Sinhala Typing Tool

නොසිතූ හමුවීම

View previous topic View next topic Go down

නොසිතූ හමුවීම

Post  Chathura Dilshan on 19th February 2017, 16:05

rocksss rocksss
කථාවට එන්න කලින් මම කථාවෙ පසුබිම හදා ගන්නවා. ඒක දිග වැඩි උනොත් ඒත් සමාව භාජනේක දාන්න. හිකිස්....!! හරි අපි කථාව පටන් ගමු. : 


උදෑසනින් පතිත වූ මන්දාරම් වැහි අඳුර සමගින් හිරු මුළු දවසම සැඟවී යන බවක් කියා පෑවේ කම්මැලි කම මිශ්රිත නිදි මතක් ගතට එක් කරමිනි. එහෙත් අම්මා පුරුදු පරිදි උදෑසන තේ එක ගෙනාවේ මගේ නින්දට කන කොකා හඬවමිනි. 
සුදු පුතා නැගිටින්න. හොඳටම දවල් වෙලා. අද වැඩට යන්නෙ නැද්ද?

මම අවුරුදු 25ක තරුණයෙකු වුවත් පවුලේ එකම දරුවා වූ නිසාත් ඒ වන විට තාත්තාගේ වියෝවෙන් පසු අම්මාත් මාත් පමනක් නිවසේ ජීවත් වූ නිසාත් ඇය මා හට දැක් වූයේ වචනයෙන් කියා ගත නොහැකි තරමේ සෙනෙහසකි. සුදු පුතා, චූටි පුතා, සුදු මැනික යන වචන වලින් හැරෙන්නට ඈ මා ඇමතූ වදනක් මාගේ අවුරුදු 25ක මතකයේ මෙතෙක් සටහන් වී නැත. එතරම්ම මාද මාගේ අම්මාට ලෙංගතු වූවෙමි. සැම විටම මා ඇයව ඇමතුවේ “සුදු අම්මි“ යන වචනයෙන්ම පමණි. 

“අනේ සුදු අම්මි. තවම එලි වෙලා නෑනෙ. ටිකක් ඉන්නකෝ“ 
මම ඇඳේ අනික් පසට ඔළුව හොවා ගනිමින් මිමිනුවේ නැඟිටන්නට ඇති කම්මැලි කමටත් වඩා ඇයට හුරතල් වීමේ ආශාව හිතැතිවය. 

“අනේ මගේ කම්මැලි කොල්ලා. කෝ කෝ නැගිටින්න. දැන් ඔය ඇති නිදා ගත්තා. “
ඇය එසේ කීවේ මගේ ඇඳේ පසකින් වාඩි වී. මගේ ඇඟට බර වෙමින් හිස මතන් ඇගේ අත යවමිනි. 

“අනේ සුදු අම්මියො“
කියමින් මා සිටිය ඉරියවුව වෙනස් කරමින් ඇයගේ උකුල මත හිස හොවාගත්තේ පුංචි අත දරුවෙක් මෙන් වූ හැඟීමකිනි. 

“අනේ අනේ. පොඩි එකාගෙ හුරතලේ“
ඇය එසේ කීවේ මවාගත් නෝක්කාඩු ස්වරයකිනි.

“හුරතලේ තමයි. ම්ම්...!!“
කියමින් මා තවත් ඇයගේ ඇකයට තද වුනේ කියා ගත නොහැකි ලෙංගතු කමක් හදවතේ තද කරගනිමිනි. 

එවිට ඇය මගේ හිස දෑතින්ම බදාගෙන හිස සිපගත්තේ,
“අනේ මග් අහිංසක කොළු පැටියා“ කියමින් තවත් ඇ වෙත ලං කර ගනිමිනි.

ඇත්තෙන්ම මට මගේ මුළු ලෝකයම වූයේ සුදු අම්මියාය. ඇය පාසල් විද්යා ගුරුවරියක වූවාය. මගේ අප්පච්චි නැති වන විට මම වයස අවුරුදු 10 ක පමන කොළු ගැටයෙක්මි. මහා ලොකුවට වත්කමක් නොවූවත් අප්පච්චි කොළඹ මධ්ය පරිමාන ව්යාපාරිකයෙකුව සිටි හෙයින් කිසිවෙකුට අත නොපා ජීවත් වීමට තරම් හැතියාවක් අපට තිබිනි. අප්පච්චිගේ වියෝවෙන් පසු මගේ සුදු අම්මිගේද මුළු ලෝකයම වූයේ මමයි. 

මම උසස් අද්යාපනය වානිජ විශය ධාරාවෙන් හදාරා මේ වන විට පෞගලික ආයතනයක අලෙවි විධායක නිලදාරියෙක් විදියට රැකියාවේ නිරත වෙනවා. ඒ වගේම මගේ පෙනුම ගැන කිවුවෙත් බොහෝ දුරට පැහැපත් ප්රසන්න පෙනුමක් තියනවා. ජිම් එකත් මගේ ජීවිතේ ප්රධානම කොටසක් වුනු නිසා බොඩි එකත් සුප්පට මේන් ටේන් වෙනවා. මම ඇත්තෙන්ම ඉස්සර ඉඳන් ටිකක් කැපී පේන්න කැමති කෙනෙක්. ඒ නිසා පුංචි කාලෙ ඉදලම ඇදුම් වුනත් ගානට මැච් කරලා නීට් එකටම අදිනවා. කෙටියෙන්ම කිවුවොත් මම 100% ඩීසන් ඩයල් එකක්.(උබලා ඉරිසියා කරනවා එහෙම නෙමෙයි. lol. ) ඉතින් කොහෙම හරි කෙල්ලන්ගෙන් නම් මට කිසිම දවසක අඩුවක් වෙලා නෑ. හි හි...!! ඒ වගේම තමයි මම ගොඩාක් යාළුවො ආශ්රය කරන කෙනෙක් වුනා. (උඹලා දැන් හිතපු විදිය උන් නෙමෙයි ඈ ) ඇත්තෙන්ම ගොඩ දෙනෙක් මට බොහොම හිතවත්. මට ලංකාවෙ වගේම ලංකාවෙන් පිටතත් බොහොමයක් යාළුවො හිටියා. 

ඉතින් ඔය අතරෙ මම මගේ Sexual Orientation එක ගැන ටිකක් නොකිවුවොත් අවුල්නෙ. මම වැඩි පුරම කැමති කෙල්ලන්ට. මට හිටිය කෙල්ලො ගාන ගැන්නොත් මෙතන දාන්න ඉඩ මදි වෙනවා. හිකිස්.. ඒ වෙන කොට මට කොල්ලො සම්බන්ධයෙන් පුංචි අත්දැකීම් දෙකකට මූන දීලා තියනවා. ඒවා හැබැයි ගොඩක් පොඩි දේවල්. ඒ නිසා එවා ගැන මම නොකියා ඉන්නම්. 

අම්මා එක්ක ටික වෙලාවක් හුරතල් උන මම ඇඳෙන් නැඟිට්ටා. අම්මා ආයෙම කඩිමුඩියෙ කුස්සියට ගියේ මගේ දවල් කෑම එක ලෑස්ති කරන්න. මම ඒ අතරෙ අම්මා ගෙනාපු උදේ ටී එකත් ඇදලා දාලා වොශ් එකකුත් දාගෙන ටිං ගාලා කිට් එකත් චේන්ජ් කරගත්තා. පරක්කු වෙලා ගිහින් උදේ පාන්දර රමේශ් බොසාගෙ මූන අහක බලාගෙන දාපු ඔම්ලට් එකක් කරන්න ඕන නෑනෙ. හිකිස්... අම්මා තාම කුස්සියෙ වැඩ. උදේටත් සැන්විච් ටෝස්ට් කරනවා. ටිකක් පරක්කුත් වෙලා.

සුදු අම්මියො මට පරක්කු වෙලානෙ.
මම අම්මාගෙ පිටිපස්සෙන් ගිහින් ඇව බදා ගන්න ගමන් ඇවිටිලි කලා.
ඒක තමා මම කිවුවෙ පිටිපස්සට අවුව වැටෙනකන් දොයියන්න එපා කියලා. දැන් ඉතින් රමේශ් අයියා බැන්නොත් එහෙම මම කියනවා මෙයා දවල් වෙනකම් නිදියගත්තා කියලා. (රමේශ් කියන්නෙ මගේ බොසා උනාට අප්පච්චිගෙ අයියගෙ ලොකු පුතා ඒ කියන්නෙ මගේ අයියා. ) 
ආ ඒවා කොහෙද මම කියනවා සුදු අම්මියා උදේ ඉඳන් මාව හුරතල් කර කර හිටියා කියලා. 
අනේ අනේ කපටි කොල්ලා, කෝ කෝ අයින් වෙන්න අයින් වෙන්න. බොරු තරහක් ගනිමින් ඇ මදක් මගෙන් මිදෙන්නට උත්සහ කලාය. 
මම ආදලෙයිනෙ මගේ සුදු අම්මිට කියමින් මා ඇයව තවත් මගේ ග්රහනයට නතු කරගත්තෙමි. 
හරි හරි දැන් කාලා ඉන්න මගේ චුටි පුතා. කියමින් ඇ ටොස්ට් කල සැන්විච් කිහිපයක් සහිත ප්ල්ට් එක මා වෙත දිගු කලාය.
මාත් අම්මාගේ කම්මුල සිඹ ප්ලේට් එක අතට ගත්තේ ඉක්මනින් ඔෆිස් යාමේ උවමනාව ඇති නිසාය. ඒ අතරේ අම්මා මගේ දවල් කෑම එක සූදානම් කලාය. කොහොම උනත් හැබැයි මගේ දවල් කෑම එක නැත්නම් අපේ ඔෆිස් එකේ උන්ටත් දවල්ට නොකෑවා වගේ වෙනවා. හිකිස්.. ඒ නිසා කොයි තරම් පරක්කු උනත් කෑම එක නැතුව මම ගෙදරින් එලියට බහින්නෙ නෑ. 

මම උදේ කෑම ගන්නා අතර තුර මගේ ජංගම දුරකථනය නාද විය. “සමීර“ ඌ මගේ හොඳම බොක්කකි. ඔහු මම වැඩියෙන්ම ඇසුරු කරන ගැන් එකේ 4 දෙනාගෙන් එකෙක් විය. 
සමීරයා මොකෝ උදේ පාන්දර මාව කන්න හදන්නෙ. මූ මොන බාල්දියක්ද දන්නෑ අද පෙරලගත්තෙ. කියා මටම මුමුනා ගනිමින් මම ෆෝන් එක ආන්සවර් කලේ,
“ආ සමීරයා ගුඩ් මෝනින්. මොකක්ද අද උදේ පාන්දර බාල්දිය“ කියමිනි.
“අඩෝ උඹ මේ වෙඩිමක් කථා කරනවා, ශලියගෙ අප්පච්චි නැති වෙලාලු.“ ඒ වචන වලින් මා එක විටම කරන්ට් වැදුනා සේ ගැස්සී ගියේ එක සැනින්මය.
ශාලිත යනු අපේ ගැන් එකේම තවත් බොක්කකි. උගේ ගම බන්ඩාරගමට මදක් ඔබ්බෙන් විය. ඌ කොලඔ කැම්පස් එකේ ඉගෙන ගත් ජිම් එකේදි අපිට ෆිට් වූ ඩයල් එකකි. 
“ අඩෝ උඹ බයිලා නෙමෙයි නේද ගහන්නෙ. මොකෝ සීන් එක වෙලා තියෙන්නෙ?
“උඹට පිස්සුද බං. මං මේ වගේ බයිලා ගහනවද? ඊයෙ රෑ නැති වෙලා තියෙන්නෙ.හාර්ට් ඇටෑක්ලු.“
“අඩෝ මාර සීන් එකනෙ බං“
“අැයි චූටි පුතා මොකද වෙලා තියෙන්නෙ?“
මගේ මුහුන දුටු අම්මා විමසුවේ සැක මුසු ස්වරයකිනි.
“ශලියගෙ අප්පච්චි නැති වෙලා“
මම අම්මා දෙස බලමින් හඬ අවධි කලේ තරමක කැළඹීමකිනි.
“මොකද වෙලා තියෙන්නෙ චූටි පුතා“
අම්මාගේ ඊලඟ ප්රශ්නය විය.
එහෙත් මම ඇයට උත්තර දීම පසෙක ලා නිවසින් පිටට ඇවිත් සමීරයට කථා කලේ නොසන්සුන් හැඟීමෙනි.
“ශලියා ගෙදර ගියාද? පවු බං ඌ. උඔට කවුද සීන් එක කිවුවෙ,“
ආදී වශයෙන් මගේ ප්රශ්න වැලක් මම සමීරයා හමුවේ තැබීමි.
පසුව “මචන් මම අද හවස ඕෆ් එකක් දාන්නම්. සඳුනාටයි , මධුවටයි කියහන්. මං අම්මගෙ කාර් එක ඉල්ල ගන්නම්. අපි හවස යමු“ යැයි මම සමීරයාට යෝජනා කලේ ශලියා ගැන බොක්කෙන්ම තිබුනු අනුකම්පාව ඉස්මතු කරගනිමිනි.

මම නැවත නිවස තුලට පැමිනෙන විට අම්මා දොරකඩට වී මා දෙස බලා සිටියේ සියලු දේ ඇයට පවසන්න යැයි ඉඟි කරන්නාක් මෙනි. මම ඇය අසන්නත් පෙර මා දැනගත් සියළු දේ ඇයට කී්වේ තරමක කලකිරුනු ස්වරයකිනි. ඇත්තෙන්ම පවුලේ එකම දරුවා වූ මට ශලියා, සමීරයා, මධුවා, සඳුනා මගේම සහෝදරයන් සේ විය. බොහෝ විට අපි වල බැස්සේ, කරන තරමක් කුප්ප වැඩ කලේ එකටමයි. ඔවුන් නිතර අප නිවසේ ආ ගිය නිසා අම්මාටද ඔවුන් ගැන වූයේ බොහොම ලං වූ ලෙංගතු කමකි. 

“සුදු අම්මි මම අද වරුවෙන් ඕෆ් එකක් දාලා ශලියලගෙ ගෙදර යනවා. සුදු අම්මි රමේශ් අයියට බටර් පාරක් ගානවද?“

“මාත් එන්නම් පුතා එක්ක යන්න“ අම්මා යොජනා කලත්.

“සුදු අම්මි මායි හෙට යමු. අද මං ගිහින් එන්නම් අරුන් එක්ක“
මම එයට විරුද්ධ වුනේ ගමන යන්නේ හවස නිසාත් එද්දි රෑ වෙන නිසාත්, අපේ උන්ගේ කටවල් වල තිබෙන හොඳ කම නිසාත් ය. 

පසුව මම අම්මාගේ එකඟතාවයත් ගෙන හවස් වරුවේ ශලියගේ දුක බෙදාගැනීමේ බලාපොරොත්තුවෙන් නිවසින් පිට වීමට සූදානම් වුනෙමි. මගේ දඬු මොනරය පැත්තකින් තබා අම්මාගේ කිරි කිරි ටොයිස් ඇක්වා එක ගත්තේ හවස මල ගෙදර යන බව පවසමිනි. 

“සුදු අම්මි. මම මෙහෙමම ඔෆ් වෙලා ශලියලගෙ ගෙදර යනවා. අනේ සුදු අම්මියො මම එනකන් ඇහැරිලා ඉන්න එපා“
මම එහෙම කිවුවේ මම කීයට ගෙදර ආවත් මම නිවසට එන තුරා අම්මා නින්දට නොයන බව හොඳින්ම දන්නා නිසයි. 

“පුතා පරිස්සමට ගිහින් එන්න ඕන. හයියෙන් එලවන්න එපා. ගොඩක් රෑ වෙනකන් ඉන්න එපා, නිදි මත උනොත් එලවන්න එපා, ගිය ගමන් මට කෝල් එකක් දෙන්න.“ වැනි කාරනා සෑහෙන ගනනකට මට අම්මා සමඟ එකඟ වෙන්නට සිදු විය. (ඒත් ඉතින් අම්ම දන්න එකක්යෑ අපේ යැවිල්ල ගැන. හිකිස්. ) 

මුලින්ම වෙනද වගේ කමෙන්ට් කල නොකල හැමෝටම තෑන්ක්ස් කියලා මම කථාව ඉස්සරහට ගෙනියන්නම්. හැබැයි ඉතින් උඹලගෙ කමෙන්ට් එකක් දකිද්දි කථාව ඉස්සරහට ගෙනියන්න පොඩි කික් එකක් තියනවා. 

කොහොම හරි මම ඔෆිස් එකට 8.00 වෙද්දි ආවා. මම ලොගින් එක දාන්න යද්දි රමේශ් බොසා පොඩි හිනාවකින් මාව පිලිගත්තෙ
“ආ අද පොඩි එකා 8.00 වෙදිදි ඇවිල්ලා. මොකද කලින් ඕෆ් නිසාද?“
අම්මා මුට්ටිය දාලා වගේ. හිකිස්.. හිතින් මම මටම කියා ගන්න ගමන්,
“ආ ඔවු අයියෙ, අම්මි අයියට කෝල් කලාද?“ කියලා ඇහුවෙ උදෙන්ම ශේප් එකක් දාගන්න.
“ඔවු අම්මි කිවුවා උඹලා අද ට්රිප් එකක් යනවා කියලා.“රමේශ් අයියා එහෙම කිවුවෙ මට කින්ඩියට වගේ හිනාවක් දාන ගමන්.
“මොන ට්රිප්ද රමේශ් අයියෙ, ශලියගෙ තාත්තා නැති වෙලා. අපි මල ගෙදර යනවා හවස.“ මට රමේශයා ගැන ආව පුංචි කේන්තියකුත් එක්කම මම බකස් ගා කියා දැම්මෙමි. (ඇයි යකෝ මේ මල ගෙයක් අස්සෙ මූ වෙඩිමක් කථා කරනවා.)
“හා හා. ලීව් ශීට් එකත් පුරවලා පලයන්. හැබැයි රෑ තිස්සෙ රවුම් නොගහ ගෙදර පලයන්.“ රමේශයා මගේ බොසා උනාට ඔෆිස් එකේ අනික් උන් නැති තැන මට කථා කලේ සහෝදරයන් විලසින්මය. රමේශ් අයියටත් අක්කා හැරුනහම සහෝදරයෙක් සිටියේ නැත. ඉතින් පොර මට උගේ පොඩි මල්ලිට ලෙසින් සැලකුවේ මට තේරෙන වයසේ ඉඳන්මය. හැබැයි ඔෆිස් එකේ අනික් උන් ඉස්සරහ රමේශයා පොර වෙන්නේ මාව 2.50ට දමමිනි.( කමක් නෑ ඉතින් උගේ ආශාවනෙ හිකිස්..! )

ඉතින් ඔන්න මාත් ලීව් සයින් කරලා දවසෙ වැඩ පටන් ගත්තෙ හෙට නිවාඩුවක්ම දාන්න බලාගෙනයි. කොහෙම හරි මං සිං සිං ගාලා වැඩ ටික 12 වෙද්දි ඉවර කරගත්තෙ මගේ ඔළුව වැඩ කලේ ශලියලාගෙ ගෙදර නිසයි. 

“රමේශ් අයියෙ මම යනවා එහෙනම්“ මම කැබින් එකට එබෙන ගමන් කිවුවෙ ඇතුලට යන්නෙත් නැතිවමයි.
“තාම 12 නෙ.“ රමේශයා නෝක්කාඩුවකට අර ඇද්දේය.
“මගේ වැඩ ඉවරයි. ෆයිල් ටික හිමාලි ගාව.“ 
“හරි හරි කමක් නෑ. යනවකො එහෙනම්.“ රමේශයා පසුබැස්සේ නැවත ඔහු කරමින් සිටි වැඩේට හිස යොමමිනි.
කැබන් එකේ වෙන කිසිවෙකුත් නොසිටි නිසා මම හෙට ඩේ ඕෆ් එක ගැනත් ඒ ගමන්ම කියා දැම්මේ රමේශයාගේ මුහුන ඇපල් ගෙඩියක් කරමිනි.
“අයියෙ මං හෙට ඕෆ් එකක් ගන්නවා“ 
“එතකොට උඹගෙ වැඩ කරන්නෙ මමද?“ රමේශයා බොරැ තරහක් මවා පෑවේ මා දෙස තියුනු බැල්මක් යොමමිනි. කොහොම උනත් මා වැඩක් ඇතිව හෝ නැතිව ඔෆිස් එකේ රැඳෙනවාට ඔහු කැමති බව මට හැඟී තිබිනි. ඒ අන් හැමටම වඩා ඔහු මා විශ්වාස කල නිසා යැයි මා තුල අදහසක් ඇත. 
“හා..!! එහෙනම් ඔයා කරන්න“ මම දඟ කාර කම ටිකක් ඉස් මතු කලේ රමේශයා කූල් ඩවුන් කරන අදහසිනි.
“පොඩ්ඩෝ..!! මේ ගෙදර නෙමෙයි.“ ඔහු එලෙස කීවේ ඔහුට කියාගැනීමට වෙන දෙයක් නොවුනු නිසයි. ඉස්සර ඉඳන්ම ඔහු මා ඇමතුවේ පොඩ්ඩා ලෙසිනි. ඔෆිස් එකේදී පමනක් මගේ නම භාවිතා කිරීමට ඔහු ප්රවේසම් විය. 
“හරි හරි. එහෙනම් මං කැපෙන්නම් ලොකු අයියන්ඩි.“
තවත් නෝන්ඩියක් දාන ගමන් මම කැබින් එකේ දොර වසා ඉවතට ආවෙමි. මදක් ඉදිරියට විත් මට ආපසු රමේශයා දිහා බැළුනේ නිරායාසයෙනි. ඔහු මා දෙස බලා සිිට මද සිනහවකින් මුහුන දෙපසට සොලවා නැවත ෆයිල් එක දෙසට නෙතු යොමන අයුරු මට දිස්විය. ඇත්තෙන්ම ඔහු මට සෑහෙන ලෙංගතු විය. බොරුවට ඇඟට කඩා පැන්නත් මගේ දඟ කාර කම් වලට ඔහු ප්රිය කරන බව මා හොඳන්ම දන්නා කරුනකි.

ඉතින් කොහොම හරි මම කාර් එකට විත් සමීරයට ඇමතුමක් ගත්තේ උන්ගෙ බෝඩිම පැත්තට යන අදහසිනි. 
“ අඩෝ සමියා උඹ කොහෙද? “
“ මම බෝඩිමේ. උඹ වරෙන්. සඳුනත් ඉන්නවා. යන ගමන් මධුවා පික් කරමු.“

විනාඩි 10ක් ඇතුලත මම නුගේගොඩ සමියගෙ බෝඩිමට සේන්දු වුනෙමි. 
“අඩෝ උඹ ආවෙ මිග් එකකද? කෆීර් එකකද? “ සඳුනා හඬ අවධි කලේ කින්ඩියක් දමමිනි. 
“මං මොන ලබ්බෙ හරි වෙලාවට ආවනෙ. උඹලා කාලද?“ 

“අපි මේ උඹගෙ ගෙදර බත් එක එනකන් හිටියෙ කන්න.“ එවර හඬ අවධි කලේ සමීරයයි. 
“ මොන කෑමද යකෝ. මටත් එක්ක කඩෙන් අරන් වරෙන්. ඔහොමද උඹලා අපිට සලකන්නෙ.“ කෑම එක ගෙනාවත් මම බොරුවට මුංව ටිකක් ඇවිස්සුවේය.
“උඹ ඕන්නම් කඩෙන් කාපන්. අපි එන්නම් උඹලගෙ ගෙදර, නැන්දගෙ අතින් හදපු කෑම ටිකක් රසට කලා යන්න.“ 
සඳුනා මගේ කැපිල්ලට තවත් කැපිල්ලක් දැමුවේය.
“ ආ උඹලා එනකම් තමා ඉන්නෙ හොඳට කවලා යවන්න. වරෙන් වරෙන්.“ 
යැයි මම පැවසුවේ සඳුනාගේ බෙල්ල වටෙන් අත දමා උගේ ඔළුව උරහිසට හිර කර ගන්නා ගමනි. 
“ මගුල් නටන්නෙ නැතිව ඉක්මනට කාලා යමන්.“ සමීරයා හඬ අවධි කලේය. 
“මගේ කෑම එක කාර් එකේ. අරන් වරෙන්“ කියා සමීරයා දෙසට යතුර විසි කරමින් මම නැවතත් සඳුනයාව අඳේ පෙරලගත්තෙමි.
“මෙන්න මූ මාව දූශනය කරනවෝ“ සඳුනා බෙරිහන් දෙන්නට විය.
“යකෝ කෑ ගහන්න එපා. ගෙදර උන් බලයි මෙතන කොළු සීන් එකක් යනවද කියලා.“
සමීරයා ඒ අවවාදය දෙන ගමන් කාමරයෙන් එලියට ගියේය.
“ කොහොමත් මූ මගේ ගල් කොල්ලනෙ“ 
කියා මා තවත් සඳුනාව මගේ ග්රහනයට ගත්තේ ඌට හෙල වෙන්න බැරි ලෙසිනි. මද වේලාවක් ගොස් මම ඌව මගේ ග්රහනයෙන් මුදා හරින විට මගේ ශර්ට් එක හොඳ ගානට පොඩි වී තිබිනි.
“බලපන් උඹ කෑවනෙ මගේ ශර්ට් එක“ මම සඳුනාට නෝක්කාඩු කීවෙමි.
“ උඹටනෙ මදනයා ගැහුවෙ.“ සඳුනයා නැවත මට නෝන්ඩියක් දැම්මේය. 
“ මොකක්ද තෝ කිවුවෙ“ කියමින් මා නැවත සඳුනගේ ඇඟට පැන්නේ ඒ සැනයෙනි.
“ අනේ.. නෑ නෑ නෑ නෑ...!! “ කියමින් සඳුනා මගෙන් මිදෙන්නට වෑයම් කලේය. 
එවිටම මගේ ෆෝන් එක රිංග් වුනි. සඳුනයා අතහැර මම ෆෝන් එක අතට ගත්තෙමි. “මධුසංක“ තිරයේ දිස් වුනි.
“ ආ මධුවා කියහන්“ මම ඇමතුම ගතිමි.
“මේ උඹලා එන ගමන් වරෙන්. මම ශොප් එකේ අයියට කිවුවා. අවුලක් නෑ“ මධුවා වැඩ කලේ කොහුවල පිහිටි ප්රරසිද්ධ මොබයිල් ෆෝන් අලෙවි කරන මධ්යස්ථානයකය. 
“ ඇයි උඹ කොහේ යන්නද “ මධුවා මගේ ඊ ලඟ බයිට විය.
“මේ බයිලා ගහන්න එපා බං.“ මධුවාගේ බැගෑපත් හඬ මට අනෙක් පසින් ඇසිනි. 
“ බයිලා. මොකක්ද බයිලා.“ මම පිලිතුරු දුනි.
“ මේ මේ. උඹ එක්ක බයිලා ගහන්න මට බෑ. එන ගමන් වරෙන්. මං තියනවා.“ මධුවා සැනෙන් ෆෝන් එක තැබුවේය.
“තිබ්බනෙ මූ ෆෝන් එක“ කියමින් මා ඇඳෙන් නැඟිටගත්තෙමි. 
එවිටම සමීරයා මගේ කෑම එකත් තවත් කඩෙන් කෑම පාර්සලයත් ගෙන කාමරයට පිවිසියේය. 
“කාලා ඉමු. බඩගිනී.“ සමීරයා හඬ අවධි කලේය.
“මං නම් කෑවා.“ මම ඇඳේ තවමත් දපා සිටින සඳුනයා දෙස තොල ලෙව කමින් බලන ගමන් කීවේ ඌව නෝන්ඩියට ගන්නය.
“පේනවා උඹගෙ ශර්ට් එක දැක්කහම හොඳට කාලා කියලා.“
මගේ නොන්ඩිය මටම ආපසු කැරකුවේ සමීරයායි. එවිට මම උගේ ඇඟටත් ගොඩ වෙන්නට සැරසුනි.
“කාල හිටහන්. කාලා හිටහන් කෝලන් කරන්න.“ සමීරයා කෑම දෙක මේසයේ තබා ප්ලේට් සූදානම් කලේය. 
ඉතින් කොහොම හරි රට බයිලා ගහන ගමන් අපි කෑම කා අවසන් වුනෙමු. වෙනදා මෙන් අම්මාගේ බත් එකට ක්රෙඩිට් අඩුවක් නොවුනි.

“උඹ ඔහොමද යන්නෙ.“ සමීරයා මගෙන් විමසුවේ පොඩි වූ ශර්ට් එක පෙන්වමිනි. 
“ පිස්සුද මල්ලි. කිට මරන්නැතුව අපි යනවද කෑලි බහින තැනකට.“ 
“ආ උඹ යන්නෙ කෑලි බලන්නද“ සමීරයා කීවේය.
“කෑලි බලන්නැතුව උඹ වගේ ඇන්ටලා බලන්නද?“ නැවත මම සමීරයාට නෝන්ඩියක් දැම්මෙමි.“
“ හා හා. අපි විතරයි ඇන්ටලා බලන්නෙ. බලා ගනින්කො එහෙනම් උඹගෙ කෑල්ල.“ බොරු තරහක් මවා පාමින් සමීරයා ඇඳුම් මාරු කරන්න්ට පටන් ගත්තේය. 
මාත් උදේ කාර් එකට දාගත් සුදු ටී ශර්ට් එක හා ඩෙනිම ගෙන චේන්ජ් කර ගත්තෙමි.
1.30 පමන වන විට අප තිදෙනා ගමනට සූදානම්ව සිටියෙමු. එදිනත් හරියටම ගමන පිටත් වන්නට කලින් අම්මාගේ සුපුරුදු කෝල් එක වැරදුනේ නැත. යන ගමන් කොහුවලට එන විට මධුවාත් ගමනට සූදානමින් සිටියේය. 

ඔන්න අපි හතර දෙනා කොහොමින් හරි පිස්සු කොටියක් කෙලිමින් ශලියාගේ ගෙදරට සේන්දු වුනෙමු. කෙසේ නමුත් අප එහි යන විට හන්දිය මැදට වන්නට එල්ලා සුදු කොඩි යුගල දුටු මොහොතේම මෙතෙක් පැවති අපගේ සිතුවිලි හා ගත යන සියල්ලම එක තැනක නැවතී සිර වූවාක් මෙන් දැනුනි. ඇත්තෙන්ම එය අප හදවත් තුල ශලියා ගැන වූ ශෝඛ බරිත හැඟුම් තුල නිතැතින්ම ඇති වූවා වන්නට ඇත. වාහනය නතර කර දමා අප හතර දෙනා එන පෙර මගට පැමිනියේ ශලියාගේ පොඩි මල්ලීය. වෙනදා අප සිවු දෙනා දකින විට පොඩි මල්ලීගේ මුහුනේ ඇඳෙන ප්‍රීතිමත් සේයාවන් අද දිනයේ දක්නට නොලැබිනි.

ආ අයියෙ, එන්න අයියෙ, මං ශලී අයියට කථා කරන්නම්. පොඩි මල්ලී පෙරටු කර ගනිමින් අපව නිවස වෙත පා නැඟුවෙමු.

ශෙවා...!! අප නිවස තුලට ඇතුළු වන විටම අප අසලට පැමිනි ශලිත දුක් මුසු මුහුනින් යුතුව නැවත අපව පිලි ගත්තේය. අප සිවු දෙනා මුවින් කිසිත් කථා නොකරම තාත්තාගේ දේහය තැම්පත් කර තිබූ තැනට ගොස් පසෙකින් සිටගත්තෙමු. ඇත්තෙන්ම අප මින් පෙර දිනක මේ නිවසට පැමිනි වරෙක ශලිතගේ පියානන් හා මෑනිනයන් අපට දැක්වූ කරුණාබර ලෙන්ගතුකම සිහිව ඔහුගේ දේහය අසල විනාඩි කිහියක් ගත වන තුරුම කම්පනය වූ සිත් ඇතිව අප සිවු දෙනා නිහඬව බලා සිටින්නට වුනෙමු. ඒ සමඟ ශලියාගේත් ඔහුගේ මල්ලීගේත් වේදනාබර දෙනෙත් ඔවුන්ගේ පියතුමා වෙත යොමුව තිබිනි. ශලියාගේ ඇස් යාන්තමින් තෙත් වනු දුටුවද ඔහුව අස්වසන්නට ඉදිරිපත් වීමට තරම් ශක්තියක් ඒ අවස්ළුාවේ මා තුල නොවුනි. 

Chathura Dilshan
memebrs with 1 post

Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 559
Member Since : 2017-02-19

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  Chathura Dilshan on 19th February 2017, 16:05

පියතුමන්ගේ දේහයට ආචාර කොට නිවසෙන් එලියට පැමිනෙන තුරු වචනයක් හෝ කථා කිරීමට අප සිවු දෙනාගෙන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. 
ශෙවා, කීයට විතරද ආවෙ. හදවත කැකෑරෙන දුක මැඩගනිමින් ශලිත මාගෙන් විමසුවේ මෙතෙක් වූ නිහැඬියාව බිඳ දමමිනි. 
1ට විතර මචන්. ඉන් එහා කථා කිරීමට මා සිත් වාරු නොදුන් නිසාම මා නිහඬ වුනෙමි. 
"මොකද වුනේ මචන්" මධුවා ශලිත හමුවේ ප්‍රශ්නයක් තැබුවේ ඊ ලඟ මොහොත ගත වන විටය. 

කෙසේ නමුත් සිදු වූ සිදුවීම පිලිබඳව හා තවත් බොහෝ දේ සමගින් කාලය ගෙවී යන්නට විය. ඒ අතර තුර ශලිතගේ ගමේ වූ මිතුරන් සමග පවා කරට කර ගැටෙමින් සැරසිලි කටයුතු ආදී කරන්නා වූ යම් යම් දේවල් වලට උදවු කිරීමට කිසි ලෙසකවත් අප පසුබට නොවුනෙමු. රාත්‍රිය උදා වත්ම මා ඇතුළු අප සිවු දෙනා නැවත නිවෙස් වෙත පැමිණිය යුතුව තිබිනි. එහෙත් ශලියා තනි කර දමා මේ මොහොතේ නිවෙස් වෙත යාමට අප තුල ඇති වූයේ තරමක පසුබෑමක් යැයි කිව හොත් මා නිවැරදිය. කෙසේ නමුත් පසු දිනයේදීත් නැවත පැමිනෙන බලාපොරොත්තු ඇතිව රාත්‍රී 11ත් පසු වී අප නිවෙස් වෙත යාමට පිටත් වුනෙමු. අපට 12ට ආසන්න වන විට නැවත නිවෙස් වෙත පැමිනීමට හැකි වුවත් පෙර අප සිවු දෙනා තුල වූ ප්‍රබෝදමත් ගතිය මේ වන විට අපෙන් ගිලීහී තිබුනේ නිරායාසයෙනි.

මුලින්ම සමීරව උගේ බෝඩිමෙන් හැරළුවත් මධුවාට නිවසට යාමේ හැකියාවක් නොවුනි. ඒ ඌ වැඩිමල් අක්කාගේ නිවසේ සිට රැකියාවට යාමත්, රාත්‍රී වැඩි වූ නිසා අක්කලා හට කරදර කිරීමට වූ අකමැත්තත් නිසාය. ඉතින් මධුවාට එදින අප නිවසේ නවාතැන් දීමට මා ඉදිරිපත් වුනෙමි. සඳුනයාවද ඔහුගේ නිවස අසලින් දමා මධුවා හා මා අප නිවස වෙත යන තුරම සුපුරුදු පරිදි මගේ සුදු අම්මියා මා එන තුරු අවධියෙන් සිට ඇත. 

නිවසට පැමිනි වහාම 
ආ මධුසංක පුතා, කියමින් මධුවාද නිවසට පිලිගත්තේ සුපුරුදු ලෙසින්මය.
"පුතාලා එහෙනම් වොශ් එකක් දාගෙන පහලට එන්න. මං කෑම බෙදලා තියන්නම්." 
"අපි ශලිතලාගෙ ගෙදරින් කෑවා අාන්ටි." මධුවා මටත් පෙර හඬ අවධි කලේය.
"කමක් නෑ ආන්ටි හදපුවත් ටිකක් කන්නකෝ"
"මුට එපා නම් මං කන්නම් සුදු අම්මි" මම එසේ කියමින් විහිළුවට මෙන් එක වරම පැන මධුවාගේ යටි කොනිත්තන්නට විය.
අම්මෝ...!!, ඉතින් මාව කන්නැතුව හිටහන්. මධුවා මගෙන් මිදී සැනෙකින් ඉවතට පැනගත්තේය.
මද සිනහවක් පා "එහෙනම් ඉක්මනට එන්නකෝ පුතාලා" අම්මා එසේ පවසමින් කුස්සිය දෙයට යන්නට විය. ඇත්තෙන්ම මා හට බඩගින්නක සේයාවක්වත් නොතිබුනි. නමුත් මා එන තුරු අම්මා කෑම නොගන්නා බව මම හොඳන්ම දන්නා කරුණකි. ඒ නිසාම කෙසේ හෝ ඇයගේ හිත සැනසීමට මා නිතැතින්ම උත්සහ කරන වාර අනන්තය. 

කෙසේ හෝ කාමරයට ගොස් වොශ් එකක් දාගෙන අප දෙදෙනා පහලට එන විට අම්මා කෑම සූදානම් කර තිබිනි. පාන් ටොස්ට් කර, බිත්තර හා නූඩ්ල්ස් රෑ කෑම වෙනුවෙන් ඈ සූදානම් කර තිබිනි. මධුවා සමග මල ගෙදර විස්තර, අක්කලාගෙ විස්තර, ගෑනුලමයින්ගෙ විස්තර ආදී නොයෙකුත් දේ කථා කරමින් අම්මාද අප සමඟම රාත්‍රී ආහාරය ගන්නට යෙදුනි. මා ඉක්මනින් ආහාර ගෙන 
"අම්මා මං උඩට යනවා.", උඹ කෝප්ප හොදලා වරෙන්" කියාගෙන මධුවාට නෝන්ඩියක් දමන ගමන් කෑම මේසයෙන් සමු ගත්තෙමි. 

මධුවා ඇත්තෙන්ම අපේ අම්මාට වුවද බෙහෙවින් ප්‍රයමනාප චරිතයකි. ඔහු ඇය සමඟින් කෑම මේසයද අස් කරන්නට උදවු කර කාමරයට එන විට පැය 1/2 ට වඩා ඉක්ම ගොස් තිබිනි. එතෙක් මා ලැප ඔන් කරගෙන උන්මාදයක් බදු වූ ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් එපිසෝඩ් එකක් බලන්නට වුනෙමි. 

මූ ආ සැනින් මගේ ඇඳට පැන්නේ කුළු මීමෙක් හතරගාතේ වැටෙන්නා සේය. 
තෝ ඇඳ කඩන්නද හදන්නෙ. මම මවා ගත් තරහක් මධුවා වෙත පෑවෙමි.
මොකක්ද තෝ බලන්නෙ. වැලක්ද? මධුවා මට කින්ඩියට මෙන් ඇසීය.
ඔවු බලහන්. මේ රජ කාලෙ වැලක්. මමත් එලෙසින්ම කියමින් ලැප් එකේ තිරය මධුවාට පෙනෙන සේ ඔහු දෙසට හැරෙවුවෙමි. 

හුටාය...!! ටික වේලාවකින් කථාවේ හොඳම හරියට එන්ටර් වෙමින් තිබිනි. Loras සහ Oliver අමුම අමු ගේ සීන් එකක් ලැපේ තිරය මත දිස් වෙන්නට විය. (ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් බලපු නැති මල්ලිලා බලලා එන්න කථාව කියවන්නමේ සීසන් එක පිස්සුවෙන් වගේ බලපු මට එය මැජික් එකක් නොවුවත් මධුවා ඒ වන විට ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් බලා තිබුනේ නැත. 
"අඩෝ මේ මොනවද උඹ කොල්ලො ගහන ඒවද බලන්නෙ. ඊයා යකෝ" මට එවෙලෙහි අැති වූයේ පොලොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් මුසු හැඟීමකි. 

"පයියක් කියවන්නෙ නැතිව බලහන්" මට කියන්නට තිබුනේ එපමණකි. පසුව පැයක් පමන කොටසින් කොටස විස්තර කරමින් මධුවාට කථාව විස්තර කර දී මගේ චරිත සහතිකය බේරා ගැනීමට මට සිදුවිය. 
පාන්දර 2 පසුවන තුරුම කථාව බැළු අප දෙදෙනා ඉන් පසුව නින්දට වැටුනෙමු. ඉතා ඉක්මනින්ම මා වෙත නින්ද පැමිනුනේ ගමන් විඩාව නිසාම වන්නට ඇත.

පාන්දර 5 පමණ වන විට මා සිටි ඇලයට යමක් මාගේ යටි බඩේ යන්තමින් ගෑවෙන බව අඩ නින්දෙන් මෙන් මා හට දැනිනි. මා අවධි වන්නට උත්සහ නොකලත් අඩ නින්දේ වුව ඒ මධුවාගේ අත බව හඳුනාගැනීමට මට හැකි විය. ඔහු මුහුණ අනෙක් පසට හරවාගෙන එක අතක් මා දෙසට යොවා අනෙක් අත ඔහු මුහුන හරවා සිටි දෙසට නවාගෙන නිදා සිටින බවක් මට හැඟිනි. මා කිසිවක් නොවූ ලෙසින්ම සිටි අයුරින්ම නිදන්නට උත්සහ කලෙමි. 
තවත් විනාඩි කිහිපයක් ගත වන විට මධුවාගේ අත නිකන්ම මාගේ මාගේ යටි බඩ ස්පර්ශ නොවන බව මට ඉවෙන් මෙන් වැටහුනි. ඔහුගේ ඇඟිලි තුඩු යාන්තමින් මගේ යටි බඩ පෙදෙස තද කරන බව දැනෙන්නට විය. එහෙත් මධුවා යනු එවන් චරිතයක් යැයි පිලිගැනීමට මා සිත නැවත වතාවක් මැලිවිය. මොකද කලකදී ජිම් එකේදී මධුසංක මා හඳුනාගෙන දැනට වසර 5ට ආසන්නය. ඔහු මට මෙන්ම අපේ අනික් 4 දෙනාට මෙන් සහෝදරයෙකු ලෙසින් විය. එමෙන්ම ඔහුගේ පෙනුම හැසිරීම වුවද එවන් දෙයක් මා සිත තුල ජනිත කරවීමට කිසිසේත්ම ඉඩ සලසන්නේ නැත. (මධුවාගේ පෙනුම ගත් විට ඔහු මා තරම් බල්ක් නොවුවත් ඇඟ පට්ට ලෙසටම ඩිෆයින් වී ඇත. සික්ස් පැක් හා පට්ටම ලෙසින් කට් වූ බාහු වලින් හෙබි ඔහු පැහැපත් සමකින්ද යුතු විය. එලෙසින්ම පපුවේ චෙස්ට් එක මැද යාන්තමින් ඉරක් ලෙස ඇඳුනු රොම කූප කිහිපයක් හැරුනු විට ස්මූත් ස්කින් එකකින් යුතු විය. ඔහුගේ සිරුරේ අඩුපාඩුවකට පැවතියේ බල්ක් නොවුනු එක හා ආම්ස් දෙක මදි වීමම පමණි. එමෙන්ම ඔහු ඉතාම ප්‍රසන්න පෙනුමකින් යුතු අයකු විය 

ව්‍යාකූල සිතින් යුතුව මා නොවෙනස්ව එලෙසින්ම ඇඳේ සිටියද මේ ස්පර්ශය නිසා මගේ මල්ලී යාන්තමින් අවධි වන බව මට දැනෙන්නට විය. ක්‍රමයෙන් මධුවාගේ අත මදක් තව දුරටත් පහල යනු මට දැනුනි. එමෙන්ම ඇඟිලි වල ස්පර්ශය පෙරට වඩා වැඩි බවක් හැඟෙන්නට විය. මා සිත මොහොතකට කැලඹුනද මගේ මල්ලී අවධි වීම වැලැක්වීමට එය ප්‍රමාණවත් නොවුනි. එක වරම මධුවගේ එක් ඇඟිල්ලකට මාගේ මල්ලී යාන්තමින් ස්පර්ශ වනු මට දැනුනි. එ් වන විට කෙමෙන් අවධි වන මල්ලීට එය තවත් පිටිවහලක් සැලසීමක් විය. මධුවාගේ ඇඟිලි තුඩු ස්පර්ශය නිසා ක්‍රමයෙන් අඟල් 7.5ක් වූ මගේ මල්ලී යකඩයක් ලෙසින් නැගී සිටින්නට විය. එය මධුවාට ක්‍රමයෙන් දැනෙන්නට ඇත. මා වරෙක ඈත් වන්නට සිතුවත් එලෙසින්ම සිටියේ ටච් එක ලැබෙන්නේ මගෙන් නොවන නිසාත්, මේකා මොන යකෙක්ට එනවාදැයි හරි ආකාරව දැන ගත යුතු වූ කුතුහලය නිසාත්ය. 

මධුවගේ ස්පර්ශය දැන් ස්පර්ශයකට එහා ගොස් ඇත. ඔහු යාන්තමින් මල්ලියාගේ ඔලුව අල්ලනු මට දැනුනි. ඇත්තෙන්ම මේ වන විට මගේ මල්ලිගේ අවධි වීම ඒ සඳහා ඔහුට අවස්ථාව සලසා ඇත. එමෙන්ම එය මා අවධියෙන් යන්න හා ඊට මගේ විරුද්ධත්වක් නොමැති බවට ඔහුට කරන්නා වූ ඉඟියක් වන්නට ඇත. ඔහු ක්‍රමයෙන් මගේ මල්ලී හොඳින් අතගාන්නට විය. ඉන් පසු ගත වූ තත්පරය තුල ඔහු මා දෙසට මුහුන හැරවීය. ඔහුගේ සුසුම් මගේ මුහුනේ වදින තරමින් මේ වන විට ඔහු මා වෙත සමීප වී ඇත. මට සිදුවන දෙය කුමක්ද යන්න තවමත් වටහා නොගත හැකි ව්‍යාකූල මනසකින් යුතුව මා තවදුරටත් නිසොල්මන්ව හිඳින්නට වුනෙමි.

 දෙයියනේ,, මං හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි මේක. මගේම එකට හිටිය බොක්කෙ ෆිට් එකක් එක්ක මෙහෙම දෙයක්.!! ඇත්තම කිවුවොත් හිත යටින් අමුතුම ආසාවක් මතුවෙන්න ගත්තත් පපුව ගැස්මේ වේගය වැඩි වුනේ ආගන්තුක බයක් හිතට එකතු කරමින්.

කොහොමින් හරි ඊ ලඟ තත්පරය මධුවාගේ දෙතොල් මාගේ දෙතොල් සිපගැනීම නොඅනුමානය. එහෙත් දෑස විවර කර ඒ පහස විඳීමට තරම් දෛරයක් මා තුල නොවීය. කෙමෙන් බලාපොරොත්තු වූ ලෙසම ඔහුගේ දෙතොල් ඉතා සෙමෙන් හා පරෙස්සමෙන් මාගේ දෙතොල් ස්පර්ශ කලේ සමණලයෙකු සීරුවෙන් මලක රොන් ගන්නා විලසිනි. සත්තකින්ම මේ වන විටත් කෙල්ලන් බරගානක දෙතොල් පහස ලබා තිබූ මට ඒ ස්පර්ශය එක් කලේ වෙනස්ම වූ අමුතුම ලල් එකකි. (කෙල්ලෙක් එක්ක තොලක් දාද්දි ගොඩක් උන් තොල උරන්න දිලා පැත්තකට වෙලා ඉන්නවා මිසක උන් තොල් උරන්නෙ නෑනෙ. මේකෙ ඒකෙ කනපිට ) මධුවා සෙමෙන් තොල් අතර එහා මෙහා යන අතරේම උගේ අතකින් ශෝටට උඩින් මගේ මල්ලියා අල්ලගන්නේ පොඩි එකෙකු කිරි බොතලයක් සෙමෙන් තද කරන විලසිනි. කෙමෙන් මධුවාගේ තොල් හරඹය දැඩි වුවද මා ඒ වන තුරුත් සිටියේ එම්බාම් කල මලකඳක් ලෙසිනි. ඇත්තෙන්ම මා තුල වූ තිගැස්ම හා ආශාව යන දෙක අතර තව දුරටත් අතරමං වූ සෙයිනි. ඉන් පසුව මධුවා ඊ ලඟ පියවරට එලබිනි. ඔහු සෙමෙන් මගේ කලිසම තුලට අත යොවන්නට උත්තහ කරන්නට විය. 

නමුත් නොසිතූ මොහොතක එකවරම "මධුවා" කියා කොඳුරමින් මා අතින් මධුවා පසෙකට තල්ලු වූයේ මාද නොදැනුවත්වමය. ඒ මොහොතේ එතෙක් මධුවා අල්ලා සිටි මගේ මල්ලීද ඔහු විසින් ක්ශනයක් තුල අතහැර දමන ලදි. ඇත්තෙන්ම මගේ ඒ ප්රතිචාරයත් සමඟ ඔහු දැඩිව තැතිගත් අයුරකි.

"අනේ ශෙවා මට සමාවෙයන්.." ජනේලය හරහා පතිත වූ ලා සඳ කිරන අතරින් ඔහුගේ බැගෑපත් ස්වරය මට ඇසෙන්නට විය. 

"අනේ බං මං හිතලා කලේ නෑ. මට සමා වෙයන් මචන්, සමා වෙයන්" හිස මඳක් ඔසවා මද අඳුර තුල මා දෙසට නෙතු යොවමින් ඔහු තැතිගැනුනු දුක් බර ස්වරයෙන් නැවත නැවතත් මා හට මුමුනන්නට විය.(මෙච්චර වෙලා තොලත් මරලා, අතටත් අරන් හුරතල් කරලා මෙන්න මූ දැන් කියනවා හිතලා කලේ නෑ කියලා, හිකිස්.) 
නමුත් මද වේලාවක් මා කිසිත් නොවූ සෙයින් දෑස පියා නිහඬව සිටියේ සිදු වූ සියල්ල පිලිබඳ නැවත පියවි සිහියට නගා ගනිමිනි. 

"මචන් උඹට ඕන නම් මට ගහපන්, බැනපන්, අනේ ඒත් මට සමාවෙයන් බං." මධුවාගේ තෝන්චියක් නොමැති අඬවැඩියාව අතරේ ඔහු මගේ මුහුණ මතට අත යොවමින් මතු කලේ අමුතුම ආකාරයේ සංවේදී හැඟුමකි. ඇත්තෙන්ම එය සංවේගය, ලෙංගතුකම, බැගෑපත් බව, ආදරය සියල්ල මුසු වූ ස්පර්ශයක් ලෙසින් මට දැනිනි. (මෙතුවක් කල් මා හැඳින සිටි මධුවා මේ මොහොතේ මට දැනුනේ සත්තකින්ම වෙනස්ම අයුරකිනි. ඒ හැඟුම චවනයට නැඟිය නොහැකිය

"හරි මචන්, අවුලක් නෑ." මා ප්රථම වරට මධුවා හමුවේ වචනයක් කථා කලෙමි.

"උඹ මා එක්ක තරහද?" සඳ එලියෙන් දීප්තිමත් වූ කඳුළු පිරි දෙනෙතින් යුතුව මධුවා මා දෙස බලා හිඳිනු ඒ සමඟ මට දිස් විනි. මා හට ඇති වූයේ රික්තකයක් තුල සිරවූවා වැනි හැඟිමකි.

"නෑ මචන්, නෑ. තරහා නෑ." මම ඌව සංසුන් කරන්නට වුනෙමි.
කෙසේ හෝ සමාවෙයන් යන වචනය සිය වතාවක් පමණ කියමින් මාගේ අස්වැසීම හමුවේ මධුවා යාන්තමින් සංසුන් වන බවක් මට දැනුනි.

"දැන් නිදා ගනින් මචන්" මම උඩු අතට සයනයේ හිඳිමින්ම මෙතෙක් හිස ඔසවා මා දෙස සංවේදීව බලා සිටින මධුවාට කීවෙමි. ඒ අනින් ඔහුද සයනය මත උඩු අතට වැතිරුනි.

තත්පර ගනනක නිහැඬියාව බිඳ මා දෙසට හිස හැරවූ මධුවා 
"අනේ මචන් කාටවත් කියන්න එපා මේක," නැවත මා හට බැගෑපත් වන්නට විය. ( හත්වලාමෙ කාටවත් කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්ද තෝ කලේ. හිකිස්
"හ්ම්.." මා දුන් කෙටි පිලිතුර නැවත ඔහුගේ කැලඹීමට හේතු විය.

"උඹ කියන්නෑ නේද මචන්. ප්ලීස්. මම උඹ කියන ඕන දෙයක් කරන්නම්. ප්ලීස් මචන් ශෙවා." ඔහු නැවත මා හට පිංසෙන්ඩු වන්නට විය. 

"හරි බං මං කියන්නෙ නෑ. ඒත් උඹ ඇයි මෙහෙම?" මධුවා හමුවේ මෙතෙක් වූ සිදුවීමෙන් පසුව ඊට අදාල පලමු පැනය මා විසින් ඔහුට යොමු කලෙමි.

" මං දන්නෙ නෑ මචන් මට මොනවා වුනාද කියන්න. උඹව ඇඟේ ගෑවෙද්දි මට කන්ට්රෝල් නැති වුනා, සමා වෙයන් මචන්." පසුතැවුනු ස්වරයෙන් ඔහු මුමුනන්නට විය.

"මට තාම විස්වාස නෑ මධුවා" ඇත්තෙන්ම මට සිදුවීම ගලපා ගෑනීම තව දුරටත් අසීරුය.

"මං දන්නවා බං. සමාවෙයන්, ප්ලීස්... ඒත් උඹට මං ආදරෙයි බං. " හැඬුම් බරව කඳුළු පිරි දෑසින් යුතුව මධුවා මුමුනන්නට විය.

"මොකක්...!! ආදරෙයි? මොකක්ද බං උඹ කිවුවෙ?" එක වරම කරන්ට් වැදුනා සේ ඒ වචන වලින් මාව සලිත වී ගියේය. (ඇයි හත්වලාමෙ, අම්මා මුත්තා කලෙවත් ඇහුව දේවල්ද මේවා?)

"මං වැරදි දෙයක් කිවුවා නම් සමාවෙයන් බං. ඒත් උඹව ජිම් එකේදි හම්බ වුන පලවෙනි දවසෙ ඉඳන්ම මං උඹට හිතින් ආදරේ කලා. උඹ ඒක දන්නෙ නෑ මචන්. මං උඹට ඒක දැනෙන්න දුන්නෙ නෑ. උඹට නොදැනුනාට මං අනික් උන් අතරෙ උඹ ගැන සෑහෙන කෙයා කලා. උඹගෙ දඟකාරකම් වලට මං පට්ට විදියට ආදරේ කලා මචන්, උඹව දකින්නැතිව බැරි තරමට මං උඹට ආදරේ කලා. මං ඒ එකක්වත් හිතලා කල දේවල් නෙමෙයි මචන්. ඒත් මට නවත්තගන්න බෑ. මං උඹට ආදරෙයි බං." කඳුළු අතරින් නැඟී ආ ඒ වචන වල වූයේ නිර්ව්යාජ බවකි. නමුත් ඔහුගේ මුවින් ගිලිහෙන සෑම වචන තුලම මාගේ මුළු ඇඟම ගිනියම් වනවා ලෙසින් දැනෙන්නට විය. 

මතු සම්බන්ධයි...!!

Chathura Dilshan
memebrs with 1 post

Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 559
Member Since : 2017-02-19

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  Saduniro on 22nd February 2017, 15:36

Niyamai
avatar
Saduniro
Regular Member

Mood : Sleepy

Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 825
Member Since : 2016-10-17

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  beaguycool1 on 22nd February 2017, 17:01

Sha niyamai. Digatama liyanna bro.
avatar
beaguycool1
Regular Member

Mood : In love

City : Kelaniya
Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 3454
Member Since : 2013-05-13

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  gauuuuu on 24th February 2017, 14:46

We need new chapter......plzzzzzzzzzzz......
avatar
gauuuuu
Regular Member

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 960
Member Since : 2016-08-26

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  navod-induwara on 6th March 2017, 08:12

Ko me kathawa liyana malliya..kathawa nam marama lassanai patto.digatama liyanna..obata jaya!jesu pihitai!
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 1265
Member Since : 2016-06-30

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  manush on 13th May 2017, 21:15

ko aluth kotasak danne nadda?
avatar
manush
Regular Member

Country : Sri Lanka
Posts : 24
GetReal Gold : 829
Member Since : 2016-10-17

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  navod-induwara on 16th May 2017, 07:25

Kathawa liyando
avatar
navod-induwara
+ 100 Posts

Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 1265
Member Since : 2016-06-30

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  kasunmadusanka on 23rd May 2017, 14:23

Harima lassanai bro..
avatar
kasunmadusanka
Regular Member

City : minuwangoda
Country : Sri Lanka
Posts : 31
GetReal Gold : 3107
Member Since : 2013-09-19

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  Chandana on 23rd May 2017, 18:44

මේ ටික නං කලිනුත් කියෙව්ව බං. ඉතුරු ටික එනකං බලාගෙන ඉන්නෙ.... rocksss rocksss rocksss
avatar
Chandana
Regular Member

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 3658
Member Since : 2013-05-29

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  Hitha Honda Kolla on 7th July 2017, 03:53

මේකෙත් අලුත් කොටසක් තිබ්බනම් තමා හොඳ​.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1990
GetReal Gold : 4542
Member Since : 2015-05-03

Back to top Go down

Re: නොසිතූ හමුවීම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum