Sinhala Typing Tool

ඇතුලාන්තය (2013 ජුලි 20 වන දින ශ්‍රි ලංකා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කරන ලඳ සාකච්ඡාවකි.)

View previous topic View next topic Go down

ඇතුලාන්තය (2013 ජුලි 20 වන දින ශ්‍රි ලංකා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කරන ලඳ සාකච්ඡාවකි.)

Post  Sanketh on 27th July 2013, 20:16


කොහොමද ජීවිතේ?
වෙනසක් නැහැ.සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.

වෙනස් වෙන්න අදහසක් නැහැ?

ලොකු වෙනසක් නැති වුණාට ලොකෙට ගැලපෙන්න ජීවත් වෙනවා.

ලොකේ විතරයි වෙනස් වෙන්නේ, ලංකාවේ සමාජය එක තැනමයි කිව්වොත්?
භෞතිකමය වෙනස් කම් සිද්ධ වුණත් ආකල්පයමය වෙනස්කම් නැහැ.

ඔබ සමලිංගිකයෙක්ද?
ඔව් මම සියයට සියයක් එහෙම කෙනෙක්

සමලිංගිකයෙක් වශයෙන් ලිංගික ආස්වාදයකින් තෘප්තිමත් වෙන කෙනෙක්ද ඔබ?

නැහැ. මුලින් එහෙම දෙයක් තිබුනා.නමුත් දැන් ආදරය කරනවා

ඒ ආදරයට පැවැත්මක් නැහැ කිව්වොත්?
වෙන්න බැහැනේ. අපේ ආදරයට දැන් අවුරුදු 8ක්

කව්ද ඒ?
ඒක මෙතනට අදාළ නැහැ.

ඒත් කොහොමද ලංකාවේ ඔය වගේ දෙයක් පවතින්නේ?

නෛතික වශයෙන් මොනවා වුනත් මම දන්න අදුරන අය ගොඩාක් මේ වගේ ජිවිතයක් බොහොම අපූරුවට ගත කරනවා. මමත් මම ආදරේ කරන එක්ක එකට ඉන්න පටන් අරගෙන දැන් අවුරුදු 6ක්.

නීතියෙනුත් නිදහස ලැබුණොත්?
ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. නීතී සම්මත කරන්නේ පාර්ලිමෙන්තුවෙන් නිසා.

අසුභවාදී ආකල්ප නිසා වගේම පසුබැසීම නිසා සමලිංගික අයිතිවාසිකම් ලංකිකයන්ට නැති වෙලා තියනවා කියලා මම කිව්වොත්?
නොවෙන දේවල් වලට උඩ පැනලා වැඩැක් නැහැ.

විවහය කියන දේ ඉස්සරහා මේ බැදීම් වලට පැවැත්මක් නැහැ කිව්වොත්?

නැහැ ඒක එහෙම වෙන්නේ නැහැ. තමන් ස්ථාවරයි නම්, තමන්ට තීරණයක් ගන්න කොන්දක් තියනවනම්, මේ බැදීම් වලට පැවැත්මක් තියනවා. අපි ගැන ඇත්ත දැනගත්ත දාට අපි ළඟ රැදෙන අය තමා ජීවිතේට වුවමනා.

ඔය කියන දේවල් එක්ක  නීතීමය අයිතිවාසිකාම්  පවා ලබන්න තිබුණානේ?

නීති හදන තැනටත්,නීති සම්මත කරන තැනටත්,නීතී ක්‍රියාත්මක කරන තැනටත් හදවත, මොළය කියන අවයව දෙකම නැහැ.

මේ බැදීම් එක්ක දිගටම ලංකාවේ ඉන්නද බලාපොරොත්තුව?
ඔව්. සමහරුනම් හිතවාදී රටවලට යනවා. මම එහෙම යන්නේ නැහැ. මොකද අපෙන් සමාජයට වරදක් වෙන්නේ නැත්නම් අපි රට දාලා යන්න ඕනේ නැහැ නේ.

ඇයි මේ වගේ සාකච්ඡාවකට කැමති වුනේ?
ඔයාව මට හඳුන්වලා දීපු මිත්‍රයාගේ විශ්වාසයට සහ නම්,ගම් සඳහන් නොකරන පොරොන්දුව පිට. ඔයාලවත් ඔයාලගේ නම් වලින් නැති නිසා ඒකත් ප්‍රශ්නයක් නැහැ.

අවසාන වශයෙන් සමලිංගිකයෙක් හැටියට ඇතිවන ගැටළු වලට මොකද කියන්නේ?
මම සමලිංගිකයෙක් කියලා බෝඩ් ගහගෙන ඉන්නේ නැහැ. අනික එකට ජීවත් වෙනකොට එන ප්‍රශ්න ගොඩක් අඩුයි මම කලින් කිව්වා වගේ හැම අතින්ම අපි ස්ථාවර නම්. උදාහරණයක් විදිහට මමයි මගේ සහකරුයි අපේ ආදායමෙන් තමා මේ කාමරය අරගෙන ඉන්නේ. ඒ වගේ ජීවත් වෙන්න අපි ස්ථාවරයි. ඒ  නිසා ගැටළු අඩුයි.


                                                                     සාකච්ඡා කළේ: සංකේත් බණ්ඩාර

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 432
GetReal Gold : 5723
Member Since : 2013-02-06

Back to top Go down

Re: ඇතුලාන්තය (2013 ජුලි 20 වන දින ශ්‍රි ලංකා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කරන ලඳ සාකච්ඡාවකි.)

Post  Siyapath on 27th July 2013, 20:28

nice conversation malliyo.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඇතුලාන්තය (2013 ජුලි 20 වන දින ශ්‍රි ලංකා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කරන ලඳ සාකච්ඡාවකි.)

Post  kasunx on 27th July 2013, 22:52

හ්ම්..............................වටිනා අදහස් ටිකක් .......!

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: ඇතුලාන්තය (2013 ජුලි 20 වන දින ශ්‍රි ලංකා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කරන ලඳ සාකච්ඡාවකි.)

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum