Sinhala Typing Tool

කුරුටු ගෑ මගේ මතක....

View previous topic View next topic Go down

කුරුටු ගෑ මගේ මතක....

Post  Esala on Tue 7 Jun - 20:22

කුරුටු ගෑ මගේ මතක
උඹ එක්ක උන්නු හැටි
තවම දුර්වර්න උන
මතක සටහන් එහෙමමයි
වර්න නැති ඒ මතක
හිත ඇතුලේ වර්නවත්
සිතුවම් වගේ තවම
මතක ගෙත්තම් කරයි
දුර ඉන්න උඹ දිනක
ආවොතින් මං ලඟට
උඹට ආයෙමත් මම
මතක් කරන්නට
හිතන් මගේ පන වගේ තවම
ඒ කාලේ කුරුටු ගෑ
මගේ දුක තියෙන ඒ
පුංචි කඩදහි ගොනුව
බොහොම හොඳ පරිස්සමට
ඇති මගේ කාමරේ...
ආවොතින් යම් දිනක මගේ
නිවසට උඹත්
අම්මගෙන් ඉල්ලපන් මගේ කාමරේ යතුර...
මගේ සුවඳ පිරුනු ඒ
මගේ දෙවු ලොවම උනු,
පාලුවට තනියෙන්ම කඳුලු අතරමන් උනු
ඒ මගේ සොඳුරු නවාතැන ඇති මගේ මතක පොත
අතට ගෙන කියවපන්
මං උඹට පෙම් කල හැටි
සත්තමයි උඹ අඬාවි
තුරුලු වෙන්නට නැතිව මම
මගේ කොට්ටය අරන් සිඹින් හෙමිහිට ඉතින්

දැනෙයි මගේ උණුහුමත් උඹට ඒ ඇති තරම්...
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4604
Member Since : 2013-03-28

Back to top Go down

Re: කුරුටු ගෑ මගේ මතක....

Post  Sajith on Tue 7 Jun - 21:43

කාලෙකින් ඇවිත් ලස්සන කවියකින් අපිට සංග්‍රහ කළාට ස්තූතියි මල්ලී.

හදවතේ ගැඹුරටම වදින පදවැල් ටිකක්.
avatar
Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2085
Member Since : 2016-03-31

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum