අපූරු මිනිසා

View previous topic View next topic Go down

අපූරු මිනිසා

Post  Oshada on April 28th 2016, 7:27 pm

ඉඳිකටුවක් ලඟ තියාගෙන
ගුවන් යානාවක් ගැන
කතා කරන
මිනිසුන් අතර
මාලිගාවෙන් බිමට බැස
දුගී ජනයින් සමග ඇවිද යන
නුඹ අපූරුම මිනිසෙකි

රථයක් ලඟ පින්තූරයක් ගෙන
එය අනෙකුන්ට
උජාරුවෙන් පෙන්වන
මිනිසුන් අතර
නුඹේ වත්කම් ගැන
කිසිදා කතා නොකරන
නුඹ අපූරුම මිනිසෙකි

තම සුලු දැනුම
බසක් හෝ විෂයක් ගැන
අතිශෝක්තියෙන් වනන
මිනිසුන් අතර
නේක සරසවි දුන් උපාධිද
විවිධ බස් ගැන තිබෙන දැනුමද
කිසි දිනෙක නොපෙන්වන
නුඹ අපූරුම මිනිසෙකි

ධනය බලය හා ජනප්‍රියත්වයම
ඒකායන අරමුණ සේ සලකන
ආත්මාර්ථකාමයෙන් අගතැන්පත්
මිනිසුන් අතර
මේ හැම දෙයක් දෙසම
උපේක්‍ෂාවෙන් බලන
පරාර්ථකාමෙන් පිරුන
නුඹ අපූරුම මිනිසෙකි
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6366
Member Since : 2013-08-11

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  tharindu on April 28th 2016, 8:43 pm

Godak godak.lassana sankalpanawak.oshada aiye,,,meka kiyawaddi mage raththaran aiya mata mathak une....me wage minissu ada loke aduyi..mage raththaran aiyath me wage apuru minisek..meka kiyawaddi mata ekapara aiyawai mathak une.oyata jaya wewa
avatar
tharindu
+ 100 Posts

Country : Sri Lanka
Posts : 134
GetReal Gold : 2001
Member Since : 2016-01-28

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Sajith on April 30th 2016, 5:02 pm

ඔයාගේ වචන හදවත පතුලටම කිඳා බහිනවා. මේ කවිය ගැනනම් ඔයත් එක්ක ගොඩාක් කතා කරන්න ඕන​.
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2856
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Sajith on April 30th 2016, 5:05 pm

මල්ලෝ අපි මේක දාමුද පත්තරේක​. හැමෝටම රස විඳින්න පුළුවන් කවියක් නේ.
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2856
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Oshada on April 30th 2016, 9:19 pm

මේ කවිය ගැන කිව්වොත් අයියා.. මේ කවිය ගැන කියවෙන්නෙ මගෙ හොඳම යාළුවා ගැන. එයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක් . එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම doctor ලා. මගෙ යාළුවත් හොඳට ඉගෙන ගත්තා. ගොඩාක් සල්ලි තිබ්බත් එයා හරි නිහතමානි චරිතයක්. සල්ලි තියෙන බවක්වත් එයාගෙ පවුල් පසුබිම ගැනවත් කවදාවත් රටට ලෝකෙට කියන්න යන්නෙ නැති කෙනෙක්. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් අතේ තියෙන කීය හරි දෙනවා. කෙටියෙන් කිව්වොත් මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් කරන්න එයාව හේතුවක් උනා. එයා නැත්නම් සමහර විට මම මැරිලා ගොඩාක් කල් වෙන්නත් තිබ්බා. එයා වෙනුවෙන් මම කාලෙකට කලින් ලිව්ව කවි පද ටිකක් තමයි මේ.
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6366
Member Since : 2013-08-11

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Hitha Honda Kolla on May 4th 2016, 5:13 am

oshada, thamange yaluwa gena me widihata liyanna oyata puluwan une oyatath lassana hadawathak thiena hinda wenna ethi. lassanai mallo.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2189
GetReal Gold : 5149
Member Since : 2015-05-03

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Sajith on May 4th 2016, 10:40 am

ඕෂද මල්ලිගෙ යාළුවට මම පින් දෙනවා ඕෂදගෙ ජීවිතේ ගොඩනගා ගන්න උදව් කළාට​. එයා නිසානෙ අපිට මේ තරම් මිහිරි කවි ලියන කෝකිලයෙක් ජීවත් වෙලා ඉන්නෙ.
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2856
Member Since : 2016-03-31

Back to top Go down

Re: අපූරු මිනිසා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum