Sinhala Typing Tool

සරසවි උයන...

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

සරසවි උයන...

Post  IceCool on 3rd October 2016, 23:05

සරසවි උයන...


හමුවෙන්නට සමුගන්නට 
ඇවිත් යන එන...
දුම්රියපොළ පෙම්වතුන්ගෙ
සරසවි උයන...
අවුරුද්දෙම තුරුලිය ගොමු
මලින් සැරසුන...
අපි දෙන්නා එන තුරු
මග බලයි සැමදින...





                  වැහිපොද හා ඝන අදුර කපාගෙන දුම්රිය පොල්ගහවෙල නැවතුමටද ළගා විය.මේ යකඩ රේල්පීලි අතර අතීත සිදුවීම් බොහොමයක් රැදී ඇති නිසාදෝ පපුව සිරවන බවක් දැනෙයි. ඉදිරියට මුනගැහෙන හුරුපුරුදු පරිසරයද දැන් බොහෝ සෙයින් ආගන්තුකය..ඒ දැන් මා මීට අයිති නැති නිසා විය යුතුය.කාලය බොහෝ දේ වෙනස් කර ඇත..මගේ ජීවිතයේ මෙන්ම පරිසරයේ සුන්දරත්වයද  සේදී ගොස් ඇති බවක් පෙනෙයි.. දොලොස් වසරකට පෙර තිබූ සතුට සැනසීමද අද වන විට ගිලිහී ඇත්තේ එලෙසමය.
       


           ලෝකෙටම හොරෙන් අප අත්වැල් පටලවාගෙන සිටි බංකු කිහිපය මෙන්ම දුම්රිය සිථානයද අප පැමිණෙන තුරු බලා සිටිනවා විය යුතුය...එය කෙතරම් නිශ්ඵල ක්‍රියාවක් වුව මගේ බොළද සිතද අදටත් ඊට පෙරුම් පුරනවා නොවේද....දුම්රිය නැවතුමෙන් බැස ඒ ගිලිහී ගිය අතීත මතකයන් නැවත් සිහිපත් කරන්නට නැගුනු සිතුවිල්ල හදිසියේ කඩාහැලුනු ධාරානිපාත වර්ෂාවකට හසු වූ හෙයින් සිත ඊට මැලිවිය.අපට අපව අහිමි වූයෙ අපේම වැරද්දෙන් මිස වර්ෂාව එයට වගකිව යුතු නොවෙයි.. එහෙත්  මා අදටද ඒ අනෝරා වැස්සට  වෛර  කරමි.නැවත කිසි දිනක වහින්නේ නැතිනම් හොදයි කියා සිතුනු වාර අපමණය..එසේ වුවද අහිමි වීමට තරම් දෙයක් මා සතුව නැත.සියල්ල නිමවී අවසන් වී දොලොස් වසරක්ම ගතවී ඇත.
සිහිපත් වන වාරයක් වාරයක් පාසා ජීවිතයම වේදනාවට පත්කරන ඒ සොදුරු සිදුවීම් පෙළ යළි ආවර්ජනය කරන්නට තවත් හේතු සාධක අවැසි නොවෙයි.
සත්තකින්ම මේ ගමනෙහි මූලික පරමාර්ථයද එයයි...



වසර 2004..,




            අම්මාගේත්, අප්පච්චීගේත්  අක්කාගේත් එකම සිහිනය මල්ඵල ගැන්වුනේ සියල්ලන්ගේම සිත් සතුටින් පුරවාලමිනි.එහෙත් අනේකවිද දුක් කම්කටොළු මැද මා ලොකු මිනිසෙක් කිරීමට වෙර දැරූ අප්පච්චීට මගේ පළමු සරසවි ගමනට එක් වීමට වරම් අහිමි විය.
ඒ මීට වසරකට ඉහතදී ඔහු අපව තනිකර දමා යන්නට ගිය නිසාය.එහෙත් අම්මාගේත් ලොකු අක්කාගේත් ආශීර්වාදය මැද මා පේරාදෙණි සරසවි බිමට පා තැබුවෙමි.ඔවුන් දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ දිනක මා වෛද්‍ය වරයෙකු වනු දැකීමයි.



             මම අනුශ්ක නෙත්සර දිසානායක.... අනුරාධපුරේ පුංචි ගමක ඉපදුනු ගොඩක් දුක් විදල ඉගනගත්ත දුප්පත් කොල්ලෙක්.. ඒ වෙනකන් මගෙ ජීවිතේ හැමදෙයක්ම සිද්ද වුනේ අම්මගෙයි අප්පච්චිගෙයි ආශිර්වාදය මැද්දෙ. අවුරුදු පහක උපාධිය සදහා මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් ඒ විදියට ආරම්භ වුනා.පාසල් කාලෙ ඉදන්ම හරිම නිහඩ චරිතයක් වෙච්ච මට යාළුවො හිටියෙ බොහොම ටික දෙනෙයි.ඒ අතරිනුත් ලගින්ම ආශ්‍රය කළේ දෙන්නෙක් විතරයි.අනුරාධපුරේ කර්කශ පරිසරයට හුරු වෙලා හිටපු මට පේරාදෙණියෙ සෞමය දේශගුණය මුළු ජීවිතයටම නැවුම් බවක් එක් කලා කිවුවොත් නිවැරදියි. අවුරුදු ගාණක් හිතේ හිරවෙලා තිබුනු හැගීම් එලියට එන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.මට පොඩිකාලෙ ඉදන්ම ලොකු සමාජ ආශ්‍රයක් නොතිබුනු නිසා මුලදි යාලුවො හොයාගන්න එක ටිකක් අමාරු වුනා.ඒ නිසාම කැම්පස් එක ටිකක් හුරු වෙනකන් මං ආවෙ ගියේ පොල්ගහවෙල හිටපු ලොකුඅම්මලගෙ  ගෙදර ඉදන්. මම හැමදාම ඉස්කෝලෙ ගියේ බස් එකේ. අපේ පැත්තට රේල්වේ එකක් තිබුනෙත් නැහැ.ඒ නිසා කෝච්චියෙ ගමනත් හරිම නුපුරුදු දෙයක් වුනා.උදේට කටකපල සෙනග හින්ද නැගගත්තෙත් බොහොම අමාරුවෙන්. ඊටත් වඩා අමාරුයි බහින එක.සරසවි උයනෙන් බැස්ස ගොඩ දෙනෙක් කැම්පස් කෙල්ලො කොල්ලො හිටියෙ.
             ඉස්සෙල්ලාම කැම්පස් ගිය දවස.......
 ඔව්........එදා තමයි මේ හැමදෙයක්ම පටන් ගත්තෙ.පොල්ගහවෙලින් ගමන ආරම්බ කරල සරසවි උයනෙන් බහින්න හිටපු සෙට් එකකට හේත්තු වෙලා මමත් කෝච්චියෙන් බැහැගන්න දොරළගට වෙලා හිටිය.එදා හොදටම වැස්ස...කුඩයක් තිබුනෙත් නෑ.අවුරුදු විස්සක් වෙලා හිටියත් කෝච්චියට නැගිල්ලයි බැහිල්ලයි බයානක දෙයක් විදියට දැනුනෙ. ඒ හිනදමද කොහෙදෝ මං බහින්න පඩිපෙලට අඩිය තියනකොටම කකුල ලෙස්සල ගිහින් ප්ලැට්ෆෝම් එක අස්සට වැටුන.කෝච්චිය අද්දන්නත් ලගයි.ඒ මදිවට කකුල උලුක්වෙලා හොල්ලන්නවත් බෑ.උඩ හිටපු දෙතුන් දෙනෙක්ම අත්දාල මාව ඇදල ගන්න හැදුවත් මං එච්චර උසත් නැති නිසා හරිගියේ නැහැ.ඒත් තව මොහොතක්වත් ගත වෙන්න කලින් බොහොම ශක්තිමත් අත්දෙකක් ඇවිත් මාව එකපාරින් එළියට ඇදල ගත්තා.මට උනේ මොකද්ද කියල හිතාගන්නවත් බෑ.
එහෙම්මම උස්සන් ගිහින් මාව බංකුවකින් වාඩි කලා.


   "...මල්ලි...කකුල අමාරුද........මල්ලි...."
     



   "..ආ..හ් නෑ අයියෙ ටිකක් රිදෙනව.. ලොකු අමාරුවක් නැහැ..."



   "..මොකෝ උනේ කොල්ලො... ට්‍රේන් එකේ ගිහින් පුරුදු නැද්ද..."



   "නෑ අයියෙ වැඩිය පුරුදු නෑ...ඒ නිසා ටිකක් බය වෙලා හිටියෙ.."


   "...හිහී...ටිකක්...හොද ටික...ඔය දාඩියයි කදුලුයි ඔක්කොම බේරෙනව.තව මොනවත් උනාද දන්නෙ නෑ.."
 ඒ අයිය ඇස් දෙකත් පුංචි කරල හිනාවෙවී කියන විදියට එයා මොනවද කියන්නෙ කියලවත් මට සිහිනැතිවුනා..මෙච්චර වෙලා මැරෙන්න තරං බය වෙලා හිටිය නේද කියලත් අමතක උනා..



  "...අම්මෝ ඔව් අයියෙ මං හිතුවෙ කකුල ඉවරයි කියල..."


   "...පිස්සුද බං කෝච්චිය නවත්තලනෙ තිබ්බෙ...කොල්ලෙක් ගිහින් ගාඩ්ට කිවුවත් එක්ක..උබ කොට හින්ද ගන්න අමාරු උනේ.."


  "..තැන්ක්‍යූ අයියෙ..මං ගොඩක් බය උනා ඇත්තටම.."



      ඒ අයියව එදාමයි දැක්කෙ..ඒත් ගොඩක් කල් ඉදන් දන්න කෙනෙක් වගේ මා එක්ක කතා කලා.මාත් එක්ක විතරක් නෙමෙයි හැමෝම එක්කම එහෙමයි.එයාගෙන් පිටවෙන හැම වචනෙකම තිබ්බෙ පුදුම මිත්‍රශීලී බවක්.එයා අපේ කැම්පස් එකේම ඉංජිනේරු පීඨෙ ඉගනගන්න කෙනෙක් බව මං දැනගත්තෙ ඇදගෙන හිටපු ටීශර්ට් එකෙන්.කකුල වේදනාව ටිකක් අඩුවෙනකන් ඉදල අපි දෙන්නම කැම්පස් එකට ආව.මගදි  අයිය කඩේකින් ප්ලාස්ටර් එකක් අරන් මගෙ කකුලෙ සීරිලා තිබුනු තැන්වල ඇලෙවුව.අතරමගදි මුන ගැහෙන කට්ටිය එකඑක විදියට අයියව පිළිගනිද්දි තමයි මං දැනගත්තෙ එයා හැමෝගෙම හිත් දිනාගෙන හිටපු ජනප්‍රිය චරිතයක් කියල.ඒ විදියට තමයි දෙනුවන් අයියව මට මුණගැහුනෙ.මොකක්හරි හේතුවක් නිසා දෛවය අපිව මුණගස්සන්න ඇති..

   
              ඒ අහඹු හමුවීමෙන් පස්සෙ දින..සති.. මාස ගණන් කාලය ගෙවිල ගියේ හරිම වේගෙන්...ඒ කාලය තුළ දෙනුවන් අයියයි මමයි එකිනෙකාට ගොඩාක් ලංවුනා.දෙනුවන් අයිය උස මහත ඇගක් තිබුනු කඩවසම් පෙනුමක් තිබුනු කෙනෙක්.ඕනෙම කෙනෙක් දෙතුන්පාරක් හැරිල බලන විදියෙ පෙනුමක් එයාට තිබුනෙ.ඒ නිසා ගෑණු ලමයින්ගෙ අවධානය නම් අඩුවක් නැතුවම ලැබුනා. ඒත් එයා හැමදේකටම වඩා නිදහස බලාපොරොත්තු උනු සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්..එෆයාර් එකක් නැත්තෙ ඇයි කියල අහපු හැමවෙලාවකම කිවුවෙ ඒකෙන් එයාගෙ නිදහස සැහැල්ලුව නැතිවෙලා යයි කියල.
පොල්ගහවෙලින් පටන් අරන් සරසවි උයට එනකම් අපි දෙන්න තොරතෝන්චියක් නැතුව කියෙවුව..දවසකට වචන දෙක තුනක් විතරක් කතාකරපු මං දැන් කට වහගෙන ඉන්නෙ හරිම අඩුවෙන්..දෙනුවන් අයිය හින්දම යාලුවො කියන විදියට මං කටර් එකක් වෙලා..ඒ තරම් කියවනවලු.
අයිය නිසා එයාගෙ බැජ් එකෙත් ගොඩ දෙනෙක් මාත් එක්ක හිතවත් උනා. දෙනුවන් අයියගෙ කාඩ් එක 'ටොමී'...ඒ අයියල කිවුවෙ මං ටොමියගෙ නැට්ට වගේ කියල..හැමදාම උදේට අපි දෙන්න  කැම්පස් එකට ආවෙත් ආපහු ගියෙත් එකට. අයිය තර්ඩ් ඉයර් නිසා මට වඩා ගොඩක් වැඩ තිබුනා..ඒත් එයා කීයට හරි මං ලෙක්චර්ස් ඉවර වෙලා එනකන් ලයිබ්‍රි එකට වෙලා පාඩම් කරනව..මං කොච්චර කිවුවත් යන්නයි කියල මාත් එක්ක රණ්ඩු කර කර නොයා ඉන්නව.මමත් එහෙමයි....
අපි දෙන්න වෙන වෙනම ආව ගිය දවසක් නැති තරම්..මට ලෙක්චර්ස් නොතිබුනත් සමහර දවස් වලට මං අයියත් එක්කම උදේට ගිහින් ලයිබ්‍රි එකට වෙලා පාඩම් කර කර ඉන්නව..එහෙම දවස් වලට ඉතිං බැනුම් කෝටියයි..බැනුම් අහල මං බොරුවට තරහ වෙලා ඉන්නකොට එයාම සොරි කියල ආපහු යාළු වෙනව. සමහර වෙලාවට වැරැද්ද මගෙ වුනත් අයිය මුලින් සොරි කියනව..එතකොට මට තවත් තරහවෙලා ඉන්න බැහැ..
        මේ වෙනකොට මගේ හැගීම් අනිත් කොල්ලන්ට වඩා වෙනස් බවත් මං දෙනුවන් අයියට ආදරේ කරන බවත් මට දැනුනා.ඒත් අයියට මං හොද යාළුවෙක් විතරයි..එයාගෙ පුංචි මල්ලි විතරයි.. අපි දෙන්නගෙ ජීවිතේ එකිනෙකාට හංගපු රහස් තිබුනෙ නැහැ.අයියගෙ හැමදේම මට ත්,මගේ හැමදේම අයියටත් කියලයි තිබුනෙ. ඒත් මේ විශේෂ හැගීම එයාට නොකිය ඉන්න මං තීරණය කලා. මොකද..මට බය හිතුන අපේ යාළුකමත් නැතිවෙලා යයි කියල.පුංචි පුංචි දේවල් වලින් මගෙ හිතේ තියන දේවල් එයාට දැනෙන්න ඇරියත් අයිය ඒව පිළිගත්තෙ බොහොම සාමාන්‍ය විදියට.අයියව නොදැක දවසක්වත් ඉන්න බැරිතරම්ම මං එයාට ආදරේ කලා...මං සමහර දවස් වලට බත් දෙක තුනක් අරං ගිහින් යාලුවන්ගෙන් බේරගන්න බැරි නිසා උං එක්ක එකක් කාල අයිය ආවම එයත් එක්ක කන්න එකක් ඉතුරු කරගත්ත.මොකද මං දන්නව අයිය කන්න ගෙනියන කෑම එකත් වටේටම බෙදල දීල බඩගින්නෙ ඉන්න ජාතියෙ කෙනෙක් කියල.ඒ කාලෙ නිතරම කතා කරන්න අපි ළග ෆෝන් තිබුනෙත් නැහැ. ඒ නිසා අයියගෙ ලෙක්චර්ස් ඉවර වෙනකන් මං පැය ගනං ගස් ගල් යටට වෙලා බලන් හිටියා..


            





                   අපි ආදරේ කරන දේවල් හැමදාම එක විදියට පවතින්නෙ නෑ..අපි බලාපොරොත්තු වෙන ආදරෙත් එහෙම වෙන්න ඇති..කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වන බව දැනං හිටියත් දෙනුවන් අයිය වෙනස් වෙයි කියල මං හීනෙකින් වත් හිතුවෙ නැහැ...ඒත් ඒක එහෙම වෙන්න පටන් ගත්තා..ටික ටික එයා මාව මඟ ඇරල කලින් කෝච්චියෙ ගෙදර ගියා..
මට එක එක බොරු කියල උදේටත් තනියම ආව.එයා කියන්නෙ බොරු බව මං දන්නව කියල එයා හොදටම දැන දැනත් ඒක පොඩ්ඩක්වත් ගණන් ගත්තෙ නැහැ. මං එක්ක කතාකරන එක විතරක් නෙමෙයි මාව දකින එකත් එයාට මහ වදයක් වුනා.ඒත් මගෙ හිතේ තිබුනු ආදරේ නම් දශමයක් වත් අඩුවුනේ නෑ..අයිය මාව ප්‍රතික්ෂේප කරන්න කරන්න මට තවත් එයාව ඕන උනා.මට එයාව හොයාගෙන හැමවෙලාවෙම එන්නත් එපා කියල කිවුව.. මං දෙන කෑම එකක්වත් කෑවෙ නෑ...
මං පිස්සෙක් වගේ දහ අතේ කලපනා කලා අයියට මාව එච්චරටම එපා වෙන්න තරම් මගෙන් උන වැරැද්ද මොකක්ද කියල.. ඒ ප්‍රශ්නෙ නිසා මට ගොඩක් ලෙක්චර්ස් ප්‍රැක්ටිකල්ස් මගඇරිල තිබුනෙ. දේශනේකට ගියත් ඒක අහගෙන ඉගෙනගන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නැහැ.යාළුවො හිතුවෙ මං ට්‍රයි කරපු කෙල්ලෙක් මිස් වෙච්ච නිසා මූඩ් ගහල ඉන්නෙ කියල.මං හුස්ම ගන්න විදියෙ වෙනසක් තිබුනත් දෙනුවන් අයියට ඒක දැනෙනව.මට තියෙන්නෙ ඔලුවෙ කැක්කුමක්ද බඩේ අමාරුවක්ද කියල මටත් කලින් දැනගෙන මට දෙන්න බෙහෙතුත් ගෙනල්ල ඉවරයි වෙනදට. ඒත් මගෙ වෙනස දැන දැනත් එයා මුකුත් නොදන්න නොපෙනෙන ගානට හිටිය.ඒ වෙනකොට මට කැම්පස් යන එකත් එපා වෙලා හිටියෙ.උදේම ගෙදරින් ආවට හවස් වෙනකන් කොහෙ හරි ඉබාගාතෙ ඇවිදල හවසට ගෙදර යනව.එක්සෑම් අතලගට ඇවිත් තිබුනත් මට පාඩම් කරන්න නෝට් වත් තිබුනෙ නැහැ.ලෙක්චරර්ස්ල යාලුවො ලොකු අම්ම මේ හැමෝම මට එක එක උපදෙස් දුන්න පිස්සු නටන්නැතුව ඉගනගන්න කියල..ඒත් මං බලාපොරොත්තු උන කෙනා මං වෙනුවෙන් කිසිම දෙයක් කලේ නැහැ.හැඟීම් දැනීම් නැති මිනිහෙක් වගේ හැමදාම මාව මගෑරිය. මං ලෙක්චර්ස් නොයා අයිය යාළුවොත් එක්ක හිනාවෙවී විහිලු කර කර කතා කරන හැටි ඈතට වෙලා පැය ගානක් බලාන හිටිය දවසුත් තිබුන.




           lectures වලට නොගිය නිසා 80% attendance නැතුව admision ගත්තෙත් හරිම අමාරුවෙන්. මෙලෝදෙයක් පාඩම් නොකර ලියපු ඒ  සෙකන්ඩ් සෙමිස්ටර් එක්සෑම් එකෙන් මං වැඩිහරියක් සබ්ජෙක්ට්ස් fail වෙලා repeate උනා. ඒත් මට ඒ ගැනවත් දුකක් හිතුනෙ නෑ.යාළුවො ඔක්කොම මාව වටකරගෙන හොදටම බනිනකොට දෙනුවන් අයිය ඈත ඉදන් යකෙක් වගේ මගෙ දිහා බලන් ඉන්නව. මං නොහිතපු විදියට කඩාගෙන බිදගෙන මා ළගට ඇවිත් අතින් ඇදගෙන අඹ හෙවන පැත්තට දුවන්න ගත්ත.මොකද වෙන්න යන්නෙ කියල හිතාගන්න බැරුව මං හිටියෙ.වටපිටාවෙ කවුරුත්ම හිටියෙ නැහැ..අයිය මාව ගලක් උඩට තල්ලු කරල මං ලග බිමින් ඉදගෙන මාව බදාගෙන හොදටම ඇඩුවා.මාස කීපයක් තිස්සෙම මගෙත් හිතේ හිරවෙලා තිබ්බ වේදනාව කදුලුවල දියවෙලා අයියගෙ පපුව පුරාම ගලන් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.පැය ක් දෙකක් විතර දුක අඩුවෙනකන්ම අඩල අයිය මගෙ මූණ අත්දෙකෙන්ම අල්ලගෙන මට ආදරෙයි කියල කිවුව. ඒ වෙලාවෙ මට දැනුන සතුට...හැඟීම්...වචන කරන්න මං දැනගෙන හිටියෙ නෑ..මං කලේ අයියව තදින් බදාගෙන හිටපු එක විතරයි.


              මේ වගේ අසම්මතයි කියල ලේබල් කරපු ආදරයක් නිසා මගේ ජීවිතේ නිකරුනේ විනාස වෙලා යයි කියන බයට අයිය මගෙන් ඈත් වෙන්න තීරණය කරන් හිටපු බවත්.., මං දැනටම විනාස වෙන්න පටන් අරන් නිසා තවදුරත් ඈත් වෙන එකේ තේරුමක් නැති නිසා ඇත්ත කියන්න තීරණය කරපු බවත් අයිය කිවුව.එදා තමයි මං කැම්පස් ආවට පස්සෙ උදාවුන ලස්සනම දවස...අපි ගොඩක් රෑ වෙනකන් අත් අල්ලගෙන හද දිහා බලන් කතා කර කර හිටිය.මගෙ හිතේ අයිය ගැන තිබුනු ආදරේ නිදහසේ වචන කරල හැමදෙයක්ම එයාට කිවුව..පොරොන්දුත් ගොඩක් දුන්න..ඒ වගේම ලැබුන.අපි අපේ ජීවිතේ තියනකම් කොහෙ හිටියත් මොනව කලත් එකට ඉන්නවයි කියන  පොරොන්දුත් එක්ක එදා රෑ අයිය මාව එයාගෙ ගෙදර එක්කන් ගියා..පළවෙනි වතාවට..



                   එදා ඒ දුන්න පොරොන්දුව අපි දෙන්න කවදාවත් කැඩුවෙ නැහැ. අයිය මට මොනතරම් ආදරෙයිද කියල එයා කරපු කියපු හැම දේකින්ම මට දැනුන.අපි දෙන්න එකතු වෙලා කැම්පස් එකේ නොගිය තැනක් නැති තරම්..අපේ කොල්ලො සෙට් එක මඟඇරල ගොඩක් සතිඅන්ත වල අපි දෙන්න හන්තාන නැග්ගා..දෙනුවන් අයියගෙ හොදම යාලුවා රවිඳු අයියා අපි ගැන හැමදේම දැනගෙන හිටියෙ..ඒ වගේම උදව් ඕන කරන හැම වෙලාවකම බැහැ නොකිය ඕනම දෙයක් කලා...

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 3rd October 2016, 23:06

මගෙ රිපීට් උන සබ්ජෙක්ට්ස් ගොඩදාගන්න මටත් වඩා මහන්සි උනේ අයියා.අපේ ෆැකල්ටියෙ සීනියර් බැජ් වල ඉන්න අයිය අදුරන යාලුවන්ට කියල මට බලෙන්ම කුප්පි දැම්මා.මාව එයාගෙ ගෙදර ගිහින් තියන් නෝට්ස් පිළිවෙලකට හදල දීල පාඩම් කරන්න ටයිම්ටේබල් එහෙමත් හදල දුන්න.අයියගෙ ගෙදර හිටියෙ අම්මයි නන්ගියි විතරයි.අයිය යාලුවොත් එක කැම්පස් එක ලග නතර නොවී ගෙදර ඉදන් ආවෙ ඒ නිසා.පාඩම් කරන වෙලාවට එයා කියන විදියට වැඩ සිද්ද නොවුනොත් ඉතිං හොද ටොකු පාරවල් තමයි මට හම්බෙන්නෙ.සමහර දවස් වලට ටොකු ඇන ඇන අපි දෙන්න එළිවෙනකන් රණ්ඩු වෙවී පාඩම් කරනව.උදේ බලනකොට දෙන්නටම පොත් උඩ නින්දත් ගිහින්... එයින් පස්සෙ මං කවදාවත් එක්සෑම් එකක් රිපීට් කරගත්තෙ නෑ.අපි දෙන්නගෙම අරමුණ උනේ පුළුවන් තරම් ඉගෙනගෙන හොද සමාජ තත්වයක් හදාගන්න එක. එදාට අපේ සම්බෙන්ධකම ඉස්සරහට දාගෙන කාටවත් අපිට ඇගිල්ල දික්කරන්න බැරිවෙයි කියලයි අයිය කිවුවෙ. කවදහරි දවසක මේ රට ඇතුලෙම කාගෙන්වත් වචනයක් නාහ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් හදාගන්න ඉඩක් ලැබෙයි කියල අයිය තදින්ම විශ්වාස කළා. මං දෙවියන්ගෙන් ඉල්ලුවෙත් ඒ විස්වාසය යථාර්තයක් කරල දෙන්න කියල විතරයි.
වැකේශන් එකට මං ගෙදර යනකොට අයියත් මා එක්ක යන්න එනව..ඒ නිසා අම්මටයි අක්කටයිත් අයිය එයාලගෙම දරුවෙක් වගේ. එයා කොහොමත් හරි ඉක්මනට ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්නව.ඒ වෙනකොට අපිට අපි දෙන්න නැතිව හුස්ම ගන්නවත් බැරි තරම්..ඒ තරම් අපි ආදරේ කළා..

           

               මං third year එකට එනකොට කැම්පස් එකේ වැඩ ගොඩක් වැඩි වුනා.අයියත් final year එකේ හිටපු නිසා එයාටත් හුස්ම ගන්න වෙලාවක් නැතුව හිටියෙ.ඔය අතරෙ අපේ faculty එකේ අවුරුදු පහකට සැරයක් තියන medical exhibition එකත් පටන්ගන්න ලං වුනා... ඒකට මාස ගාණකට කලින් ඉදන් උදේ රෑ නැතුව මැරීගෙන වැඩ කරන්නත් සිද්ධ වුනේ අපි දෙන්නට එකට ඉන්න ලැබුනු කාලය තවත් උදුරගනිමින්..පාඩම් වැඩට පහසු වෙන්නයි යන්න එන්න වැයවෙන වෙලාව ඉතුරු කරගන්නයි ඕන නිසා අපි දෙන්නම කැම්පස් එක ලඟින් බෝඩින් හොයාගත්ත..ඒක  තාවකාලික වෙන්වීමක් වගෙයි අපිට දැනුනෙ.අපේ සබ්ජෙක්ට්ස් වෙනස් නිසා වගේම බැජ් එකේ යාලුවො ඉද්දිත් අපි දෙන්න එක බෝඩිමක ඉන්න එක අනිත් අයට ප්‍රශ්නයක් වෙන නිසයි අපි වෙන වෙනම ඉන්න තීරණය කලේ. ඒකත් හැමදාම දුරදිග බලල වැඩකරන දෙනුවන් අයියගෙ තීරණයක්..ඒ වෙනකොට අපිට හැමදාම මුණගැහෙන්න වෙලාවක් තිබ්බෙ නැහැ.හැබැයි දෙන්නටම ෆෝන් තියන නිසා පොඩි වෙලාවක් හරි කතාකලා..ඒ නැතත් මැසේජ් එකකින් හරි එකිනෙකා ගැන හොයල බැලුව.
         exhibition එක ලං වුනාම අපේ කොල්ලො සෙට් එකත් එක්ක මාත් රෑ නැවතිලා ස්ටෝල්ස් හැදුව..එදා මුළු රෑම මහ වැස්සක තෙමීගෙන පුදුම සැහැල්ලුවකින් තමයි සෙට් එකම හිටියෙ. ටිකක් උදේ වෙනකොට තමයි රෑ නටපු නැටිල්ලෙ ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ. මට හොදටම උණ හැදිල ඔලුව උස්සගන්නවත් නැගිටගන්නවත් බැරි වුනා.‍මං එපා කියද්දිත් රූම ල දෙන්න මාව හොස්පිටල් අරන් ගිහින් ඇඩ්මිට් කලා.ඇත්තටම නම් ඒ තරම් අමාරුවක් තිබුනෙ නෑ..වැස්සක තෙමිල උනක් හැදෙන එක ඒ තරම් දෙයක් නොවුනත් අයිය මගෙ ලෙඩ බලන්නෙත් නැතුව යකෙක් වගේ කෑ ගැහුව පරිස්සම් උනේ නැහැ කියල.. හැමදාම වගේ ඒ කෑගැහිල්ල බොහොම ටික වෙලාවයි..ඊළග මොහොතෙ ඇස් වල කඳුලුත් පුරවගෙන එයාගෙ අතින්ම බතුත් කවල බෙහෙත්තුත් පෙවුව...ඒ වගේ අයිය එයාගෙ ආදරේ පෙන්නනකොට දරාගෙන ඉන්න ගොඩක් අමාරුයි..කාලෙකට පස්සෙ හම්බුන නිසාත් අපි දෙන්න ගොඩක් වෙලා තුරුළු වෙලා හිටිය..
        එයින් දවස් දෙකකට පස්සෙ තමයි අයියගෙ උපන්දිනේ තිබුනෙ.අයිය හිතුවෙ වැඩයි අසනීපයි එක්ක මට ඒක අමතක වෙලා කියල.එයා කොහොමත් ලොකූ දේවල් බලාපොරොත්තු වුනු කෙනෙක් නෙමෙයි.මට අමතක වෙලා ඇත්තටම විශ් නොකර හිටියත් මා එක්ක තරහ වෙන්නෙ නැහැ.උපන්දිනේ දවසෙ උදේම අයිය අම්මවයි නංගිවයි බලන්න ගියා ...ඒ වෙනකොටත් මං අයියට සුභ පතල තිබුනෙ නෑ.මට ඕනෙ වුනා අයියව සර්ප්‍රයිස් කරන්න...ඒ කෙහෙල්මල් අදහස තමයි හැම විනාසෙකටම මුල් වුනේ..රවිඳු අයියයි මමයි තමයි ඒ කරුමක්කාර ප්ලෑන් එක හැදුවෙ..රවිදු අයියයි මමයි එයාලගෙ බෝඩිං රූම් එක සරසල කේක් එකක් එහෙමත් ගෙනාව ...ඒත් මේ කිසි දෙයක් අයිය දැනන් හිටියෙ නැහැ.එයා ගෙදර ගිහින් නිසා මං රවිඳු අයියට කිවුව අයියට කෝල්කරල මට උණ වැඩිවෙලා අමාරුයි ඉක්මනට එන්න කියන්න කියල.


                ඒ හවසත් පොළවට ඔරොත්තු නොදෙන තරම් මහ වැස්සක් පේරාදෙණියට කඩාවැටුනා...මේ අද වගේම.........එදා අයිය පිටත් වෙච්ච ගමන ආපිට එන්න ලැබුනෙ නෑ.......

..........රවිදු අයියගෙ කෝල් එක නිසා දෙනුවන් අයිය හොදටම බය වෙලා කෝච්චියක ෆුට් බෝඩ් එකේ එල්ලිලා ඇවිත් තිබුනා.මගදි හම්බෙන 'යකා පාලම' උඩදි අයියගෙ කකුල ලෙස්සල කෝච්චියෙන් බිමට වැටිල......ඒත් එක්කම බෑග් එකේ බෙල්ට් එකක් පඩිපෙලේ හිරවෙලා අයියව රේල් පීළි අතරට ඇදිල ගිහිනුත් තිබුනා...එදා අයිය අපි හැමෝවම දාල සදහටම යන්න ගියේ ඒ වගේ අවාසනාවන්ත මරණයකින්.......



         අයියගෙ මරණෙන් පස්සෙ අවුරුදු දොළහක් ගතවුනත් ඒ ඉරණම අයියට ලියල දුන්නෙ මම‍යි කියල දැනෙනකොට ඒ පාලම උඩටම ගිහින් කෝච්චියකට බෙල්ල තියල මැරෙන්න හිතෙන වාර අදටත් අනන්තව ඇතිවෙනව......... අදටත් නැවතිල්ලක් නැතුව ඇස් වලින් කඩා හැලෙන කදුලු අස්සෙන් අම්මගෙයි අක්කගෙයි මැරිච්චි අප්පච්චිගෙයි අහිංසක මූනු මැවිල පේනකොට මේ කාලකණ්නි ජීවිතේ ඉතුරු ටික ඒ මිනිස්සු වෙනුවෙන් ගෙවල දාන්න හිතහදාගෙන දැන් අවුරුදු දොලහක් තිස්සෙ මං ජීවත් වෙනව...
හරියට මැරිච්ච මිනිහෙක් ගානට.......




           අවුරුදු දොළහකට පස්සෙ මං මේ ගමන යන්නෙ ජීවිතේ ඉතුරු කාලෙ ගෙවල දාන්න අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන......
             

           අවුරුදු ගාණක් පරණ.... මගෙ කතාවෙ මතක ගොන්නකුත් එක්ක දුම්රිය  සරසවි උයන ස්ටේශමටත් ඇවිත්... කෝච්චියෙන් බිමට අඩිය තියනකොටම මගෙ කකුලක් ආයෙම ප්ලැට්ෆෝම් එකට රිංගුව....අතීතයෙ සිද්ධ වෙච්ච දේවල් නැවත නැවතත් සිද්ධ වෙනව කියන්නෙ නිකන් නෙමෙයිනෙ..ස්ටේශමත් ගොඩක් වෙනස් වෙලා...ගහකොළ පවා එහෙමයි.. ඒ වගේම මිනිස්සුත්.....නන්නාදුනන මූණු ගොන්නක් අතරෙ අදුරන මූණකුත් මතු වුනා...

   "...රවිඳු අයියෙ...."

    
     "...දෙවියනේ අනුෂ්ක මල්ලි... කොයිතරම් කාලෙකින්ද....සෑහෙන්න වෙනස් වෙලා කොල්ලො.."


     "...අපි දැන් කොල්ලො නෙමෙයි අයියෙ... ඔයා කොහෙද මෙහෙ..."


    "...ඒක මමනෙ උඹෙන් අහන්න ඕන.. කවද්ද ලංකාවට ආවෙ.."


   "..දැං දවස් දෙකක් වෙනව අයියෙ..."


   "..ආ..හ් එහෙමද...මං දැන් කැම්පස් එකේ ස්ටාෆ් එකේ වැඩ මල්ලි.."

     
    "..මොකෝ මේ කෝච්චියෙ...ඇයි හදිස්සියෙම මෙහෙ..."


     "..හ්ම්ම්ම්....හදිස්සියක් නෑ අයියෙ...මෙච්චරකල් එන්න හිතහදා ගන්න බැරි වුනා.. පොල්ගහවෙල පහුවෙනකොට කෝච්චියෙන් බැහැල ඒකටම බෙල්ල තියන්න හිතුන.."


      "...ඒ වේදනාවනම් මේ ජීවිතේදි ඉවරයක් වෙන එකක් නෑ මල්ලි."


     "...අද දෙනුවන් අයියගෙ 37 වෙනි උපන්දිනේ....."


        "...දෙවියනේ..."


     "..අයිය එනවද මාත් එක්ක සෙමිට්‍රි එකට යන්න..."


       "....ය්..යමු..."



        අවුරුදු දොළහක් අයිය නිදාගෙන හිටපු තැන ලොකු අරලිය ගහකුත් හැදිල... අයියට තනි රකින්නද කොහෙදෝ අරලිය මල් ගොඩකුත් බිමට දාල තිබුනා... අවුරුදු ගානක් තිස්සෙ අයියට හෙවන දීපු ඒ අරලිය ගහ ගැන මට ඇතිවුනේ ලොකු ගෞරවයක්....
            මෙච්චරකල් නාවට මට සමාවෙන්න රත්තරං....උඹ ඔහොම පස් ගොඩකට යටවෙලා ඉන්නව මං කොහොමද බලන්නෙ...අපේ හීන ඔක්කොම හේදිලා ගියේ මං හින්දා...ඔයාගෙ අහිංසක ජීවිතේ නැතිවුනෙත් මං හිනදා.. මට සමාවෙන්න මගෙ අයියෙ.....!!!



    මේ සියල්ල අවසන ජීවිතය විසින්ම කියා දුන් යමක් ඇත...එනම් මේ ජීවිතය අපට හිමි කල දෙයක්ද නැත...අහිමි කල දෙයක්ද නොමැත.....



මලක නැවුම් සුවද පිරුණ
සොදුරු මද නළ...
ඔබගැන තොරතුරු විමසයි 
මගදි හමුවන...
සද ඇවිදින් ගියා වගේ 
කිසිත් නොකියම...
ඔබ සැගවී ගිහින් මගේ 
හිතත් අරගෙන...


හිතින් හිතට එබී බලා
ගන්න හදවත...
ඉස්සර මෙන් ඇවිත් යන්න 
සරසවි බිමට...
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා
ඉන්න හදවත...
බිමවැටෙන්න දෙන්න එපා
රිදෙයි හොදටම....






                      *****නිමි*****

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 3rd October 2016, 23:08

පසු සටහන....


    "හමු වෙන්නට..සමු ගන්නට.. ඇවිත් යන එන.." ගීතය රචනා වීමට පසුබිම් වූ ඉතා දුක්බර කතාවක් ඇතිබව දැනගන්නට ලැබුනි. 2003/2004 වසරවලදී පේරාදෙණිය සරසවියේ භූගර්භ විද්‍යා පීඨයේ ඉගනුම ලැබ අවාසනාවන්ත සිදුවීමන් නිසා මෙලොවින් සමුගත් තරුණයකු වටා   ලියවී ඇති ඒ පසුබිම් කතාව මට පැවසුවේ මගේ වැඩිමහල් සහෝදරියයි.ඒ කතාව මගේ හිතේ ඇතිකළ කම්පනය නිසා මේ කතාව ලිවීමට පෙළබුනු බව දන්වමි.
       අක්කාගෙන් අසා දැනගත් තොරතුරු තුලින් සරසවිය පිළිබද තොරතුරු ඉදිරිපත් කල බවද ඒ හා අදාළව මා සතුව අත්දැකීම් නොමැති බවද පැවසිය යුතුමය.මම මින් පෙර කෙටි කතා ලියා නොමැති බැවින් එය කෙසේ විය යුතුද යන්න පිළිබදවද අවබෝධයක් නැත.කතාවේ හරයට හා රසයට ඉන් බාධාවක් වූවානම් සමාවෙන්න.....


                  -හිමකිරම-

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  hasaral95 on 3rd October 2016, 23:25

මරු...
ඔය තියෙන්නේ එලටම 
මැකී මැකී ලියල එහෙනම් අන්තිමට කතාව දැම්මනේ... 

banana banana banana

hasaral95
+ 100 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 424
Member Since : 2016-09-02

Back to top Go down

Re: සරසවි උයන...

Post  hasaral95 on 3rd October 2016, 23:35

කතාව කියවන්නෙත් නැතුවම බලල කලින් කමෙන්ට් එක දැම්මේ..
දැන් තම හරියටම කියෙව්වේ..
අය වචන දෙකක් න පපුවටම වැදුන මලය...
කියවල ඉවරවෙනකොට මගේ පපුවේ අමුතු බරක් වගේ එකක් දැනුන....
ඒ ඔයාගේ වචනවල පවර් එකටනේ 
ජය වේවා...!  smile smile

hasaral95
+ 100 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : kandy
Country : Sri Lanka
Posts : 188
GetReal Gold : 424
Member Since : 2016-09-02

Back to top Go down

Re: සරසවි උයන...

Post  jay.rishan on 4th October 2016, 01:48

කතාව කියවලා අනිත් පැත්තට මන් කලේ සින්දුවේ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක කියවපු එක.ඇත්තටම මන් මේ සින්දුව කලින් අහල තිබුනෙ නෑ.ඒත් දැන් මේක මගේ ආසම සින්දුවක් වෙලා.
සරසවි ජීවිතයත් එක්ක ගොඩනැගුනු ගොඩක් ආදර කතා තියෙනවා.සමහර ඒවා සතුටුදාඅයකයි.ගොඩක් ඒවා දුක්බරයි.දුකින් පිරුන ආදර කතා හිතට දැනෙනවා වැඩී.
ඔයා මේ කතාව ලියල තියෙන ආකාරයට කතාව මගේ හදවතටම වැදුනා.ඇත්තටම හදවත කඩාගෙන වැටුනා.ඇස් වලින් කදුලු ආවේ නැති වුනාට හදවත තවමත් අඩනවා.මගේම ජීවිතේ වෙච්ච දෙයක් වගෙයි මට දැනුනේ.මගේ ආදරය නැති වුනා වගෙයි මට දැනුනේ.දෙවියනේ ආදරය කරන කාටවත් මේ වගේ ඉරණමක් අත් කර දෙන්න එපා.
ඔයා මාව ඇඩෙව්වා අයියේ.හිතට වදින,කිසිදක අමතක වෙන්නෙ නැති ලස්සනම ලස්සන කතාවක්.ස්තූතී මේ කතාව ලියුවට.

jay.rishan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 371
GetReal Gold : 1487
Member Since : 2015-09-05

Back to top Go down

Re: සරසවි උයන...

Post  Hitha Honda Kolla on 4th October 2016, 03:11

කථාව ගැන නම් කියන්න වචන නැහැ. ඒක හින්දා තියෙන සිම්පල්ම වචන දෙකෙන් කියන්නම්. ලස්සනයි, හැඟුම් බරයි.
ඔයාට ගොඩක් ස්තුතියි මං කරන්න හිතන් ඉන්න දෙයක්, කල යුතුමයි කියලා මගෙ හිතට කාවැද්දුවට​.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: සරසවි උයන...

Post  Suwahas on 4th October 2016, 07:00

godak lassana kathawak..hithata danena widiyata liyala thiyanawa..e sinduwe kathawa danagenahitiyat dn issarata wada lassanata eka ahenawa...thank you malli...

Suwahas
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 9
GetReal Gold : 229
Member Since : 2016-09-16

Back to top Go down

Re: සරසවි උයන...

Post  සහන් on 4th October 2016, 09:23

ඇස් කෙවෙනි තෙත් වෙන තරමට සංවේදි කතාවක්.
ඊට එහා කියන්න දෙයක් නෑ

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 10:12

[You must be registered and logged in to see this link.] wrote:කතාව කියවන්නෙත් නැතුවම බලල කලින් කමෙන්ට් එක දැම්මේ..
දැන් තම හරියටම කියෙව්වේ..
අය වචන දෙකක් න පපුවටම වැදුන මලය...
කියවල ඉවරවෙනකොට මගේ පපුවේ අමුතු බරක් වගේ එකක් දැනුන....
ඒ ඔයාගේ වචනවල පවර් එකටනේ 
ජය වේවා...!  smile smile
Ehema danunanam mn sarthaka athi..tikakwath..
Thankuuuu pride

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 10:15

[You must be registered and logged in to see this link.] wrote:කතාව කියවලා අනිත් පැත්තට මන් කලේ සින්දුවේ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක කියවපු එක.ඇත්තටම මන් මේ සින්දුව කලින් අහල තිබුනෙ නෑ.ඒත් දැන් මේක මගේ ආසම සින්දුවක් වෙලා.
     සරසවි ජීවිතයත් එක්ක ගොඩනැගුනු ගොඩක් ආදර කතා තියෙනවා.සමහර ඒවා සතුටුදාඅයකයි.ගොඩක් ඒවා දුක්බරයි.දුකින් පිරුන ආදර කතා හිතට දැනෙනවා වැඩී.
             ඔයා මේ කතාව ලියල තියෙන ආකාරයට කතාව මගේ හදවතටම වැදුනා.ඇත්තටම හදවත කඩාගෙන වැටුනා.ඇස් වලින් කදුලු ආවේ නැති වුනාට හදවත තවමත් අඩනවා.මගේම ජීවිතේ වෙච්ච දෙයක් වගෙයි මට දැනුනේ.මගේ ආදරය නැති වුනා වගෙයි මට දැනුනේ.දෙවියනේ ආදරය කරන කාටවත් මේ වගේ ඉරණමක් අත් කර දෙන්න එපා.
            ඔයා මාව ඇඩෙව්වා අයියේ.හිතට වදින,කිසිදක අමතක වෙන්නෙ නැති ලස්සනම ලස්සන කතාවක්.ස්තූතී මේ කතාව ලියුවට.
ow..api athare mewage walalila giya adara katha ona tharam athi..ewage awasanayath dukakma witharak wenna athi..me kathawa e kauruth nodanna adara katha wenuwen liyauna kiyala hithamu... pride pride pride

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 10:17

[You must be registered and logged in to see this link.] wrote:godak lassana kathawak..hithata danena widiyata liyala thiyanawa..e sinduwe kathawa danagenahitiyat dn issarata wada lassanata eka ahenawa...thank you malli...
E sinduwe kathawa nm meka nemei ...eka goda denek danna prasidda kathawak..meka hithe maunu kalpithayak witharai
pride pride pride

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 10:20

[You must be registered and logged in to see this link.] wrote:කථාව ගැන නම් කියන්න වචන නැහැ. ඒක හින්දා තියෙන සිම්පල්ම වචන දෙකෙන් කියන්නම්. ලස්සනයි, හැඟුම් බරයි.
ඔයාට ගොඩක් ස්තුතියි මං කරන්න හිතන් ඉන්න දෙයක්, කල යුතුමයි කියලා මගෙ හිතට කාවැද්දුවට​.
Eka hodai aiye..heta monawa weida kiyala kaurut danne nathi nisa adama karanna..oyatat sthuthiy
pride pride pride

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  IceCool on 4th October 2016, 10:23

[You must be registered and logged in to see this link.] wrote:ඇස් කෙවෙනි තෙත් වෙන තරමට සංවේදි කතාවක්.
ඊට එහා කියන්න දෙයක් නෑ
oya shokantha walata kamathi na kiyala mn dannawa. Kagehari wedanawak rasawidina eka sadaranada kiyanna mama danne na..eth eket amuthu rasayak thiyanawa
pride pride pride

IceCool
Newbie writer

Now :
Online
Offline

Mood : Childish

City : Gampaha
Country : Sri Lanka
Posts : 314
GetReal Gold : 743
Member Since : 2016-07-07

Back to top Go down

Re: සරසවි උයන...

Post  Guest on 4th October 2016, 21:30

උදේ පාන්දර අවදි උන වෙලාවේම සයිට් එකට එන එක පුරුද්දක් මගේ , ඒ අපු ගමන් කියෙව්වේ උබේ කතාව , අකුරු කිරීම පට්ට සාර්තකයි, උදේම හදවතට හෙන කෙටුවා වගේ ,, 

Guest
Guest


Back to top Go down

Re: සරසවි උයන...

Post  Sponsored content Today at 13:11


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum