Sinhala Typing Tool

සිතුවම..

View previous topic View next topic Go down

සිතුවම..

Post  Jith on 8th October 2016, 21:54

පෙබරවාරි 13, 1903 


ලෝකය හුඟක් වෙනස් වෙලා කියල මට දැනෙන්න පටන් ගත්තෙ අදක ඊයෙක නෙවෙයි. මම දන්නෙ නැහැ ඒ ඇයි කියල. ඒත් ඒකට හේතු මම නොදන්නවත්ම නෙවෙයි. ඒව හොඳද නරකද කියලා කියන්න ඇත්තටම තවමත් මට තේරුමක් නැතිම තරම්.


විසිවෙනි ශතවර්ෂය වගේම මගේ ජීවිතයෙ 30 වෙනි අවුරුද්ද පටන් ගත්තෙ හරිම පුදුමාකාර විදිහකට කියලා ආපස්ස හැරිලා බලනකොට මට හිතෙනවා. අංක 999 කොහොම අමතක කරන්නද? ඒ විකාර මිනීමරුවත් එක්ක ගෙවුනු රෑ මගෙ හිතේ තවමත් පැහැදිලිවම ඇඳිලා තියෙනවා. 


මිනිස්සු කියනවා ජීවිතේ අමතක කරන්න බැරිම දේවල් මැරෙන මොහොතෙදි ආයෙමත් මැවිලා පේනවා කියලා.. එහෙනම් එදා රෑ සිදු වුණු දේවල් අයෙමත් මගෙ හිතට එන්න අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනවා. තවත් එකම එක වතාවකට මරණ බය එකතු කරන්න අවස්තාවක් මගේ ජීවිතේට ඉතුරු වෙලා තියෙනවා.


නවකයෙක් විදිහට මගේ වෘත්තිය ජීවිතය ආරම්භ වුණේ එංගලන්තය මේ තරම් කාලෙකට මුහුණ දුන්නු දරුණුම අපරාධකාරයත් එක්ක. ජැක්. සමහරු කිව්වෙ 'ඉරන්නා' කියලා. මේරි කෙලී ගෙ කෑලි කෑලි වුනු මිනිය තවමත් මගෙ ඇස් දෙක ඉස්සරහා මැවිලා පේන්නෙ අදක ඊයෙක වගේ. ජැක්ට මොකද වුණේ? ඔහු මැරුණද? අඩුම තරමේ ඔහු කවුද කියල කියන්නවත් කාටවත් පුළුවන්කමක් තිබුනෙ නැහැ. සීත කාලෙකට උදේ පාන්දරම ලන්ඩන් නගරය වසා ගන්න ඝන මීදුමක් වගේ මුළු ලන්ඩන් නගරයම භීතියෙන් වෙළා ගත්ත ජැක් එක පාරම අතුරුදහන් වුනෙත් ඒ මීදුම වගේමයි. මට හිතුණ විදිහට නම් ඔහු................................................................................. නැහැ. ඒකෙන් දැන් වැඩක් නැහැ.


ලෝකය තවත් කොයි තරම් ලොකු තැනක්ද කියලා කියන්න මට පුළුවන් කමක් නැහැ. ලෝකෙ තවත් කොයි තරම් පුදුමාකාර ඒ වගේම භයානක අද්භූත දේවල් හැංඟිලා තියෙනවද කියලා කියන්නත් මට පුළුවන් කමක් නැහැ. ඇත්තම කියනවා නම්, මෙච්චර කාලයක් ඇත්තයි කියලා මම හිතන් හිටපු දේවල් ඇත්තද කියලා කියන්නවත් තවදුරටත්  මට පුළුවන්කමක් නැති තරම්. අද රාත්‍රිය ඇත්තටම හරිම නිශ්ශබ්දයි. මම හුස්ම ගන්න ශබ්දය, මගෙ හද ගැස්ම පවා මට හොඳින්ම ඇහෙනවා. මේ නිශ්ශබ්දතාව මගේ මතකයට ගේන්නෙ ඔහුව. ඔහු!! හිතන්න පුළුවන් විදිහකින් මගේ ජීවිතයට ආපු, කෙනෙකු හිතන්නෙ නැති ඔහු. ඈත ඔරලෝසු කණුවෙ 12 කණිසම වැදෙන හැටි මට පැහැදිලිවම ඇහෙනවා. ඔව්, ඔහුත් මට මුණ ගැසුණෙ නිශ්ශබ්දතාවකින් එක්වරම නැගුණු හඬක් වගේ.


මගේ ජීවිතයේ මම මුහුණ දුන්න විශ්වාස කරන්නම බැරි අත්දැකීම! මම බය වෙලාද? නැහැ මම...... මම බය වෙලා නෙවෙයි. ඒත් ඒ දේ ඇත්තටම වෙන්නෙ කොහොමද? ඔව්. ඒ කතාව මම සටහන් කර තැබිය යුතුයි. ඒ ඇයි කියලා කියන්න මම දන්නෙ නැහැ. ඒත් මම ඒ කතාව සටහන් කර තැබිය යුතුයි. 


එඩ්වඩ් ක්‍රේන්.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සිතුවම..

Post  Guest on 8th October 2016, 22:10

ඉතින් ඉක්මනට සටහන් තියමුකෝ බං

Guest
Guest


Back to top Go down

Re: සිතුවම..

Post  shevan on 8th October 2016, 23:51

පළවෙනි කොටෙස් දිගින් පෙනී යන්නේ මෙය සැබවින්ම කෙටිම කතාවක් බවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්නේ නම් මෙහි කර්තෘ කොතරම් දිග ඒකෙක් වුවත් මේ කතාව කොට කතාවක් වීමට අැති සම්භාවිතාවය ඉතා ඉහළය.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: සිතුවම..

Post  Jith on 8th October 2016, 23:59

[You must be registered and logged in to see this link.] wrote:පළවෙනි කොටෙස් දිගින් පෙනී යන්නේ මෙය සැබවින්ම කෙටිම කතාවක් බවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්නේ නම් මෙහි කර්තෘ කොතරම් දිග ඒකෙක් වුවත් මේ කතාව කොට කතාවක් වීමට අැති සම්භාවිතාවය ඉතා ඉහළය.


හම්මෝ මම බය වෙච්ච තරමක්...  bath bath bath bath bath


මෙය නවකතාවක් කිරීමට මහත් ආශාවක් පැන නැගුණද අධ්‍යන කටයුතු සඳහා බාධා පැමිණිය හැකි බැවින්ද, මේ දිනවල සහන් මහතා බහුලව ගැවසෙන බැවින් ඔහුගේ ඉල්ලුම් අවශ්‍යතා අනුව කතාව යාවත්කාලීන කළ නොහැකි බැවින්ද, ශෙවාන් මහතා කියවීමට රුචියක් දක්වන්නේ කෙටිකතා බැවින්ද නිසා කෙටිකතා කොටසේ පළ කිරීමට තීරණය කළ බැව් දැන්වීමට කැමැත්තෙමි.. hehe hehe hehe hehe hehe hehe hehe hehe hehe hehe hehe hehe

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සිතුවම..

Post  Hitha Honda Kolla on 9th October 2016, 04:06

ජිත්. මෙම සයිට් එකේ පැරණිතම සාමාජිකයෙක් නැවතත් කථාවක් ලියනවා කියන එක සතුටට කරුනක්. ඉක්මණට ලියන්න අපි බලන්නම්. 999...මේක බයිබලයෙ සඳහන් අංකයක් නේද​.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: සිතුවම..

Post  Jith on 9th October 2016, 17:54

මම වේගයෙන් සිර මැදිරි අතරින් ඉදිරියට ඇවිදගෙන ගියෙමි. වේදනාවෙන් කෑ ගසන ශබ්ද, උමතු සිනා හඬවල්, හැඬීම් මට අහන්න ලැබුණෙ මහ හඬින්. මගේ දිහාවට යොමු වෙන ඇස් වලින් කියවෙන තේරුම් ගත නොහැකි හැඟීම් මොනවාද යන්න තේරුම් ගැනීමට උත්සාහ දරමින් මම තරුණ වෛද්‍යවරයා පසුපසින් ඇවිදගෙන ගියෙමි. 


"ක්‍රේන් මහත්මයා මේ අහන්න................................." 


ඔහු මා ඇමතුවේ දිගු කොරිඩෝවක් අවසානයේ තිබූ සවිමත් යකඩ දොර‍ටුවක් වෙත ළඟා වූ පසුවයි.


"ඔහු ඔබත් සමඟ සෙල්ලම් කරයි. ඔබෙ සිතුවිලි, මනස පාලනය කරන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා මම කැමතියි ඔබට යෝජනා කරන්න ඔබ................................"


"අවශ්‍ය නැහැ දොස්තර මහත්මයා, බොහොම ස්තූතියි. මම ඔහුව තනිව මුණ ගැසීම වැදගත්."


ගැඹුරු හුස්මක් ඉහළට ගත් ඔහු අසල සිටි නිලධාරීන්ට හිසෙන් සංඥාවක් දුන්නේය. ඒ සංඥාව අනුව ඔවුන් යකඩ දොර‍ටුව විවෘත කළේ මට ඇතුළට යාමට හැකි වන පරිද්දෙනි. මම සෙමින් එම කුටිය තුළට ඇතුළු වුණෙමි. එය හොඳින් ආලෝකවත් වී තිබුණු නිසා එහි සෑම අස්සක් මුල්ලක්ම හොඳින් දැක ගැනීමේ හැකියාව මට ලැබිණි. ප්‍රමාණයෙන් විශාල වුණු එහි ඇතුළතින් තවත් යකඩින් කළ විශාල සිර මැදිරියක් විය. එය තුළ සිටියේ ඔහුය! මට පි‍ටුපා හිඳගෙන සිටියත්, ඒ ඔහුමය!!


මහත් ශබ්දයක් නංවමින් මගෙ පි‍ටුපසින් වූ දොර වැසිණි. මගේ තරුණ, ධෛර්යයමත් සිතට චකිතයක් ඇති නොවුණා කිවහොත් එය අමුම අමු බොරුවක් බව මා පැහැදිලිවම කිව යුතුය. අවුරුද්දකට පෙර එදා රාත්‍රියේ මගේ හිතට නැගුණු හැඟීම් මෙන්ම වේදනාවන්ද, නැවතත් කෙමෙන් කෙමෙන් ඉස්මතු වන්නට විය. එය ආරම්භ වූයේ ඔහු මගේ දකුණු අතේ තැබූ තුවාල කැළලෙනි. මම ඔහු දෙසට සෙමින් පිය නැගුවෙමි. 


"රහස් පරීක්ෂකතුමා....... එඩ්වඩ් ක්‍රේන්."


ඒ අනුකම්පා විරහිත ගුප්ත කටහඬ ඇසීමට මට තවත් වරක් සිදු විය. මා දෙස හැරී බැලීමටවත් ඔහුට වේලාවක් අවශ්‍ය නොවිණි. ඔහු මා ඇමතුවේ ඔහුගේ කිසිඳු ඉරියව්වක් හෝ මාංශ පේශියක් වෙනස් නොකරමිනි. ඒ වන විටත් කිසියම් අමුතු හැඟීමක් මගේ ශරීරය පුරා දිවෙන්නට පටන්ගෙන තිබිණි.


"මහාචාර්යතුමා. ඔබට මාව මුණ ගැසෙන්න වුවමනා වෙලා තිබුණා."


"ඔව් ඔව්. ඇත්ත වශයෙන්ම. මම බලාපොරොත්තුවෙන් හිටියා, ඔබ මාව මුණ ගැසෙන්න එයි කියලා."


ඔහු පැවසුවේ සෙමින් මගේ දෙසට හැරෙමින්. බොහොම සාමකාමී බවක් ඔහුගේ මුහුණේ දකින්නට ලැබිණි.
 
"ප්‍රතික්ෂේප කරන්න තරම් හේතුවක් තිබුණෙ නැහැ මට." 


"ඕහ්........ අනිවාර්යයෙන්ම."  


ඔහු පැවසුවේ ඔහුගෙ අතැඟිලි එකිනෙක පටලවා ගනිමිනි. මොහොතක් ඔහුත් මමත් එකිනෙකා දෙස බලා සිටියේ නිශ්ශබ්දවය. ඒ ගත වූ කාලය, අපරිමිත කාලයක් තුළ ගිනි දැල් තුළ දැවෙන්නාක් සේ මට දැනිණි. ඔහුගේ මුහුණේ ‍රැඳී තිබුණේ ගුප්ත සිනහවකි. එය මා අපහසුවෙන් අපහසුවට පත් කළා මෙන්ම ඔහුගේ දෑස් වල කුරිරු බැල්ම මා වෙත ‍රැගෙන ආවේ පිළිකුල් සහගත හැඟීමකි.  


"මම දැනගත්තා මේක කාලෙ නාස්ති කිරීමක් වෙයි කියලා. තමුසෙට පිස්සු බ්ලැක්වුඩ්!"  


මම නැවතත් හැරෙන්නට සූදානම් වූවා පමණි.


"තමුසෙ හිතන්නෙ මේ හැමදෙයක්ම ඉවරයි කියලද මිනිහො!!!" 


ඔහු එක්වරම මා වෙතට කඩා පැන්නේ නොසිතූ ලෙසිනි. නොදැනුවත්වම අඩි දෙකක් පමණ මා පස්සට විසි වන්නට ඇත. දෙවියන්ට ස්තූති වේවා! වාසනාවට ඔහුත් මාත් අතර යකඩ කූරු ‍රැසක් තිබිණි. යකඩ කූරු තදින් අල්ලා ගත් ඔහු මහ හඬින් සිනා සෙන්නට විය. ඒ දෑස් තුළින් මා එදා රාත්‍රියේ දු‍ටු ඔහුගේ සැබෑ ස්වරූපය නැවතත් ජීවමාන ලෙස දු‍ටුවෙමි.


"ඔහු තරහෙන් ඉන්නෙ. ඔහු ඉන්නෙ තමුසෙ දිහා බලාගෙන ක්‍රේන්. තමුසෙට ගැලවීමක් හම්බවෙන්නෙ නැහැ. කවදාවත්!!"


"කා ගැනද තමුසෙ ඔය කියවන්නෙ?"


සිනහව එක් වරම නතර කළ ඔහු වරින් වර හිස ඇල කරමින් මා දෙස බැලීය.


"යක්ෂයා!!!!"


නැවතත් මහ හඩින් සිනාසුණු ඔහු වේගයෙන් තම හිස යකඩ කූරු වල ගසා ගන්නට විය. ඔහුගේ හිසෙන් ගලා ගිය රුධිරයෙන් පොළොව රත් පැහැ වන්නට ගත වූයේ එක් ක්ෂණයක් පමණි. ඒ සමඟම එතනට වේගයෙන් දිව ආ නිලධාරීන් පිරිසක් සමඟ ඔහු නිරත වූයේ මාරන්තික ගැ‍ටුමකි. එම ගැ‍ටුම දෙස මම මොහොතක් බලා සිටියේ කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගත නොහැකිවය. මට කුමක් සිදු වී ඇත්ද?


"ගැලවීමක් නැහැ ක්‍රේන්! ගැලවීමක් නැහැ!!"


කුටියෙන් එළියට එන අතරේ ඔහුගේ කටහඬ නැවතත් මට උස් හඬින් අසන්නට ලැබිණි. මා හැකි තාක් ඉක්මණින් එතනින් පිට වී ආවේ කැලඹුනු මනසකුත් සමඟය. තරුණ වෛද්‍යවරයා මගේ නම කියමින් කෑ ගසුනු මට ඇසුණද, කා සමඟවත් කතා කිරීමට නතර නොවුණු මම මහ මගට පිවිස හමුවූ පළමුවෙනි අශ්ව කරත්තය නවතා එයට ගොඩ වුණෙමි. 


"ස්කොට්ලන්ඩ්යාඩ් වලට."


මහාචාර්ය බ්ලැක්වුඩ් ගෙ සිදුවීම මගේ මනසට නැවතත් ගලා එන්නට විය. කරගත් ලොකුම මෝඩකම ඔහු මුණ ගැසීමට යාමයි. මගේ සිත මටද, මම මගේ සිතටද දෝෂාරෝපණය කරන්නට විය. නමුත්, මට ඔහුගේ කැඳවීම ඉවත දමන්නට හැකියාවක් නොතිබුණේ ඇයිද යන්න මට සිතා ගත නොහැකි විය. බ්ලැක්වුඩ් උමතු පුද්ගලයෙකු වන්නට ඇත. නමුත් මේ සෑම කාරණයක්ම එකිනෙකට බද්ධ වී තිබුණේ ප්‍රහේලිකාවක් මෙනි. ඔව්. එය එසේ විය යුතුය. මේ ප්‍රහේලිකාව පැහැදිලි නොවන්නේ එහි කුමන හෝ කොටසක් තවමත් වැළලී තිබෙන බැවිණි. මා සතුව නැවතත් ඉතිරිව තිබුණේ එක් නොවැදගත් පිළිතුරක් තුළින් පැන නැගුණු වැදගත් ප්‍රශ්න ‍රැසකි. 


මා ගමනාන්තය කරා ළඟා වුණද මගේ සිතුවිලි කිසිවක අන්තයක් දැක ගැනීමට මට හැකියාවක් ලැබී නොතිබිණි. ඒ වන විටත් ස්කොට්ලන්ඩ්යාඩ් සුපුරුදු ලෙස කාර්ය බහුල වී තිබිණි.


"සුභ උදෑසනක් ක්‍රේන් මහත්මයා!"


"සුභ උදෑසනක් විල්සන්!"


හිස් වැසුම අතට ගනිමින් මම ඔහුට සමීප වීමි.


"උදේ පාන්දරම ක්‍රේන් මහත්මයට රාජකාරියක්."


ඔහු පැවසුවේ මගේ කාර්යාලය දෙසට නෙත් යොමු කරමිනි. එය සාමාන්‍ය ප්‍රශ්නයක් නම් සෘජුවම මගේ හිස මත කඩා පාත් නොවන බව මම පැහැදිලිවම දනිමි. කාර්යාලය වෙත ඇවිද ගිය මම සෙමෙන් දොර විවෘත කළේ හඬක් නොනැ‍ඟෙන පරිද්දෙනි. මේසය අසල වූ පු‍ටුවෙහි කිසිවෙකුත් වාඩි වී සිටිනු මට දැකගත නොහැකි විය. කාමරය කෙළවරෙහි වූ ගිනි උඳුන දෙසට මගේ අවධානය යොමු වූයේ ඒ මොහොතේදීය. 


ඔහු ඇඳ සිටියේ තනි සුදු පැහැති සම්පූර්ණ ඇඳුම් කට්ටලයකි. පාවහන් පවා සුදු පැහැති ඒවා විය. ඔහුගේ සුදු පැහැති පිටත කබාය මෙන්ම හිස්වැසුමද දොර අසල රාක්ක්යේ එල්ලා තිබිණි. ඔහුගේ හිස කෙස් කළු පැහැ වූ අතර උරහිස තෙක් දිගු විය. සාමාන්‍ය උසක් තිබූ ඔහුට හිමිවූයේ සිහින් සිරුරකි.


"සුභ උදෑසනක් මහත්මයා. මම එඩ්වඩ් ක්‍රේන්. ඔබ මාව බලාපොරොත්තුවෙන් ඉන්න ඇති කියලා මම හිතනවා."


ඔහුගේ අවධානය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මම පැවසුවෙමි. අත් දෙක පි‍ටුපසට බැඳගත් ඔහු මගේ දෙසට හැරුණේ කිසිඳු කලබලයකින් තොරවය.


"සුභ උදෑසනක්............ රහස් පරීක්ෂකතුමා!" 


සැබැවින්ම, මා සත්‍ය පැවසිය යුතුය. ඔහු තරම් කඩවසම් පුද්ගලයෙකු මා කෙදිනෙකවත් දැක නොමැති බව මට ඕනෑම තැනකදී දිවුරා පැවසිය හැකිය. ඔහුගේ සිහින් උඩු ‍රැවුල සහ නිකටෙහි තිබුණු යටි ‍රැවුල ඔහුගේ කඩවසම් බවට එක් කළේ මනා පෞරුශයකි. දෑස් වල තිබූ තද දුඹුරු පැහැය ඔහුටම ආවේණික වූ එකක් මෙන් මට දැනිණි. ඔහුගේ සිහින් දෙතොල් වල ‍රැඳී තිබුණේ මද නමුත් මිත්‍රශීලී සිනහවකි. ඔහුට හිමි වී තිබුනේ ගැඹුරු නමුත් පැහැදිලි කටහඬකි. 


ඔහු උගුර පෑදූ හඬින් මම නැවතත් පියවී සිහියට එන්නට ඇත. මට මා ගැනම මොහොතකට ලැජ්ජාවක් ඇති විය. ඔහුගේ සිනහව තරමක් තීව්‍ර වන අයුරු මම දු‍ටුවෙමි. නමුත් එහි හාස්‍යක් නොවීය. 


"බාගවෙලාවට..................ඔබට බොහොම හදිස්සි කාරණයක් වෙන්න ඇති." 


පිටත කබාය ගලවා තබමින් මම මගේ අසුනෙහි වාඩි වුණෙමි. මද වේලාවක් මා දෙස බලා සිටි ඔහු, සෙමින් මා දෙසට පැමිණ මාගේ ඉදිරිපසින් අසුන් ගත්තේය.


"හදිස්සි? ඔව්. හදිස්සි ඒ වගේම බොහොම වැදගත් කාරණයක් මහත්මයා. බොහොම වැදගත්." 


ඔහුගේ මුහුණේ තිබුණේ ඉතාමත් බැරෑරුම් පෙනුමකි. කලින් තිබූ ස්වරූපයට වඩා ඔහුගේ දෑස් තුළින් මම යම් ආකාරයක තැති ගැනීමක් දකින්නට පටන් ගත්තෙමි. ඔහු සෘජුව මගේ දෑස් දෙස බලා මා වෙතට නැඹුරු විය.


"මගෙ නම ඩෝරියන් ග්‍රේ. මගේ සිතුවම නැති වෙලා ක්‍රේන් මහත්මයා!" 

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සිතුවම..

Post  Jith on 9th October 2016, 19:48

[You must be registered and logged in to see this link.] wrote:ජිත්. මෙම සයිට් එකේ පැරණිතම සාමාජිකයෙක් නැවතත් කථාවක් ලියනවා කියන එක සතුටට කරුනක්. ඉක්මණට ලියන්න අපි බලන්නම්. 999...මේක බයිබලයෙ සඳහන් අංකයක් නේද​.

හිත හොඳ අයියා... මම මෙහෙම කියන්නද? ඒක කෙටි කතා සෙක්ශන් එකේ තාමත් තියෙන කෙටි කතාවක්...  lmao lmao

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සිතුවම..

Post  සහන් on 9th October 2016, 20:41

අපේ ජිත් මල්ලිගෙන් ආදරණීය කථවක්.
අයේ අහලා ලස්සන කතා ලියන උන්ට නිකන් ඉන්න දෙන්න හොද නෑ.
අනික නව කථාවක් හිතේ තියන් කෙටි කතා ලියන එක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනී lmao

කමක් නෑ කොහොම හරි ලියනවනේ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සිතුවම..

Post  Hitha Honda Kolla on 11th October 2016, 05:30

[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:ජිත්. මෙම සයිට් එකේ පැරණිතම සාමාජිකයෙක් නැවතත් කථාවක් ලියනවා කියන එක සතුටට කරුනක්. ඉක්මණට ලියන්න අපි බලන්නම්. 999...මේක බයිබලයෙ සඳහන් අංකයක් නේද​.

හිත හොඳ අයියා... මම මෙහෙම කියන්නද? ඒක කෙටි කතා සෙක්ශන් එකේ තාමත් තියෙන කෙටි කතාවක්...  lmao lmao
ඔව් එහෙම කිවුවට ප්‍රශ්නයක් නැහැ. ඔයාගෙ ප්‍රොෆයිල් data අනුව ඒකෙ වරදක් නැහැ.
මොකක්ද ඒ කථාවෙ නම​. කියන්න මං බලන්නම්. මේ 999 කියන නොම්බරෙ නම් බයිබලයෙ තියෙන අංකයක්.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: සිතුවම..

Post  Hitha Honda Kolla on 11th October 2016, 05:38

[You must be registered and logged in to see this link.] wrote:අපේ ජිත් මල්ලිගෙන් ආදරණීය කථවක්.
අයේ අහලා ලස්සන කතා ලියන උන්ට නිකන් ඉන්න දෙන්න හොද නෑ.
අනික නව කථාවක් හිතේ තියන් කෙටි කතා ලියන එක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනී lmao

කමක් නෑ කොහොම හරි ලියනවනේ.
ලොකු අයියේ, පවුනෙ බං. පොඩි එකෙක්නෙ. මහ එවුන් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවෙ උල්ලංඝනය කරත්දි කට වහගෙන ඉන්න අපි, පොඩි එකෙක් යාංතම් විදිහට එහෙම දෙයක් කරපුවාම ඒක උලුප්පන එක හරි නැහැනෙ.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: සිතුවම..

Post  Hitha Honda Kolla on 11th October 2016, 05:40

ම්ම්ම්ම්...පරන රහස් පරික්‍ෂක කථාවක්. දිගටම ලියගෙන යමුකො මල්ලියො.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: සිතුවම..

Post  Sponsored content Today at 18:56


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum