Sinhala Typing Tool

According to Buddhism (බුදු දහමට අනුව අපි?)

View previous topic View next topic Go down

According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  Siyapath on 9th July 2013, 20:04

මේ ලිපිය අන්තර්ජාලයේ පලවූ ලිපි දෙකක එකතුවක්. ඔයාලට ප්‍රයොජනවත් වෙවි කියලයි දාන්නේ. ඇත්තම කියන්න මට ලින්ක් හොයගන්න නම් බැරි උනා. ඒත් original authors ලගේ email දාලා ඇති

"මේ ලිපියS. ධම්මික ස්වාමින් වහන්සේ ලියපු සටහනක පරිවර්තනයක්. මගේ මේ ගේ ප්‍රයිඩ් (gay pride) ගැන පෝස්ට් එකේදි, නොදරුවා කිව්වා, මේ කාරණාව ගැන ලියනවා නම් කියවන්න කැමතියි කියලා. එයා වගේම තවත් අය මේ ගැන දැන ගන්න උනන්දු ඇති කියන අදහසින් තමයි මම මේක පරිවර්තනය කලේ."

මාව මුණ ගැහෙන්න එන අයගෙන්, කලාතුරකින් එක්කෙනෙක්, බොහෝ විට තරුණ පිරිමි ළමයෙක් , සමහර විටක තරුණ ගෑණු ළමයි හෝ වයසක පිරිමි හෝ ගැහැණු කෙනෙක් , විනාඩි කීපයක දෙගෙඩියාවකින් හෝ ටිකක් ඇඹරි ඇඹරි සිටීමෙන් පපසුව, මගෙන් හීමිහිට අහනවා, සමලිංගිකත්වය ගැන බුදු දහමේ කියවෙන්නේ මොකද්ද කියලා. එයාලා එහෙම අහපු අවස්ථාවල මම එයාලට කියනවා, චේතනාව කර්මයට මුල් වෙනවා, සහ කර්මය තුලින් අපේ අනාගතයේ වෙන්නේ මොනවද යනන් තීරණය වෙනවා . හොද චේතනාවක් මුල් කරගෙන කරන කටයුතු වලින් හොද විපාකත්, නරක චේතනාවක් මුල් කරගෙන කරන කටයුතු වලින් නරක විපාකත් ඇති වෙනවා. එකිනෙකාට ආදරයෙන් බැදිලා ඉන්න දෙන්නෙක්ගේ, මනසේ ඇතිවන සිතුවිලි, හැගීම් හා චිත්ත වේගයන්නිසා ඔවුන් ලිංගිකව හැසිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාකය හොද එකක්. මේ ලිංගික සම්බන්දය සමලිංගිකයන් හෝ විෂම ලිංගිකයන් අතර සිද්ද වුනත්, එක තුන්වෙනි සිල් පදය කැඩීමට හේතුවක් වෙන්නේ නෑ. ලිංගිකත්වය පිළිබද බෞද්ධ සදාචාරය මූලික වශයෙන්ම සම්බන්ද වෙලාතියෙන්නේ ලිංගික හැසිරීමට මුල් වුණ චේතනාව උඩ මිස තමන්ගේ සහක රුවාගේ ලිංගය කුමක්ද යන්න මත නොවන බව කියන කාරණාව මම නැවත පෙන්වා දෙනවා. මේ ආකාරයට, සම ලිංගික පුද්ගලයෝ දෙන්නෙක්, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා හැසිරීමෙන් ඇති වීමෙන් ඇතිවන කර්මය , විෂම ලිංගික යුවලක් එසේ හැසිරීමෙන් ගොඩ නැගෙන කර්මයට වඩා වෙනසක් ඇති බව කීමට තරම් සාර්තක තර්කයක් නැහැ.මෙලෙස ඔවුන්ට කීමෙන් පසු මම මාතෘකාව වෙනස් කිරීමට උත්සාහ කරනවා, මොකද මම සම ලිංගිකත්වය ගැන කතා කරන්න මැලි නිසා නොව, මෙලෙස තනි ප්‍රවේශයකින් ධර්මය පිළිබදව කතා කිරීමට මම අකැමති නිසා. කොහොම නමුත්, මීට අව්රුදු කීපයක පෙර ඇති වුන සිද්දියක් නිසා මට තේරුම් ගියා, සමලිංගිකත්වය ගැන විමසීම් කරන ඒ, සමලිංගිකයන්ට හෝ වේවා, ඔවුන්ගේ පවුල් වල උදවියට හෝ වේවා, මගේ මුලු අවදානය දිය යුතු බව. මේ විෂය වාදය මට කොතරම් න්‍යායික හෝ ආන්තික වුවත්, මේ ප්‍රශ්න මගෙන් අහන පුද්ගලයන්ට මෙම මාතෘකාව සැලකිය යුතු තරම් වැදගත් කමකින් යුක්තයි. ජුලියන් නම් වු තරුණයෙක් මට දවසක් දුරකතනයෙන් ඇමතුවා. ඔහු මට කියා සිටියා, බුදු දහම ගැන මා සමග කතා කිරීමට අවශෛය බව. ඔහුගේ ඉල්ලීමට එකග වූ මම, ඔහුට මා මුණ ගැසීමට දිනයක් සහ වෙලාවක් වෙන් කර දුන්නා. ජුලියන් යනු, අව් රුදු 20ක් පමණ වයසැති, සාමන්ය ශරීරයකින් හෙබි ප්‍රියමනාප හැඩහුරුකමින් යුත්තෙක් බව අපේ හමුවීමේදි පෙනී ගියා. ඔහු ජේත්තුවට , පිළිවෙලකට ඇද සිටියා. ඔහු මුලින්ම බුදුදහමේ යම් කාරණා පිළිබදව මගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවත්, මට හැගී ගියා ඇත්තෙන්ම ඔහුගේ උනන්දුව තිබුණේ ඔහු විමසූ දේවල් පිළිබදව නොවන බව. අවසානයේදි ප්‍රශ්නය එළියට ආවා, " ස්වාමින් වහන්ස, සමලිංගික පුද්ගලයෙක්ට පුළුවන්ද හොද බෞද්ධයෙක් වෙන්න?" මා ඔහුට මගේ සුපුරුදු පිළිතුර දුන් නමුත්, එම පිළිතුර ඔහු සතු‍ටු නොකළ බව මට හැගී ගියා. . ඔහු දිගින් දිගටම මා කිවූ දේ පිළිබදව සැක කරන අදහස් ප්‍රකාශ කර සිටියා. මම ඔහු ගෙනා සියළුම විරුද්ධ තර්ක වලට පිළිතුරු දුන් නමුත් ඔහු ඒවායින් සෑහීමකට පත් වූයේ නෑ. තව දුරටත් කතා කිරීමේ නිෂ්ඵල තැනකට අපේ කතාව ආපසු, වෙන කුමක් කියන්නද කියා සිතා ගත නොහැකි වූ මම ඔහුගේන් විමසා සිටියා ඔහු සමලිංගිකයෙක් ද යන වග. ඔහුගේ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. උගුර සෙමින් පාද ගත් ඔහු කියා සිටියා ඔහු සමලිංගිකයෙක් බව. ඔහු සෙමෙන් ඔහුගේ කතාව මට දිග හැරියා. ගැටවර වියේ මුල් කාලයේ සිටම ජුලියන්ට දැනිල තියෙනවා ඔහු අනිත් පිරිමි ළමයින්ට ආකර්ෂනයක් ඇති බවත්, ඔහුට කාන්තා ඇදුම් පැළදුම් ගැන විශේෂ ආසාවක් ඇති බවත්. ඔහුගේ මේ හැගීම් ගැන ඔහු ඉතා බයට පත්වූ අතර, ඒවා ඉතා හොදින් යටපත් කර තබා ගෙන ජීවත් වෙලා තියෙනවා. මීට අව්රුද්දකට පෙර ජුලියන් ජාතික සේවාවේ යෙදී සිටි කාලයේ ඔහුට මුණ් ගැසී තිබෙනවා තවත් සමලිංගික හමුදා භටයෙක්. ජුලියන් හා ඔහු ආදර සම්බන්දයක් පටන් අරන්. මේ සම්බන්දය ඉතා වරදකාරි හැගීම් වලින් පිරුණ, ඉතා හොර රහසේ තමයි සිදුව්ව් ඇත්තේ.මාසයකට වරක් දෙවරක් ඔවුන් දෙදෙනා හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන , ජුලියන් කාන්තා ඇදුමින් සැරසී, මේකප් ආදිය දමාගෙන මේ තරුණයා සමග රාත්‍රිය ගත කරලා තිබෙනවා.කෙසේ නමුත් ජුලියන් මෙවැනි හමුවීමකින් පසු, සෑහෙන දවසක් යනතුරු ඔහු කල්ගෙවා ඇත්තේ තමන් ගැනම ඇතිවුන ලොකු පිළිකුලකින් , ඔහු ඔහුටම සඵත කරගෙන තිබෙනවා, නැවතත් නම් එවැනි දෙයක් නොකර බවට. මට මේ ටික කියා නිම කළ ඔහු, ඔලුව වනා පැවසුවේ, "මේක නම් අනිවාර්යෙන් වැරදි දෙයක්මයි" "හොදයි සමහර මිනිස්සු මේක ටිකක් අමුතුවට දකී. නමුත් බෞද්ධ දෘෂ්ටිකෝණයකින් මේ දෙස බැලීමෙන්, මට ඇත්තටම කියනන් බෑ, මේක හිංසාකාරී ක්‍රියාවක් කියලා. තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට කටයුතු කිරීම සම්පුර්ණයෙන් ස්වාභාවික දෙයක්. අනාචාරයේ හැසිරීමකින් තොරව හා අනිත් කෙනෙකුට හානියක් නොවන පරිද්දෙන් එය කරනවානම්, එය පිළිගත හැකියි. ඔබ කව් රුන්ද යන කාරණාව ගැන වෛර සහගතව සිතීමෙන්, ඔබ ඔබ තුලම නිර්මාණය කරගන්නා ගැ‍ටුමෙන් ඔබ , ඔබව රිද්දගන්නවා. ඒ රිදීම, ඔබ සමලිංගිකයෙක් කියන දේ නිසා ඇතිවන රිදීමට වඩා බලවත්.. පන්සිල් පද රකින්න බැරි කිසි හේතුවක් මෙතන නෑ - ජීවිතයට, අනිත් අයගේ සමෘද්ධිය හා ලිංගික හැගීම් වලට, ඇත්ත දැන ගැනීමට ඔවුන්ට ඇති අයිතිය ට ගරුකිරිමෙන් හා ඔබේ මනස මත්ද්‍රවය වලින් තොරව තබා ගැනීම - සමලිංගිකයෙක් විදියටම කළ හැකියි " මම කිව්වා. ඔහු නිශ්ශබ්දව උන්, නමුත් මට පෙනී ගියා මට ඔහුගේ සිතේ ඇති වී තිබූ සැකය ඉවත් කිරීමට නොහැකි වූ බව. ජුලියන් ඊට පසු දෙවතාවක් පමණ මාව මුණගැසීමට ආව. අපේ කතා බහ සිදු වුනේ සාමාන්ය ධර්ම කාරණා ගැන වුනත් සමහර අවස්තාවලදී සමලිංගිකත්වය ගැන අදාල මාතෘකා වලට ඇදී ගියා. නමුත් හැම මොහොතකම, ප්‍රතිඵල වුනේ පෙර සේමයි. ඉන්පසු කාලයක් යනතෙක් මට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුනේවත්, ඔහුව නැවත දකින්නට ලැබුනේ වත් නෑ.නමුත් මාස 6කට පසු මට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා. ඔහු මට කිව්වා, ප්‍රසිද්ධ තායිවානු භික්ෂුවක් නගරයට වැඩම කර ඇති බවත්, ඔහු දේශන පවත් වන බවත්, ජුලින්ට ඔහු හා මිනිත්තු කීපයක් කතා කිරීමට අවස්තාවක් ලැබුනු බවත්. ජුලියන් මෙම භික්ෂුවගෙන් අසා තිබෙනවා, ඔහු මගෙන් ප්‍රථම වතාවේ ඇසූ ප්‍රශ්නයම. මේ භික්ෂුව ගේ පිළිතුර වී ඇත්තේ, සමලිංගිකත්වය අපවිත්‍ර අයහපත් දෙයක් බවයි.තවද සමලිංගිකයන් ඉතාම පහළ අපායන්හි නැවත් උප්පත්තිය ලබන බවත්, කල්පාන්තර කාලක් ඔවුන් අශුචි වල උණු කෙරෙන බවත් පවසා තිබෙනවා.ජුලියන් මට මේ කතාව පැවසුවේ, ජයග්‍රාහී ස්වරයකින්, මා පෙර කිවූ දේවල් වැරදි බව ඔප්පු කිරීමේ සතුට හා ඔහුගේ අදහස් අනුමත් කරන කෙනෙක් හමුවීමේ සතුට වැන්නක් ඔහුට තිබුණා. මම ඔහුගෙන් ඇසුවා, තවත් මොනවද මේ ස්වාමින් වහන්සේ වදාළේ කියලා. "මුකුත් නෑ" ඔහු පිළිතුරු දුන්නා. "එතුමා කොහේද යන්න හදිස්සියෙන් උන්නේ, මා එක්ක කතා කරනන් මිනිත්තු කීපයයි වෙන් කළේ"(ජුලියන්ට සිදු වු දේ මොකද්ද? - 2 කොටසින්
මට මේ සිද්දිය කොපමන වාරයක් සිදුවී තිබෙනවාද? බුදු දහම ගැන යමක් කව්රුන් හො විමසු විට, ත්‍රිපිටකය හා සැසදෙන ආකාරයට ප්‍රඥාගෝචර පිළිතුරක් මම ඔවුන්ට දෙනවා. මා කියූ දෙයට හාත් පසින් පිළිතුරක් දෙන භික්ෂුවක් ලගට යන ඔවුන්, නැවත මා හමුවීමට පැමිණ ඉල්ලා සිටිනවා මේ අදහස් විෂමතාවය පැහැදිලි කර දෙන ලෙස. එතැනදි මම හිර වෙනවා, එක්කෝ මා අහංකාර කිව යුතුයි මෙම අනිත් භික්ෂුව මනා වැටහීමකින් තොරව මේ ප්‍රකාශය කළ බව (ගොඩක් වෙලාවට හේතුව මෙයයි  හෝ තොල විකාගෙන, කිසිවක් නොකියා එම මිථ්‍යා විශ්වාසයත් සමග එම පුද්ගලයාට යන්න ඇරිය යුතුයි. කොපමණ වතාවක් මෙය සිදු වූවාද ? නිතර නිතරම ! මේ ගොඩක් අවස්තා හරිම ඉච්ඡාභංගත්වයක් ඇති කරා.නමුත් මෙම අවස්තාවේ එය ඇති කළේ ඛේදජනක ප්‍රතිවිපාකයක්.
“ජුලියන් මේ බලන්න, ඔබ මගෙන් ඇහුවා, සමලිංගිකත්වය ගැන බුදු දහමේ කියවෙන්නේ මොකද්ද කියා. වසර 20ක කාලයක් තිස්සේ ධර්ම ග්‍රන්ථ හැදෑරීමෙන් ලබා ගත් දැනුමත්,බුදු දහමට අනුව ගොඩක් දේ ගැන මනස මෙහෙයවා සිතීමත් මත පදනම් වූ පිළිතුරක් මා ඔබට ලබා දුන්නා.මෙතනින් එහාට යමක් කියන්න අපහසුයි' මම පැවසුවා. මා ඔහුට තව දුරටත් කියා සිටියා, ඔහුට මා සමග කතා කිරීමට අවශ්ය නම්, ඕනෑම වෙලාවක මා හමුවිය හැකි බව. අපේ දුරකතන සංවාදය එලෙස එදා අවසන් වුණා.
ඔයින් දින හතරකට පසු , මම පත්තරේ බලමින් ඉන්න විට, 8 වෙනි පි‍ටුවේ තිබූ කුඩා ලිපියකට මගේ ඇස් යොමු වුණා. ලිපියේ මාතෘකාව " උද්‍යානයකදී මිනිසෙකුගේ සිරුරක් සොයා ගැනේ" ලෙස ලියවී තිබුනා. ලිපිය උඩින් පල්ලෙන් කියවූ මා, ඊළග පි‍ටුව පෙරළීමට ඔන්න මෙන්න වෙලාවේ, ජුලියන් යන නම එක පාරට මට දිස් වුණා. කෂ්ණිකයෙන්ම මගේ අවධානය ඒ දෙසට යොමු වුණා. ජුලියන් නම සදහන් කොටස නැවතත් කියවීමෙන් පසු මට අවබෝධ වුණා, මේ මා හමු වීමට පැමණි ජුලියන්ම යනවග! මා නැවතත් ලිපිය මුල සිට කියවන්න පටන් ගත්තා.
දින හතරකට පෙර, සමහර විට මා සමග දුරකතනයෙන් කතා කර පැය කීපයකට පමණ පසු, ජුලියන් රෑ බෝවී පාර්ක් එකකට ගිහින් තියෙනවා. ඔහු එහිදී නිදිපෙති ප්‍රමාණයට වඩා වැඩියෙන් බී සිය දිවි හානි කරගෙන. දිවි නසා ගැනීමේ අවසන් ලිපියක් ඔහුගේ සාක්කුවේ තිබී හමුවූ බව ලිපියේ සදහන් වී තිබුණත් , එහි ලියවී තිබූ දේ ගැන මේ ලිපියේ සදහන් වුණේ නෑ. මගේ සිත ශෝකයෙන් උතුරා ගියා. ඔහු එම ස්තානයේ තට්ට තනියම සිටින්නට ඇති ආකාරය, ඔහු ඔහුටම වෛර කර ගනිමින් , සියලු බලාපොරොත්තු සුන් කරගෙන තම ජීවිතය නැති කර ගත් ආකාරය ගැන සිතීමෙන් මාගේ ඇස් වලට කදුළු ආවා. මගේ සිතේ ඇතිවූ දුක යටපත් කරන් ඊළගට ඉතා ඉක්මනින් ආවේ සියුම් තරහක්. මේ තරහව මගේ සිතේ ඇතිවූ දුක් සිතුවිල්ල සම්පූර්ණයෙන් වසා ගත්තා. මගේ සිතේ ඇදුණා, අර තායිවාන් භික්ෂුව.. අඥාන විෂ සහිත අදහස ජුලියන්ට දේශනා කරලා, මෛත්‍රීය පිළිබද ධර්ම දේශනාවක් වෙනත් කොහේ හෝ පවත්වා අසන්නන්ගේ වර්ණනාවට පාත්‍ර වීමේ අදහසින් හදිසියෙන් යන ඔහුව. මට කොතරම් තරහ ආවද කියතොත් මම ලෑස්ති වුණා, මේ භික්ෂුවට ලිපියක් ලියන්න, ඔහු වගකිය යුතු බව දන්වා මේ සිදුවීමට. නැවතත් මටම සිතුණා, මේ වැඩේ නිකන් කාලය කා දමන තේරුමක් නොවන වැඩක් කියා. බොහෝ දුරට මේ භික්ෂුවට ජුලියන් එක්ක කතා කළ බව පවා මතක නැතිව ඇති බව මට වැටහුණා. ආදරෙන් තොරව එක් වන ලිංගික හැසිරීමක් ඒ තරම් ආකර්ෂණීය නෑ යන අදහසට, ටිකක් කල්පනා කරොත්, ගොඩක් දෙනෙක් එකග වේවි. කායික වශයෙන් බැලුවොත්, ලිංගික හැසිරීමක් කියන්නේ යම් තරල කීපයක් හුවමාරුවට වඩා යමක් .ලිංගික හැසිරීමක්, තරල හුවමාරුව කියන තලයට වඩා, උසස් මට්ටමටක යන්නේ , එම හැසිරීම පි‍ටුපස තියෙන චේතනාව හා හැගීම් මතයි. ස්නේහය, මොළොක්බව, දීමට සහ ලබා ගැනීමට ඇති ආසාව, එකිනෙකා ගැන ඇති බැදීම, හා විනෝදයක් ලැබීම වැනි දේවල් විදියට සැලකිය හැකියි . මේ අදහස හොදට ගැලපෙනවා මේ සුප්‍රසිද්ධ බෞද්ධ පාඨයට "චේතනාව කර්මය වේ"
කාට හරි පිහියෙන් ඇණීම හොද හෝ නරක ක්‍රියාවක්ද? ඒක හරිද වැරදිද යන්න එක පාර කියන්න බෑ! පිහිය අමෝරා ගෙන ඉන්නේ තරහෙන් කුපිත වුණ සාහසිකයෙක් නම්, ගොඩක් දුරට ඒක අකුසලයක්. ඒ පිහිය අතැතිව ඉන්නේ ශල්ය කර්මයක් කර කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට උත්සාහ කරන දොස්තර කෙනෙක් නම් එය සත්තකින්ම කුසල ක්‍රියාවක්. බුදු දහමට අනුව, ලිංගික හැසිරීමක් විනිශ් චය කරන්නෙ , පුද්ගලයන්ගේ ලිංගය කුමක්ද යන්න පමණක් විමසා බැලීමෙන් වත්, ගල් යුගයේ පණවා අණ කළ ව්‍යවස්ථා සංග්‍රහයක් අනුවවත්, නීතිමය ලියවිල්ලක් අත්සන් කරලාද කියලාවත් බැලීමෙන් නොව, එයට හේතු වූ මානසික සාධක මොනවාද යන්න විමසා බැලීමෙනි. විෂම ලිංගික පුද්ගලයෙකුට මෙන්ම, සමලිංගික පුද්ගලයෙකුටද ආදරය, ස්නේහය යන හැගීම් තම සහකරුවා වෙත ඇති අතර එවැනි තත්වයක් උඩ, විෂම ලිංගික හැසිරීමක් වගේම සමලිංගික හැසිරීමකුත් අතර වෙනසක් නෑ.
මෙය ඉතා සරළ , තර්කානුකූල ඇත්තක් සහ බුදු දහමේ ඉගැන්වීම වලට එකග වන්නක් නමුත් ජුලියන්ට මෙය අවබෝධ කර දීමට මට නොහැකි වුණා. ඔහුගේ සියළුම අත්දැකීම් ඔහුට උගන්වා තිබ්බේ, එකම ලිංගිකත්වය ඇති පුද්ගලයන්ට ආකර්ශණයක් ඇති වීම වැරදි ක්‍රියාවක් බවයි.ඔහු වටා සිටි සියලු දෙනාම සම ලිංගිකත්වය හෙළා දැක්කා, පිළිකුල් කළා. සමලිංගිකයන්ට අවඥාවෙන් සිනාසුණා.නීතිය ඔහුට පැවසුවේ සමලිංගිකත්වය බොහොම සාහසික ක්‍රියාවක් බවත් සහ එය වසර 10ක සිර දඩුවමක් ලැබීමට සුදුසු බවත්. මෙය මනුෂ්‍යඝාතනයකට ලැබෙන දඩුවමටත් වඩා කාලයක්. ඔහු දැනන් සිටියා ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික ගුරුවරුන් මෙන්ම, පමණක් බෞද්ධ ආගමික ගුරුන් පවා මෙය ඉතා ලොකු පාපයක් ලෙස සැලකූ අතර මරණින් පසු භයානක ප්‍රතිවිපාක දෙන බවත් පැවසුවා.මේ සියලුම අවමාන සහ නූගත් දෘෂ්ටි , බුදුරජාණන්ගේ කාරුණික සහ හේතුසහගත වදන් වලට සිත යොමු කිරීමට ඔහුට ඇති හැකියාව වැලැක්වූවා. තක්සේරු කිරීමට පවා අපහසු ඉතා විශාල පසුතැවිල්ලක් මෙය ඔහුට ගෙන දුන් අතර, එය අවසානයේ ඔහුගේ ජීවිතය නැති කර ගැනීම දක්වා දුර දිග ගියා.
මට ජුලියන් ගැන මතක් වුනේ මේ හේතුව නිසයි. මීට සති 3කට පෙර ක‍තෝලික කණිෂ්ඨ පාසලක ආගම සහ සමලිංගිකත්වය ගැන කෙරුණ දේශනයක බුදුදහම නියෝජනය කරමින් මම සභාගි වුනා. මම අනුමාන කළා, එතැන සිටි ප්‍රේක්ශකයන් 800ක් පමණ දෙනාගෙන් , කීප දෙනෙක් හෝ සමලිංගිකයන් විය හැකි බවත්,ඔවුන් තමන්ගේ හැගීම් කුමක්ද යන්න තේරුම් ගැනීමට බලවත් පරිශ්‍රමයක්, සටනක් කරමින් සිටිනවා යයිත් කියා.
මට හැගුනා ,මා එතැන පැවසූ දෙය, ඔවුන්ගේ සතු‍ටුදායක වර්ධනයටත් හොද හැඩගැස්මකටත් හෝ තමාටම වෛර කරගැනීම සහ වධහිංසාවකට පත් වීමත් වැනි ප්‍රතිඵල ගෙන දෙන්නකට හෝ වීමට මූලික විය හැකි බව. මේ නිසා බුදුදහම සමලිගිකත්වය දකින ආකාරය කුමක්ද යන්න පහදා දීමෙදී මම ඉතා පරිස්සම් කාරිවුණා.
මේ ලිපිය S.ධම්මික ස්වාමින් වහන්සේ ඉංග්‍රීසි බසින් ලියූ සටහනක සිංහල පරිවර්තනයකි. උන් වහන්සේගේ ලිඛිත අනුමැතිය ඇතිවයි මෙය මගේ බ්ලොග් එකේ පල කළේ.ඔරිජිනල් ලිපිය මෙතනින් [You must be registered and logged in to see this link.] දෝෂ ඇතිවී ඇත්නම් සමා වන්න. ලිපිය ගැන වගේම , මගේ පරිවර්තනයේ ඇති අඩුපාඩු පෙන්වා දෙනවානම් ඒකත් අගය කරනවා. මේ ලිපිනයට ලියන්න lnkngirl@gmail. com.

Me gena me dawas wala lassana love story ekak liyana ape පොඩ්ඩා, මගේ අදහස් blogspot eke liyala thibune mehemai.

Ei POdda, ube lipiya uputala demmata tharaha wenna epa hode..

අපේ වෙනස් කතා ලියන සහෝදරී ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවන්ගේ නියම ලිපියක් සිංහලට පරිවර්තනය කරල තියෙනවා. ඒක කියවගෙන යනකොට මට හිතුන විවිධ බුද්ධාගමේ ඒ පිලිබඳ දරන අදහස් කැටි කරල ලිපියක් ලියන්න ඕනෙ කියල.

ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවෝ මේ ගැන මොනාද කිව්වෙ කියල ඉහත ලින්ක් එකට ගියොත් දැනගන්න පුලුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් උන් වහන්සේ කියන්නෙ, "චේතනාහං භික්කවේ කම්මං වදාමි" (මහණනි මම චේතනාව කර්මය යැයි පවසමි  කියන ප්‍රසිද්ධ බෞද්ධ පාඨය අනුව, මෙතනදී සැලකිය යුතු වන්නේ ලිංගික ක්‍රියාවට මුල් උනු චේතනාව මිස කරන අයගේ ලිංගය නෙමෙයි.

අපවත් වුණු මම බොහොම ගරු කරන කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ කිව්වෙත් ඔය ටිකම තමා. මම ඒක උන් වහන්සේගෙන් අහලම දැන ගත්තා. තව දුරටත් උන්වහන්සේ කිව්වෙ සමලිංගික හෝ වේවා විශම ලිංගික වෙවා, තණ්හාව වර්ධනය වීමට ඔය දෙකම එක ලෙස බලපාන බව. නිවනට බාධා කරන්නේ තමන්ගේ සහකරුවාගේ ලිංගය නොව සහකරුවෙක් සිටීම බවයි උන්වහන්සේ කිව්වෙ.

වසර 2000 සින්ගප්පූරුවේ පැවැත්වුනු බෞද්ධ සම්මන්ත්‍රණයකදි අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ මේක තුන් වන සිල් පදය අනුව පැහැදිලි කලා. උන් වහන්සේ දේශනා කලේ සමලිංගික ක්‍රියා තුන් වන සිල් පදය කැඩීමට හේතු නොවන බවයි. මේක ඔප්පු කරන්න උන්වහන්සෙ පෙන්වා දුන්නෙ, පන්සිල් ගැන විස්තර වෙන කිසිම තැනක සමලිංගිකත්වය කතා බහට ලක් නොවන බවයි. සමහරු හිතන්න පුලුවන් බුදු හාමුදුරුවො ඒ ගැන දැනගෙන හිටියේ නෑ කිඅයල. නමුත් ඒක සම්පූර්ණ වැරදි අදහසක්. බොරුනම් කියවල බලන්න විනය පිටකය. විශේෂයෙන් "පාරාජිකා පාලි". දැන් කාලෙ හාමුදුරුවො කොච්චර හොඳද කියල හිතේයි ඒක කියෙව්වම.

මගේ හිතමිත්‍ර බෙල්ලන්විල සුදත්ත හාමුදුරුවෝ පැවිදි වෙලා හිටපු කාලෙ ලියපු ලිපියකට අනුව, මේක පෞද්ගලික සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක්. සංයුත්ත නිකායේදී බුදු හාමුරුවො සඳහන් කරන විදියට සදාචාරය යන්න නිර්ණය කිරීමට අපට පාවිච්චි කල හැකි හොඳම ක්‍රමය තමා තමා අනුව සිතා බැලීම (අත්තානං උපමං කත්වා . ඒ අනුව තමාටත්, අනුන්ටත්, සමාජයටත් හානියක් වන දේ නරකයි. හානි නොවේනම් හොඳයි. තව දුරටත් ඒ ලිපියේ විස්තර වෙනවා ත්‍රිපිටකය උදාහරණයට ගනිමින් මෙය බුදු හාමුදුරුවන්ට "ප්‍රශ්නයක්" නොවුනු බව.

මේ සියල්ලටම අමතරව දලයි ලාමා තුමා පවසන්නෙ ගැහැණු සහ පිරිමි ලිංගික අවයව එකිනෙකා වෙනුවෙන් සැදී ඇති බවයි. තවත් අවස්තාවක උන්වහන්සේ පවසන්නේ සමලිංගික හෝ විශම ලිංගික වේවා යෝනිය හා ශිෂ්නය හැරුනු කොට වෙනත් අවයව ලිංගික කාර්යට යොදාගැනීම වැරදි බවයි. උන් වහන්සේ කරන්නේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමකි. ඔලුව වටෙන් අත දමා නහය කැසීමකි. කෙසේ උවත් උන්වහන්සේ බුද්ධගමේ පාප් වහන්සේ නොවේ. තන්ත්‍රයාන බ්දුදහමේ නායකයා පමනි.

පොදුවේ ගත් කල බුදු දහම සමලිංගිකත්වය ප්‍රතික්ෂේප නොකරයි. වාසනාවකට මම බෞද්ධයෙක්. නැත්නම් මට බයිබලය නැත්නම් කුරාණය බෙල්ලෙ බැඳගෙන බේරෙ වැවේ පනින්නයි.

[You must be registered and logged in to see this link.]

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  සහන් on 9th July 2013, 21:36

බොහොම පින් සියපත්. ගොඩාක් වටින ලිපියක්.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  Adithya on 9th July 2013, 22:50

දලයි ලාමා තුමා වුනත් ඔය කරන්නේ හරි වැඩක්ද ?? මොකද බුදුරජාණන් වහන්සේම පැවසු පරිදි සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව බුදුදහමේ නායකයෙකු, ආචාර්යවරයෙකු සිටීම අකැපයි ... ධර්මයම ගුරු තනතුරේ පිහිටුවා සැලකිය යුතුයි ... තෙරනුවෙකු යම් ගුරු තනතුරක පිහිටන්නේනම්. ඔවුන්ගේ සීලය සමාදිය හා ප්‍රඥාව ඉතා ඉහල මට්ටමක තිබිය යුතුයි...
එතකොට එතනම බුදුන්ට පිටින් ගිහිල්ලනේ මේ දලයි ළමා තුමා කටයුතු කරන්නේ... නැතත්  එතුමා  අනුගමනය කරන්නේ ථෙරවාද බුදු දහම නෙමේනේ.... ථෙරවාද බුදු දහම(අපි අදහන දහම) තමා නිර්මලතම බුදු දහම...
So nobody knows about Buddhism better than our people

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3909
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  kasunx on 9th July 2013, 23:04

සියපත් .................ඔයා කරන මේ වැඩ .......මම හුගක් අගය කරනවා ! ඇත්තටම මේ වගේ දේවල් දැනගත්තහම දැනෙන්නේ හිතට ලොකු සැනසීමක් ..............!

ඔයාට ගොඩක් පින් සහෝ !Thank you 

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  Devapriya on 9th July 2013, 23:50

good

Devapriya
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 2776
Member Since : 2013-05-06

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  kumaratarat on 14th July 2013, 10:52

එල...............

kumaratarat
+ 250 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3692
Member Since : 2013-01-27

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  Siyapath on 17th July 2013, 18:15

thnx all

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: According to Buddhism (බුදු දහමට අනුව අපි?)

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum