු අතීතයේ අපේ ධීර වීර මුතුන්මිත්තන් ගෙන් ආව සංස්කෘතික ලක්‍ෂණ තමයි තවමත් අපි ගාව තියෙන්නේ කියලා. අපේ බෞද්ධ සාරධර්ම වලට අනුව සමලිංගිකත්වය වැරදි දෙයක් කියලා. ඒත් බෞද්ධ සාරධර්ම පද්ධතියක් ඇතිකල ධර්මය තුළ නම් එහෙම කිසිම දෙයක් සඳහන් වෙලත් නැතුව​, කොහොමද මෙහෙම ලක්‍ෂණ අපේ සංස්කෘතියට එකතුවුණේ? ගම්පොල​, මහනුවර යුග වලදී හින්දු දේවාල​, නක්‍ෂත්‍ර​, ජ්‍යෝතිෂ්‍ය කටයුතු පන්සල් වලට එකතුවුණා වගේද​? නැහැ. එහෙම වෙන්න බැහැ. මොකද හින්දු දර්ශනය තුලත් සමලිංගිකත්වයට තහංචි නැහැ.
එතකොට ?
අද අපේ උදවිය සමලිංගිකත්වය බටහිරුන් විසින් අපේ රටවල් විනාශකරන්න බලෙන් ඔබ්බවන දෙයක් කියල බෙරිහන් දෙනවා. නමුත් ඔවුන් දන්නෙ නැහැ බටහිරුන් තමයි ඒකට විරුද්ධවුනේ කියල​. ඉන් දියාව, චීනය වගේ අතීත ශිෂ්ටාචාරවල සමලිංගිකත්වය පැවතුණ බවට ඇති තරම් සාධක තියනවා. ලෝකේ සමලිංගිකත්වය පිලිබඳ පලමු මූලාශ්‍රය ලැබෙන්නේ අප්‍රිකා මහාද්වීපයෙන්. නමුත් වික්ටෝරියානු සංස්කෘතිකංග ඔඩුදුවපු අපේ සමාජය ඒ වගේ දේවල් ගැන විවෘතව හිතන්න ලෑස්ති නැහැ. නමුත් අපි මෙහෙම වෙලා තියෙන්නේ අපේ තෝරාගැනීමක් නිසා නෙවී කියල අපි දන්නවා. අපි ස්වභාවිකවමයි මෙහෙමවුනේ? ඉතින් කොහොමද අපි ස්වභාවිකත්වයට විරුද්ධව යන්නේ?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  kasunx on 25th August 2013, 09:10

මමත් සම්පුර්නයෙන්ම එකගයි මචන් උබේ කතාවට !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  chamzi on 26th August 2013, 11:23

Very good article. You've hit the nail right on the head.
Our stupid traditionalist idiots have no idea which culture they are trying to preserve.

I'd like to add something about the Bible prohibiting homosexual relationships. It is this verse from the old testement that most people bring up as prohibiting gay sex:
Leviticus 20:13
13 If a man lies with a male as he lies with a woman, both of them have committed an abomination. They shall surely be put to death. Their blood shall be upon them.




However, all of these people ignore the fact that Leviticus then goes on to prohibit a lot of other stuff, such as eating shell fish, wearing clothes made of mixed fiber etc. The anti-gay people, like all other bigots, ignore thses parts & talk only about the verse regarding gay sex. Hypocrite much? :D

chamzi
Regular Member

Now :
Online
Offline

Mood : Awesome

Country : Sri Lanka
Posts : 9
GetReal Gold : 2521
Member Since : 2013-08-18

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  sdilshan on 28th August 2013, 22:03

mamath oyage kathawata ekagai aiye. me lagadi TV eke Programme ekak giya manthara vidyawa gana... eke idapu kena washi gurukam gana kiyaddi kiwwa kanthawan ha pirimi athare me wage dewal wenawa wageme samalingikayana athre washi gurukam karannath puluwan kiyana eka. ithin mama hithanne siyapath aia kiwwa kathawa hari. dan kastiya magen ahanna epa ehema karana kena inne koheda kiyala... hikz

sdilshan
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2406
Member Since : 2013-08-27

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Siyapath on 28th August 2013, 22:34

mallith gurukamak kara gaththada? :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  sdilshan on 28th August 2013, 22:36

hafoi palaweni post eka dala madai  kathwak hada gatta.....

sdilshan
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2406
Member Since : 2013-08-27

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Siyapath on 2nd September 2013, 19:13

ප්‍රවීන මන්ත්‍රාචාර්‍ය සචින් දිල්‍ෂාන් තුමා!lol!

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Santush on 16th May 2015, 16:56

Nice article and delivers a good message

Santush
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 2441
Member Since : 2013-08-29

http://forbiddendtree.blogspot.com/

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  suk love on 1st October 2015, 22:33

thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup

suk love
+ 100 Posts

Now :
Online
Offline

City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 1275
Member Since : 2015-08-18

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  rayya1 on 15th October 2015, 10:53

post victorian infkuence eka den awasan wegena enne. british colonial ere ewara weddima godak europian ratawal develop una. e wagema ewaye inna minissu nidahas adahas darannan una.

as a result, den bohomayak barriers awath ethem ratawal nobiyawa gay marriages walata adala rules and regulations hadanawa.

Eth, me sambandawa sri lankan apita tiyena apllicability eka gena comment karanna taram mama buddimatek novana bawa comment karana ugatunta karunawen yutuwa danwa sitimi.

Sthuthiy. smile noidea noidea

rayya1
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 2147
Member Since : 2014-02-10

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  tharindu on 19th February 2016, 15:27

Niyama kathawa aiye

tharindu
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 845
Member Since : 2016-01-28

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Sajith on 26th May 2016, 10:54

සමලිංගික විවාහ නීතිගත කරන්න කියලා අරගලයක් කරන්න තරම් අපේ සමාජය තුල ඉඩක් නැති බව ඇත්ත​. ඒත් 365A වගන්තිය ඉවත් කරගන්න කුමක් හෝ කළ යුතුයි. මේ නීතිය නිසා අපේ සහෝදරයින් ගොඩාක් පීඩාවට පත් වෙනවා.

සියපත් සහෝදරයා මේ වගේ වටිනා ලිපියකින් ඔයාව ආයෙත් මේ site එක තුල දකින්න ආසයි.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1621
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපේ ලිංගිකත්වය 4:දෙමුහුම් සංස්කෘතිය, සමලිංගික භීතිකාව​, 365A සහ රොකට් (Hybrid Culture, Homophobia, 365A and rocket)

Post  Sponsored content Today at 10:09


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum