මතකයේ කතාවක්...

Page 2 of 5 Previous  1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Go down

Re: මතකයේ කතාවක්...

Post  navod-induwara on Thu 5 Apr - 10:23

හරිම ලස්සන කතාවක් අය්යෙ .
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 1698
Member Since : 2016-06-30

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Sajith on Thu 5 Apr - 12:29

"සූතෙන් සේ රා. මොකක්ද ඒකෙ තේරුම?"

noidea noidea noidea noidea noidea noidea noidea



ලස්සනයි මල්ලී. සූතෙන් සේ රා!  
lmao lmao lmao lmao lmao
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2810
Member Since : 2016-03-31

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Hitha Honda Kolla on Thu 5 Apr - 23:26

අමුතු විදිහකට ලියවෙන ලස්සන කතාවක් වෙනවා. දිගටම ලියන්න​.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5085
Member Since : 2015-05-03

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on Sat 7 Apr - 0:43

Thank you very much Tylor. තව සතියක් නෑ. එඩිට් කරලා දාගෙන දාගෙන යන්නම්.   pride


Thank you very much නවෝද.  hello


Thank you very much සජිත් අයියා.  lmao


Thank you very much HHK. Don't worry, ඉවර වෙනකම් ලියල තියෙන්නෙ.  hand
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on Sat 7 Apr - 0:46

“සඳ රැස් වැටුණු ගං තෙරේ
සිප දිවෙන රැළි තලා මෙන්
එන්න මා වෙත සොඳුර
සිප ගන්න නැවත මා
ඔබෙ සුසුම් රඳවමින්”
 
ඔහුගෙ කටහඬ මම අහගෙන හිටියෙ ඇස් දෙක වහගෙන. මගෙ ඔළුව තිබුණෙ ඔහුගෙ ඔඩොක්කුවෙ. මගෙ පපුව උඩ තිබුණ ඔහුගෙ අත උඩින් මම අත තියාගෙන හිටියා. අනික් අතේ ඇඟිල්ලකින් ඔහු මගෙ නළල පිරිමැද්දා.
 
"කියන්න බැරි තරම් ලස්සනයි." 

මම කිව්වෙ ඔහුගෙ ගායනය අවසන් වෙනකොට. ඇත්තටම ඒ තරම් ලස්සන කටහඬක් මේ නිම්නය කොහෙවත් නැතුව ඇති. ඔහුගෙ හිනා හඬට මම ඇස් ඇරලා බැලුවා. මගෙ ඇස් දෙක කෙළින්ම එකතු වුණේ ඒ ඇස් දෙකත් එක්ක.
 
"කටහඬ මගෙ වුණාට මේක ඔයාගෙ සිංදුවනෙ. ඒ නිසා මේක කොහොමත් ලස්සනයි." 

ඔහු ඇඟිල්ලක් කම්මුල දිගෙ පහළට යවලා මගෙ තොල් හිමින් අත ගෑවා. මහා නදියෙ හුළඟෙන් එන සීතලත් ඔහුගෙ උණුසුමත් මට ගෙනත් දුන්නෙ පුදුමාකාර සැහැල්ලුවක් වගේම සනීපයක්.
 
අහසෙ කිසිම වලාකුළක් තිබුණෙ නැහැ. තරු වල එළිය වෙනදටත් වඩා වැඩියි කියලා මට හිතුණෙ.
 
"ඔයා ඔහොම හිතුවොත් කොන්සු මිනිස්සුන්ට හඳ දෙන්නෙම නැති වෙයි." 

ඔහු මගෙ හිත කියවන්නෙ කොහොමද කියලා මම දන්නෙ නැහැ. ඒත් ඒ දේ දැන් මට පුරුදුයි. මම මගේ වැඩේ දිගටම කරගෙන ගියා.
 
"අර! නිවුන්නු දෙන්නා අතන ඉන්නවා." මම තරු රටාවකට අත දික් කරලා පෙන්නනකොට. ඔහු ආයෙමත් හිනා වුණා.
 
"එතන නෙවෙයි. අන්න අතන." 

ඔහු මගෙ අතින් අල්ලගෙන හරි තැනින් තියා ගත්තා. මමත් ඔහුගෙ හිනාවට එකතු වුණා. මම ඒ වෙලේ දැක්ක දේ නම් පුදුමයක්.
 
"දෙවියනේ. අර අතන තියෙන තරු බලන්න. අර. ඒ ඔක්කොම තියෙන්නෙ හරියට ඔයාගෙ මූණ වගේමයි. අර හරහට තියෙන්නෙ ඔයාගෙ පපුව වගේමයි." 

මම ඔහුගෙ අත ඒ තරු දිගේ අරන් ගිහින් රටාවක් හදලා පෙන්නුවා. ඔහු මගෙ දිහා බලාගෙන හිටියෙ හරිම අහිංසක විදිහට.
 
"මම ඒකට ආසයි." ඔහු කිව්වෙ මගෙ අතේ ඇඟිලිත් එක්ක ඔහුගෙ ඇඟිලි පටළව ගන්න ගමන්. "එතකොට ඔයාට එකක්. ඉන්න මම හොයන්නම්."
 
ඔහු ඇඟිල්ලක් ඔහුගෙ තොල් හරහා තියාගෙන කල්පනා කරේ තරු දිහා බලාගෙන.
 
"එපා." මම කියද්දි ඔහු මගෙ දිහා බැලුවෙ පුදුමයෙන්.
 
"ඇයි?"
 
මම කෙළින් වෙලා ඔහුගෙ නළලට මගෙ නළල තියා ගත්තා. "ඒක ඔයාගෙයි මගෙයි දෙන්නගෙම. අපි දෙන්නම එක්කෙනෙක් විදිහට හැමෝම කවදා හරි දවසක කියයි."
 
මගෙ කම්මුල් දෙකම අල්ලගෙන ඔහු මගෙ ඇස් දෙක දිහා බැලුවා.
 
"ඇනුබිස් ට වුණත් ඔයාව මගෙන් වෙන් කරන්න බැහැ. මම පොරොන්දු වෙනවා ඔයාට."
 
ආයෙමත් වතාවක් මගෙ තොල් දිගේ හිමින් ඇඟිල්ලක් අරන් ගියපු ඔහු මගෙ තොල් සිපගත්තා.


 
**********************************************




 
මම ඇඳේ ඉඳ ගත්තෙ හිමින් සැරේ. ඒ හීනය මම දැක්කෙ පළවෙනිම වතාවට. මට හීනයෙ හිටපු අනික් පුද්ගලයව මේ වතාවෙ අඳුර ගන්න බැරි වුණේ නැහැ. ඒ හිටියෙ ඔහු! එදා රෑ මාව හම්බවෙන්න ආපු ඔහු!! ඒ විදිහටම නෙවේද ඔහු මාත් එක්ක කතා කළේ? ඒ විදිහටම නෙවේද ඔහු මගෙ නළලට ඔහුගෙ නළල තිබ්බෙ. හීනෙදි මට දැනුණ නොසන්සුන්කම නෙවෙයිද මට ඔහු ඉන්න වෙලේ දැනුණෙ? ඒත් ඔහුත් එක්ක මම මේ දකින හීන වල සම්බන්ධය මොකක්ද? මම මගෙ අත් දෙකෙන්ම ඔළුව බදා ගත්තා.
 
"ඔයා ඒක හොයා ගනී. මම දන්නවා. ඒත් එහෙම බැරි වුණත් මම ඔයා එක්ක තරහා නැහැ." මට ඔහුගෙ වචන ආයෙමත් ඇහුණා.
 
"කවුද ඔයා? ඔයාට මගෙන් ඕනෙ මොනවද? මම මොනවද කරන්න ඕනෙ?" 

මට ඒ වෙලාවෙ යන්තම් ඇඬෙන්න ඇති. මට තේරුණේ මම ඔහුව යම් දේකින් අසමත් කරවනවා වගේ හැඟීමක්. ඔහුගෙ විශ්වාසය කඩ කරනවා වගේ හැඟීමක්. ඒත් ඒ දේ මොකක්ද? මම ඒ දේ මොහොතකට අමතක කරන්න උත්සාහ කළා. ඒත් හීනයෙදි විඳපු ඒ ආදරය මට තවමත් දැනෙමින් තිබුනා. ඒ නිසා ඒක ලේසි දෙයක් වුණේ නැහැ.
 
ඒ කල්පනාවෙන්ම මම එළියට ඇවිදගෙන ගියා. ඉර එළිය ගස් අස්සෙන් වැටෙන විදිහ දිහා බලාගෙන මම ඉස්සරහට ඇවිද්දා. දන්නෙම නැතුව මම ඇවිදගෙන ගියෙ කඩුපුල් ගහ ළඟට. කළින් හුරු පුරුදු තැනකට මගෙ ඇස් දෙක නොදැනුවත්වම ඇදිලා ගියා.
 
"කඩුපුල් පොහොට්ටුවක්."
 
අම්මගෙ කටහඬ ඇහුණෙ මගෙ පිටිපස්සෙන්. මම එයා දිහා හැරිලා බැලුවා. ඇත්තටම ඒක දැකලා මට දැනුණෙ පුදුම සතුටක්. අම්මගෙ මූණෙත් හිනාවක්.
 
"එකම එකයි තියෙන්නෙ. ගොඩ කාලෙකට පස්සෙ මම හිතන්නෙ. මම කියන්න කියලා හිටියෙ."
 
"හෙට රෑට වගේ පිපෙයි නෙහ්?" මම අහද්දි අම්මා ඔළුව වැනුවා. එයා එතනින් යනකොට මම තවත් වෙලාවක් එතන නැවතිලා හිටියා.
 
"අහ්...." අම්මා ආපහු හැරුණෙ මොනවා හරි කියන්න. "ඔයාට පුළුවන්ද තව ටිකක් දවල් වුණාම කාන්ති ඇන්ටිලගෙ දිහාට ගිහින් එන්න? එයාගෙ පිඟන් වගයක් මෙහෙ."
 
"හ්ම් හ්ම්." මම ඒ දේ ගැන ලොකුවට හිතුවෙ නැහැ. මගෙ අවධානය සම්පූර්ණයෙන්ම තිබුණෙ කඩුපුල් ගහ ළඟ.
 
"සමහර විට මේ පොහොට්ටුව පිපෙන දාට?"  මට යන්තම් හිනා ගියා.
 
ඔව්. මගෙ හිතේ ඇති වුණ බලාපොරොත්තුව ඒ විදිහටම තිබුණ දෙන්.
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Tylor on Sat 7 Apr - 7:17

Lassanai lokka oyage hakiyawa agaya karanna one oyage kathawa kiyauwama ilanga kotasa enakan iwasan inne bohoma amaruwen. Updated karanna ikmanata good luck lokka
avatar
Tylor
Regular Member

Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 68
GetReal Gold : 400
Member Since : 2018-01-24

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  navod-induwara on Sat 7 Apr - 12:31

සජිත් අය්යෙ ඔයාගෙ request එක delete උනා මගෙ යාලු sorry මම request එකක් එව්වා ඔන්..

ලස්සන කතාවක් ජිත් අය්යෙ

සුතෙන් සේ රා..කියන එකේ තේරුම්..ඒක නම් පට්ට කියල නේද ?
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 1698
Member Since : 2016-06-30

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Sajith on Sat 7 Apr - 13:13

"ඔයා ඔහොම හිතුවොත් කොන්සු මිනිස්සුන්ට හඳ දෙන්නෙම නැති වෙයි."
help help help help help help help help

කොන්සු? කවුද කොන්සු? මට තේරුණේ නෑ.

noidea noidea noidea noidea noidea noidea noidea noidea



පොහොට්ටුව ඉක්මණටම පිපේවි ජිත්. ලස්සණයි ගොඩක්.
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2810
Member Since : 2016-03-31

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  jay.rishan on Sat 7 Apr - 20:53

ලස්සනයි ජීත් අයියා...කතාව හොදේ,,හෙහේ
avatar
jay.rishan
+ 500 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 2893
Member Since : 2015-09-05

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  ranveer on Sat 7 Apr - 21:51

man kathawakata comment daalama nehe 

man hithanne man daana palaweni comment eka wenna one meka 

supirima supiri bro 

man egypt civilization eka gena godak interested

me topic eka ekata adaala nisa kathawa godak asawen man kiyawanne 

RA / ANUBIS - mewwa nam ithin mata aluth dewal nemei

kathawa yana widihata HERO egytian Pharaoh kenek wenna ona 
RA kiyana IRA DEIYO ge nama samanyayen enne Praraoh latane 

ANUBIS - god of afterlife....
avatar
ranveer
Regular Member

Mood : Proud

Country : Sri Lanka
Posts : 49
GetReal Gold : 1846
Member Since : 2016-01-07

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on Mon 9 Apr - 16:31

Tylor, Thanks very much malli. ඉවසන් ඉන්න වෙලාවෙ පාඩම් කරා නම් හරි. එතකොට කාලෙත් දන්නෙම නැතුව යනවා. වැඩ දෙකම වෙනවා.  pride pride

Navod, Thank you very much. ඒකෙ තේරුම හැබැයි, "කියවනවට ගොඩාක් ස්තූතියි" කියන එක වෙන්නත් පුළුවන්.  hello hello

Sajith aiya, Thanks very much. තව කොටස් ටිකයි තියෙන්නෙ තේරෙන්න.  flower flower

Jay Rishan, Thank you very much malli. ඔව් ඔව් ඒක තමයි.  dance

Ranveer, Thank you very much bro. ඒ වගේ ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කෙනෙක්ව හම්බුණ එකටත් ඉතින් ඇත්තටම මාර සතුටුයි.  hello pride Thanks very much again for sharing information with others Ranveer.  farao farao
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Jith on Mon 9 Apr - 17:03

අම්මා දුන්න පිඟන් ටිකත් අරගෙන මම හිමින් සැරේ කාන්ති ඇන්ටිලගෙ ගෙවල් පැත්තට ගියා. ඒ පැත්තට මම යන්නෙ මාස ගාණකට පස්සෙ. ඉස්සර පොඩි කාලෙ සෙල්ලම් කරන දවස් වලට මේ හැම තැනකම, අස්සකම පැන්න විදිහ මට මතක් වුණා.


ගේට්ටුව ඇරලා තිබුණ නිසා මම කෙළින්ම ඉස්සරහා දොර ගාවටම ගියා. සීනුව ගහල මහ වෙලාවක් යන්න කළින්ම කාන්ති ඇන්ටි දුවගෙන ආවා. 


"අම්මෝ මෙයාව දකින්නත් නැහැ දැන්." 


මම එයත් එක්ක හිනා වුණා. කියන්න දෙයක් මතක් වුණෙත් නැහැ. මම මගෙ අතේ තිබ්බ මල්ල එයා අතට දුන්නා. 


"අපරාදෙ මේ ටික පස්සෙ ගන්න තිබුණනෙ."


"කමක් නැහැ ඇන්ටි. ඕක නැත්නම් අපේ අම්මට අමතක වෙනවා. ඇන්ටි වැඩක නේද හිටියෙ? මම ඕක දීලා යන්න ආවෙ." මටත් ඉක්මණටම එතනින් එන්න ඕනෙ කම තිබුණා.


"දුවන්නෙ කොහෙද? පොඩ්ඩක් ඉන්නකො."


කාන්ති ඇන්ටි හිනා වෙන ගමන් ගෙදර ඇතුළෙ පැත්තෙ කෙනෙකුට කතා කළේ ඔළුවෙන්. කවුරු හරි දොර ළඟට ඇවිදගෙන එන අඩි සද්දයක් ඇහුණා.


"ශාන් අයියා!" මට එක පාරටම කෑ ගැහෙන්න ඇති. ශාන් අයියත් ඉස්සරහට පැනලා මගෙ කරට අත දා ගත්තා.


"මේකගෙ උස දැන්? රැවුල් කටුත් ඇනෙනවා." එයා හිනා වෙන ගමන් මගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.


"දැන්ම යන්නෙ කොහෙද? යමු ඇතුළට." ශාන් අයියා මාව ඇතුළට ඇදගෙන ගිහින් වාඩි වුණා.


ශාන් අයියා කාන්ති ඇන්ටිගෙ පුතා. පුරාවිද්‍යාව ගැන පොඩි කාලෙ ඉඳන් එයාට තිබුණෙ ලොකු උනන්දුවක්. අවුරුදු හයකට විතර කළින් එයා රටින් ගියෙ එයාගෙ ඉගෙන ගන්න වැඩ වලට. ඒත් පුරාවිද්‍යාවම තමයි. අන්තිම වතාවට අහනකොට එයා හිටියෙ ග්‍රීසියෙ. එහෙ මෙහෙ යන වැඩත් එක්ක එයාට එහෙමම අපිව මග ඇරෙන්න ඇති.


"කවද්ද ආවෙ?"


"මේ දැන් ඇවිත් පැය බාගයක්වත් නෑ." එයා කිව්වෙ එයාගෙ සපත්තු දෙක ගලවලා විසි කරන ගමන්. ඒ මෝඩයා ඉස්සර වගේමයි.


"අපෝ. එහෙනම් මම හවස් වෙලා එන්නම්. මහන්සිත් ඇතිනෙ." මට ඇත්තටම එතන ඉන්න එක වැරදි වගේ කියලා හිතුණා. 


"පිස්සු නැතුව ඔහොම ඉන්නවා. කතා කරන්නත් ආසයි. අම්මෝ ගොඩ කාලෙකට පස්සෙ." එයා පුටුව උඩට කකුල් දෙක ගත්තා. "ඒ වැඩ වල හැටියට මේවා මොන මහන්සිද?"


"අන්තිමට ග්‍රීසියෙනෙ හිටියෙ. එහෙ ඉඳන්ද මේ එන්නෙ?" මටත් විස්තර පොඩ්ඩක් දැන ගන්න උවමනා නොවුණම නෙවේ.


"නැහැනෙ. ඒක ඉවර වුණේ වෙනම තැනකින්." එයා ලෑස්ති වුණේ ලොකු විස්තරයක් කියන්න.


"අපේ ප්‍රොෆෙසර් එක්ක අපි වැඩ කළේ සියුස් ගෙ දේවස්ථානයක් හොයන්න. ඒ දේට අපිට ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් වුණා මල්ලි. ඒත් ඒ ගවේෂණ ඉවරවුණේ ඊටත් වඩා වෙනස්ම විදිහකට." කාත් එක්ක හරි විස්තර කියන්න එයාට තිබුණෙ ලොකු හදිස්සියක්. 


"අපේ හැම හොයා ගත්ත දෙයක්ම නැවතුණේ ඊජිප්තුවෙන්."


එයාගෙ ඇස් දෙක දිලිසුණේ පොඩි එකෙක්ගෙ වගේ. මාව ටිකක් ගැස්සිලා ගියා කිව්වොත් ඒක හරියටම හරි. 


"ඊජිප්තුවෙන්!" මම ඇස් දෙක ලොකු කරන් එයා දිහා බලන් ඉන්නකොට එයා හිනා වුණා. 


"ආහ්, ඇලෙක්සැන්ඩ්‍රියාව පැත්තට වෙන්න ඇති. ඒ දෙගොල්ලොන්ගෙ දේවල් එකට යනවනෙ."


"හරියට හරි. මුලින් අපිත් හිතුවෙ එහෙමයි. ඒත් ඒ ඇලෙක්සැන්ඩ්‍රියාව නෙවෙයි මල්ලි. ගීසා."


මේ විස්තර අහන්න මට තිබුණ නොඉවසිල්ල තවත් වැඩි වෙනකොට ශාන් අයියා දිගටම කතා කළා.


"මල්ලි ගීසා මාර පුදුම තැනක්. කූෆුගෙ පිරමීඩයම ඇති ඒකට. ඊජිප්තු කාන්තාර වල වැළලිලා තවත් හොයා ගත්තෙ නැති දේවල් කොච්චර නම් ඇත්ද? ඔයා විශ්වාස කරන්නෙ නැති වෙයි මම කියන දේ." එයා ඒක කිව්වෙ හරිම අමුතු විදිහෙ සතුටකින්. 


“මම තනියම හොයා ගත්තා දෙයක්.”


"මොකක්ද?" තනියම හිනාවෙන ශාන් අයියා දිහා මම බලාගෙනම හිටියා.


"සොහොන් ගෙයක්. නිකන්ම එකක් නෙවෙයි. ඊජිප්තුවෙ පළවෙනි පාරාවොගෙ සොහොන!" 


ශාන් අයියා ඒ දේ කියනකොට එයාගෙ ඇස් තවත් තදට දිලිසුණා. 


"මොනවා?" මට ඒ දේ ටිකක් විශ්වාස කරන්නත් අමාරු වුණා. ඒත් ශාන් අයියගෙ මූණෙන් මට ඒ වගේ දෙයක් පෙනුණෙ නැහැ. 


"ඔව්, මම දන්නවා. ඔයා මේක විශ්වාස කරන්නෙත් නැති වෙයි. මොකද, මේකෙ සමහර දේවල් මටත් තවම විශ්වාස කරන්න අමාරුයි. එන්නකො මාත් එක්ක."  


ශාන් අයියා මාව ඇදගෙන අරන් ගියෙ එයාගෙ කාමරේට. එයාගෙ බෑග් අතරෙ තව පොඩි හම් බෑග් එකක් තිබුණා. ශාන් අයියා ඒක අරගෙන  තිබ්බෙ එයාගෙ මේසෙ උඩින්. ඒක ඇතුළෙන් එයා පින්තූර වගයක් ගත්තා. අන්තිමට එයා ගත්තෙ ආරක්ෂිත වීදුරු ආවරණයක් ඇතුළෙ තිබුන දෙයක්. මම එයාගෙ මූණ දිහා පුදුමෙන් බැලුවා. 


"පැපයිරස් එකක්!" 


මම කිව්වෙ ඒක මගෙ අතට ගන්න ගමන්. මම ටිකක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා. එයා මගෙ අතෙන් අරන් ඒක මේසෙ උඩින් තිබ්බා. 


"මම මේ සොහොන් ගෙය හොයා ගත්තෙ හරිම අමුතු විදිහකට මල්ලි. තනියම පිස්සුවක් නටන්න ගිහින් වැලි කුණාටුවකට අහු වෙලා මම ඒකෙන් බේරෙන්න ළඟ තිබුණ ගල් ගුහාවකට ගියා. ඒ ගල් ගුහාවෙ බිම කඩාගෙන වැටිලා තමයි මම මේ තැනට යන පාර හොයා ගත්තෙ. ඒක ඇත්තටම පුදුම අහම්බයක්. ඒ වගේම වාසනාවක්."


එයා දිගටම කතා කළේ බෑග් එකෙන් ගත්ත පින්තූර එක එක මට පෙන්නන ගමන්. 


"මේ සොහොන හරිම පරණ එකක්. මෙච්චර කාලෙකට හම්බවුණ පරණම එක වෙන්නෙ ඕනෙ. ඊජිප්තු පරණම රාජධානියටත් අඩුම තරමෙ අවුරුදු 4000 කටවත් කළින් තිබුණ, කිසිම වාර්තාවක නැති පළවෙනි ශිෂ්ටාචාරෙක එකක්!"


මම එයාගෙ දිහා බලන් හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන. එයා ඒකෙන් පුදුම වුණේ නැහැ. 


"මේක මට විශ්වාස කරන්න අමාරුයි මල්ලි. මේකෙ ඇතුළෙ තිබුණ කතා, රූපාක්ෂර හරිම අමුතු කතාවක් කිව්වෙ. මේකට මොකක් හරි විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕනෙ. ඒත් ඒක නියමයි. මම හිතන්නෙ මේ තැනට ගොඩක් දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙයි."


මම එතන තිබුණ දොරක පින්තූරයක් ගත්තා. ඒකෙ උඩින්ම තිබුණෙ මට ගොඩක් පුරුදුම, මගෙ ළඟ තිබුණ මුදුවෙ ලකුණ.


"හෝරස් ගෙ ඇස" 


මම කියනකොට ශාන් අයියා ඒක දිහා බැලුවා.  


"නැහැ මල්ලි." එයා කිව්වෙ ඒ පින්තූරෙ අතට අරගෙන මගේ පැත්තට හරවලා. 


"හෝරස් ගෙ ඇහැ වම් ඇහැක්. මේ තියෙන්නෙ දකුණු ඇහැක්. මේ දෙකේ ලොකු වෙනසක් නැහැ, ඒත්....... මේකට කියන්නෙ 'රා ගෙ ඇස' කියලා."  


මම ටිකක් වෙලා කල්පනා කළා. එතකොට ඒ තියෙන්නෙ රා ගෙ ඇසද? මේ දේ එක පැත්තකට යන විදිහ මට තේරුණා.


"එතකොට, “සූතෙන් සේ රා” කියන එකේ තේරුම මොකක්ද?" 


ශාන් අයියා මගෙ දිහා පුදුම වෙලා බැලුවා. 


"ඔයා කොහොමද ඒක දන්නෙ?"


මේ දේවල් මම කිව්වොත් ශාන් අයියා මට පිස්සු කියයි. ඊටත් වඩා, මගෙ ලොකුම රහස ගැන කොහොමද එයාට කියන්නෙ. 


"කොහෙන් හරි දැකපු එකක් අයියෙ. නිකන් මතක් වුණා ඔයා රා ගැන කියපු නිසා." 


මම කිව්වෙ බොරුවක්. ඒත් මේකට උත්තරයක් හොයා ගන්නත් මට උවමනා වුණා. එයා මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඔළුව වැනුවෙ ඒක පිළි අරගෙන. 


"ඔව්නෙ. ඒක දිගටම පාවිච්චි වුණා. හැබැයි ඔයා ඒක අහපු එකත් හොඳයි. මොකද, මෙතන තමා ඒකෙ පටන් ගැන්ම වුණේ. 


“සූතෙන් සේ රා” කියන එකේ තේරුම “රා ගෙ නැත්නම් ඉරේ රාජකීය පුත්‍රයා” කියන එක. එහෙම තමයි ඒ කාලෙ පාරාවො කෙනෙක්ව හැඳින්නුවෙ. පාරාවො තමයි රා ගෙ මිනිස් ස්වරූපෙ, එහෙමයි මිනිස්සු කිව්වෙ. ඒත් මෙතන තියෙන්නෙ වෙනස්ම දෙයක්.”


එයා පැපයිරස් එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියෙ බැරෑරුම් විදිහට. 


“මේ තියෙන්නෙ රා ගෙ සොහොන මල්ලි."


Last edited by Jith on Wed 11 Apr - 1:54; edited 3 times in total
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4529
Member Since : 2013-10-18

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Tylor on Mon 9 Apr - 19:26

Ow aiye padam wada karanawa he he aththatama kathawa lassanai kiyawala iwara wenakota aiyooooo mechcharaine dala thiyenne kiyala hithuna kamak na ithin mama ithuru tika danakan innawa. All the best aiye. Kathawa wonderful
avatar
Tylor
Regular Member

Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 68
GetReal Gold : 400
Member Since : 2018-01-24

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  navod-induwara on Mon 9 Apr - 22:19

ඒක නම් පට්ට..ආයෙත් ආසාවෙන් කියෙව්ව එක හුස්මට ..ඔයාට වැඩ අදික උනත් ලියලා අපිට වැඩ අදික උනත් කියවනව වගේ ..ඒකෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බෑ සහෝ
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 1698
Member Since : 2016-06-30

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  ranveer on Mon 9 Apr - 22:39

fattama fatta bro

dan nam kattiya okkomalata podda podda therum ganna puluwan wei 

any way much interested on this 


hariyata Mummy film eka balanawa wage mata nam okkoma dewal mewila penawa

hats off to your efforts
avatar
ranveer
Regular Member

Mood : Proud

Country : Sri Lanka
Posts : 49
GetReal Gold : 1846
Member Since : 2016-01-07

Back to top Go down

Re: මතකයේ කතාවක්...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 5 Previous  1, 2, 3, 4, 5  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum