Sinhala Typing Tool

සඳ වියැකී ගිය සද

View previous topic View next topic Go down

සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:18

සිත්තම් කරමින්..මනසේ ඔබෙ රුව..

කවදා හෝ යළි..දකිනතුරා...

රැව් පිළි රැව් දී..ඇසෙන ඔබේ හඬ...

යළි මගෙ සවනත..වැකෙන තුරා...





   "...මිස්ටර් ආරද්...කොහොමද ඉතිං. .?.. ඔයාට දැන් ගොඩක් හොඳයි..."
         මූණ පුරා විසිරිලා ගිය හිනාවකුත් එක්ක ඩොක්ටර් සවින්දි මගෙ වෛද්‍ය වාර්තා මුල ඉදන් අගටත්..අග ඉදන් මුලටත් පෙරළ පෙරළ බලන ගමන් එහෙම කිවුව.


    "..ඔලුවෙ තුවාලෙද..හිතේ තුවාලෙද.. ඩොක්ටර්.."


    "...හිහී..හිත්වල තුවාල සනීප කරන්න තරම් නම් මං ඉගෙනගන නෑ ආරද්..
එහෙම උනා  නම් ඉස්සෙල්ලම මං සනීප වෙලා ඉන්නවා..."


      ඩොක්ටර් සවින්දි ඒ ටික කිවුවෙ ලොකු හුස්මක් පිටකරන ගමන්.හැමවෙලාවකම මූණෙ හිනාව පිරිලා ඉතිරිලා තියන මිනිස්සුන්ගෙ ඇස් ඇතුලෙ එළියට නොගලපු  කඳුලු කොයිතරම් ඇතිද කියල මට හිතුනෙ ලොකුහුස්මක් පිටකරල ඩොක්ටර් සවින්දි මගෙ ප්‍රශ්නෙට උත්තර දීපු විදියෙන්.දැන් මාස හයක ඉදන් ඉඳහිට හෝ ඔය වගේ කතාබහක් ඩොක්ටර් සවින්දිත් මමත් අතරෙ සිද්ධ වෙන එක හරිම සමාන්‍ය දෙයක්.. සුව කරන්න බැරි දරුණු පිළිකාවකින් පෙලෙන රෝගියෙකුට හැමදාම උදේ පාන්දර කටපුරා හිනා වෙලා 'ඔයාට දැන් ගොඩක් හොදයි මිස්ටර් ආරද්' කියල ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන මේ අපූරු දොස්තර නෝන ගැන මගෙ හිතේ තියෙන්නෙ කියන්න බැරිතරම් ලෙන්ගතු කමක්...එක අතකට මට එහෙම බලාපොරොත්තුවකින් වැඩකුත් නෑ තමයි.. ඒත් මං තවත් එක විනාඩියක් හරි වැඩිපුර ජීවත් වෙනව දකින්න බලන් ඉන්න ඩොක්ටර් සවින්දිගෙ ඒ අහිංසක ප්‍රාර්ථනාවට අවනම්බු කරන්න බැරි නිසා හැමදාම  හිතට එන ඒ වචන ටික එළියට නොදා ගිලගන්නව..


    "...අද ඩොක්ටර්ගෙ ඕෆ් ඩේ එක නේද...?"


    ".හ්ම්ම්..එහෙම තමයි පොතේ තියන්නෙ නම්.."


     "..එහෙනම් මේක පේෂන් කෙනෙක් වෙනුවෙන් ආපු විෂේශ ගමනක් නේහ්.."



        "...හ්ම්ම්..විශේෂ ගමනක් නම් තමයි.... හැබැයි හොදම යාලුවෙක් වෙනුවෙන් ආපු එකක්...
        ඒත් ආරද්..මං හොඳම යාළුවෙක් විදියට ඔයා ගැන හිතන් හිටියත් ඔය හිතේ තියන් හූල්ලන කතාව මට කියන්න තාමත් හිත හදාගන්න බැරි වුනා නේද..මට දැනෙන දෙයක් තිබුන උනත් මට ඒක ඔයාගෙන්ම අහල දැනගන්න ඕන ආරද්.."



"..ඇයි රිපෝර්ට්ස් වල තිබුනද අද මගෙ අන්තිම දවස කියල..හිහී.."



"..ඔය ඉතින්...රණ්ඩුවක් අල්ලන්නමයි හදන්නෙ.."




"..මං විහිළුවක් නෙමෙයි කලේ.."



"..sorry ආරද්..මං ඔයාගෙ හිත රිද්දනව නේද.."




  "...රිදිල රිදිලම දැන් හිතට වේදනාව දැනෙන්නෙ නැති තරම්.ඔයාට දැනෙන දේ බොහෝදුරට හරි වෙන්න පුළුවන් සවින්දි..ඒත් මගෙ කතාව අහනවනම් ඔයාට සිද්ධ වෙනව සාමාන්‍ය කෙනෙක් අහන්න දකින්න අකමැති දෙයක් අමාරුවෙන් හරි පිළිගන්න.."




"....මං ඕනම දෙයක් දිහා වෙනස් විදියට බලන කෙනෙක්..ඒක ඔයා හොඳින්ම දන්නව.මං මෑතකදි හරිම ආසාවෙන් ලෙංගතු කමකින් ආශ්‍රය කරපු කෙනෙක් ඔයා..එහෙම කාවවත් ලේසියෙන් මගෙ හිතට දැනෙන්නෙ නැහැ.ඔයා දන්නෙත් නැතුව ඇති මං ඔයත් එක්ක කතාකරන්නෙ පවා ලොකු ආසාවකින්..ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ඔයත් එක්ක පුංචි දෙයක් කතා කළත් පොතක් කියෙව්ව වගේ..."



"...ම්ම්..කාලෙකට කලින් මටත් කෙනෙක් ගැන ඔය විදියටම හිතුන...එයාව මට මුණගැහුනෙ අහම්බෙකින්..ඒත් ඒ අහඹු හමුවීම මගෙ ජිවීතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා සවී..."



"...ම්ම්හ්.."



"..ඉතින් අහන්නෙ නැද්ද ඒ කවුද කියල.."



"..ඒ කවුරු වුනත් ඔයා එයාට ගොඩාක් ආදරේ කරන්න ඇති.."


"..ඔව්..තාමත්..
....අම්මටයි අප්පච්චිටයි ඇරුනම අහම්බෙන් මුණගැහුන කෙනෙක්ට මේ තරම් ආදරේ කරන්න පුළුවන්ද කියල හිතාගන්න බැරි තරමට තාමත් ආදරේ කරනවා...දැන් මගේ නෙමෙයි වුනත්,,මට අයිති නැති වුනත් ඒ ඇතිවෙච්ච හැඟීම් මං එක්කවත් මරල දාන්න බැරි වෙයි..."




"..සුදු අයියට ඔයා ඒ තරමටම ආදරේ කලාද ආරද්.."




"..සවින්දි..?..ඔයා ඒක දැනගෙන හිටියද.."



"..නෑ..දැනුන.."



"..එහෙනම්  නොදන්නව වගේ හිටියෙ.?"
   


 

   "..අපි හැමෝගෙම ජීවිතවල මොනවම හරි ගැංගිච්ච දෙයක් තියනවනෙ ආරද්...
අපි කවුරුත් සීයට සීයක් විවෘත මිනිස්සු නෙමෙයිනෙ...අනික එහෙම වෙන්න ඕන කියල නියමෙකුත් නෑ...ඔයාට හොදයි කියල හිතුනු දවසක ඔයාම කියනකන් මං බලන් හිටියෙ..."


"...මාව ජීවත් කරන්න මේ තරම් වෙහෙසෙන්නෙ ඒනිසාද.."


සවින්දිගෙ ඇස් වල හිරවෙලා තිබුන කඳුළු බිංඳු හීන් ඉකියකුත් එක්ක කම්මුල් දිගේ පහළට ගලන් ගියා.
"..නෑ..ඔයාල දෙන්නගෙ බැඳීම  නිසා...මොනව කලත් මට ඔයාල වෙනුවෙන් මුකුත්ම කරගන්න බැරිවුනා.. i'm realy sorry Aarad...මේ අන්තිම මොහොතෙත් මට ඔයා වෙනුවෙන් කරන්නෙ මොනවද කියල හිතාගන්න බෑ..."



පොඩිකාලෙ ඉදලම ගෑණු ළමයි ලගින් ආශ්‍රය කරල නොතිබුනු මට...ඩොක්ටර් සවින්දිගෙයි මගෙයි අතර ගොඩනැගුනු යාළුකම අලුත් අත්දැකීමක් වුනා. මගෙ හිත ගෑණු හිත් ලග නතරවෙනව නම් ඩොක්ටර් සවින්දිව මගේ කරගන්න මං දෙපාරක් හිතන එකක් නෑ.ඒත් දන්න කාලෙ ඉදන්ම මගෙ හිත නතර වෙන්නෙ පිරිමි හිත් ළග විතරයි.


"..මේ කරපු දේවල් හොදටම ඇති සවින්දි.. මොනව කලත් මේක තමයි හැමෝගෙම අන්තිම ඉරණම..මට දැන් දුකක්වත් බයක්වත් නැහැ..
මේ කරපු දේවල් හොදටම ඇති සවින්දි.. මොනව කලත් මේක තමයි හැමෝගෙම අන්තිම ඉරණම..මට දැන් දුකක්වත් බයක්වත් නැහැ..ඔයත් දුක් වෙන්න එපා..
....මං මේ ඩයරි එක ලියන්න ගත්තෙ මාස හයකට කලින්.මොන හේතුවකටද මන්ද මට ලියන්න හිතුන.."






        කාටවත් කියාගන්න බැරුව අවුරුදු ගාණක් තිස්සෙ හිතේ හිරවෙලා තිබුනු හැමදෙයක්ම ලියපු ඩයරිය ඩොක්ටර් සවින්දි අතට දීල මං හිතේ තිබුනු ලොකු බරකින් නිදහස් වුනා..ඩොක්ටර් සවින්දි ඩයරිය දිහාත් මගෙ මූණ දිහාත් මාරුවෙන් මාරුවට බලන් හිටියෙ ඊළඟට මොකද කරන්න ඕන කියල තෝරගන්න බැරුව වෙන්න ඇති..


   
 
   "...දැනටමත් මං ගොඩක් පරක්කුයි. ආයෙ මේක ඔයාට දෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්.ඒ නිසා ඕක ගන්න."


"..මේ ලෙටර් එක.?."



"..ඒක වෙලාව ආවම ඕපන් කරන්න.."


    ඩොක්ටර් සවින්දි ඩයරියත් අරන් එළියට ගියේ ලෝකෙම ඔලුවට කඩා වැටුන වගේ හිතේ කරදරෙන්.... දැන් මගෙ ජීවිතේ ගැන දන්න තවත් කෙනෙක් ඉන්නව.. ඒ විදියට මගේ ජීවිතේ තවත් කෙනෙක්ට කිවයුතු සහ නොකියයුතු දේවල් ගොඩක් මගෙ ආදරණීය මිතුරියත් එක්ක බෙදා ගත්තා. මගෙ කතාව මා එක්කම වැලලෙන්න නොදී එයා ළග පරිස්සමට තියෙයි කියල මට විස්වාසයි....


Last edited by IceCool on 16th February 2017, 08:30; edited 2 times in total
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:21

…………………………………………………………………………




W.A Aaradh eshantha wikramasinghe
(Nugegoda)


  

  
 "" සොඳුරිය...කාලය කොතරම් නපුරුද..

  දිවිහිමියෙන් කඳුලැළි පුරවාගෙන..

  රැකගත් ආලය...උදුරාගෙන ගිය..

  කාලය කොතරම්..නපුරුද සොඳුරිය..""



      මේ තරම් වෙලාවක් නින්දත් නොනින්දත් අතරෙ හිටපු මං එකපාරටම විදුලියක් කෙටුව වගේ ඇහැරුනේ ශාලාව පුරා රැව් පිළිරැව් දෙන්න පටන් ගත්ත ලයාන්විත ගායනය නිසා..ඇස් දෙක එහෙම පිහදාල බලනකොට තමයි දැක්කෙ.. ගායනය වගේම තමයි ගායකයත්......
ඒ අද්විතීය නවක ගායකයාගෙ හඩ ඇහෙනවත් එක්කම පපුවෙ මෙන්න මෙතනයි කියල කියන්න බැරි තැනක ඉඳන් සියුම් වේදනාවක් ඇදිල යනව වගේ දැනුන..


  """..පෙරුම් පුරා දුක සේ ගළපාගත්..

        කවිය ඔබම වී නැළවුනු යුගයක..

        හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත..

        ඒ රුව කෙතරම්..මිහිරිද සොඳුරිය..""




         මා කිසිවිටෙකත් 'සොඳුරියක' වෙනුවෙන් ගී මුමුනන්නෙකු නොවීමි. දෑස් වසාගෙන ඒ ලබැඳි ගායනයට ඇහුම්කන් දීමට කෙතරම් උත්සහ කලද,, අකීකරු දෑස ඒ සොඳුරු රුවම සොයයි....මා ඒ සොඳුරු රුව මෙන්ම  ලයාන්විත ස්වරයන් තුලද කිසිදිනක නොදුටු...නොවිදි අමුතුම වින්දනයක් ලබමින් සිටිනවාට සැකනැත...


  ""...ලොවට හොරා විළිලා බිහි කරගත්..

        වසන්තයේ සඳ මියැදුන දවසට..
 
        බෙදාහදා ගත් දුකවත් අද නැත..

        ඒ දුක කොතරම්..මිහිරිද සොඳුරිය..""




   සිංදුව කියල ඉවර වුනේ කොයි වෙලාවෙද කියලවත් මතක නෑ... ඔක්කොටම කලින් මගෙ කට ඉස්සරවෙලා කෑ ගහන්න ගත්ත.


  "...කමො...න් අයියේ......සුපිරියි...ආ..හ්...."

එතනින් නවතින්නැතුව මගෙ හැකර කට තව මහ සද්දෙට  විසිල් එකකුත් ගැහුව..


මැරිල පලයං.....මුළු හෝල් එකම ගීත රසයෙන් මත්වෙලා ඉන්න වෙලාවෙ දෙනෝදහක් මැද්දෙ නැගිටගෙන පුටුව උඩත් නැගං බූරුවෙක් වගේ කෑගහපු එකා දිහා ඇස් කුට්ටම් පන්සීයක් විතර කන්න වගේ බලං ඉන්නව...ඒ විතරක් නම් මදැයි කන් දෙක පිස්සු වට්ටන කටහඬේ අයිතිකාරයත් ඇස් ලොකු කරන් හිනාවෙවී බලාන ඉන්නව.. ඒ දිලිසෙන ඇස් දෙක මගෙ ඇස්වල ගැටුනම ආත්මයම හිරිවට්ටන තරම් කවදාවත් නොවිදපු  නැවුම් හැඟීමක් දැනුනා...ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.පිරිමි ඇස් දෙකක් ළග මගෙ හදවත නතර වෙච්ච පළවෙනි වතාව ඒක.තප්පර  කිහිපයක් නිහඩම ගෙවිල ගිහින්..මුළු ශාලාවම නැගිටල උළු උඩයන තරම් සද්දෙකින් අත්පුඩි ගහනත් පටන් ගත්ත.
මෙච්චර වෙලා සමවැදිල තිබුන මගෙ දැහැන බිදුනෙ චටාස් ගාල පස්සට වැදුන පහරකින්.

  "...මොකද්ද යකෝ තෝ ඒ කලේ.. ආත්මගෞරවේ කෑවා..බූරුවා..."

    ඉසුරුයි චරිතුයි තව මොනමොනවදෝ කියල බැන්නත් මගෙ ඇස් දෙක දිගටම හෙවුවෙ වේදිකාවෙන් අතුරුදහන් වෙලා ගිය ඒ අයියව.ඒ කටහඬ හරිම ගැඹුරුයි... ඒ වගේම සියුම්... සිංදුව ඉවරවෙලා මිනිත්තු කිහිපයක් ගතවුනත් කන් දෙක ඇතුලෙ ඒ හඬ තවමත් රැව් දෙනව වගේ දැනෙනව. එයත් එක්ක වචනයක් හරි කතාකරන්න තියනවනම්....මේ වගේම කතාකරනකොටත් ලස්සන ඇති...


  "...ආරද්..මචං යමං ෂෝ එක ඉවරයි..."



කොයිතරම් ඇස් කරකව කරකව හෙවුවත් ඒ අයියව හොයාගන්න බැරි වුනා. එදා අපි
මහරගම තරුණ සේවා සභාවෙ  පැවැත්වුනු 'ප්‍රතිරාව' කලා උළෙල බලන්න ගියේ අපේ නිකිල  සහෝදරයා ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරපු නිසා..එදා ඒ ගිය ගමන මගේ ජීවීතේ අලුත් පරිච්චේදයක් ලියවෙන්න හේතුවෙයි කියල නිකමටවත් හිතුවෙ නෑ..
ෂෝ එක ඉවරවෙලා එලියට එන්න කලින් අපි තුන්දෙනා නිකිලව හොයාගෙන ලොබි රූම්ස් පැත්තට ගියා.මං නම් ඇස් කරකව කරකව කන් දික් කරන් හෙවුවෙ නිකිලයව නෙමේ..ඒත් දකින්න බලාපොරොත්තු උන කෙනා පලාතකවත් හිටියෙ නෑ..එහෙමයි කියල අතාරින්න බෑනෙ ;)


නිකිල ගෙන් අහගත්ත විදියට 'මිලාන් හසරංග' කියන්නෙ අවුරුදු විසිදෙකක විශ්වවිද්‍යාල  ශිෂ්‍යයෙක්..මාස්ටර් පෙනුමක් තිබ්බට පොඩි කොල්ලෙක්නෙ.. අඩි හයකට වඩා උස,,ඊටම ගැළපෙන පිරිපුන් ශරීරයක් හිමි වෙලා තිබුනු මිලාන් අයියට බෙල්ල ලගට වෙනකම් වවල තිබුන කැරලි කොන්ඩෙ අමුතුම පෞරුෂයක් එක් කරල තිබුන.ඒ අමුතු පෙනුමටයි කටහඬයි මං වශී උනා කිවුවොත් තමයි හරි..


එදා ෂෝ එක ඉවරවෙලා දින සති ගෙවිල ගියත් මිලාන් අයියව දකින්න ලැබුනෙ නෑ..
ඒත් ඒ හඬ..රූපය නම් කවදාවත් අමතක කරන්න බැරිවුනා..ජීවිතේ හරි පුදුම සහගත විදියට අපිට සමහර දේවල් ලන් කරල දෙන්නෙ..එහෙම ආදරෙන් ලන් කරගන්න හැම දෙයක්ම හැමදාටම ලග තියාගන්න වාසනාව ලැබෙන්නෙත් හරිම අඩුවෙන්..කොයිතරම් උත්සහ කළත් මොකද්දෝ හේතුවකට එකම දවසක් අහම්බෙන් මුණගැහුන ඒ පුද්ගලයව අමතක කරන්න මට බැරිවුනා.ප්‍රතිරාව ෂෝ එකෙන් මාස දෙකකට විතර පස්සෙ අපේ ඉස්කෝලෙ 125 වෙනි සංවත්සරයට ලොකු කළා උළෙලක් පැවැත්වුනා.උසස් පෙළ පංති වල හිටපු නිසා අපිට තමා සංවිධාන කටයුතු වල බොහොමයක් වගකීම් පැවරුනේ.
නමුත් එදා ආයෙම ඒ ලස්සන කටහඩ අහන්න..මූණ දකින්න ලැබෙයි කියල මට නිකමටවත් හිතුනෙ නෑ.




"...සිත්තම් කරමින් මනසේ ඔබ රුව..
කවදා හෝ යලි දකින තුරා
රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනත වැකෙන තුරා.."


මගේ ආත්මයම කම්පනයට පත් කරපු ඒ ලබැදි ගායනය මට ආයෙම වතාවක් අහන්න ලැබුන..මේ කටහඩේ අයිතිකාරය කවුද කියල අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ..මං වේදිකාව පිටිපස්සෙ ඉදන් ඇස්දෙකත් පියාගෙන ඒ ලයාන්විත ස්වරයන් හිතේ හැටියට විදගත්තා.මගෙ හිතට ඒ තරම් සංයමයක් ලැබෙන්න ඇත්තෙ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති.

උත්සවයට සහභාගි වුන අයගෙ සංග්‍රහ කටයුතු බාරවෙලා තිබුනෙ විද්‍යා අංශයට.මං කලින්ම මිලාන් අයියට කෑම වෙන් කරන් එයා ටේබල් එක ළගට එනකන් බලන් හිටියා.හිතුව වගේම එයා ආවෙ මං ලගට.මං කෑම පාර්සල් එක අයිය අතට දෙනකොට එයා ඒක නොගෙන මං දිහා ටිකක් වෙලා බලන් ඉදන් කට කොනින් හිනා වෙලා කෑම එකත් අරන් එළියට ගියා.එදා වගේමයි...අදත් ඒ ඇස් දෙක දිහා බලනකොට මුළු ඇගම හිරිවැටීගෙන යනව..
අදනම් එයාව මිස් කරගන්න බෑ.. කොහොමහරි කතා කරන්න ඕනෙ.. ඒත්
හෝල් එක හැමතැනම හෙව්වත් අයිය හිටියෙ නැහැ.මං මේ තරම් ආසාවෙන් බලන් හිටියත් එයාට මං ගැන හැඟීමක් නැතුව ඇති...ආයෙම හෝල් එක ඇතුලට යන්නවත් මට හිතුනෙ නැහැ.



"...ආරද් මල්ලි..?..ලොකු කල්පනාවක වගේ..."


"...අ..අහ්..මිලාන් අයියෙ ඔයා..??.."


"..හික්ස්..ඔව් මිලාන් තමයි.."


"..මං හිතුවෙ ඔයා ගිහින් කියල... කොහොමද මගෙ නම දන්නෙ.."


"..අහ්...නිකිල මල්ලි කිවුවා...එදා youth centre එකේ ෂෝ එකේදි කෑ ගහපු පිස්සු කොල්ලා තාම මන් ගැන කියනව කියල..."
මේ නිකිලයව නම් කාලත් මදිනෙ...මිලාන් අයිය මං ගැන අහලත් මට කිවුවෙ නෑ..
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:23

එදා අපිට වැඩි වෙලාවක් කතා කරන්න ලැබුනෙ නැහැ.ඒත් මට music ඉගන ගන්න ආසයි කිවුවම මිලාන් අයිය කිව්ව මාව එයාගෙ class එකට join කරගන්නම් කියල.ඒත් ඇත්තටම මට music ඉගනගන්න ආසාවක් තිබුනෙ නෑ.මට ඕන වුනේ මිලාන් අයියත් එක්ක friendship එකක් පටන් ගන්න. මිලාන් අයිය මට විශේශ කෙනෙක් නිසා මුනගැහෙන්න ඒක ලොකු හේතුවක් වුනත් අයියට මාව දකින්න වුවමනා වෙන්න හේතුවක් ඇතිද කියල මට හිතුනෙ නැහැ.

එදා මං ගෙදර ගියේ අමුතු හැඟීම්..අලුත් බලාපොරොත්තු ගොන්නකුත් එක්ක.


දවස් කීපෙකට පස්සෙ මං මිලාන් අයියගෙ music class එකට ගියා.ඒක පංතියක් නෙමෙයි පංසලක් වගේ නිස්කලංක තැනක්.හරිම සෞම්‍ය සංගීතයක් එතන තිබුනෙ..මිලාන් අයිය වගේමයි.

එදායින් පස්සෙ මං මගෙ ජීවිතේ හිරවෙලා තිබුන අවකලන අනුකලන සේරම පැත්‍තක දාල සංගීතෙ ඉගන ගන්න පටන් ගත්තෙ පිස්සුවෙන් වගේ.මට තිබුන වුවමනාවයි මිලාන් අයියගෙ ගුරුහරුකමුයි නිසා මට ඉක්මනින්ම සංගීතය ඉගන ගන්න පුළුවන් වුනා.මම ගොඩක්ම ආස කලේ violin එකට.වයලින් එක ප්ලේ කරනකොට එන වේදනාත්මක හැඟීම්බර සංගීතෙට මං ගොඩක් ආස කලා.එයාගෙන් මට ලැබුන පළවෙනි තෑග්ග සරස්වතී දේවියන්ගෙ පිළිමයක්..ඒක මගෙ ඉගෙනීමේ වැඩවලට ආශීර්වාදයක් වෙයි කියල එයා විස්වාස කලා..


මිලාන් කියන්නෙ වයසට වඩා මුහුකුරාගිය පරිණත දැක්මක් තිබුණ හරිම සංවේදී... සෞන්දාර්‍යවාදී මනුස්සයෙක්...හැම දෙයක් ගැනම පුළුල් විදියට හිතපු..ධනාත්මක අදහස් දරපු කෙනෙක්.ඒ නිසා පොඩි වයසක හිටිය වුනත් අයියට ජීවිතේ ගැන සමාජෙ ගැන ගැඹුරු අවබෝධයක් තිබුනා.අපි තනිවුන වෙලාවට පවා කතාකලේ ඒ දේවල්.එයා කතාකරන හැම වචනෙකම මට ඉගනගන්න ගොඩක් දේවල් තිබුනා.හරියට පොතක් කියෙව්ව වගේ.පුළුවන් හැම වෙලාවකම අයිය මට එයා දන්න දේවල් කියල දුන්නා.පොත් කියවන්න,කවි ලියන්න, අනිත් මිස්සුන්ගෙ හිත් තේරුම් ගන්න හුරු කෙරෙව්වා.මිලාන් අයියගෙ ඇසුර නිසා මගෙ ලාමක බොළද ජීවිතෙත් සෑහෙන්න වෙනස් වුනා.


ඒ වෙනකොට මං දැනන් හිටියා මිලාන් අයියත් එක්ක මගේ හිත නමක් නැති බැඳීමකින් බැඳිල තියන බව..අයියගෙ වම් අත මගෙ උරහිස යටින් දාල අනිත් අත පපුව වටේ දාගෙන මට guitar එක play කරන්න උගන්නන කොට මං තව තවත් එයාගෙ රෝම පිරුණු හැඩිදැඩි පපුවට තුරුල් වෙලා ඒ හැඟීම විදගන්න ආස කළා. ඒ වෙලාවට මට දැනුනෙ කියාන්න බැරි ආදරයක්..මිලාන් අයියගෙන් මගෙ ජීවිතේට ලැබුන ආදර්ශ බොහොමයි.. ඒනිසාම මමත් මගෙ සෙල්ලක්කාර දඟකාර ජීවිතේට සමුදීලා ගොඩක් තැන්පත් චරිතයක් වුනා.අම්මටයි අප්පච්චිටයි මගෙ වෙනස ලොකු පුදුමයක්.. එයාලත් මිලාන් අයියට ආදරේ කළේ එයාලගෙම දරුවෙකුට වගේ..


අම්මගෙ අප්පච්චිගෙ වගේම අයියගෙ ආශීර්වාදයත් කැපවීමත් නිසා මං විභාගෙන් ඉහළ ප්‍රථිපල ලබා ගත්තෙ කාගෙත් බලාපොරොත්තු ඉෂ්ඨ කරමින්.

අපේ හමුවීමෙන් පස්සෙ ගෙවුන හැම තත්පරයකදිම අපි අපිට නොකියපු හිතපුරාම දැණුන හැඟීමක් ඇතිබව අපි දෙන්නම දැනගෙන හිටියා.ඒත් ඒ හැඟීමට නමක් දීල අපේ බැඳීම නැතිකරගන්න අපි දෙන්නටම ඕන වුනේ නැහැ.පුංචි පුංචි දේවල් වලින් හිතේ හැංඟිලා තිබුන ආසාවල් ඉෂ්ඨ කරන් සෑහීමකට පත්වෙන්න තරම් ඉවසීමක් නිස්කලංක කමක් මට ලැබුනෙත්  අයියගෙන්.
අපේ කැම්පස් දෙක ගොඩක් දුර නැති නිසා මුනුගැහෙන්න අමාරුවක් තිබුනෙත් නැහැ.අයිය නිදහසේ ඉන්න කැමති නිසා බෝඩිමේ හිටියෙ තනියම.මං සමහර වීක්එන්ඩ් වල ගෙදර නොයා අයියගෙ බෝඩිමට යනව..



"..මල්ලි මොකෝ මෙතන..සීතල නැද්ද.. හොඳටම වහිනවත් එක්කනෙ.."



"..වහිනකොට මෙතන හරි ලස්සනයි.."



"..වහිනකොට නෙමෙයි බං මෙතන කොහොමත් ලස්සනයි.."



"..නෑ..වහිනකොට අමුතු ලස්සනක් තියනව..අපේ හොස්ටල් එකට වඩා.."



"...ඒ උඹට හිතෙන හැටි...හැමතැනටම වහින්නෙ එකම වැස්ස තමයි.."



"..එකම වැස්ස වුනත් දැනෙන විදිය වෙනස්.."



"..ඇයි ඒ.."



"..හැමෝටම එකම විදියට දැනෙන්නෙ නෑනෙ ඉතින්.."



"..උඹ දැන් පොත් කියවනව වැඩියි මල්ලි.. ඒකයි ඔය..මගෙම වැරදි තමයි ඉතින්.."




"..අනේ මන්ද..නිකන් මට හිතුන.."



"..ඒකනෙ මං කියන්නෙ වීක්එන්ඩ් එකෙත් හොස්ටල් එකේ රිංගන් ඉන්නෙ නැතුව මෙහෙ වරෙං කියල.."


"..ඒකද උඹ එහෙම කියන්නෙ..."



".හ්ම්ම්."



"..ඒක විතරමද..?.."


ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මිලාන් අයිය මගෙ මූණ දිහා බලාගෙන හිටිය.හරියට එයා කවදාවත් අහන්න එපා කිවුව දෙයක් ඇහුව වගේ.

"..නෑ.."


"..එහෙනම් කමක් නෑ..මං හිතුව ඒක විතරයි කියල....මේ අයියෙ කුඩයක් තියනවද.."



"..ඔව් තියනව..ඇයි මේ වැස්සෙ කොහෙ යන්නද.."



"..යමං අයිස් ක්‍රීමක් කාලා එමු.."



"..පිස්සුද යකෝ..මැරෙන්නද හදන්නෙ.."



"..මෙන්න මෙහෙ වරෙන් අයියෙ ඉක්මනට දුවල එමු.."



"..ඕ..ශිට්...ඒ ඔහොම හිටපන් කුඩේ අරන් එනකන්.."


"..කුඩ ඕන් නෑ වැස්ස අඩුයි තෙමි තෙමි යමු.."



"..මල්ලි ඔහොම ඉන්නව මං එනකන්.. උඹ නම් පිස්සෙක් මල්ලි..තාම ඔය වැස්සෙ අයිස්ක්‍රීම් කන කෙහෙල්මල්  ආසාව නතර කරගත්තෙ නැහැ නේහ්..?.."



"..නතර කරගන්නෙත් නැහැ..ඒක මගෙ අහිංසක ආසාවක්නෙ..හිහී.."



"..උඹේ අහිංසක ආසාවල් නිසා උඹට මැරෙන්න දෙන්න මට බෑ මල්ලි...ඒ නිසා ඔය හැඟීම් පාලනය කරගනින්.."


වැස්සෙ පොඩ්ඩක් තෙමුනට මැරෙන්නෙ නැහැ.."



"..ඔව් එකපාර මැරෙන එකක් නෑ..ටික ටික විදවල මැරෙන්න හේතුවක් හැදෙයි.."



"..ඉතින් ඔයා ඒ හේතුවලට බයේ හැඟීම් දැනීම් නැති ගානට ඉන්නවද හැමදාම.."



"..මල්ලි..අයිස්ක්‍රීම් ඕන නෑ..මෙතනින් හැරිල යමු.."
මිලාන් අයිය මගෙ දකුණු අත තදින් අල්ලන් එයාගෙ ළගට ඇදල ගත්ත .



"..දැන් ගොඩක් දුර ඇවිත්නෙ..මට බෑ..."



"..ඒක තමයි තව දුර නොයා ආපහු යමු..."



"...මට බෑ.."



"..ආරද් මං ආයෙ උඹට කියන්නෙ නැහැ.."



"..ඇයි අයියෙ ඔහොම කරන්නෙ.."



"..මොනව කරන්නෙත් ඔයාගෙ හොදට.."



"..හොදට..? දැන් අවුරුදු ගාණක් තිස්සෙ හිත හිරකරන් හිටිය මදිද...ඔයාට තවත් මුකුත් නොදැනෙන ගාණට ඉන්න පුළුවන්ද අයියෙ..ඔයාට වගේ මට බෑ තවත් මෙහෙම ඉන්න..මං..ඔයාට ආදරෙයි..ඔව්..ගොඩාක්..ආදරෙයි අයියෙ..."

දරාගන්න බැරිම තැනකදි මටත් ඇස්වල කඳුලු හංඟන් ඉන්න බැරි වුනා.ඒත් වැහි වතුර නිසා කදුළු වෙන් වෙලා පේන්න නැතුව ඇති.අපි දෙන්නම හිටියෙ හොඳටම තෙමිල.මිලාන් අයියගෙත් ඇස් රතු වෙලා තිබුනෙ වැස්සෙ තෙමුණ නිසා නෙමෙයි.


"..තවත් ඔහොම ගලක් වගේ බලන් ඉන්න එපා අයියෙ..ඇයි ඔහොම ඉන්නෙ.."


තවත් මොහොතකින් මිලාන් අයිය මාව ළගට ඇදල අරන් තුරුල් කරගත්ත..


"..මමත් ආදරෙයි සුදු මල්ලි...ගොඩක් ආදරෙයි..මමත් පුළුවන්කමකට හිටිය නෙමෙයි.ඔයා ගෙවපු සරල සාමාන්‍ය ජීවිතේ නැති කරල දාන්න බැරි නිසා..ඔයා හිතන තරම් මේක සරල දෙයක් නෙමෙය මල්ලියො. ඒත් මටත් බෑ දැන් එහෙම ඉන්න..මං පොරොන්දු වෙනව මේ ජීවිතේ හැම සතුටකදිම දුකකදිම උඹ එක්ක ඉන්නව කියල.."


එදා රෑ හීනි පොද වැස්සක තෙමි තෙමී.. අයිස්ක්‍රීම් කඩේ තිබුන ගඟ ඉවුරෙ කාගෙවත් ඇහැ නොගැටි පළවෙනි වතාවට  අපේ තොල් එකට පැටළුණා. මං දැනගෙන හිටිය මගෙ ආදරේ ළඟ අයියට තවදුරටත් නිහඬව ඉන්න බැහැ කියල.
කොහොම වුනත් මට අවුරුදු තුනක්ම බලන් ඉන්න වුනා ඒක කියාගන්න. අයියගෙ තරම් මගෙ හිත හයිය නැති නිසා වෙන්න ඇති කවදාවත් කියන්නෙ නැහැ කියල හිතපු හැමදේම කිවුවෙ..


"..මොකද සුද්දො කට වැහිල.."



"..කට කෑවනෙ මගෙ.."


"..කවුද දන්නෙ නෑ..කට කෑවෙ..බලහන් මගෙ තොල තුවාල වෙලා ලේත් එනව.."



"..අනේ යනව අයිය බොරු නොකිය.. මං තදට හැපුවෙ නෑ. රූම් එකට ගිහාම ආයෙ කෙළ පොඩ්ඩක් ගාන්නම් එතකොට හරි යයි ඔය අමාරුව.."


"..ආහ්..තොලේ විතරක් ගෑවට අමාරු අඩුවෙන්නෙ නෑ.."


"..මෙන්න මෙහෙ එනව අයිය පාරෙ කෑ ගහන්නෙ නැතුව..ඉක්මනට ඔලුව පිහිදගමු ගිහින්.."
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:26

දින සති මාස වෙවී අපිටත් නොදැනීම කාලය හරි ඉක්මනින් ගතවෙලා ගියා. ඒ ගෙවුණ හැම මොහොතකම මිලාන් අයියගෙත් මගෙත් බැඳීම..ආදරේ වැඩි වුනා මිසක් අඩුවක් වෙන කිසිම දෙයක් වුනේ නැහැ.මගෙ කැම්පස් එක ලගින් ගත්තු අලුත් බෝඩිම තමයි අපේ පුංචි නවාතැන වුනේ.අයියගෙ convercation එකෙන් පස්සෙ එයාට හොද ජොබ් එකකුත් ලැබුන.ඉගන ගන්න නිසා ගෙදර අයගෙ බලපෑමක් තිබුනෙත් තිබුනෙත් නැහැ.මමත් ඒ වෙනකොට තුන්වෙනි අවුරුද්දෙ හිටියෙ.වැඩ කොයිතරම් වැඩි වුනත් අපිට අපි වෙනුවෙන් ගත කරන්න කාලය කොහොමහරි හොයා ගත්ත.වැඩ වැඩි නිසා අයිය පංති නවත්තන්න හැදුවත් මගෙ ඉල්ලීමෙන් අපි දෙන්නම එකතු වෙලා අයියගෙ music class එකත් දිගටම කරගෙන ගියා.

ඊළඟට එළඹෙන මොහොත කොයිතරම් අවිනිශ්චිත වුනත් අපි එකට ඉන්න හැම වෙලාවක්ම ගතකළේ හිතේ පිරිල ඉතිරිලා යන සතුටකින්.


"..මල්ලියො..කෝ ඔයා පාඩම් කරනවද.."



"..ආහ්..අදත් කලින් පැන්න නේහ්.."



"..අද විශේෂ දවසක් මෝඩයො ඒකයි කළින් ආවෙ.."



"..හපොයි අර නිකිණි කෙල්ලත් එක්ක අදත් ස්කූටියෙද ආවෙ..මං කිව්වා අයිය උඹේ අඩු කඩනව කියල ආයෙ ඕකෙ ආවොත්.."



"..අම්මෝ උඹ නම්...ඔන්න පැළෙනව ඊරිසියාවෙ.."


"..අනේ යනව..ඔය කකුල් දෙක හොදට තියන්නෙ.බස් එකේ එනවකො.."


"..මං අදත් බයිසිකලේක ආවෙ හැබැයි නිකිණිගෙ නෙමෙයි.."


"..එහෙනම්..කාගෙද..?..කවුද ඒ නැට්ටිච්චි.."



"..නැට්ටිච්යෙක් නෙමෙයි හලෝ ඒක නැට්ටෙක්ගෙ.."



"..උඹට මම....."

මං අයියගෙ ඇගට පනින්න හදනකොට එයා මාව අත් දෙකට උස්ස ගත්ත..


"..මල්ලි..කෝ ඇස්දෙක වහගනින්.."



"..බෑ බෑ උඹ මාව බිම දාන්න හදන්නෙ.."



"…මේ අයිය කවදාවත් සුදු මල්ලිව බිම දානවද..වහගන්නකො ඇස්දෙක..ඔයාට දෙයක් පෙන්නන්න තියනව.."

අයිය මාවත් උස්සගෙනම එළියට ආව.එළියෙ නවත්තල තිබුනෙ මං කැමතිම වර්ගයෙ අලුත්ම බයික් එකක්..


"..ඔයා කැමතිම රතු පාටටනෙ... කොහොමද..ඔයා ආසයිනේද.."



"..අයිය..ඔයා..මේක ගත්තද..?..වාව්.. මරු හලෝ...උඹනම් පිස්සෙක්ම තමයි..මට කිවුවෙවත් නැහැ..."


"...ඉතින් බම් සයිප්‍රස් එකක්නෙ..කිය කිය කරල වැඩක් තියනවද...හිහී.."


"..ඉතින් මොකද්ද අද තියන විශේෂත්වෙ.."


"..ම්ම්..අදට මං ඔයාව දැකල අවුරුදු පහයි.."


"..ඉතින් බම් ගිය අවුරුද්දට අවුරුදු හතරයිනෙ එහෙනම්..ඒත් ඔයා මුකුත් ගෙනාවෙ නෑ නෙ..."


"..අනේ මේ ඔය කට වහගෙන ලෑස්තිවෙලා වරෙන් රවුමක් යන්න..."


"...අනේ දෙයියනේ අවුරුදු හය සමරන්න ඉන්නවෙන එකක් නෑ වගේ..හිහ්."



අපි අලුත් බයිසිකලේ පංසලටත් ගිහින් church එකටත් ගිහින්..රෑ කෑමත් අරන් රූම් එකට ආව..ඒ හැමතැනකදිම ප්‍රාර්ථනා කළේ ජීවිතේට මේ ලැබුන සතුට සැනසීම ආපහු උදුරගන්න එපා කියල...අපිට කාගෙන්වත් කරදරයක් බාධාවක් නොවුන පුංචි කාමරේ ඇතුළෙ හිතේ හැටියට අපේ ආදරේ විදගත්ත.ඒ වෙනකොට අපි අතරෙ සීමා මායිම් කිසිවක් තිබුනෙ නැහැ..අපි හිතිනුත් ගතිනුත් අපේම වෙලා හිටියෙ..


ඒත් එදා රෑ ඇඟේ නූල් පොටක්වත් නැතුව හිටපු වෙලාවෙ කාමරේ දොර ළඟ ඉන්න කෙනා දැක්කම අයියටයි මටයි සිහි නැතිවුනා..

"..අ.අ..ප්පච්චි..?.."

අප්පච්චි අතේ තිබුන බෑග් එකත් බිම දාල කාමරෙන් එළියට දිව්ව.අපි අප්පච්චිගෙ කකුල්දෙක ලඟ වැටිල සමාව ඉල්ලුවත් එයා එකපාරක්වත් අපි දිහා බැලුවෙ නැහැ..

එදායින් පස්සෙ අම්මයි අප්පච්චියි මං එක්ක වචනයක්වත් කතා කලේ නැහැ.. මටත් බැරි වුනා එයාලට මූණ දෙන්න.හැමදාම වගේ අප්පච්චි දරාගන්න බැරි හැඟීමකින් මගේ දිහා බලන් හිටිය ඇරෙන්න කටක් ඇරල මුකුත්ම කිව්වෙ නැහැ. මං බලාපොරොත්තු වුන විදියෙ අපහාසයක්වත් කළේ නැහැ.ඒක දරාගන්නම අමාරු දෙයක්..

අයියගෙ කීම නිසා අපි දෙන්න ගෙදර ගිහින් අම්මටයි අප්පච්චිටයි අපි ගැන හැමදේම කිවුව.අම්ම හිටියෙ ලොකු දුකකින්.මං එයාලගෙ එකම දරුව නිසා.. නොකිව්වට අප්පච්චිත් එහෙමයි..එදා අප්පච්චි ජීවිතේ පළවෙනි වතාවට මං ඉස්සරහ අඩ අඩ අයියගෙ කකුල්දෙක ළඟ වැටිල මේක නවත්තන්න කියල කිව්ව.ඒක අණ කිරීමක් නෙමෙයි..එකඟ වෙන්න බැරි ඉල්ලීමක්. අපි ආයෙම රූම් එකට එන්න පිටත් වුනත් අප්පච්චිවත් අම්මවත් මුකුත්ම කිවුවෙ නැහැ.ඒත් අපිට ආපහු යන්න ලැබුනෙත් නැහැ.


අයියට බයික් එක controle කරගන්න බැරුව ඉස්සරහින් ආපු ටිපර් එකකට අපි හැප්පුනා.
ජීවිතේට ලැබුන හැම සතුටක්ම හොරු අරන් ගියා වගේ..අපේ සතුටට තිබුන ආයුෂත් ඉවර වුනා.අවුරුදු ගාණක් තිස්සෙ ආදරෙන් ගොඩනගපු..ඇස් දෙක වගේ පරිස්සම් කරපු හැමදේම මොහොතකින්  ඇස් ඉස්සරහම නැති වෙලා ගියා. ජීවිතේ ගැන තිබුන අන්තිම බලාපොරොත්තුවත් හිතෙන් මැකිල යනකොට ලේ විලක් මැද වැටිල හිටපු අයිය දිහා බලන් මගෙ ඇස් පියවුනා.

accident එකෙන් දවස් තුනකට පස්සෙ මට සිහිය එනකොට අයිය hospital එකේ හිටියෙ නැහැ.ඔලුවට ගොඩක් ඩැමේජ් වෙලා තිබුන නිසා මගෙ සිහිකල්පනාවත් හොඳ තත්වෙක තිබුණෙ නැහැ.එදා අනතුරෙන් අපි දෙන්නගෙම ජීවිත බේරන්න තරම් දෛවය සාදාරණ වෙලා තිබුණත් අයියව මට නැතිවුනා. සිහිය ආවම මං පිස්සෙක් වගේ අයියව හෙව්වත් එයාව ගෙදර අය ඇවිත් ගාල්ලෙ හොස්පිට්ල් එකකට අරන් ගිහින්.
මට බලන්නවත් ලැබුනෙ නැහැ. මිලාන් අයියගෙ යාළුවෙක්ගෙන් දැනගත්තු විදියට අයියට ලොකු අමාරුවක් වෙලා තිබුනෙ නැහැ.ඒත් මං හොස්පිට්ල් හිටපු මාස දෙකෙන් එක දවසකවත් එයා මාව බලන්න ආවෙවත් කෝල් එකකට ආන්සර් කලේවත් නෑ.ජොබ් එකෙනුත් අයින් වෙලා ගමේ ගිහින් තිබුනෙ.මං එදා හිටපු situation එකත් එක්ක අයියගෙ වෙනස් වීම දරාගන්න බැරි වුනා. මාස ගාණක් ගතවුනත් එයා මට මූණදෙන්න ආවෙ නැහැ.පස්සෙ මං දැනගත්ත අපේ අප්පච්චිගෙ ඉල්ලීමකට එකඟ වෙලා අයිය මාව අතහරින්න තීරණය කළා කියල.අඩු තරමින්  යන්නම් කියල කියන්නවත් එක වචනයක් කතාකරන්න අයිය මං ලඟට ආවෙ නැහැ.


අප්පච්චි එක්ක තිබුණ තරහට මං ගෙදරින් ගිහින් වෙනම තැනක තනියෙන් ජීවත් වෙන්න පටන් ගත්ත.ඒ දවස් වල අප්පච්චිගෙන් පළිගන්න මං නොකරපු දෙයක් නැහැ.මං කළේ මටම රිද්ද ගන්න එක.මගෙ වේදනාවෙන් එයාලටත් රිදෙන බව මං දැනන් හිටිය.මට දීල තිබුන කාල සීමාවෙන් පස්සෙත් lectures නොයා exam නොකර හිටපු නිසා degree එකත් cancel වුණා.අයිය ඒ දේවල් දැනගෙන හිටියද කියන්නවත් මං දන්නෙ නැහැ.ඒත් මට දුකක් දැනුනෙ නෑ. නැති වෙන්න ඉතුරු වෙලා තිබුණ එකම දේත් නැතිවුණා.වටිනම දේ නොලැබුණයින් පස්සෙ මොනතරම් දේවල් තිබුනත් වැඩක් නැහැ.ජීවිතේට ඔහේ ගලාගෙන යන්න ඇරල මං ඔහේ බලන් හිටිය..උඹ අද එයි හෙට එයි කියල හිතුව.
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:28

*********************************** ******************
වසර දෙකකට පසු


"..excuse me.."


"..yes.."



"..අහ්..මට mister ආරද් ව meet වෙන්න පුළුවන්ද..?.."


"..ම්ම්..මං තමයි ආරද්..ඔයා කවුද.."


"..ආහ්..මං හිතුව හොයාගන්න අමාරුවෙයි කියල...මං...මිලාන් අයියගෙ sister in law...සවින්දි..එයා ඔයාගෙ පරණ යාළුවෙක් කියල තමයි කිව්වෙ"


"..ආහ්..?..එහෙමද මං දැනගෙන හිටියෙ නෑනෙ.."


"..mister ආරද් කොහොම දැනගන්නද අපේ සුදු අයියටත් මාව අමතක වෙලා තිබුනෙ. මං england ඉදන් ඇවිත් තවම සතියයි.. සුදු අයියගෙ වෙඩින් එකට නෑවිත් බැහැනෙ. මං කොළඹ එනව කිවුවම අයිය කිවුවා පරණ යාලුවෙක් ඉන්නව wedding invitation එකක් දෙන්න කියල.."


මගෙ ජීවිතේට අහපු වේදනාකාරීම වචන ටික එදා අහන්න ලැබුනා.ඒ කියන්නෙ දැන් ඔයාගැන මට කිසිම අයිතියක් නැහැ.. මේ දේවල් අහන්න තරම් මගෙ හිත හයිය වුන එකත් පුදුමයි.

කාලය ගතවෙන එක ගැන..මං අවට සිද්ධ වෙනදේවල් ගැන මගෙ කිසිම අවබෝධයක් තිබුනෙ නැහැ.කාලයට ඉඩ දීල හිස් මනසකින් මම ඔහේ බලන් හිටිය.accident එකෙන් සිද්ද වුන තුවාල සනීප වුනාට පස්සෙ මං කිසිම බෙහෙතක් අරගත්තෙවත් ආයෙම හොස්පිට්ල් ගියේවත් නැහැ. සැරින්සැරේ මතුවෙන දරාගන්න බැරිතරම් හිසේ වේදනාව නොදැනුන වගේ හිටිය.ඒ වේදනාව එන්න එන්නම වැඩි වුනා.ඔයා වෙනකෙනෙකුගෙ වෙනව බලන එක තරම් ඒ වේදනාව දරුණු නැහැ. උඹේ සිනිදු හිත මේ තරම් දරදඩු වුනේ කොහොමද කියල මට තවම හිතා ගන්න බැහැ..
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:30

************************************************

අදට මට ඔයාව මුණගැහිල අවුරුදු අටක්..ඒ වගේම මට ඔයාව නැතිවෙලත් දැන් අවුරුදු තුනක්.. ඒ දෙකම එකම දවසෙ වුනේ කවදාවත් අමතක කරල හිතහදාගන්න බැරි වෙන්න වගේ.මට ඕන උනා ආයෙම ඔයාව දැක්ක තැනට යන්න.ඒත් අද මං තනියම..ඔයාට අමතක නෑ නේද ඔයාගෙ සින්දුවට පිස්සු වැටිල කෑ ගහපු පිස්සු කොල්ලව.එදා ඉදන් අද වෙනකන් වෙච්ච දේවල් මතක් වෙලා හිත රිදිල රිදිලම මට දැන් ගොඩක් මහන්සියි අයියෙ..අපි නිකමටවත් හිතුවෙ නැහැ නේද මෙහෙම වෙයි කියල..ඔයාගෙ අත්දෙකෙන්ම ගොඩනගපු මගෙ ජීවිතේ දැන් අන්තිම අඩියටම වැටිල. තවත් මේව දරාගන්න තරම් හිත හයිය නෑ අයියෙ..

ආයෙමත් දරාගන්න බැරි තරම් හිසේ වේදනාවක් එක්ක අවට තියන දේවල් බොදවෙන බවකුත් කළුවරට වීගෙන එන බවකුත් දැනුනා..

"...මිස්ටර් ආ..රද්..ආරද්...මොකද වුනේ... ඔයා එකපාරටම ෆේන්ට් වුනා.."


"..ඩ්.ඩොක්ටර්..සවින්දි..මෙහෙ.."


"...ඔව් ආරද්..මං දැන් ලංකාවෙ ඉන්නෙ..ඔයාව අදුරගන්නත් බැරි තරම් වෙනස් වෙලා.."


"..අ.හ්...මේ කොහෙද.."


"..අපි ඉන්නෙ මගෙ කාර් එකේ..ඔයා පාර අයිනෙ ඉන්නව මං දැකල කතා කරන්න ආවෙ.එතකොටම ඔයා ෆේන්ට් වුනා..ඇයි ඒ අද ලන්ච් එක මිස් වුනාද..."


"..ආහ්..නෑ ඩොක්ටර්..මං ටිකක් අසනීපෙන් ඉන්නෙ..ඒකයි.."


"..ඔයා දැන් කොහෙද ඉන්නෙ..."


"..මේ ළඟ.."


"..හරි අපි යමු එහෙනම්.මං ඔයාව ඩ්‍රොප් කරන්නම්..අසනීපයි නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන නේද ආරද්..මොකද්ද අසනීපෙ..."


"...ම්ම්..ටික කාලෙකට කලින් වෙච්ච accident එකකින් පස්සෙ...ඔලුවට ටිකක් ඩැමේජ් වුනා ඩොක්ටර්..."


"..ඉතින්..treatments කරන්නෙ නැද්ද.."



"..නැහැ.."

මං බැහැ කියද්දිත් ඩොක්ටර් සවින්දි බලෙන්ම මගෙ පරණ medical reports අරගෙන බලන්න ගත්තා

"...ටිකක් නෙමෙයි ආරද්..ඔයාගෙ ඔලුවට ගොඩක් ඩැමේජ් වෙලා තියනව..මේව ගොඩක් පරණ රිපෝර්ට්ස්නෙ..අනික මේ එක පරීක්ෂණයක්වත් ඔයා කරල නැහැ.. එදා ඉදන්ම ට්‍රීට්මන්ට් කලේ නැත්නම් දැන් ඔයා ඉන්නෙ ලොකු රිස්ක් එකක.."


ඩොක්ටර් සවින්දිගෙ බලකිරීම නිසා එදා හවසම එයා වැඩකරපු පුද්ගලික රෝහලේ මං නතර වුනා.ජීවත් වෙන්න කිසිම ආසාවක් නොතිබුනත් මං ඒ සිද්ධ වෙනදේවල් වෙනස් කරන්න නොගිහින් එහෙම්මම වෙන්න ඇරිය.එදා හවස ඉදන් දවස් තුනක් ඇතුළත පරීක්ෂණ ගොඩක් කළා.ඒ වාර්තා වල තිබුනෙ යහපත් දේවල් නම් නෙමෙයි කියල ඩොක්ටර් සවින්දිගෙ ඉරියව් වලින් තේරුම් ගන්න අමාරු වුනේ නැහැ..ඒ මූණෙ ඇඳිල තිබුනෙ ලොකු වේදනාවක්..

"...මොකක්ද මට තියන අසනීපෙ..ඔහොම මූණ අඳුරු වෙන්න තරම්.."


"..ඔයාට තවත් හංඟන එකේ තේරුමක් නැහැ ආරද්..ඔයා ලොකු ඩේන්ජර් එකක ඉන්නෙ..ෆැමිලි එකේ අයට ඉන්ෆෝර්ම් කලොත් හොදයි.."


"..මොකක්ද.."


"..ඔයාගෙ brain එකේ cancer එකක්..i'm sorry ආරද්..දැන් situation එක controle කරන්න අමාරුයි.."


"...මට දුක නැහැ සවින්දි..ඒ මං බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්.."


"..ඇයි ආරද්..මේ තරමටම ජීවිතේ අතෑරල දැම්මෙ..."


"..මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ සවින්දි..ඒ බලාපොරොත්තුව මට නැති වෙලත් දැන් ටිකක් කල්.."


"..මට ඕක කිව්ව දෙවනි කෙනා ඔයා.."


"..කවුද ඒ පළවෙනි කෙනා.."


"..මිලාන් අයිය.."


"..මොකක්..මොනවද එයා කිව්වෙ.."


"..හ්ම්ම්..කිව්වෙ නෑ..ලියල තිබුන.."


"..කොහෙද..?."


"..ඔයා..ඒ ගැන දන්නෙ නැද්ද ආරද්.."


"..මොනව ගැනද..."


"..මිලාන් අයිය නැතිවුනා..ඔයා ඒ ගැන දන්නෙ නැද්ද.."



මං මේ මොනවද අහන්නෙ..මට ඇහෙන දේවල්..නැහැ..ඒ ඇත්ත නෙමෙයි..මං හිතන් හිටියෙ..ඔයා මේ ලෝකෙ කොතන කොහේ හරි හොඳින් ඇති කියල..ඒත්..

"..ඔ.යා..ම්.මොනවද..මේ කිය.න්.නෙ.... නෑ මට ඒ ගැන අහන්න ඕන නෑ..."


"…ආරද්...ඔයා funeral එකට ආවෙ නැති වුනාම මං හිතුව ඔයා දන්නෙ නැතුව ඇති කියල..ඒත් contact කරගන්න විදියක් තිබුනෙ නැහැ...i'm realy sorry ආරද්...
මිලාන් අයිය වෙඩින් එක දවසෙම suicide කරගත්තෙ ඇයි කියල අපි කාටවත් තාම හිතාගන්න බැහැ.එයා ලියපු ලෙටර් එකේ තිබුන දේවලුත් clear නැහැ.ඔයා කියපු දේ ඇහුවම මට ඒක මතක් වුනා..'ජීවත් වෙන්න තිබුන බලාපොරොත්තුව නැතිවුණා' කියපු එක. ඊට සමාන දේවල් ටිකක් තමයි ඒකෙත් තිබුනෙ.එයාට ලව් එෆෙයාර් එකක් තිබිලත් නැහැ.අනේමන්ද..එයාගෙ මරණෙ මටත් ලොකු ෂොක් එකක් වුනා.."


සවින්දි කියපු දේවල් මගෙ කන්දෙක ඇතුළෙ රැව්දෙන්න පටන් ගත්තා..එදා පළවෙනි වතාවට මිලාන් අයියගෙ හඩ ඇහුන දවසෙ වගේම.අපිට අපිව මගහැරුණෙ කොතනද කියල මට තාමත් තේරුම් ගන්න බැහැ.ඒකට අපේ අප්පච්චි ලොකු හේතුවක් වුනා කියල මතක් වෙනකොට ඉස්සර මැරෙන්න තරම් ආවේගයක් දැනුනත් දැන් එහෙම නැහැ.


ඔයත් අන්තිම ගමන යන්න ඇත්තෙ ලොකු හිත්වේදනාවකින් වෙන්න ඇති මගෙ අයියෙ.ඔයා ඔයාවම නැතිකරගන්න තරම් ඔය අහිංසක හිත දරුණු වුනේ කොහොමද..මේ හැමදේම මං හින්දද..ආපහු අතීතෙට ඒ වෙච්ච දේවල් වෙනස් කරන්න තියනවනම්.අපේ කතාව මේ විදියට ඉවරවෙයි කියල හිතුවනම් මං කවදාවත් උඹ එක්ක බොරුවටවත් තරහ වෙලා ඉන්නෙ නැහැ.

එදා ඉදන් අද වෙනකන්ම උඹ අද එයි හෙට එයි කියල හිතුව.ඒත් උඹ කවදාවත් ආවෙ නෑ..මට ළං වෙන්න ඉඩදුන්නෙත් නැහැ.මං අවුරුදු දහඅටේ ඉදල ජීවිතේ පටන් ගත්තෙ ඔයත් එක්ක..ඔයා මට ඒ අවුරුදු කීපෙදි මහ ගොඩක් දේවල් ඉගැන්නුව..හැබැයි අයියෙ ඔයාට එක දෙයක් මඟෑරුනා..ඔයා නැතුව ජීවත්වෙන විදිය මට කියල දෙන්න ඔයාට බැරි වුනා..




"..සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනත වැකෙනතුරා.."
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:35

ආරද්ගෙ ඩයරි එක කියවල ඉවර වෙනකොට මගෙ ඇස් වල තිබුණු කඳුලුත් ඉවර වෙන්න ඇති...ඒ තරම් කඳුලු මගෙ ඇස් වලින් කවදාවත් වැටිල නෑ.. මේක මේ විදියට සිද්ධ වුනේ ඇයි කියල හිතේ තෙරපෙන වේදනාවත්..ජීවිතේ ගැන ඇති වුනු කලකිරීමත් එක්ක මහ රෑ වැස්සෙම කාමරෙන් එළිය ගියා.....හිතේ හැටියට අඩන්න තැනක් හොයා ගන්න..
ජීවිතේ පළවෙනි වතාවට දැනුනා කෙනෙක්ගෙ දෛවය කොයිතරම් නරක විදියට ලියවෙන්න පුළුවන්ද කියල. ආදරෙයි..ආදරෙයි..ආදරෙයි කියල.. අල්පමාත්‍රයක්වත් ආදරේ නොකරන මිනිස්සු අතරෙ..හදවතින් නිහඬවම ආදරේ කරපු ආරද් සහ මිලාන් කොයිතරම් නම් ලෙංඟතු ආදරවන්තයින්ද.. මේ වගේ අවංක පිරිසිදු හැඟීමකට කොහොම නම් අසම්මතයි කියල කියන්නද...



පිළිතුරු දෙන්න තරම් මානසිකත්වයක් නොතිබුනු නිසා හදිසියෙ ආපු දුරකථන ඇමතුම් කීපයක්ම විසන්ධි කළා.  ඒත් මගෙ කල්පනාවට බාධා කරමින් එක දිගටම රෝහල් අංකයකින් ආපු ඇමතුම සම්බද්ධ  කර ගත්තෙ හිතේ දෙගිඩියාවෙන්.... ඒ නිසාම මගෙ කටහඩ වෙනදට වඩා බර වෙන්න ඇති..


"..හෙලෝ...ඩොක්ටර් සවින්දි... room number 87 petient ට ටිකක් අමාරුයි. ඩොක්ටර් කිවුවනෙ එහෙම වෙලාවක කියන්න කියල.."

"..අ..ආ..හ්...තෑන්ක්ස් නිශාදි.."


      අතට අහුවුනු ඇදුමකුත් ඇදන් මං පාන්දර දෙකට hospital එකට දිවුව..මං කවදාවත් ඒ තරම් වේගෙකින් දුවල නැතුව ඇති.....ඒ වුනත් මං යනකොට අසූ හත්වෙනි කාමරේ හිස් වෙලයි තිබුනෙ... ඉස්සරහට එක අඩියක් වත් තියන්න බැරි තරම් කකුල් දෙක බරයි වගේ... හිතේ හැම අහුමුල්ලකම හැංගිලා තිබ්බ ශක්තිය කකුල් දෙකට එකතු කරන් බොහොම අමාරුවෙන් ශල්‍යාගාරයට පය තිබ්බ.ඒත් 'තවත් මොහොතකින් මං දකින්න බලාපොරොත්තු නොවන දේ මගෙ ඇස් ඉස්සරහටම ඇවිත් තිබුන..සුදු රෙද්දකින් වැසී ගත්ත 'ආරද්' කියන ඒ සොදුරු ආදරවන්තයාගෙ සීතල නිසල සිරුර....
සයමසක මිතුරුකමකින් ජීවිතකාලයටම වේදනාවක් ඉතුරු කරලා ආරද් කියන ඒ අපූරු හිතවතා සදහටම නිහඬ වෙලා තිබුණා..,
ඒ පියවුනු ඇස් දෙක..සුදුමැලි වෙලා ගිය තොල්...මට නැවත නැවතත් සිහිපත් කළා අපේ ජීවිතේ ඊළඟට එලබෙන මොහොත තරම් අස්ථිරද කියල...

    මේ ජීවිතේදි කවුරුත් වෙනුවෙන් මං ඒ තරම් අඩල නැතුව ඇති...ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි..ඒක හොදම යාලුවෙක් වෙනුවෙන් ඇතිවෙච්ච හැගීමක්ම නෙමෙයි...
      අහිංසක හිත් දෙකක ඇති වුනු අමුතු විදියෙ ආදර කථාවක් වෙනුවෙන් ඇතිවෙච්ච හැගීමක්.....ආදරේ... බැදීම් ගැන විශ්වාස නොකරපු මට මේක අදටත් තෝරගන්න අමාරුයි...ඒත් ඒ අවංක  ආදරේට...මං පණ වගේ ආදරෙයි.....
 සමහර බැදීම් තියනව...ඒව කවදාවත් අපේ කරගන්න බැහැ...ඒත් කොයිතරම් කාලයක් ගත වෙලා ගියත් ඒ මතකයන් ආදරෙන් සිහිපත් කරන්න පුළුවන්....
හිත පිච්චිලා..අත් හිරිවැටිල...අකුරු ඇඳවෙලා ගිහින්....තිබුණත් ආරද්ගෙ කතාව අකුරු කලේ ඒ නිසා.


       """"..ප්‍රේමයට බොහෝ අර්ථකතනයන් තිබිය හැක..එහෙත් ප්‍රේමයනම් ප්‍රේමයමය..කෙලෙස ඇරඹුනද...කෙලෙස අහවර වුවද...කවුරුන් වෙනුවෙන් හටගත්තද කම් නැත...පිච්චෙන්නට වුවමනා නම් ගින්නට පැනිය යුතුමය..





        ඒ මගේ නොවන,, එහෙත් මගේම වූ  ආදරණීය මතකයන් වෙනුවෙන් ලියවුනු වචන පෙළහර මෙසේ නිමා කරමි.........""""

                                  
            [සවින්දි]
    



     භවයෙන් භවයේ..අහිමිව හිමිවන...

     නොපිරූ පාරමිතාව පුරා....

     සමුගනිමුද අපි..අපේම වූ...

     මතු භවයක යළි...

      හමුවෙමුයි පතා.....




                      ******නිමි*******
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  IceCool on 16th February 2017, 02:36



කිසිවෙකු දුකට පත් කිරීමේ අරමුණකින් තොරව හුදෙක් රසවින්දනය උදෙසා කරන ලද නිර්මාණාත්මක සටහනකි.
avatar
IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 411
GetReal Gold : 1248
Member Since : 2016-07-07

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  Hitha Honda Kolla on 16th February 2017, 04:07

ලස්සනයි මල්ලා. අවසානය දුකකින් ඉවර වුනත්, නොනිමෙන ආදරය ගැන ලස්සනට​, සරලව​, ලෙන්ගතුව​, සංයමව අකුරු කරලා තියෙනවා. දැන් ඔයත් හොඳ ලේඛකයෙක්ගෙ ගති ලක්‍ෂන පෙන්නනවා. ගොඩාක් ස්තුතියි මේ කතාව දුන්නට​. මේ වගේම ඔයාගෙ ඉගෙනීමෙ වැඩ කටයුතුත් සාර්ථකව කරන්න​. kiss kiss kiss kiss kiss lol! lol! lol! lol! lol! hand hand hand hand hand
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1881
GetReal Gold : 4074
Member Since : 2015-05-03

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  jay.rishan on 16th February 2017, 22:55

Sampurnyen kywnna beri una.welawa nety nisa.eth ikmntma kyonawa.
Tanin tanin kyopu vidyta nm hadawatatama danena patta katawak kylai hitune
avatar
jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 458
GetReal Gold : 1935
Member Since : 2015-09-05

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  jay.rishan on 19th February 2017, 00:44

Ai hema katawakama awasanaya mehema wenne...mn samanyayen adana kenek newei,eth me katawa mawa adewwa.as walata wada hitin adewwa.kyagnna beri dukak pirila tyenwa.eth lassanai...hithata danena vidiye hoyaganna amaru watina katawak.
avatar
jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 458
GetReal Gold : 1935
Member Since : 2015-09-05

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  tushara.disanayaka on 19th February 2017, 05:12

godak lassana kathawak. Isthuthiyi sahodaraya!
avatar
tushara.disanayaka
Regular Member

Now :
Online
Offline

City : Dehiwala
Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 1713
Member Since : 2015-01-27

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  kasun.lakmal on 19th February 2017, 17:23

Dukakin iwara unath adaraya kiyabana themawa yatathe kathawa lassanata oya godanagala idiripath karala thiyanawa. Kathawa athule jiwath wena welawe hithata dukak danunath oyage hakiyawa gana hithala anthimata mama sathutu una. Good luck malli.
avatar
kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 232
GetReal Gold : 1008
Member Since : 2016-07-09

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  Sachimax on 14th March 2017, 01:51

ලස්සනයි මල්ලී...
avatar
Sachimax
memebrs with 1 post

Now :
Online
Offline

Mood : Relaxed

Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 163
Member Since : 2017-03-08

Back to top Go down

Re: සඳ වියැකී ගිය සද

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum