මට තාමත් මතකයි අක්කේ

View previous topic View next topic Go down

මට තාමත් මතකයි අක්කේ

Post  Sajith on 2016-07-05, 9:36 am

ඔයාට මතකද අක්කේ?

පුංචි කාලෙ අපි පුංචි දේකටත් රන්ඩු උන හැටි ...

ටික වෙලාවකින් ආයෙත් එකතුවෙලා සෙල්ලම් කරපු හැටි ...

අම්මා අප්පච්චි විතරක්ද​?

අත්තම්මලා, ලොකු අත්තලා, නැන්දලා, බාප්පල

හැමෝගෙම ආදරේට මැදිවෙලා

ගෙවපු සුන්දර ළමා විය ...

ඔයාලගෙන් ඈත් වෙලා

පාළුව​, තනිකම තුරුළු කරගෙන ජීවත් උනත්

අදටත් මාව ජීවත් කරන්නේ ආදරණීය මතකයන් …

 

ඔයාලගෙම කූඩුවක් හදාගෙන

අපෙන් වෙන්වෙලා ගිය දවසෙ

අප්පච්චිගෙ ඇස් දෙකෙන් වැටුන කඳුළු

තාමත් මතකයි මට

අද ඊයේ වගේ ...

සුරංගනාවියක් වගේ පුංචි දුවක්

කැන්දන් දවසෙ

කඳුළු සතුටු කඳුළු උන හැටි

පුන්චි හා පැටියෙක් වගේ අහින්සක පුතෙක්

කැන්දන් දවසෙ

සතුටු කඳුළු උතුරා ගිය හැටි

තාමත් මතකයි මට

අද ඊයේ වගේ ...

 

ජීවිතේ බර වැඩි උනත්

ඒ පුන්චි සුර දූතයන් එක්ක ගෙවන කාලය

කොයිතරම් ලස්සන ඇතිද​ ...

අත්වැලක් වෙන්නම් මම නුඹට

ඇවිද යන්නට තව බොහෝ දුර

මේ දිවි මගේ කෙළවර තෙක්ම ...


Last edited by Sajith on 2016-07-06, 3:21 am; edited 1 time in total
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2860
Member Since : 2016-03-31

Back to top Go down

Re: මට තාමත් මතකයි අක්කේ

Post  Hitha Honda Kolla on 2016-07-06, 2:42 am

harima lassanai sajee malli. meka kiyawana kota hithata puduma suwayak denenawa.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5153
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum