Sinhala Typing Tool

ආසිරිගේ පැතුම්

View previous topic View next topic Go down

ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 24th October 2016, 17:32

ආසිරිගේ පැතුම්


කඩිමුඩියෙ බස් නැවතුමට දුවගෙන ආපු ආසිරි ඒ වෙනකොටත් බස් නැවතුමේ නවත්වල තිබුන සෙනග පිරිණු බස් එකට නැග්ග. එයාට ගොඩක් පරක්කුවෙලා තිබුනු නිසා සෙනග කියල බලන්නෙ නැතුවම එයා මේ බස් එකේම යන්න තීරනය කලා. ඊලඟ බස් එකෙන් යන්න හිටියොත් එයාට පරක්කු වෙනව. කොන්දොස්තරගෙ කන්කරච්චලයෙන් බේරෙන්න තිබුණු එකම පිලියම බස් එකේ කොහොමහරි ඉස්සරහට තල්ලුවෙලා යන එක කියල ආසිරි දැනගෙන හිටියත් දෙන්නෙක්ගෙ අතරට රින්ගල යන්තම් ඉඩ තිබ්බ තැනක සීට් එකක් අයිනට  වෙන්න ආසිරිට හැකි උනා. තවත් ඉස්සරහට ගියොත් ඇඳුම් පොඩිවෙයි කියලත් එයාට හිතුන..

ගමේ, පන්සලේ හැදුණු වැඩුනු ආසිරිට තිබ්බෙ ගොඩක් අහිංසක සිතුම් පැතුම්. උසස් පෙළ කරන්න කුරුණෑගල ඉස්කෝලෙට ආවත් ආසිරිල වත් පොහොසත් කම් ඇතුව හැදුනු අය නෙවෙයි. අම්මගෙ අසනීපෙ නිසා එදා ආසිරිට පරක්කු වෙලා බස් නැවතුමට එන්න සිද්ද උනා. අම්මගෙ අසනීපය කවද හොඳවෙයිද කියල ආසිරි විතරක් නෙවෙයි අම්මට බෙහෙත් කරන ඩිපැන්සරියෙ දොස්තරවත් දැනගෙන හිටියද කියන එකත් ප්‍රහේලිකාවක්. ආසිරි දන්න කාලෙ ඉඳල ආසිරිගෙ අම්ම සනීපෙන්නම් හිටියෙ නෑ.

ආසිරි ඉස්කෝලෙ යන්න බස් එකෙන් යන එක සාමන්‍ය දෙයක් වෙලා තිබුන.  පැතුම් ආසිරි යන බස් එකට කුරුණෑගලට කිට්ටුවෙන් ගොඩ වෙන්නෙ වෙනද එයාව ඉස්කෝලෙට එක්කගෙන යන ඩ්‍රයිවර් අන්කල්ට නඩුවක් තිබිල එයාව එක්කගෙන යන්න එන්න බැරි උන නිසයි. ආසිරි කොහොම උනත් පැතුම් නම් සෙනග පිරුන බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගියෙ හරිම ආසාවෙන්. මොකද එයාට මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.

තව කොල්ලො කීපදෙනෙක් එක්ක ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන පැතුම්ව  බස් එකට නගින්නත් කලින් ආසිරි දැක්ක. ආසිරිට පැතුම්ගෙ හුරුපුරුදු ගතියක් තිබුන. පාපුවරුවේ යන කොල්ලගෙ මූන හරියටම බලාගත්තොත් හොඳයි කියල ආසිරිට එයාගෙ හිත බල කරල කිව්ව නිසා තව පාරක් එයා පැතුම් දිහා බැලුව. පාපුවරුවේ ඉන්න ඒ කොල්ලත් එයාගෙම ඉස්කෝලෙ කොල්ලෙක්. ඒත් ආසිරි මුල්ම වතාවටයි එයාව දැක්කෙ. ඒකට හේතුවක් තිබුන. මොකද ආසිරි එයාගෙ ඉස්කෝලෙට අලුත්.

ආසිරි කියන්නෙ බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන ජීවත් වෙච්ච කොල්ලෙක්. ආසිරි පදින්චි වෙලා හිටියෙ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ පොල්ගහවෙලට කිට්ටුව. පවුලේ දෙවනිය වෙච්ච ආසිරිගෙ තාත්ත නැතිවෙනකොට ආසිරිට වයස අවුරුදු දහයක් උනා විතරයි. පහේ ශිෂ්‍යත්වයට මාස දෙකකට කලින් එයාගෙ තාත්ත නැති උනත් පහේ ශිෂ්‍යත්වය හොඳට පාස් වෙන්න තරම් වාසනාවක් ආසිරිට තිබුන. ආසිරිගෙ අයිය ආසිරිට වඩා අවුරුදු පහක් වැඩිමල්. නංගි ආසිරිට වඩා අවුරුදු දෙකක් බාලයි. ළමයි තුන් දෙනෙක් එක්ක තනි වෙච්ච ආසිරිගෙ අම්මට හැමදාම ශක්තියක් උනේ ආසිරිගෙ සීයයි. සීය පුලුවන් ව්දිහට ආසිරිලගෙ පවුල රැක බලාගත්ත.  



ශිෂ්‍යත්වය පාස් වෙච්චි ආසිරිට කොලඹ ලොකු ඉස්කෝලෙකට උනත් යන්න වරම් තිබුන. ඒත් එයාලගෙ නැති බැරි කම කුරුණෑගල ඉස්කෝලෙකටවත් යන්න ආසිරිට ඉඩ දුන්නෙ නෑ. අන්තිමේදි ආසිරිගෙ අයියත් යන ටවුමෙ තිබුන ලොකු ඉස්කෝලෙට ආසිරිටත් යන්න උනා. දක්ෂකම හින්දම අලුත් ඉස්කෝලෙ හයේ පන්තියේ ඉඳලම පන්තියේ පළවෙනියා වෙන්න ආසිරිට පුලුවන් උනා. අනිත් ළමයි හිටියෙ ආසිරිට ගව් ගානක් පිටි පස්සෙන්. පොත පතේ වැඩ වලට වගේම ආසිරි ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂ දරුවෙක් විදිහට ඉස්කෝලෙට කීර්තියක් ගෙනත් දෙන්න ආසිරිට පුලුවන් උනා. කොච්චර අග හිඟකම් තිබුනත් ආසිරිගේ සීය ආසිරිගෙ ඉස්කෝලෙ වැඩ වලට ඕන සල්ලි හොයල දුන්නෙ ගතේ ශක්තියට වඩා හිතේ තිබුණු ධෛරිය නිසා කිව්වොත් හරි.

ආසිරි අටේ පන්තියට ගිය අලුතම ආයිත් ආසිරිලගෙ පවුලට කන කොකා හැඬුවෙ හදිසි හෘදයාබාධයක් හැදිල ආසිරිලගෙ සීය අකාලයේ මියැදුනාට පස්සෙයි. මේ වෙනකොට ආසිරිගේ  අම්මත් හිටියෙ ලෙඩ ගානෙ. නිතර හැදෙන හතිය නිසා වැඩක් පලක් කරන්න තරම් සවි ශක්තියක් ආසිරිගෙ අම්මට තිබුනෙ නෑ. අන්තිමට සිද්ද උනේ එතකොට උසස් පෙළ පන්තියේ හිටපු ආසිරිගේ අයියට පවුලේ බර කරට ගන්න වුනු එකයි.

ඉස්කෝලෙට ආයුබෝවන් කියපු ආසිරිගෙ අයිය ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිංසිද්ද වෙන්න බොහොම අමාරුවෙන් ටවුමෙන් එහා තියන ෆැක්ටරියක පුංචි රස්සාවක් හොයා ගත්ත. ඒත් එක්කම ආසිරිලගෙ අමාරුකම් හඳුනා ගත්තු ඉස්කෝලෙ ගුරුවරු කීපදෙනෙක් අනිත් ළමයිට හොරෙන් ආසිරිට උදව් කලා. ඔය වෙනකොට ආසිරිගෙ නංගිත් ශිෂ්‍යත්වය පාස් කරල ආසිරිලගෙ ඉස්කෝලෙටම ආව.

ආසිරිගෙ අයිය ආසිරිට වගේම නංගිටත් කොච්චර ආදරේද කියනවනම් අයිය ආසිරිවයි නංගිවයි බලාගත්තෙ මැණික් දෙකක් රකිනව වගේ. ආසිරිලගෙ හැම දෙයක්ම අයිය හොයල බැලුව.

කාලය ගෙවිල ගියේ ඉතා වේගයෙන්. දැන් ආසිරි ඉස්සර හිටපු පුංචි කොල්ල නෙවෙයි. කඩවසම් ඉලන්දාරියෙක්. ඉන්නෙ එකොලහේ පන්තියෙ. ආසිරිට අඳින්න ගොඩක් ඇඳුම් තිබුනෙ නැති උනාට තියන ඇඳුම දෙක තුන ආසිරි අන්දෙ බොහොම පරිස්සමෙන් හරි පිලිවෙලට. දකින ගෑණු ළමේකුට තව සැරයක් බලන්න හිතෙන අමුතුම ආකර්ශනයක් ආසිරිට තිබුන. කෙල්ලො ගොඩ දෙනෙක් ආසිරිගෙ ආදරය ඉල්ලගෙන එයා පස්සෙන් ආවත් එයාගෙ හිත ගිය කෙල්ලෙක් නම් හිටියෙ නෑ. කෙල්ලො ගොඩක් එයාගෙ පස්සෙන් වැටිල හිටියෙ ලස්සනට වඩා එයාගෙ දක්ෂතාවයට වෙන්න ඇති. කොහොම උනත් ආසිරි හැම කෙල්ලත් එක්කම එයාගෙම සහෝදරියන් වගේ  ලෙන්ගතු කමෙන් හිටිය.  ඉස්කෝලෙම පිරිමි ළමයි කොහොමත් එයාගෙ යාලුවො. අනික ආසිරි පුදුම කීකරු දරුවෙක්. අම්මට අයියට වගේම ඉස්කෝලෙ ගුරුවර ගුරුවරියන්ටත් ලොකු කීකරු කමක් වගේම ලොකු ගෞරවයක් ආසිරිගෙ හදවතින්ම පැනගැගල තිබුන. ඒ හින්දද කොහෙද ආසිරි කොහොමත් කෙල්ලන්ට ආදරයෙන් කිට්ටුවෙන්න ගියේ නෑ. ඉස්කෝලෙ වෙන හැම දෙයක්ම ආසිරි අයියට කිව්ව. ඔය කාලෙම වගේ අවංක කම හින්ද ආසිරිගෙ අයියට රස්සාවෙ උසස් වීමක් ලැබුන.


සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙලා ප්‍රතිඵලත් ආව. ආසිරිට විශිෂ්ඨ සාමර්තම නවයයි. ඉස්කෝලෙ හොඳම ප්‍රතිඵල ලැබිල තිබුනෙ ආසිරිට. ආසිරිගෙ ප්‍රතිඵලවලින් ආසිරිටත් වඩා සතුටු උනේ ආසිරිගෙ අයිය. ආසිරිට අයියගෙන් තෑග්ගක් හම්බු උනා. ලොකු වටිනාකමක් නැති පුංචි ෆෝන් එකක්. ඒ පුන්චි ෆෝන් එක ආසිරිලගෙ ජීවිතය වෙනස් කරයි කියල කවුරුවත් හීනෙකින්වත් එදා හිතන්නෙ නැතුව ඇති.

"මල්ලි උඹ මොනවද  A/L   වලට කරන්න හිතන් ඉන්නෙ. “

"බයෝ කරන්නයි ආස අයියෙ. දොස්තර කෙනෙක් වෙන එක මගේ හීනයක්. ඒත් අපේ ඉස්කෝලෙ හොඳ     Art වලට නිසා මම Art  කරන්නයි හිතන් ඉන්නෙ අය්යෙ."

"හ්ම්.."

අයිය එතනින් එහා මුකුත් කියන්න ගියේ නෑ. ආසිරිල ඉන්න තත්වෙ හැටියට ආසිරි වෙනුවෙන් ලොකු වියදමක් දරන්න අයියට පුලුවන් කමක් නෑ. එක පැත්තකින් අම්ම ලෙඩ ගානෙ. එයාගෙ අසනීපෙට වියදම් කරන්නයි නංගිගෙ වියදමුයි හැමෝටම කන්න බොන්න අඳින්න පළඳින්න  අරක මේක හැමදේටම බලපුවහම වියදම ගොඩක් සැරයි.

හවස අයිය ගෙදර ආව වෙලේ ඉඳල කල්පනා කලා ගොඩක් වෙලා. ඒක ආසිරිට හොඳට තේරුනා. ආසිරි ඇහුව ඇයි කියල.

"මල්ලි ඔයත් එක්ක කතාකරන්න ඕන. මෙතනින් වාඩිවෙන්නකො. මම කියන දේ හොඳට අහගන්න."

"ඇයි අයියෙ මොකද ප්‍රශ්නෙ?"

"වෙන ප්‍රශ්නයක්ම නෙවෙයි මල්ලි. මේක ඔයාගෙ අනාගතේ ගැන ප්‍රශනයක්. ඔයා දොස්තරකෙනෙක් වෙන්න කොහොම හරි. ඔයාගෙ ඔක්කොම දේවල් මම බලාගන්නම් හරිද. දැන් ඉඳන්ම ඒකට සූදානම් වෙන්න. මගේ එකම පැතුම මගේ මල්ලි දොස්තරකෙනෙක් වෙලා ඉන්නව දනින එක."

"අයිය? ඒක කරන්න බෑ අයිය. කොච්චර වියදමක්ද. අනික අපේ ඉස්කෝලෙ. මම කොහොමද මේ ප්‍රශ්න එක්ක වෙන ඉස්කෝලෙකට යන්නෙ. අනික ටියුශන්. අයිය කොහොම වියදම් කරන්නද. මම ආර්ට් කරන්නම් අයියෙ. මට බල කරන්න එපා."

"විකාර. මගෙන් මුකුත් අහගන්න එපා. තමුසෙ  A/L  වලට ඉස්කෝලෙ යන්නෙ කුරුණෑගලට. මම හැම දේම ලෑස්ති කරල ඉවරයි. ෆැක්ටරියෙ ලොකු මහත්තය මම වෙනුවෙන්  තමුසෙට උදව් කරන්න පොරොන්දු උනා. තමුසෙට තියන්නෙ ඉගෙනගන්න එක විතරයි. ප්‍රතිඵලත් එක්ක  ඇප්ලයි කරපන් කුරුණෑගල ඉස්කෝලෙට."

අයිය නපුරු විදිහට දැඩිව කිව්වත් එයාගෙ වචන ඇතුලෙ කැටිවෙලා තිබුනෙ සියට සීයක් සහෝදර සෙනෙහස. ඒ දේ හොඳාකාරව ආසිරිට තේරුනා. අයිය බය වෙන්න එපා. මම අයියගෙ පැතුම් ඉටු කරනව ඉටු කරනව සත්තයි. ආසිරි තමාටම කියාගත්ත. ආසිරිගෙ හදවතේ අයිය ගැන තියන ආදරේ දෝරෙ ගලාගෙන ගියා. ඒත් එක්කම ආසිරිගෙ හදවතේ ඇති වෙච්ච  සතුට මේතරම් කියල කියන්න බෑ. ආසිරි කාමරයට ගිහින් පුංචි එකෙක් වගේ උඩ පැන්න සතුට වැඩිකමට.

මෙච්චර කාලයක් ගිම්හානයට අහුවෙලා කර්කශවෙලා වගේ තිබිච්ච ආසිරිගෙ පැතුම්, අයියගෙ කටින් පිටවෙච්ච වචන නැමති වර්ශාවෙන් තෙමිල නැවත දලු දාල වැඩෙන්න ගත්ත.

"නංගි දන්නවද මම ඒ ලෙවල් කරන්න කුරුණෑගල ඉස්කෝලෙට යනව. අම්ම අයිය අපිට ගොඩක් ආදරෙයි නෙහ්.." ආසිරි එහෙමම පහත්වෙලා ඇඳේ ඇලවෙලා හිටපු අම්මගෙ අත්දෙක අල්ලගෙන හරිම ආදරයෙන් එයාගෙ මූනෙන් තියගත්ත.

උපතින්ම සල්ලිකාර පවුලක බඩ පිස්ස විදිහට ඉපදිච්ච පැතුම්ට හිටියෙ අක්ක කෙනෙකුයි අයිය කෙනෙකුයි විතරයි. පුංචි කාලෙ ඉඳල හැමෝගෙම හුරතලය එක්ක හැදුනු පැතුම් කවදත් හිතුවක්කර චරිතයක්. එයාගෙ තාත්ත ප්‍රදේශයේම ෆැක්ටරි එකක හිමිකරුවෙක්. අම්ම වැඩ කලේ ලොකු කොම්පැනි එකක. පැතුම්ලගෙ අම්ම ගොඩක් උගත් නිසා එයා ඒ කොම්පැනියෙ දැරුවෙ ලොකු තනතුරක්. අක්ක පේරදෙනියෙ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නව. අයිය පැතුම්ට වඩා වැඩිමල් අවුරුද්දයි. එයා උසස් පෙළ ඉවරකරල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටිය. මේ වෙනකොට පැතුම් ඉන්නෙ ඉස්කෝලෙ 13 පන්තියේ. මේ පාර විභාගෙ කරනව. ගෙදරදි වගේම පිටදිත් පැතුම්ගෙ හොඳම යාලුව හිතවතා උනේ එයාගෙම අයිය සිතුම්. සිතුම්ට නොකියන රහසක් පැතුම්ගෙ තිබුනෙ නෑ. සිතුමුත් එහෙමයි. දෙන්න ඒ තරම්ම එකිනෙකා කෙරේ ආදරෙන් හිටිය.

වෙනින් සල්ලි තියන කොල්ලො වගේම පැතුමුත් සිතුමුත් සෙල්ලක්කාරයි. ඉගෙනීමට වඩා දෙන්න කලේ යාලුවොත් එක්ක ගිහින් විනෝදවෙන එකයි. පාඩම් කිරිල්ල කොහොම උනත් සමහර දාට දෙන්න ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා. අයිය මල්ලි දෙන්න ගැන හොයන්න වෙලාවක් එයාලගෙ අවිවේකී දෙමව්පියන්ට තිබුනෙ නෑ.

දැන් ආසිරි යන්නෙ කුරුණෑගල ඉස්කෝලෙට. පන්තියෙදි රැග් එකට කියල ලොකු දෙයක් කරන්න එයාට සිද්ද උනේ නෑ. ඒ ආසිරිගෙ වෙලාව වෙන්න ඇති. අනිත් උන් දවස තිස්සෙම රැග් වෙද්දි ආසිරිව රැග් එකෙන් බේරගන්න කවුරුහරි හිටිය. උදේ හවා බස් එකෙන් ආසිරි ඉස්කෝලෙ ගියා. දවසක් ආසිරිට ගෙදරින් යන්න පරක්කු වෙච්ච නිසා එයා නැග්ග කොලඹ ඉඳල එන බස් එකකට.

ඒ බස් එක ගැන තමා මම කලින් කිව්වෙ. ආසිරි බස් එකෙන් බැස්සෙ ගමන් හෙව්වෙ පැතුම්ව. ඒ වෙනකොටත් පැතුම් ඉස්කෝලෙ පැත්තට යන්නත් ගිහින්. එයත් එක්ක කතාකරන්න තිබුනනම් කියල ආසිරිට හිතුන. ඒත් යාලුවෙක් නොවෙන කෙනෙක් එක්ක කොහොම කතාකරන්නද හේතුවක් නැතුව. අනික එයාගෙ හැටියෙන් පේනව සල්ලි කාරයෙක්ගෙ පුතෙක් කියල. අරගෙන ආපු බෑග් එක හෙන ගානක් වෙන්න ඇති. ආසිරි එහෙම හිතල ඉක්මනට ඉස්කෝලෙට ගියා.එදා දවල් ආසිරි හීනෙන්වත් හිතුවෙ නැති දෙයක් සිද්ද උනා.

දොලහ පන්තියේ ඉගෙනගන්න ආසිරිලගෙ බයෝ උගන්නවන ගුරුතුමා එදා නිවාඩු නිසා  පන්තියේ ළමයි කෑකෝ ගහන අතරෙ ආසිරි හිමින් සැරේ ඉස්කෝලෙ පුස්තකාලයට රිංගගත්ත.

මීට කලින් දැකල නැති හැඩ කොල්ලෙක් පුස්තකාලයට රින්ගනව දැක්ක පීරියඩ් එක කට් කරල හිටපු පැතුම් ආසිරිගෙ පස්සෙන් පුස්තකාලයට රින්ගුවෙ සමහරවිට ආත්මීය බැඳීමක් නිසා වෙන්නම ඕන. පැතුම් ආසිරිව නොදැක්කනම් මේ කතාව මෙහෙම නොවෙන්න ගොඩක් ඉඩ තිබුන. වාසනාවට හරි අවාසනාවට හරි දෙන්න පොත් දෙකක් අරගෙන ඉඳගන්න ගියේ කිසි කෙනෙක් හිටපු නැති එකම මේස්සයක් ලඟට. හැබැයි පැතුම්ට කලින් මේසෙ ඉඳගත්තෙ ආසිරි.
"එක්ස් කියුස් මී මෙතන මම ඉඳගන්නද?"

කටහඬ කාගෙද බලන්න ආසිරි ඔලුව උස්සල බැලුව. එයා දක්ක දෙයින් වික්ශිප්ත උනා. දෙයියනෙ මේ එයා. මම උදේ දැක්ක කොල්ල. එයා මෙතන. ආසිරි තමාටම කියාගත්ත. පුදුමයෙන් වගේ ගල් ගැහිල ඉන්න ආසිරිගෙ මූන බලල පැතුම් ආයිත් බොහොම හිමින් කතාකලා.

"එක්ස් කියුස් මී.... මෙතන."

"ඉඳගන්න." පැතුම්ට කෑගැහුන. එයා ගෙ සන්තෝසෙ ඉහවහා ගියා. පැතුම්ගෙ කටේ සද්දෙට වටපිට ඉන්න අය එයා දිහා බැලුව. පැතුම්ට එවෙලෙයි මතක් උනේ එයා ඉන්න තැන.



"සිශ්ශබ්ද වෙන්න මේක පුස්තකාලයක්."

"සොරි." ආසිරි හිමින් කෙඳිරුව.

"පැතුම් පොත බලන එකට වඩා කලේ ආසිරිගෙ මූණ බලන එක. ඒක ආසිරිට තේරුනත් නොදන්නව වගේ හිටිය. හැබැයි ආසිරිගෙ ඇස් පොත දිහෑවටම යොමුවෙලා තිබුනත් එයාගෙ හිත තිබුනෙ පැතුම් ගාව. පැතුම් බලාගෙන හිටියෙ පීරියඩ් එක ඉවරවෙන්නෙ කොයි වෙලේද කියල. කොහොමින් කොහොමින් හරි ඉක්මනටම පීරියඩ් එකත් ඉවර උනා. පුස්තකාලයෙන් එලියට එන ආසිරිගෙ පස්සෙන් පැතුමුත් එලියට ආව. එහෙම ආපු ගමන් පැතුම් කාලයක් තිස්සෙ අඳුනන කෙනෙක් වගේ ආසිරිත් එක්ක කතා කලා. ආසිරිට ඉක්මනට පන්තියට යන්න ඕන උනා.


"එහෙනම් මල්ලි ඔයා යන්න. ඉස්කෝලෙ අරුනාම එලියට යන්නෙ නැතුව ගේට්ටුවගාව ඉන්න හරිද?"


ආසිරි ගේට්ටුව ලඟ ඉන්න පොරොන්දු උනා. ආසිරිට හිතාගන්න බෑ ඇයි එයා ගේට්ටුව ලඟ ඉන්න පොරොන්දු උනේ කියල. එදා දෙන්න එකම බස් එකේ ගෙවල්වලට යන්න ගියෙ පහුවදත් හමුවෙන්න කතාකරගනිමින්. පහුවදා පැතුම්ගෙ පෙරැත්ත නිසා ආසිරි පැතුම්ලගෙ කාර් එකේ නැග්ග. ආසිරිට  අමතරව පැතුම්ලගෙ කාර් එකේ පැතුම්ගෙ යාලුවෙකුත් එක්කගෙන යනව පුරුද්දක් විදිහට. යාලුව මගින් බැස්ස. දැන් පැතුම්ලගෙ ගෙවල් ලඟයි.


"අන්කල් හරවන්න එපා. දිගටම යන්. මේ මල්ලිව බස්සලම එමු."


"එපා අයියෙ මම බස් එකේ යන්නම්."


"පිස්සු කියවන්නෙ නැතුව ඉන්නව. අන්කල් යමු."


"එහෙනම් පොල්ගහවෙලට විතරක් දාන්න. ඉතුරු ටික මම යන්නම් අයියෙ."


එහෙම ආරම්භ වෙච්ච ආසිරි සහ පැතුම්ගෙ යාලුකම කාලයත් එක්ක දලු දාල වැඩෙන්න ගත්ත. ඉස්සර ඉස්කෝලෙ නොගිහින් කට්ටි පනින පැතුම් දිගටම ඉස්කෝලෙ ආව. හැමදාම හවසට ආසිරි කාර් එකෙන් ගෙදර එන්නගත්ත.


පැතුම් හැමදාම වගේ රෑට ඇඳටවෙලා කල්පනා කලා ආසිරි ගැන එයාට තියන හැඟීම ගැන.



"මේ මල්ලි අද කසුනගෙ බර්ත්ඩේ පාටිය. ලෑස්තිවෙයන්. උඹවත් එක්කගෙන එන්න කිව්ව."



"මට බෑ හලෝ ඔයා යන්න. ඔලුව රිදෙනව."


"මේ මල්ලි උඹ ටික දවසක ඉඳන් හරි අමුතුයි. මොකක් හරි අවුලක්ද බන්."



"නෑ එහෙම දෙයක් නෑ."


"නෑ කිව්වට මොකක් හරි දෙයක් තියනව. ලව් බ්‍රේක් එකක්වත්ද?"

"මට මගෙ අයියට වගේ කෙල්ලෙක් හිටියනම්  අයිය ඒක දැනගන්න ඕනනෙ."


"ඒක තමා මම බැලුවෙ."


"අයියෙ..... අනේමන්ද අයියෙ. අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කොල්ලෙක් ගැන අමුතු හැඟීම් එනව. මගෙ ඔලුව විකාර වෙලයි තියන්නෙ."


"අමුතු හැඟිම් කිව්වෙ?"

"මම ඌට ලව්. ඌත් මට මාර ලෙන්ගතුයි. මම කිව්වෙ මම පොල්ගහවෙලට එක්කගෙන යනව කියල මල්ලියෙක්ව. අන්න එයා තමයි කොල්ල."


"ඒ උඹ සබ්ජෙක්ද මල්ලි?"

"මටම තේරෙන්නෙ නැත්තෙත් ඒකම තමා අයියෙ. මට කෙල්ලො ගැන අදහසකුත් නෑ. මම හිතන්නෙ මම එහෙම තමා."


"කෙල්ලො ගැන අදහස් එන්නෙ නෑ? ඒක මොන මගුලක්ද."


"මාව තේරුම් ගන්න. මම ඔයාට විවුර්තවම කිව්ව. මට මේව හන්ගන්න ඕන නෑ කාටවත්. අනික මට එක එක කොල්ලො පස්සෙ යන්න පිස්සුවකුත් නෑ. මට ඒ මල්ලිව ඕන."


"අනේ මන්ද බන්. මේව කොහෙන් කෙලවරවෙයිද දන්නෙ නෑ. ලෝකෙ කොහොම උඹ ගැන බැලුවත් උඹ ගැන මට පිලිකුලක් නෑ මල්ලි."


"තෑන්ක්ස් අයියෙ."


"ඒ කොල්ලගෙ නම්බර් එක තියනවද උඹ ලඟ."


"ඔව් අයියෙ."


"එහෙනම් කෝල් එකක් අරගනින්."


"මට මොකද්දවගේ. කතාකරල මොනව අහන්නද?"

"මමද දන්නෙ අහන දේ. ඔන්න ඔය මොනවහරි කතාකරපන්. පොඩ්ඩක් හිටපන් ඌ කරන්නෙත් බයෝද?"

"ඔව්"


"ඌගෙන් මොනවහරි අහ්ගන්න විදිහට එන්ටර් වෙයන්.”


මේ පැතුම් ආසිරිට කෝල් එකක් ගත්තමයි. කතා කරන්න දේවල් දාහක් හිතේ තිබුනත් කෝල් එක ගත්තට පැතුම් එයාගෙ හිතේ තියන දේවල් ආසිරිට කියාගන්න බැරුව ගොළු උනා.


"ඉතින් අයියෙ ඔයාට මාව මතක් උනා එහෙනම් මේ රෑ. ඇයි අයියෙ හදිසියක්ද?"

"න්..නෑ නෑ මල්ලි. නිකන් කතා කලේ."


"මොකෝ කරන්නෙ?"

"ඇඳට වෙලා ඉන්නව"


"පාඩම් කරන්නෙ නැද්ද?"

"අද  බෑ වගේ. හෙටවත් බලන්න ඕන."


"පිස්සු නැතුව පොතක් ගන්නව. මම කෙමිස්ට්‍රි පාඩම් කරනව. ඔයත් ගන්න."


"හොඳමයි සර්."


"පිස්ස. අරගෙන විතරක් මදි අපි වගේ පාඩම් කරන්න ඕන. විභාගෙට මාස කීයද?"

"හරි මල්ලි ඔයාට ඩිස්ටර්බ් වෙනවනෙ. තියන්නම්."


"එහෙම එකක් නෑ. සතුටුයි කතාකලාට. එහෙනම් හෙට හම්බුවෙමු."


"ඕකේ මල්ලි පැටියො. බුදු සරණයි!"


"බුදු සරණයි අයියෙ!"


පැතුම් පැටියො කියල කතා කලාම ආසිරිගෙ ඇඟ හිරිවැටිල ගියා. ඒ ලෙන්ගතු තුරුලේ ඉන්න තිබුනම් කියල ආසිරිට එකපාරටම හිතුන. "මටත් පිස්සු." ආසිරි එහෙම හිතල දුර ගිය හිත ආයිත් පොත ලඟට ගෙන්නගත්ත.


පැතුම්ටවත් ආසිරිටවත් එදා නින්ද අහලකටවත් ආවෙ නෑ. පැතුම් හිතුවෙ එයාගෙ ආදරේ එයාගෙ හිතේම මැරිල යයි කියල. ආසිරි හිතුවෙ ඇයි එයාගෙ හිත පැතුම් ලඟටම ඇදිල යන්නෙ කියල.මේ විදිහට මාසයක් හමාරක් ගෙවිල ගියා විශේෂයි කියල දෙයක් වෙන්නෙ නැතිව.



මේ අතර පැතුම්ලගෙ ඉස්කෝලෙ විද්‍යා සංගමය විද්‍යා දිනයක් සංවිධානය කරන්න යෙදුන. විද්‍යා සංගමයට සම්බන්ධව වැඩකරන පැතුම්ටත් ආසිරිටත් විද්‍යා දිනයට කලින් දවස විශේෂ දවසක් උනා.



"මල්ලි අද අපේ ගෙදර යමු."


 
"අනේ මන්ද අයියෙ ඔයාට බෑ කියන්නෙ කොහොමද. මගෙ අයියගෙන් අහල බලන්නම්. අයිය ඉන්න කිව්වොත් ඉන්නම්කො."


රෑ වුනු නිසා යාලුවෙක්ගෙ ගෙදර නතරවෙන බව අයියට කෝල් එකක් අරගෙන ආසිරි කිව්ව. ඒකට අයිය කැමති උනේ නැතත් ආසිරිගෙ ඉල්ලීමට අයිය ආසිරිට පැතුම්ලගෙ ගෙදර නතරවෙන්න ඉඩ දුන්න.


එදා ආසිරිටත් පැතුම්ලගෙ ගෙදර නතරවෙන්න යන්න උනේ එදා ගොඩක් රෑ උන නිසාම නෙවෙයි. පැතුම්ගෙ ඉල්ලීමට කොහොමවත් ඉවතදාන්න ආසිරිට බැරි කමට.



"මල්ලි වොශ් එකක් දාගෙන එන්න. මෙන්න ඔයාගෙ තුවාය. ඔය ඇඳුම් ගලවල දෙන්න හෝදන්න."


"මම හෝදන්නම් අයියෙ. අනික මේව හෝදල වේලෙයිද මන්ද අයියෙ. ගොඩක් රෑ උනානෙ."


"මේ පැහිච්චකම් නැතුව ඕව දියන්. මම හෝදනව නෙවෙයිනෙ. මැශින් දාන එකනෙ. මැශින් එකට දැම්මාම ගොඩක් දුරට වේලිලාමයි එන්නෙ. මගෙ ඇඳුනුත් දානව. සුමනට දුන්නාම හෝදල හෙට උදේට අයන් කරලත් දෙයි." පැතුම්ලගෙ වත්පොහොසත්කම් ගැන ආසිරි ගොඩක් සතුටු උනා. තමන් වගේ දුප්පත් කොල්ලෙක්ව ඇයි පැතුම් එයාගෙ හොඳම යාලුවෙක් කරගත්තෙ කියල පැතුම් පුදුමත් උනා.


"මොකද කල්පනාකරන්නෙ? ඕව ගලවල දෙනව. ඇයි ලැජ්ජද?"

"නෑ. මම ස්පෝර්ට්ස් කරනකොට කොල්ලො ඉස්සරහ ඇඳුම් මාරුකරල තියනව දෙතුන් පාරක්." ඇත්තටම ආසිරිට ලැජ්ජයි. කොල්ලෙක් ඉස්සරහ උනත් ඇඳුම් ගලවන එක එයාට නොහුරුයි.



පැතුම්ලට තිබුනෙ හැම අතිනම අන්ගසම්පූර්ණ ගෙදරක්. හැම කාමරකටම යාබද නාන කාමර තිබුන. ආසිරි පිරිසිදු වෙලා ආවම පැතුම් එයාව එක්කගෙන ගිහින් පියන් තුනේ අල්මාරියෙ එක පියනක් ඇරල එකක් තෝරගෙන අඳින්න කියල ඇඳුම් ගොන්නක් ඇඳ උඩට දැම්ම. ආසිරි කොට කලිසමක් සහ කමිසයක් තෝරගත්ත.


"ඔය මම ආසම කරන ශෝට"


"එහෙනම් අයිය මේක අඳින්න."


"එපා අද මගෙ මල්ලි බබා ලස්සනට ඉන්නව දකින්න ආසයි අයිය."  එදා මුලින්ම ටෙලිෆෝන් එකෙන් කතා කරපු දවසෙ වගේ ආසිරිගෙ ඇඟ කිලිපොලාගිය.



"මොකද මූන අමුතු උනේ. එහෙම කතාකරන්න එපාද?"

"කමක් නෑ අයියෙ. මට ඒක නුහුරුයි. ඒත් මම ආසයි. එතකොට ඔයා මට මගේම කියල හිතෙනව."


"කොහොමත් ඔයා මගෙ තමයි. වෙන කාටවත් අයිති නෑ දැන්." වැඩිය හිතන්නෙ නැතුව පැතුම් කියාගෙන ගියා.


"අයිය නාගෙන එන්නකො."



"මම ඉක්මනට එන්නම්." එයා වැරැද්දක් කරනවද කියල පැතුම්ට හිතුන. ඒත් ආසිරිත් එයාට ගොඩක් ආදරෙයි කියල පැතුම් දැන් දන්නව. හැබැයි ඒ ආදරයේ  ස්වභාවය මොනවගේද කියල හිතන්න තවම කල්වැඩි බවනම් පැතුම් දැනගෙන හිටිය.


බොහොම තැන්පත් ගතිගුණ වලින් පිරුනු ආසිරි පැතුම්ගෙ දෙම්ව්පියන්ගෙ හිත් එක දවසට දිනාගත්ත.



"හරි අහිංසක තැම්පත් ළමෙක් නේද?"

"ඒකම තමා මමත් මේ හිතුවෙ."


"මෙයාද මල්ලි කියපු ආසිරි?" සිතුම් පැතුම්ගෙ කාමරේට ආව. සමහරදාට සිතුම් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා.


"ඔව් අයියෙ. මල්ලි මේ මගෙ අයිය සිතුම්."


"සතුටුයි අයියව අඳුනගන්න ලැබුනට."


"හරි මස්සිනා පස්සෙ හම්බුවෙමුකො. කෑම  කන්න ඇති නෙහ් දෙන්නම."


පැතුම් අයියව පැත්තකට එක්කගෙන ගියා.


"මේ තමුසෙ විකාර කියවන්න එපා."


"හහ්.....හෙ  හෙ..... හොඳයි හොඳයි කොල්ල අද හනිමුන් යයි එහෙනම්. කොහෙද කෙල්ලෙක්ව ඔහොම එක්කගෙන එන්න බෑනෙ අපිට. කොහොම හරි අද තමුසෙගෙ හිතේ තියන දේ කියාගන්නව. කොල්ල කැමතී වගේ නෙහ්? "


"තමුසෙට විකාරද. මම කොල්ලට ආදරෙයි. අහිංසක මල් පොහොට්ටුවක් තලල දාන්න තරම් අමනයෙක් නෙවෙයි මම."


"උඹට තරහ ගියාද මගෙ මල්ලි. අයිය විහිළුවක්නෙ කලේ. මම දන්නව උඹ මම වගේ නෙවෙයි කියල. උඹට ආදරෙයි මල්ලි හැමදාම."


"මම යන්නම් මල්ලි බලනව ඇති මොකද කියල."



පැතුම් ආසිරිව බදාගෙන එදා මුලු රෑම නිදාගත්ත. පැතුම්ගෙ උනුහුම තව තවත් හොයාගෙන ආසිරි තව තවත් පැතුම්ට තුරුලු උනා. පැතුම් ගැන ආදර හැඟීමක්  ආසිරි නොදැනීම එයාගෙ හිතේ මෝදුවෙන්න ගත්ත. පැතුම්ගෙ හිතේ ආසිරි ගැන තියන ආදරේ තව තවත් වැඩි උනා. "මම ඔයාට ආදරෙයි මල්ලි. මම ඔයාව පරිස්සම් කරනව මගේ පන වගේ. අද ඉඳල ඔයාට කුරා කීඹියෙකුගෙන්වත් කරදරක් වෙන්නෙ නෑ සත්තයි." පැතුම් එයාටම කියාගත්ත.


ඉස්කෝලෙ යන වෙලවත් උදා උනා. ආසිරිගෙ ඇඳුම් සුමන මැදලත් හිබුන. පැතුම් ආසිරිගෙ සපත්තු දෙක පොලිෂ් කලා. දෙන්නම ඉස්කෝලෙ යන්න ඇඳුම් ඇන්ද.



"තැන්ක් යූ අයියෙ හැම දේටම."


"මමනෙ ඔයාට එන්න කිව්වෙ . ඉතින් මම ඔයාට සලකන එපෑයෑ."


"ඒ උනාට වචනයකින් හරි දෙයක් කියන්නෙ නැතුව නිකන්ම යන්නෙ කොහොමද මම?"

"මල්ලි අද ඉඳල මේ ගෙදර ඔයාගෙත් ගෙදර. මේ කාමරේ අපේ කාමරේ. මේ හැම දේම ඔයාටත් අයිතියි."


"ඇයි අයියෙ මට මෙහෙම සලකන්නෙ. මට වෙලාවකට දරාගන්න බෑ. මම ඔයාගෙ කවුද?"

"ඔයා මගෙම මල්ලි බබා. මම ඔයාට ආදරෙයි පැටියො. ඔයා මගෙ පන ටික."


ආසිරි නිශ්ශබ්දයි. එයාගෙ ඇස් කඳුලු වලින් පිරුන. ඇඳ උඩින් වාඩිවෙලා කොට්ටයක් අතින් අරගත්ත ආසිරි ඒ කොට්ටෙ උඩ ඔළුව තියාගෙන ඉකිගහන්න ගත්ත.




"මට සමාවෙන්න මල්ලි. පැතුම්ට සමාවදෙන්න ඔයාගෙ හිත රිදෙන දෙයක් කිව්වනම්." විනාඩියක විතර නිශ්ශබ්දතාවක් පැතිරගියා. පැතුම් ආසිරිගෙ හිස පිරිමදින්න ගත්ත. ආසිරි ඔළුව උස්සල ඉස්සරහ බලාගෙන මෙහෙම කිව්ව.


Last edited by kasun.lakmal on 27th October 2016, 07:54; edited 1 time in total

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 24th October 2016, 17:41

"මමත් ඔයාට ආදරෙයි අයියෙ. මටම තේරෙන්නෙ නෑ වෙන කිසි දෙයක්. කවදාවත් මාව තනි කරන්න එපා. හැමදාම මාව ලඟින්ම තියාගන්න. මට ඔයාගෙන්  පොරොන්දුවක් ඕන. මොනදේ උනත් මාව තනිකරන්න එපා අයියෙ. ඔයා යන තැනක මාවත් එක්කරගෙන යන්න ඕන. මේක සරලව හිතන්න එපා අයියෙ" ආසිරි කිව්වෙ ගැඹුරු අර්තයෙන්. පැතුමුත් ඒක සරලව නැතුව ගැඹුරු විදිහට හිතට ගත්ත.



"ඔව් පන ඒක එහෙමම වෙයි. මගෙ ජීවිතේ වැදගත් හැම තැනම ඔයා ඉඳීවි."



"චූටි බේබී පරක්කුවෙලා."


සති  මාස ගෙවිල ගියා. ආසිරි පැතුම් ආදරේ කිසිම බාදකයක් නැතිව ඉදිරියටම ගියා. සිතුම් එයාලට උදව් කලා. ආසිරි නිසා පැතුම් පාඩම් වැඩ වලට උනන්දු උනා. පැතුම් විභාගෙ හොඳින් කලා.


විභාගෙ ඉවරවෙලා ඉන්න පැතුම් රෑට අනිවර්යෙන් ආසිරිට කෝල් කලා. නිතර කෙටි පනිවිඩත් යැව්ව.



"මගෙ පන පාඩම් කරනවද දැන්."


"මගෙ පැටියට ආදරෙයි ගොඩක්."


"පැටිය නැතුව පාළුයි අයියට."


පැතුම් නිතරම ආසිරිට යැව්ව කෙටි පණිවිඩවලින් කීපයක්.


"පැට්ට මතක ඇතුව මැසේජස් ඩිලීට් කරන්න. නිදාගන්න කලින්."


ඒත් ආසිරි ඒ කෙටි පණිවිඩ වලටත් ආදරේ කලා. සමහර දාට ඒව මකන්නෙ නැතුවම දවස්ගානක් තියාගත්ත.


ආසිරිට නොතේරුනත් මේ සිදුවීම් ගැන ඇහැ ගහගෙන හිටපු කෙනෙක් හිටිය. ඒ ආසිරිගෙ අයිය රන්සිරි. දවසක් ආසිරි එයාගෙ ෆෝන් එක අමතක කරල ඉස්කෝලෙ ගියා. මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අයියගෙ අතට පත් උනා. කෙටි පණිවිඩ එකින් එක අයියගෙ ඇස්වල ගැටුන. අයියගෙ සැකය හරි. ආසිරි ආදරක පැටලිලා. ඒත් සැකයෙ පොඩි වැරැද්දක් තිබුන. මල්ලි යාලුවෙලා තියන්නෙ කොල්ලෙක් එක්ක. ඔක්කොම කෙටි පණිවිඩ ඇවිත් තිබුනෙ "පැතුම් අයිය" කියන නමින්. රන්සිරිගෙ ඇස් වලට කඳුලු ආව. ෆෝන් එක පොලොවෙ ගහන්න හිතුනත් එහෙම නොකර ඒක අතේ තියාගෙන එයා ඉකි ගගහ ඇඬුව. රන්සිරිට සිතුම්ට වගේ තමන්ගෙ මල්ලිව තේරුම් ගන්න තරම් විවෘත මනසක් නොතිබුන නිසා ප්‍රශනය ගොඩක් දුරදිග ගියා.


ආවේගශීලී රන්සිරි ආවේගශීලී නොවී ගොඩක් කල්පනා කරල සලැස්මක් හැදුව. ආසිරිගෙ ෆෝන් එක තිබුනු විදිහටම මේසෙ උඩ තිබුන. ආසිරි බයෙන් ආවත් ෆෝන් එක මේසෙ උඩ. අයියගෙ කලබලයක් පේනත් නොතිබුනු නිසා ආසිරි සැනසුම් සුසුම් හෙලුව. සැලැස්ම ගැන නොදන්න ආසිරිත් පැතුමුත් වෙනද වගේම ආදරෙන් කතාබහ කලා. ඒ වගේම කීප සැරයක් හමු උනා.



සැලසුමේ පළමු අදියර ක්‍රියාත්මකවෙන්න තිබුනෙ සෙනසුරාද දවසක. සෙනසුරාද දවස්වල ආසිරි පුද්ගලික පංතියකට සහභාගි උනා. පන්තියේ ගෙදර වැඩ ඉවරකරපු ආසිරි පැතුම්ට කෙටි පනිවිඩයක් යවල නින්දට වැටුන. මහන්සියටම ආසිරිට ඉක්මනටම නින්ද ගියා. රන්සිරි කාමරයට ආව. ආසිරිගෙ කොට්ටෙ ලඟ තිබුනු ෆෝන් එක රන්සිරිගෙ අතට පත් උනා. රන්සිරි හිතුව හරි. දොලහමාරට කුරුණෑගල වැව පාරෙදි හම්බුවෙමු කියල පැතුම් ආසිරිට කෙටි පණිවිඩයක් එවල තිබුන. වෙන්න යන දේවල්වල බරපතලකම රන්සිරි දැනගෙන හිටියනම් මේ කථාව මෙහෙම නොලියවෙන්න ඉඩ තිබුන.


"ආසිරි ඉස්පිරිතාලෙ. ඉක්මනට නගින්න මල්ලි."
 
"අනේ ඒ ඇයි?"
 
"ආයෙ කිය කිය ඉන්න වෙලාවක් නෑ නගින්න ඉක්මනට."
 
පැතුම්ව නග්ගගත්ත වෑන් එක විදුලි වේගයෙන් ඉගිල්ලුනා. ඒක ඉස්පිරිතාලෙ පැත්තට හරවන්නෙ නැතුව දඹුල්ල දිහාට යන්නගත්ත.
 
"මේ කොහෙද මේ..." පැතුම්ගෙ කම්මුල හරහා පාරක් වැදුන. පැතුම්ව සීට් එකෙන් බිමට දාගත්ත පිරිස එයාගෙ කටයි අත් දෙකයි බැඳ දැම්ම. පියාඹපු වෑන් එක පොල් රුප්පාවක් මැද පුංචි ගෙයක් ලඟ නතර උනා.


මේ අතර කිසි දෙයක් නොදන්න ආසිරි පන්තියෙන් එලියට ආව.



"මල්ලි"


"ආ... අයිය. මොකද හදිස්සියෙ?"

"අම්මට සනීප මදි. නැගපන්." හෙල්මට් එක ආසිරිගෙ අතට ලැබුන. රන්සිරි මල්ලිව ගෙදරට එක්කගෙන ආව.


"ඈ යකෝ අහිංසක කොල්ලෙකුටවත් ඉන්න දෙන්නෙ නැති කාලකන්නි කැරි පොන්නයො." පැතුම්ගෙ කට ලෙහිල ගියා. වෑන් එකෙන් බස්සගත පැතුම්ව පුංචි ගේ ඇතුලට එක්කගෙන එද්දි පැතුම් කෑගහල ඇඬුව.


"අනේ මගෙ මල්ලිට කරදරයක් කරන්න එපා. ඕනෙනම් මාව මරල දාපල්ල."


"මොකෝ බෙරිහන්දෙන්නෙ කොලුකාරය. තොට ..." පාර්වල් කීපයක් පතුමට වැදුන. පැතුම් විලාප තිබ්බ. ඒ කෑගැහිල්ල එතන හිටපු තුන් දෙනාට හැර වෙන කාටවත් ඇහෙන්නෙ නැතුව පරිසරයටම මුහුවෙලා ගියා.


ගෙදර ආපු ආසිරි කෙලින්ම අම්ම ඉන්න කාමරේට ගියා. අම්ම කාමරේ පේන්න නෑ.


“අම්මා..."


"මම කුස්සියේ... අයි පොඩි පුතේ බෙරිහන් දෙන්නෙ?"

"ආ.. අම්මට දැන් හොඳයිද?"

"මේ මම හොඳින් ඉන්නෙ පුතේ." අම්ම ආසිරිගෙ ඔලුව අත ගෑව.


අයිය සාලෙ පුටුවක් ඉඳගෙන හිටිය.



"අම්මට අසනීපයක් නෑනෙ?"

"අම්මගෙ අසනීපෙ වැඩිවෙන්න කලින් උඹත් එක්ක කතා කරන්න ඕන වරෙන් මිදුලට." ආසිරි බයෙන් බයෙන් අයියත් එක්ක මිදුලට ගියා.


"අර පැතුමද මොකාද එක්ක තියන තුප්පහි හිරිකිත ආදරේද  නතරකරල දාපන් මම නරක මිනිහ කියන්න එපා. නැත්තන් දෙන්නවම මරල දාල මාත් වහ ටිකක් බොනව."


"අනේ අයියෙ පැතුම් අයියට මුකුත් කරන්න එපා දෙයියන්ගෙ නාමෙන්. මාව මරල දාන්න."



"අනේ මගෙ මල්ලිට කරදරයක් කරන්න එපා....."


"මෙන්න මූ අඬනව හෙ හෙ........ උඹ ආසත් ඇතිනෙ. කටට අරන් උරපන්." ඒ මිනිහගෙ කලිසම පහලට වැටුන. ප්‍රානවත් ලිංගය යට කලිසම අස්සෙන් එලියට ආව. රහසඟ දණගස්සල ඉන්න පැතුම්ගෙ මූන ලඟට කිට්ටු කල ඔහු එය පැතුම්ගෙ මූනෙ ඇතිල්ලුව.


"උඹේ මල්ලිට ආදරේනම් උරපන්." සිද්දනොවිය යුතු දේවල් සිද්ද උනා. පැතුම් විලාප තියන ඇඬුව.


"ඔය කොල්ලව ටවුමට ගෙනත් දාපන් දෙකක් ඇනල. වෙන මුකුත් කරනව නෙවෙයි." එහා පැත්තෙ හිටපු රන්සිරි ටෙලිපෝන් එක කට් කලා.


"උඹ ආසිරි මල්ලිට ආදරේනම් දෙවියන්ගෙ නාමෙන් ඌත් එක්ක තියන සම්බන්ධය නතරකරපන්. මේ දේවල් කාටවත් කිව්වොත් එදා උඹේ ආසිරි මල්ලිගෙ අවසානය තමා."  පැතුම් ගොඩක් බය උනා. මොන දේටත් වඩා ආසිරි මල්ලිගෙ ජීවිතේ පැතුම්ට වටිනව.


නරුමයො ටික වෑන් එකෙන්ම පැතුම්ව කුරුණෑගල කිට්ටුවට ගෙනත් දැම්ම. නමුත් ඔවුන් ලොකු වැරැද්දක් කරගත්ත. ඩ්‍රයිවර් අන්කල්ට කෝල් එකක් ගත්තු පැතුම් එයාව කුරුණෑගලට ගෙන්නගත්ත.


"හත්වලාමයි... චූටි බේබි මොකෝ උනෙ?"

"මේව කාටවත් කියනව එහෙම නෙවෙයි. දන්නෙ නැද්ද පොඩි වලියක්."


"මල්ලි මොකෝ දොරවහගෙන. උඹට මොකෝ උනේ..... ඇරපන් මේක." අම්මරුවෙන් සිතුම් පැතුම්ගෙ කාමරේ දොර ඇරවගත්ත.


"අනේ අයියේ....." පැතුම් අයියව බදාගෙන හොඳටම ඇඬුව."


"මට අන්කල් කිව්ව වලියක් දාගෙන කියල. ගෙදරට එනකන් උඹ අඬ අඬ ආවලු. ඒකයි අන්කල් කිව්වෙ උඹ ගැන හොයල බලන්න කියල."


"අනේ අයියෙ ආසිරි මල්ලි..."


"ඇයි ආසිරිට මොකෝ උනේ?"

"එයාගෙ ෆෝන් එක ඕෆ් කරල."


"මම බලුව මොකද කියල. ඌ ඒක ඔන් කරයි. උඹේ මූනත් ඉදිමිලා. මොකෝ උනේ කියපන්."


"අනේ මගෙ මල්ලිට කරදරයක් වෙයි දෙයියනෙ. මගෙන් අහන්න එපා."


"මොන මගුලක්ද මන්ද. මේ විකාර නැතුව කියපන් උනේ මොනවද කියල."


මුලු සිද්දියම පැතුම් අයියට කිව්ව.


"මගෙ මල්ලිට ගහපු කැරි බල්ලො එකෙකුටවත් මේ අයිය යහතින් ඉන්න දෙන්නෙ නෑ."


"උන්ගෙ වෑන් එකේ අංකයවත් මතක නැද්ද උඹට?"

බොහොම අකමැත්තෙන් පැතුම ඒ වෑන් එකේ අංකය මතක හැටියට අයියට කිව්ව.


වෑන් එක හොයන කර්තව්යය දිගටම එතැන්සිට ක්‍රියාත්මකවෙන්න ගත්ත. ඒකෙ මුල් අයිතිකාරය මාස පහකට කලින් ඒක විකුනලදාල තිබුන.  එතැන ඉඳල දෙන්නෙක් අතට වෑන් එක ගිහින් තිබුනත් අන්තිම අයිතිකාරය හොයාගන්න අමාරු උනා. මේ දේවල් දවසක් යනකොට සිතුම් හොයාගත්ත.


"ගිහින් අර රංසිරි මහත්තයට එන්න කියන්න."


"පොඩි මහත්තය මට එන්න කිව්වෙ."


"පොඩි හෝඩුවාවක් දැනගන්න. ඉඳගන්නවකො."


"අපේ මල්ලිව කට්ටියක් එකතුවෙලා පැහැරගෙන ගිහින් ගහල. මට රන්සිරිගෙ උදව් ඕන වාහනේ හොයාගන්න."


"නෑ.... මේ අපේ පැතුම් මහත්තය? කෝ දැන් මහත්තය?" රන්සිරි  නිකන්ම පුටුවෙන් නැගිට්ටුනා.


"පැතුම් මහත්තය තමා. එයා ඉන්නව. හැබැයි පැහැරගෙන ගිහින් ගහපු උන හොයාගන්න ඕන. එකෙකුටවත් මගෙන් ගැලවීමක් නෑ." රන්සිරිගෙ ඉහෙන් කනින් දාඩිය ගලන්න පටන් ගත්ත.


"මොකද අයිසෙ දාඩිය පෙරාගෙන?"

"න්න්.. නෑ නෑ. මේ අපේ ලොකු මහත්තයත් .. ද ..දන්නවද මේක?"

"තාම නෑ.”


"පැතුම් මහත්තය පැහැරගන්න හේතුවක් ඇතිනෙ?"


"ඒවායෙන් තමුසෙට වැඩක් නෑ. මම කියපු වැඩේ කරනවකො."


"දැන් පොලිසියටත් කියන්න වෙයි."


"පොලිසිනම් ගියෙ නෑ. ඕවට ගිහාම හැමෝම දැනගන්නව. අනික මල්ලි ඉන්නවනෙ."


"මම හොයල බලන්නන්කො. වාහනේ අංකය තියනවද?"


"ඔව් මෙන්න. තමුසෙගෙ කට්ටිය ඇතිනෙ. හොයනවකො."


රන්සිරි හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි වෙලා තියන්නෙ. එයාගෙ මල්ලි ආසිරිට ආදරය කරල තියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. එයා වැඩකරන ෆැක්ටරියෙ අයිතිකාරයගෙ පොඩි පුතා පැතුම්. රන්සිරිගෙ කටේ කෙල හිඳුන. එයා වතුර එකක් බීගෙන බීගෙන ගියා.



"කියන්න බොස්"


"යකුනෙ තොපිට වැඩක් කරගනවත් බෑනෙ කොස්සක් හිටින්නෙ නැතිවෙන්න. වැඩේ මාට්ටු උනොත් ඔක්කොම ගස්."


"ඇයි බොස්. මොකද වෙලා තියන්නෙ."


"වෙලාතියන්නෙද? තොපේ වෑන් එකේ අංකය කොල්ලට මතක තිබිල. හොඳ වෙලාවට පොලිසි ගිහින් නෑ. තොපේ එකෙක් අහු උනොත් වැඩේ ඉවරයි. මතකනෙ මොනදේ සිද්ද උනත් කටින් එක කෙල පිඩක් හෙලන්න බෑ. එහෙම කරල මම නරක මිනිහ කියන්න එපා."


"හරි බොස්. වෑන් එක අහුවෙන එකක් නෑ."


"ඒත් කොල්ලගෙ අයිය අමාරුකාරය. පරිස්සන්වෙනව."


ඇත්තටම පරිස්සම්වෙන්න වෙලා තිබුනෙ රන්සිරිටයි. වැඩේ ගැස්සිගෙන එනව. එහෙම උනොත් එයාගෙ රස්සාව අනතුරේ වැටෙනව.
ආසිරිගෙ ෆෝන් එක නැවත එයාට ලැබුන. රන්සිරි ඒක දුන්නෙ සිද්දවෙන දේවල් මොනවද කියල දැනගන්න.


"අයියෙ ඔයා සනීපෙන්ද වස්තුවෙ?"

"මගෙ පැටියො ඔයා හොඳින් නේද?" පැතුම්ට ගෙදරි එලියට බහින එක සිතුම් විසින් සතියකට තහනම්කර තිබූන. ආසිරිටත් දවස්ගානක් ඉස්කෝලෙ යාම තහනම් කරල තිබුන. පැතුම් සිද්ද උන දේවල් ආසිරිටත් ආසිරිට සිද්ද උන දේවල් පැතුම්ටත් කිව්ව. මොන දේ කොහොම කෙලෙස සිද්ද උනත් වෙන් නොවෙන්න දෙන්න තීරණය කලා.


"හැමදාම මම ඔයාගෙ විතරයි මගෙ පන."


"මමත් පැටියගෙ විතරයි මරෙනකන්."



සතියක් විතර යනකොට වෑන් එක ගැන හෝඩුවාවක්  සිතුම්ට ලැබුන. ඒ විතරක් නෙවෙයි ඒකට ආසිරිගෙ අයියත් සම්බන්ධයි කියලත් එයා හොයාගත්ත.



"බලු වැඩ කරන්න එපා මිනිහො. තෝව කොච්චර අපි විශ්වාස කලාද අවලම් බල්ල. තොගෙ රස්සාව අද ඉවරයි"


කේන්තියටම සිතුම් රන්සිරිට පාරක් ගැහුව.



"අවලම් වැඩ කලේ උඹේ මල්ලිද මමද? මගෙ අහිංසක මල්ලිව රවට්ටගත්තෙ කවුද? උඹ දන්නවද ආසිරි කියන්නෙ මගෙ මල්ලිට කියල. අහපන් පැතුම්ගෙන්."
කතාව දුරදිග ගිහින් දෙන්නම ඇනකොටාගත්ත. ඔක්කොම විස්තර පැතුම්ගෙ තාත්තත් දැනගත්ත. ෆැක්ටරියෙ මිනිස්සු ඇස් ලොකු කරගෙන ඒව අහගෙන හිටිය. එදාම රන්සිරිට රස්සාව නැති උනා.


රන්සිරි ගෙදර ගියේ ලොකු කේන්තියකින්.


"ආසිරි මෙහෙ වරෙන්. අද මම දනී උඹට කරන දේ."


"ඇයි ලොකු පුතේ?"

"අහගන්න පොඩි පුතාගෙන් එයාගෙ කැරැක්ටුව ගැන."


"මම අද උඹට."


ආසිරි කෑගහද්දිම ආසිරිගෙ ඇඳුම් ඔක්කොම මිදුලට විසික් උනා. ලඟ තිබුනු ඉදලෙන් පාරවල් හත අටක් එයාට වැදුන. ආසිරිගෙ අම්මයි නංගියි දෙන්නම අඬන්න ගත්ත. අසරණ පැතුම් අඳුම් පොත්පත් අරගෙන ගෙදරින් පිට උනා.


පැතුම්ලගෙ ගෙදර එකම ගාල ගෝට්ටියක්. එයාගෙ මානසිකත්වය තේරුම්ගන්න ගෙදර හිටියෙ එයාගෙ අයිය සිතුම් විතරයි.


"උඹ අපේ මූනෙ දැලි ගෑව. තෝ මක බෑවියන්. මගෙ දෑහට පේන්නෙ නැති තැනකට පලයන්.”


"අනේ තාත්තෙ ඉවසන්න." සිතුම් පින්සෙන්ඩු උනා. හදවත කකියන තරම් දුකකින් පැතුම් කාමරේට ගියා.


"අනේ අයියෙ මාව ගෙදරින් එලෙව්ව අයියෙ. මට යන්න තැනක් නෑ. අතේ සල්ලිත් නෑ. මම පොගහවෙල ස්ටේශන් එකේ." ආසිරි පැතුම්ට කෝල් එකක් ගත්ත.


"මගෙ වස්තුවේ අයිය එනකන් ඔතනම ඉන්න. මම විගහින් මෙහෙන් පැනගන්නම්." සිතුම් එලියට ගිහින්. කාටත් හොරා පැතුම් ගෙදරින් එලියට පැනගත්ත. පාරෙ ආපු ට්‍රියිශෝ එකකින් පොල්ගහවෙලට යන්න පැතුම් පිටත් උනා.


"ඉක්මන්කරන්න අයියෙ." ට්‍රයිශෝ එකේ ගමන හෙමින් කියල පැතුම්ට හිතුන.


 පොල්ගහවෙල ස්ටේශන් එක ගාවින් ට්‍රයිශෝ එකෙන් බැහැගත්ත පැතුම් ස්ටේශන් එක ඇතුලට යන්න කලින් ආසිරිට කෝල් එකක් ගත්ත.


"මම ඇතුල්වෙන තැන. මට ඔයාව පේනව."


පැතුම් දුවල ගිහින් ආසිරිව බදාගත්ත. දෙන්නට දෙන්න බදාගෙන ඉකිගසමින් ඇඬුව. වටපිට උන්නු මිනිසුන්ගෙ ඇස් දෙන්න දිහාට යොමු උනා. ඒත් දෙන්න විනාඩි ගානක් එහෙමම හිටිය.


"අයියෙ මට යන්න තැනක් නෑ අයියෙ. ඔයා මාව බාරගන්න."


"වස්තුවෙ මම තීරණයක් අරගෙන ඉවරයි. මතකද ඔයා මාව පොරොන්දු කරගත්ත. මමත් මගෙ වස්තුවට පොරොන්දු උනා. යමු මාත් එක්ක. බයවෙන්න එපා අයිය ඉන්නවනෙ. මම මගෙ පැටියගෙ අත අතාරින්නෙ නෑ මම ජීවත්වෙන තුරාවට."


"අනේ අයියෙ මට බයයි. මට මට...."


"අඬන්න එපා වස්තුවෙ. අයිය හැම දාම ඔයා ගාව ඉන්නව. අයියව විශ්වාසකරන්න පන."


යකඩ යකා රේල් පීලි උඩින් කඳු තරණය කරන්න දුවගෙන එනව.


හූ....හූ...... හූ......


මල්ලී............. අනේ මල්ලී........ සමාවෙන්න මල්ලි....... ඔහොම නතරවෙන්න. එපා.......


හූ හඬ තියුනුයි.  රන්සිරිගෙ හඬ වියෙකිලා ඒ හූ හඬ විසින් පරිසරය දෙදුරුම් කැව්ව.


හූ...හූ....හූ...
 
පෙරුම් පුරාගෙන ආ සන්සාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම් රිය මොහොතක් නතර උනේ
 
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
 
පෙරුම් පුරාගෙන
 
වරක් නෙතඟ කඳුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ
 
පෙරුම් පුරාගෙන........
 
-සමාප්තයි-



kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  සහන් on 24th October 2016, 18:38

???

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  IceCool on 24th October 2016, 20:50

ලස්සනයි කසුන් අයියෙ කතාව.. thumbup .ඒත් අන්තිමට අසිරිටයි පැතුම්ටයි මොකද උනේ කියල තේරුනේ නෑ...

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 24th October 2016, 21:24

මට කෙලින්ම කියන්න තිබුන මොක්ද වෙන්නෙ කියල. ඒත් මම ඒක ඔයාලට බාර කලා. මොක්ද කියන්නෙ කෙලින්ම කියන්නද? ආසිරි පැතුම් දෙන්න කෝච්චියට පනිනවද? දෙන්න කෝච්චියෙ නැගල යනවද?

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  IceCool on 24th October 2016, 21:29

''..දුම්රිය මොහොතක් නතර වුනේ.."...?? මං හිතන්නෙ තේරුණා වගේ...කණගාටුදායක අවසානයක්

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  සහන් on 24th October 2016, 21:30

[You must be registered and logged in to see this link.] wrote:මට කෙලින්ම කියන්න තිබුන මොක්ද වෙන්නෙ කියල. ඒත් මම ඒක ඔයාලට බාර කලා. මොක්ද කියන්නෙ කෙලින්ම කියන්නද? ආසිරි පැතුම් දෙන්න කෝච්චියට පනිනවද? දෙන්න කෝච්චියෙ නැගල යනවද?
කතාව උඹේ නේ උඹම කියපන්. lmao

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  Hitha Honda Kolla on 25th October 2016, 04:41

හොඳ නිර්මානයක්. මේකෙනුත් හොඳ පාඩමක් ගන්න තියෙනවා. ඒ කියන්නෙ නිවැරදි තීරණයක් ඒ කියන්නෙ බුද්ධිමත්ව හිතලා මීට වඩා වෙනස් තීරණයක් ගන්න තිබුනා.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 26th October 2016, 07:58

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:මට කෙලින්ම කියන්න තිබුන මොක්ද වෙන්නෙ කියල. ඒත් මම ඒක ඔයාලට බාර කලා. මොක්ද කියන්නෙ කෙලින්ම කියන්නද? ආසිරි පැතුම් දෙන්න කෝච්චියට පනිනවද? දෙන්න කෝච්චියෙ නැගල යනවද?
කතාව උඹේ නේ උඹම කියපන්. lmao
කතාව මම ලිව්වට දැන් ඒක අයිති ඔයාලට.

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  Kokila Sithum on 26th October 2016, 08:01

ලස්සනයි අයියා.. අවසානය දුකක් නේද? හැමෝගෙම ඉක්මන් තීරණ නිසා...

අනේ සමාවෙන්න අයියා පරක්කු වුනාට.. සමාව දෙනවා නේද?

Kokila Sithum
memebrs with 1 post

Now :
Online
Offline

Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 227
Member Since : 2016-08-19

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 26th October 2016, 08:22

[You must be registered and logged in to see this link.] wrote:''..දුම්රිය මොහොතක් නතර වුනේ.."...?? මං හිතන්නෙ තේරුණා වගේ...කණගාටුදායක අවසානයක්
එහෙම හිතන්නත් පුලුවන් මල්ලි. ජීවිතය තරම වටිනා දෙයක් තවත් නෑ. හැමවෙලාවෙම ජීවිතය ජීවත්කරවන්න උත්සාහ කරවන්න ඕන මොන බධක ආවත්.

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 26th October 2016, 08:24

[You must be registered and logged in to see this link.] wrote:හොඳ නිර්මානයක්. මේකෙනුත් හොඳ පාඩමක් ගන්න තියෙනවා. ඒ කියන්නෙ නිවැරදි තීරණයක් ඒ කියන්නෙ බුද්ධිමත්ව හිතලා මීට වඩා වෙනස් තීරණයක් ගන්න තිබුනා.
පුලුවන් තරම සුභදායී තීරණම ගන්න ඕන හිත හොඳ අයිය කියනව වගේ. ස්තූතියි ඔයාට.

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  kasun.lakmal on 26th October 2016, 08:26

[You must be registered and logged in to see this link.] wrote:ලස්සනයි අයියා.. අවසානය දුකක් නේද?  හැමෝගෙම ඉක්මන් තීරණ නිසා...

අනේ සමාවෙන්න අයියා පරක්කු වුනාට.. සමාව දෙනවා නේද?
මොකටද සමාව ඉල්ලනවද මල්ලි. ඔයා පරක්කුවෙලාහරි බැලුවනෙ. ඔයාගෙ 1 වෙනි කොමෙන්ටුව මම වෙනුවෙන්. ස්තූතියි ගොඩක්.

kasun.lakmal
Newbie writer

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 177
GetReal Gold : 590
Member Since : 2016-07-09

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  jay.rishan on 26th October 2016, 23:02

Harima dukbara awasanayak ayye...ai ehema wune???ehema nowenna tibuna.ehema nowuna nm.kochchara lassanada.

jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 371
GetReal Gold : 1487
Member Since : 2015-09-05

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  Hitha Honda Kolla on 27th October 2016, 02:52

[You must be registered and logged in to see this link.] wrote:Harima dukbara awasanayak ayye...ai ehema wune???ehema nowenna tibuna.ehema nowuna nm.kochchara lassanada.
මල්ලියා, මේකත් අපි මුහුණ දෙන්න තියෙන යථාර්තයක්. පිට මිනිස්සු අපිව තේරුම් ගන්න ඉස්සෙල්ලා අපේ පවුල්වල අය අපිව තේරුම් ගැනිම අත්‍යවශ්‍යයයි.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: ආසිරිගේ පැතුම්

Post  Sponsored content Today at 18:57


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum