Sinhala Typing Tool

Like a feather..

View previous topic View next topic Go down

Like a feather..

Post  azores on 12th October 2016, 17:35

කුඩා කල මගේ සමකාලීන මිතුරන් අතරේ චිත්‍රකතා පොත්වල සිටි චරිත තමයි වීරයෝ වුණේ.හැමදාම පාසලේ විවේක කාලය අතරතුර ඔවුන් ඒ චරිත වල තිබෙන පෞරුෂත්වය,ඔවුන්ගේ වීරක්‍රියා ගැන බොහොම උද්දාමයෙන් කතා කරන හැටි මම නිහඩවම අහගෙන හිටියා.මටත් ඒ කතාබහ සමඟ එකතු වෙන්න තදබල උවමනාවක් තිබුණත්, මම වීර චරිත ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ.අන්තිමේදී මට හිතුණේ..චිත්‍රකතා පොත් කියවීම මේ වයසෙදී අත්‍යවශ්‍යයෙන් කලයුතු දෙයක් කියලයි.ඉතින් මම අම්මා දහවල් කෑම වේල වෙනුවෙන් දෙන මුදලින් යම් ගාණක් ඉතුරු කරගෙන චිත්‍ර කතා පොතක් මිලට ගත්තා.
අවාසනාවක මහත! මට ඒ පිටු අතර විවිධ වර්ණ වලින් සහ අයෝමය දේහ වලින් පරිපූර්ණ වූ ඔය කියන "වීර චරිත" කෙරෙහි කිසිදු හැඟීමක් හිතට ආවේ නැහැ.
ටික වෙලාවකින් මට ඈනුමක් ගියා.ඒත් සැබැවින්ම මගේ ජීවිතේ වීරයෙක් හිටියා.ඒ තමයි ෆොරස්ට් ගම්ප්.ඔහුයි මායි අතර යම් සමානකම් තිබුණා.ලොකුම සමානකම තමයි මගේ කකුලේ තිබුණ අස්ථි ආබාධය.ඔහුට වගේම මගේ කකුලෙත් ලෝහමය ආධාරක සවිකර තිබුණා.ඒවා සවිකරගෙන ඇවිදන් යනකොට ඇතිකළේ විසුළු පෙනුමක්.දවසක් මට ඕන වුණා වේගයෙන් දුවන්න..ෆොරස්ට් ගම්ප් වගේ.ඒත් ෆොරස්ට් ගම්ප්ට වුණා වගේ මට හිංසා කරන්න නොසණ්ඩාලයෝ රැළක් මගේ පස්සෙන් ආවේ නැහැ.
මට ඕන වුණේ දුවන්න විතරයි..ඒක මහ බොළඳ සිතුවිල්ලකින් කුළු ගැන්වුණ මෝඩ ක්‍රියාවක්.මම හිතුවේ ෆොර්ස්ට් ගම්ප්ට වුණා වගේ කකුලට සවිකර තිබුණ ආධාරක නිකම්ම ගැලවී ගොස් මට වේගයෙන් දුවන්න පුළුවන් වේවි කියලා.ඒත් පළවෙනි පියවරෙන්ම මම විලෝ ගහක් යට ඇඳ වැටුණා.කලහැකි හොඳම දෙය උදව් ඉල්ලා අම්මාට අඩගැසීම වුණත්,සිදුවීමෙන් ඇතිවුණු චිත්ත සංවේගය මාව නිහඩ කළා.
මගේ තාවකාලික අතුරුදහන් වීමෙන් කලබලයට පත්වූ අම්මා මාව හොයාගෙන එනකම්ම මම විලෝ ගහේ පත්‍ර සුළඟට ලෙලදෙන හැටි බලාගෙන හිටියා.
මෙවැනි හිතුවක්කාර ක්‍රියාවකදී අම්මා කෙනෙකුගෙන් දෝෂාරෝපණ අසන්න ලැබීම සාමාන්‍ය කරුණක්. "මම වෙනස් කෙනෙක්ද?" මගේ පැනයෙන් අම්මා හදිසියේම නිහඩ වුණා. "නැහැ විලී..ඔයා වෙනස් කෙනෙක් නෙවෙයි..අනිත් අය වගේම සාමාන්‍යයි" හිතේ ඇතිවුණ සංවේගය වසා ගැනීමට දැරූ ප්‍රයත්නය නිසා ඇයගේ කටහඩ දුර්වල වුණා.
නමුත් මම ඒක දැනගෙන හිටියා.පාසලේ ළමුන් මාව කොන්කරපු නිසා මම හුදෙකලාව සමඟ අත්වැල් බැඳ ගත්තා.දුවපැන ඇවිද සෙල්ලම් කරන්න බැරි වුණ නිසා මම චෙස් ක්‍රීඩාවට ඇළුම් කරන්න පටන් ගත්‍තා.සාපේක්‍ෂව මට සංචරණය කළහැකි වපසරිය සීමා වුණ නිසා අනෙක් අයට වඩා සොබාදහම අරුම පුදුම දෙයක් ලෙස මට පෙනෙන්න පටන් ගත්තා.
අවසාන ප්‍රතිඵලය වුණේ..අනෙක් අයට විඳිය නොහැකි දේවල් හෝ ඔවුන් වැදගත් නැතැයි කියා නොසළකා හරින දේවල් මං විඳීමට පුරුදු වීමයි.අනෙක් අයට සාපෙක්‍ෂව මට ඕනම දෙයක් කෙරෙහි කාලය තිබුණා.අනෙක් අය සමඟ සාමාන්‍ය තැනැත්තෙකු විය යුතුයි කියන වේදනාකාරී හැඟීමට වඩා ඔවුන් මාව වෙනස්කොට සැළකීම දරාගත හැකි දෙයක් බව මට හිතුණා.
නමුත් බොහොම ඉක්මණට මගේ මේ අරුම පුදුම ජීවන රටාව වෙනස් වෙන ලක්‍ෂ්‍යක් වෙත ලඟා වුණා.ඒක සිද්ධ වුණේ අළුත් පාසල් වාරය ආරම්භ වීමත් සමඟයි. වාරයේ පළමු දවසේ පංතියට එනකොට අපේ ගුරුවරයා අසළ පිරිමි ළමයෙකු සිටගෙන සිටියා.සියළු දෙනාම අසුන් වල ඉඳ ගෙන සන්සුන් වෙන තුරු ගුරුතුමා ඉවසීමෙන් බලාගෙන හිටියා.
"හොඳයි..වාරයේ පළමු දවසම මෙහෙම සුවිශේෂි වුණ එක සතුටුදාකයි..මොකද අද ඉඳන් ඔයාලට තව අළුත් යාළුවෙක් එකතු වෙනවා.මේ තමයි මැතිව් සේගන්,ඔක්ලහෝමා වලින් මෙහෙට පදිංචියට ආපු කෙනෙක්.ඉතින් ඉක්මණටම මැතිව්ව ඔයාලගේ යාළුවෙක් කරගෙන එයාට සාමන්‍ය විදිහට වැඩ කරගෙන යන්න උදව් වෙන්න..ඒ වගේම හෙට එයාගේ උපන් දිනය!"

පංතිය තුළින් සිහින් කසුකුසුවක් ඇහුණා. "ගිහින් ඉඳගන්න මැතිව්" ගුරුතුමාගේ අවසරය අනුව ඔහු ආවේ මා වෙත.මං අසළ හිස් පුටුවක් තිබෙන බව මට මතක් වුණේ එතකොටයි.
ඔහු මා දෙස බලා යන්තමින් හිනා වුණා.ඔක්ලහෝමා කිවූ සැණින් මට මතක් වුණේ ටොනේඩෝ සුළි කුණාටු..රූපවාහිනියෙන් මම ඒවා දැක තිබුණත් එවැනි ටොනෙඩෝවක් හැබැහින් දකින තරමේ මෝඩ ආසාවක් මගේ හිතේ තිබුණා. "ඔයා ටොනේඩෝ දැකලා තියෙනවද?" අනපේක්‍ෂිත ප්‍රශ්නයෙන් වික්‍ෂිප්ත වුණ මැතිව් මං දිහා මොහොතක් බලාගෙන හිටියා. "තැනිතලාවේ ඒවා කොච්චරවත් ඇති වෙනවා" ඔහු නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නා.සමහරවිට ඔහුව හඳුනාගැනීමට උත්සහ කරනවා වෙනුවට එවැනි ප්‍රශ්නයක් ඇසීම ඔහුගේ කෝපයට හේතු වෙන්න ඇති.
මම මැතිව් දෙස හොරැහින් බැලුවා. "කඩවසම් හාදයෙක්..ඉක්මණටම පංතියේ කෙල්ලෝ අතර ජනප්‍රිය වේවි" මට එහෙම හිතුණා.
"ඇයි ඔයා සෙල්ලම් කරන්න යන්නේ නැත්තේ" සියළු දෙනාම විවේක කාලය අතරතුර පංතියෙන් පිටව යද්දී මම නතර වීම මැතිව්ට ප්‍රශ්නයක් වුණා.මම මුකුත් නොකියම දිගු කලිසම මඳක් ඔසවා පෙන්වූවා. "ඔහ්..සමාවෙන්න" මැතිව්ගේ අනුකම්පාව මට සතුටක් වුණා.ඒ හැරෙන්නට අනෙක් හැම වෙලාවකදිම මම අනුකම්පාවට වෛර කළා.
මැතිව් තමන්ගේ අළුත් යහළුවන් සමඟ මුසුවී ක්‍රීඩා පිටියට යන්න සැරසුණා.එහෙත් හදිසියේම මා වෙත නැවත පැමිණි ඔහු.. "ඔයා මෙහෙම ඉන්න එක හරි නැහැ.අඩුම තරමේ බලන්නවත් එන්න" කියමින් මගේ කිහිල්ලක් යටින් අත යැව්වා. "මට නැඟිටින්න පුළුවන්..හයියෙන් ඇවිදින්න විතරයි බැරි" මම මගේ අභිමානය යම් තරමකින් රැක ගැනීමේ අහංකාර උත්සාහයක යෙදුණා.
මම එදා ගෙදර ගියේ හිතට වද දෙන කාරණාවකුත් සමඟයි.හෙට උපන් දිනය වෙනුවෙන් මැතිව්ට යමක් දිය යුතුයි.ඒත් මොනවගේ දෙයක්ද? අපි හිටියේ යම් ආර්ථික දුෂ්කරතාවයක නිසා අම්මට ඒ ගැන නොපැවසීමට මම වග බලා ගත්තා.අවසානයේ මට සිහි වුණේ මම මිලට ගත්ත එකම එක චිත්‍රකතා පොත.පංතියේ අනෙක් අය වගේම මැතිව් ඒකට කැමති වේවි කියලා හිතුවා.
මැතිව් මගේ ත්‍යාගය උණුසුම්ව පිළිගත්තා.අම්මා හැරෙන්නට මගේ ක්‍රියාවක් නිසා කෙනෙකු සතුටු වුණ පළවෙනි වතාව!
යම් කිසි දුරක් දිනපතා ඇවිදිය යුතු බව වෛද්‍යවරු මට නිර්දේශ කර තිබුණා.ඉතින් ඒ නිසාම පාසල ඇරී මම නිවසට පැමිනියේ පා ගමනින්.මගේ ආරක්‍ෂාව ගැන වද වුණ අම්මා පාසල ඇරෙන වෙලාවට ගේට්ටුව අසළට පැමිණෙනවා.ඇය සමඟ ලෝකේ නැති දේවල් ගැන දොඩමළු වෙමින් නිවස වෙත පාගමනින් යෑම මට ආශ්වාදජනක දෙයක් වුණා.
කාලය ගතවීමත් සමඟ ඒ ගමනට තුන්වැන්නෙකුත් එකතු වුණා..ඒ තමයි මැතිව්.ඔහු යහළුවෙක් ලෙස මට සමීප වුණේ මගේ තත්ත්වය කෙරෙහි ඇති වුණ අනුකම්පාවකින් නොවන බව මට වැටහුණා.මිත්‍ර සමාගමයෙන් ප්‍රතික්‍ෂේප වුණ මං කෙරෙහි මැතිව් ආකර්‍ෂණය වීම මට ගැටළුවක් වුණා.
එය මැතිව්ගෙන් සෘජුවම ඇසීමට මට හිතුණත්,තවදුරටත් මෝඩ ප්‍රශ්න ඇසීමේ පුරුද්ද මම අතහැරලා තිබුණා.එයින් මිත්‍රත්වය පළුදු වේවි කියලා මට හිතුණා.පෙර වෙන කිසිවෙකු නොදැකපු මගේ ගතිලක්‍ෂණයක් නිසා මැතිව් මගේ සමාගමය ප්‍රිය කරනවා යැයි උපකල්පනයකට පැමිණීම ප්‍රමාණවත් බව මට ඒත්තු ගියා.ගතිලක්‍ෂණය කුමක්දැයි සෙවීමට උත්සහ නොගත්තේ එය උපකල්පනයක් පමණක් වූ නිසයි.
පසුව නිවසට පැමිණෙන තුරු මගේ ආරක්‍ෂාව ගැන තිබෙන වගකීම මැතිව් බාරගත්තා.අම්මත් එක්ක වගේ මම මැතිව් එක්ක දොඩමළු වෙන්න ගත්තා.ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක්.අවශ්‍ය තැනදි පමණක් ඔහු අඩුවැඩිය එකතු කළා.අපේ මිත්‍රත්වය එලෙස දවසින් දවස දැඩි වුණා.
දවසක් නිවෙස් බලා යන අතරතුර මැතිව් මට වෙනස් යෝජනාවක් කළා. "අපි යමු හමුදා කඳවුර ළඟට?" "හේතුව?" මම විමසුවා. "ඔයා එන්නකෝ.." මැතිව් ඇවටිලි කළා.
කඳවුර අසළ සැලකිය යුතු පිරිසක් රැස් වෙලා හිටියා.ඔවුන්ගේ මුහුණු නොඉවසිලිමත්කමකින් පිරී තිබුණා.ළමුන් අත කුඩා ඇමරිකානු ධජ සහ තමන් ඇඳපු පවුලේ චිත්‍රයක් අතතැතිව සිටියා.ටික වෙලාවකට පසු US Army ලෙස සඳහන් බස් රථයක් එතනට පැමිණියා.පිරිස ප්‍රීතියෙන් උද්දාමයට පත් වුණා.බස් රථයෙන් බැස ගත් හමුදා සෙබළුන් කෙළින්ම දිව ගියේ තම සමීපතමයන් ලඟට.පියවරුන් තමාගේ උරහිසටත් උඩින් තමාගේ දරුවන්ව එසෙව්වා.තවත් කුඩා එවුන් තම පියා අසළට යන්න අදිමදි කළා.ඒ ඔවුන් තම පියාව දුටු පළමු අවස්ථාව නිසයි.සතුටු කදුළු හැමතැනම..මේ අසිරිමත් දර්ශනය බලන් සිටි අය අතර පවා.පුදුමේ කියන්නේ ඒ අතර මැතිව් පවා හිටියා.
ඇෆ්ඝනිස්ථානයේ සිට නැවත ඇමරිකාවට ගෙන්වා ගත් පළමු හමුදා අනුඛණ්ඩයෙන් කොටසක් තමයි ඒ.අපි ආපහු යන්නට හැරුණා. "ලස්සනයි නේද විලී?" මැතිව් පැවසුවේ හැඟීම්බරව.මම මුකුත් කිව්වේ නැහැ..
"මාත් ආසයි ඒ වගේ උණුසුම් පිළිගැනීමකට.හමුදාවට බැඳෙන එක මගේ හීනයක්.මම ලොකු වුණාම නිළ ඇඳුමට ලස්සනට ඉඳීවි නේද? ඒක ලොකු අභිමානයක්ලු"
"ඉතින් හමුදාවට බැඳෙන්න කවදාහරි" "බැරි වේවි විලී..තාත්තට ඕනේ මාව දේවගැතිවරයෙක් කරන්න"
මැතිව් මෙහෙට පැමිණියෙත් ඒ නිසා..ඔහුගේ පියා නිකායකට අයත් දේවගැතිවරයෙක්.මෙහෙ පල්ලියේ සේවය වෙනුවෙන් මාරු කර එවූ නිසයි මැතිව්ට මෙහෙ එන්න වුණේ. "ඔයාගේ සතුට ඒක නම් ඔයා ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ මැතිව්"
"කොහොමද මම ඒක කරන්නේ?" "මේ බලන්නකෝ..අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ මැතිව්.ඒත් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අපේ සතුට රඳාපවතින්නේ මොනවා මතද කියලා.ඒක රඳාපවතින්නේ පුද්ගලයෝ මත නැත්නම් දේවල් මත නම් ඒ සතුටට වැඩි ආයුෂ නැහැ.ඒත් ඒ සතුට තමන්ගේ හීන,ඉලක්ක මත පදනම් වෙනවා නම් ඒකේ රඳාපැවැත්මක් තියෙනවා.මොකද තමන්ව පිනවන්නා තමන්මයි"
මැතිව්ට හිතන්න යමක් ඉතුරු වුණ බව නම් පැහැදිලියි.එදින මම ගෙදර ගියේ සැහැල්ලු බවකින්.ඒ සතුට වැඩි වුණා මගේ මාමා දැකීමෙන්.ඒත් මම ආවේ අම්මයි ඔහුයි අතර පැවතුණු බැරෑරුම් කතාබහක් අතරතුර බව මට තේරුණා.එදින රාත්‍රියේ අම්මා මගේ නිදන කාමරය වෙත පැමිණියේ ඒ බැරෑරුම් කතාබහේ ප්‍රතිඵලයක් ලෙසින්.
තාත්තා වෙන්වීමෙන් පසු අපේ ජීවිත දුෂ්කර වුණා.ඔහුගේ වන්දිය මගේ ප්‍රතිකාර වෙනුවෙන් සෑහුණත් අනෙක් අවශ්‍යතා සම්බන්ධයෙන් නම් පැවතියේ ජීවන අරගලයක්.මේ පීඩාව දැරිය හැකි අන්තිම සීමාවට අම්මා පැමිණෙන බව මම දැනගෙන හිටියා.
ඇයගේ සොහොයුරාගේ යෝජනාව අනුව අම්මට අවශ්‍ය වුණා මේ සියළු දේ විකුණා දමා ආපහු අම්මා උපන් ගම් පළාතට යන්න.එහෙ අපි ගැන හොයලා බලන්න ඕනෑ තරම් පිරිස ඉන්නවා.ඒත් මට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණා..ඒ තමයි මැතිව්.නමුත් ඒක මට පමණක් අදාළ පුද්ගලික කරුණක්.අම්මගේ යෝජනාව මම යන්තම් හිස සැලීමකින් පමණක් අනුමත කළා.නමුත් හිතට එකඟව නෙවෙයි.
අන්තිමේදී අපි සමුගන්න දවස එළඹුණා.මම ඇද වැටුණු විලෝ ගහ යටදිමයි අපි හමුවුණේ.පෙර දවස් වල වගේ අපිට එදා හිතේ හැටියේ දොඩමළු වෙන්න බැරි වුණා.ඒක දිගු නිහැඩියාවක්..අවසානයේදී මැතිව් මාව උණුසුම්ව වැළඳ ගත්තා. "සුභ ගමන් විලී" කාලයක් තිස්සේ හිතේ කැවෙමින් තිබුණ ගැටළුව දැන් ඇසිය හැකි බව මට හිතුණා.
"හැමෝගෙන්ම යාළුකම් වලින් මම හැලෙද්දී ඇයි ඔයා මට කිට්ටු වුණේ මැතිව්?" මගේ පැනයට මැතිව්ට හිනා ගියා. "හරි සරලයි..මම කොහොමත් වෙනස් අයට කැමතියි.මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා විලී" මම ප්‍රශ්නාර්ථයකින් යුතුව ඔහු දෙස බලාගෙන හිටියා.
"කවදාහරි මේ ලෝකය දිහා ඔයා බලන විදිහ හැමෝම දැනගන්න ඕනේ.ඒක කොහොමද කරන්නේ කියලා මම දන්නේ නැහැ.ඒත් ඒ දේ ඔයා කොහොමහරි කරන්න ඕනේ..කුමන හෝ ක්‍රමයක් මඟින්"
"මේක මාව මතක් වෙන්න" මැතිව් මට ටොම් හැන්ක්ස්ගේ සමරු අත්සන සහිත ෆොරස්ට් ගම්ප් චිත්‍රපටියේ වීඩියෝ පටයක් තෑගි කළා.එය අදටත් මට මිළ කල නොහැකි මිත්‍රත්වයේ උතුම් ත්‍යාගයක්.

අපි සමුගත්තා.අපේ වෙන්වීම කිලෝමීටර් දහසකටත් වඩා ඈතයි.අපි දිගටම ලියුම් ගණුදෙනු කළා..පුරා වසර පහක් තිස්සේ.ඒවායේ අන්තර්ගතය මම මෙහෙම සරලව උපමා කරන්නම්..මගේ දිනපොත තිබුණේ ඔහු ලඟ,ඔහුගේ දිනපොත තිබුණේ මං ලඟ.හිටි හැටියේ ඔහුගෙන් ලියුම් ඒම නතර වුණා.ඒත් මම දිගටම ලිව්වා.නමුත් එක් දවසක මම තැපැල් කරපු ලියුම් ඔක්කොම නැවත මට හරවා එවා තිබුණා.ඒ තමයි මම වැඩියෙන්ම දුක්වුණ දවස.
කාලය වේගයෙන් ගත වුණා.මම දැන් තරුණයෙක්..මැතිව්ගේ ඉල්ලීම මට නිතර නිතර සිහිපත් වුණා.මට හිතුණු හැමදේම කොළවල කටු ගාන්න මම පුරුදු වුණා.අන්තිමේදී කොළ රාශියකින් සමන්විත ගොනුවක් බවට එය පත් වුණා.දවසක් මම ඒ ලිපි ගොනුව අම්මට කියවන්න දුන්නා.ඇය ඒක අගය කලෙත් නැහැ,විවේචනය කලෙත් නැහැ. "මගේ පිස්සු කොල්ලා" ඇය පැවසුවේ එපමණයි.
නමුත් මටත් හොරාම ඇය ඒක මුද්‍රණය කළා.මගේ විසි තුන්වන උපන් දින තෑග්ග වුණේ පොතක් ලෙස මුද්‍රණය කෙරූ ඒ ලිපි ගොනුව.
"මම ඒක නම් කලේ මගේ ලෝකය කියලා විලී..කමක් නැහැ නේද?" අදහාගත නොහැකිව ඒ කෘතිය දෙස බලාගෙන හිටිය මට අම්මගේ වදන් සිහිනයක් වගේ. "මේකට ගොඩක් වියදම් වෙන්න ඇති" මම මිමිණුවා. "ප්‍රකාශක සමාගමක් කැමති වුණා ඔයාගේ පොතට" මාමා පැවසුවා.එතනින් එහාට සිද්ධ වුණේ මම බලාපොරොත්තු නොවූ දේවල්මයි.ළැව් ගින්නක් පැතිරෙන තරමට වේගයෙන් වයෝමිං ප්‍රාන්තය පුරා ඒ කෘතිය ජනප්‍රිය වුණා.පිට පිට සිව් වතාවක් මුද්‍රණය වෙන තරමටම..
එයින් ලැබුණ ප්‍රසිද්ධිය නිසා මම පූර්ණකාලීන ලේඛකයෙකු බවට පත් වුණා.විවිධ දේශන වලට මට ආරාධනා ලැබුණා.එවැනි ආරාධනාවක් අනුව එක්තරා හමුදා පුහුණු පාසලක දේශන ශාලාවක් වෙත මම ගියා.මගේ පොත මිලට ගත් හමුදා නිළධාරීන් දේශනය අවසානයේ එයට සමරු අත්සනක් දමා ගැනීමට මා අසළට පැමිණියා.
හිස පහත් කරගෙන මම දිගු කරන හැම පොතකටම අත්සන දමාගෙන ගියේ මැෂිමක් වගේ.එක වරම කෙනෙක් මා වෙත පොත් දෙකක් දිගු කළා.එකක් මගේ කෘතිය වුණා.අනෙක මට හොඳට හුරු පුරුදු පැරණි චිත්‍ර කතා පොත වුණා. "මේ දෙකටම මට සමරු අත්සන් ඕනෑ" මම වහා හිස ඔසවා බැලුවා. "දෙයියනේ මැතිව්!!"
උස් සිහින් සිරුරකට හිමිකම් කිවූ තරුණ මැතිව් මං ඉදිරියේ දිළිසෙන දෑසින් යුතුව බලාගෙන හිටියා.සතුට වැඩිකමට මම වහා නැඟිටින්න උත්සහ කළත් සමබරතාවය ගිලිහී ගියා.මැතිව් වහා මාව අල්ලා ගත්තා.ඔහු මගේ ආබාධිත කකුලේ සවිකර තිබූ ආධාරකය කලිසමට උඩින් ස්පර්ශ කළා. "සමහර දේවල් වෙනස් වෙන්නේ නැහැ මැතිව්" "අපි එළියට යමු" ඔහු මගේ කිහිලි යටින් අත් යැව්වා. "මට තනියෙන් නැඟිටින්න පුළුවන්" "අහංකාරයා..!" ඔහු විසුළු සිනහවක් පෑවා.
දේශන ශාලාව ඉදිරිපිට සැකසූ කුඩා උද්‍යානයක් වැනි කොටසේ බංකුවක අපි ඉඳගත්තා.නිළ ඇඳුම ඔහුට මනාව ගැලපුණා.මැතිව් දැන් ඉහළ නිළධරයෙක් බව ඔහුගේ නිළ ඇඳුම සාක්‍ෂි දැරුවා. "ඇයි හදිසියේම ඔයාගේ සද්දයක්වත් නැති වුණේ?" "දේවල් වෙනස් වුණා විලී..පහුගිය කාලය ගොඩක් අමාරු වුණා.ඔයා කිව්ව විදිහටම මගේ සතුට මං වෙතින්ම හොයා ගන්න හදන කොට ගොඩක් දේවල් අහිමිත් වුණා"
"ඒ තාත්තද?" මම ඇහුවා. "එයා විතරක් නෙවෙයි..මම හමුදාවට බැඳෙන්න කැමතියි කිව්වම එයාගෙන් ලොකු විරෝධයක් ආවා.ඊටත් වඩා..මගේ ලිංගික දිශානතිය ගැන දැනගත්තම මුළු පවුලම මාව ප්‍රතික්‍ෂේප කළා.දැඩි ආගමික විශ්වාසයන් මත පසුබිම් වුණ අපේ පවුලේ අයට මගේ ආකල්ප කොහෙත්ම දරාගන්න බැරි වුණා..ඒත් ඔයාට ස්තූතිවන්ත වෙන්න මේ හැම කරදරයක් මැද්දෙත් මම අදටත් සතුටින් ඉන්නවා"
එයින් පසුව හැකි සෑමවිටම මැතිව් මාව හමුවෙන්න පැමිණියා.පරණ මිතුරුකම් ආපහු තර වුණා.මිත්‍රත්වයෙන් එහා ගිය අවස්ථාවකට ඔහු අපේ සබඳතාවය උත්තේජනය කරන්න උත්සහ දරණ බව මට කාලයත් සමඟ ඒත්තු ගියා.මමත් එයට ඉඩ දුන්නා.ඒක මම හිතාමතා කරපු දෙයකුත් නෙවෙයි... ඉබේම සිද්ධ වෙන සිද්ධි සමුදායක් වගේ.ඊට බොහෝ දවසකට පසු ඔහු ආවේ ඔහුගේ විවාහ යෝජනාවත් සමඟයි.
"මම වගේ ආබාධිතයෙක් කරගහ ගන්න එක ඔයාට කරදරයක් මැතිව්" අවසානයේ මම පැවසුවා. "මම මෙච්චර කාලයක් ජීවත් වුණේ ආබාධිතයොත් එක්ක තමයි.මම මගේ ජීවිතේ දන්න කියන එකම නිරෝගී පුද්ගලයා හොයාගෙන ආවම ඔහොම කතා කරන්නේ ඇයි විලී.." මම නිරුත්තර වුණා.
ඔහුගේ සපත්තුවට පෑගී තිබුණ කුරුළු පිහාටුවක් වෙත මගේ නෙත ගැටුණා.

"මම දන්නේ නැහැ අපි එක් එක් කෙනාට දෛවයක් කියලා දෙයක් තියෙනවද කියලා.නැත්නම් හුළං අතට අහුවුණ කුරුළු පිහාටුවක් වගේ අහඹුවෙන් අපි පාවෙනවා ඇති.මට හිතෙන්නේ ඔය දෙකම....සමහරවිට ඔය දෙකම එකම වෙලාවේ සිද්ධ වෙනවා ඇති"

මට මගේ වීරයා..ෆොරස්ට් ගම්ප්ව සිහිපත් වුණා..

azores
+ 250 Posts

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 376
GetReal Gold : 5073
Member Since : 2013-07-06

Back to top Go down

Re: Like a feather..

Post  සහන් on 12th October 2016, 20:07

Azores , වෙනදා වගේම අපූරු අත් දැකීමක්.
එකම කනගාටුව ඒක කෙටි කථාවක් වීම.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8841
Member Since : 2013-01-29

Back to top Go down

Re: Like a feather..

Post  Jith on 12th October 2016, 21:10

ඇත්තටම මේක ගැන කියන්න වචන නැහැ Azores අයියා. කතාව ලස්සනයි ගොඩක් වගේම ඒකට ගොඩක් ස්තූතියි...  kiss kiss
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4127
Member Since : 2013-10-18

Back to top Go down

Re: Like a feather..

Post  IceCool on 13th October 2016, 01:13

මේවගේ කතාවකට දෙයක් කියන්න තරම් මට තේරුමක් නෑ.ඒත් මුකුත් නොකියත් බැහැ..අකුරක් ගානෙ හිතට දැනෙනවා.azores මං කැමතිම ලේඛකයෙක්..ගොඩක් ස්තූතියි thumbup  thumbup  thumbup
avatar
IceCool
Newbie writer

Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1649
Member Since : 2016-07-07

Back to top Go down

Re: Like a feather..

Post  Suwahas on 13th October 2016, 02:46

pride pride pride pride pride pride pride pride
avatar
Suwahas
Regular Member

Mood : Rainbow

City : somewhere under the same sky
Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 966
Member Since : 2016-09-16

Back to top Go down

Re: Like a feather..

Post  Hitha Honda Kolla on 13th October 2016, 03:36

අයේත් ඔයාගෙ ලස්සන කථාවක් කියවන්න ලැබුන එක ගැන සන්තෝෂයි අසොරෙස්.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1990
GetReal Gold : 4538
Member Since : 2015-05-03

Back to top Go down

Re: Like a feather..

Post  jay.rishan on 14th October 2016, 13:38

හදවතට දැනෙන දේ ගැන කියන්න වචන නැහැ.කොච්චර කිව්වත් ඒ දේ ඇති වෙන්නෙත් නෑ.හදවතට එබිල බලල හදවත ස්පර්ශ කරල අමුතුම හැගීම් සමුදායකින් අපිව පුරවල නොසිතූ දෙයක් ගැන හිතට දන්වන්න ඔයාට තියෙන හැකියාව ගැන ගොඩක් පුදුම වෙනවා අයියා.ගොඩක් ස්තූතී ඔයා මේ ලස්සන කතාව අපිට කියවන්න ලබා දුන්නට.
avatar
jay.rishan
+ 250 Posts

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 473
GetReal Gold : 2304
Member Since : 2015-09-05

Back to top Go down

Re: Like a feather..

Post  Siyapath on 30th October 2016, 23:41

මේ කෙටි කතා සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න පත්තරේක වත් දාන්න බැරිද​?
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9008
Member Since : 2013-01-26

Back to top Go down

Re: Like a feather..

Post  azores on 31st October 2016, 18:39

[You must be registered and logged in to see this link.] wrote:මේ කෙටි කතා සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න පත්තරේක වත් දාන්න බැරිද​?

Awasthaawak himi wenawa Nam mamath kamathiy..eth kiyanna bahane mewa pili ganida kiyala

azores
+ 250 Posts

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 376
GetReal Gold : 5073
Member Since : 2013-07-06

Back to top Go down

Re: Like a feather..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum