Sinhala Typing Tool

හෙට

View previous topic View next topic Go down

හෙට

Post  Wishwa on 14th July 2016, 22:21

මම හැමදාම නින්දට යන්නෙ එක බලාපොරොත්තුවක් එක්ක...
ඒ මට හෙට ඔයාව අමතක වෙයි කියල...

හෙට උදේට ඇහැරුනාම මිදුලෙ තියෙන අඹ ගහේ කොල අතරෙන් පෙරිල එන ඉර එලිය...
මට ඔයාගෙ ඇඟේ උණුහුම මතක් නොකරයි කියල..

උදේ පාන්දර හමාගෙන එන නැවුම් සුලං රැලි
ඔයාගේ ඇඟෙන් එන ඒ හිත පිස්සුවට්ටන සුවඳ මතක් නොකරාවි කියල...

හැමදාම උදේ පාන්දර නැඟිට්ට ගමන්..
හිත සැහැල්ලුයි...හැමදේම පැහැදිලියි... 
තවත් අලුත්ම අලුත් ලස්සන දවසක්!

ඒත් ඊගාවට මට මතක් වෙනවා..
මොකක් හරි අඩුයි වගේ...
හරියට මගේ ඇඟේම කොටසක් අඩුයි වගේ...

මට ඊගාවට මතක් වෙනවා ඒ ඔයාය කියල...
ඔයාගේ ඒ විහිලු..
ඔයාගේ ඒ හිනාව..
ඔයාගේ ඒ ලොකු ඇස් දෙක...
ඔයාගෙ ඒ... කරුණාවන්ත හදවත...

ඒ වෙලාවට.. මගේ ඇස් වලට උණු කඳුලු කැට උනද්දි...
පපුවෙ ගැඹුරුම තැනකින් පහලට අදිනව වගේ දැනෙනවා රත්තරං...

එහෙම වෙලාවට මම ඒ මතකයන් අහකට තල්ලු කරන්නෙ නෑ... 
ඒ තිත්ත-පැණිරස මතක ගොන්නේ ගැඹුරටම මම පීනනවා... ආයෙම ආයෙම...
මට මහන්සිවෙලා හති වැටෙනකම්ම...

ඒ වෙලාත් තව ටිකක් මම ඒ මතක ගොන්න බදාගෙන ඉන්නවා...
මොකද මම ඒ මතකයන් වලට ආදරෙයි... ලෝබයි... 
මම ඒ මතකයන් වලට ඇබ්බැහි වෙලා... 


කමක් නෑ ඒ අදනෙ...
මම හෙට ඔයාව අමතක කරල දානව...
ඔයාව සහමුලින්ම අමතක කරල..
මම ඔයාව හම්බුවෙන්න කලින් හිටිය පිස්සු කොල්ල වෙනවා...
ඔව් සත්තයි...

මම ඔයාව අමතක කරල දානව... හෙට.... 


********************************************

ඇත්තටම අවුලෙන් ඉදපු කාලෙක ලියපු අදහසක්. මම මෙතන දැම්මෙ "කතා ලියන්න tips ටිකක්" කියල ලිපියක්... නිල් සාලිය තමයි දාපු තැන වැරදියි කියල කිවුවෙ. ඉතින් post එක මකල phone එකේ ලියපු පොඩි මෙව්ව එකක් තිබිල දැම්ම.. ශේප් නෙ... ;)


Last edited by Wishwa on 15th July 2016, 01:04; edited 1 time in total

Wishwa
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 216
GetReal Gold : 2077
Member Since : 2014-09-27

Back to top Go down

Re: හෙට

Post  Guest on 14th July 2016, 23:05

විශ්වා කතාවත් දනවද lmao lmao


Last edited by Nil saliya on 15th July 2016, 21:16; edited 1 time in total

Guest
Guest


Back to top Go down

Re: හෙට

Post  Wishwa on 15th July 2016, 01:06

එළ තෑන්ක්ස් කොල්ලෝ... හරි තැන පෝස්ට් කරා... මෙතනත් පොඩ්ඩක් ශේප් කරා..  හී :)

Wishwa
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 216
GetReal Gold : 2077
Member Since : 2014-09-27

Back to top Go down

Re: හෙට

Post  Sponsored content Today at 13:11


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum