Sinhala Typing Tool

නිකන් මොකක්දෝ වුණා වගේ...

View previous topic View next topic Go down

නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  Jith on 21st August 2015, 12:54

ගප්පියා..  hand


හැමෝම මේ දවස් වල කතා වෙන අලුත්ම, වෙනස්ම විදිහෙ ඩයල් එකක්. උගෙ එක පෝස්ට් එකක් දැක්කා මෙහෙම..




[You must be registered and logged in to see this image.]





"වෙනස පෙනෙනවා නම් ඔබ බුද්ධිමතෙකි."


ඔහොමයි ටොපික් එක තිබුණෙ. ආසාවට ඉතින් කමෙන්ට්ස් ටික කියෙව්වා...  study  study


නොකියෙව්වා නම් හොඳයි කියලා හිතුණා..   Neutral Neutral Neutral


"ගප්පියො ආගම් ගැන මන් දන්නෙ නෑ. ඒත් ගේ ඇන්ඩ් ලෙස්බියන් කියන්නෙ සාමන්‍ය මනසක් තියන මිනිස්සු නෙමේ යකෝ. මේ වගේ උන් ඕන නම් මොකටද ලෝකෙට විරුද්ධ ලිංගිකයො ඇවිල්ලා ඉන්නෙ යකෝ. ගේ ඇන්ඩ් ලෙස්බියන් කියන්නෙ මොලේ බාගෙට විකෘති වෙච්ච එවුන්ට. නිකන් ගොන් පොස්ට් දාලා උඹේ තැන නැති කර ගන්නෙ නැතුව ඉඳපන්"


එතන නොකෙ‍ටුවත්, හදවතින් කෑ ගහලා කියපු මගේ උත්තරේ..


"මේ ලෝකෙ ප්‍රජනනය කියන දේ වෙන්න නම් විරුද්ධ ලිංගයන් දෙකක් එකතු වෙන්න ඕනෙ. සම ලිංගයන්ට ඒක කරන්න බැහැ. ඒ නිසයි ඒ ස්වභාවධර්මයේ කාර්යය වෙන්න  ඕනෙ නිසා විරුද්ධ ලිංගයන් එකතු වෙන්නෙ. ලෝකෙ ආරම්භයේ ඉඳන්ම. මේකයි පස්සෙ කාලෙ සම්මතේ කියලා අඳුර ගත්තෙ. ආදරේ කියන දෙයත් ස්වභාවධර්මයේ ලස්සන දෙයක්. ඒත් ඒක මෙහෙමම වෙන්න ඕනෙ කියලා සම්මතයක් තියෙනවද? නියතයක් තියෙනවද? අන්න ඒ නිසයි මම හිතන්නෙ සමලිංගික ආදරත් ලෝකයෙ තියෙන්නෙ.. නියතයක් තියෙනවා නම්, ආදරය පදනම් වෙන මූලික පාදම විය යුත්තේ ලිංගිකත්වයයි."


ඔක්කොමත් හරි, මොළේ බාගෙට විකෘති වුණ එවුන් කියන එක දැක්ක ගමන් කණ කූං ගානවා වගේ.   help help


තව කීපයක්.. 


"ඕනවට වඩා මිනිස්සු උස්සලා තිබ්බම, අන්තිමට උන් එනවා අපිට ටෝල්ක්ස් දීලා අපේ ඔළුවට අත හෝදන්න. උඹ නොදන්න ලබ්බවල් කතා කරන්නෙ මොකද? දන්න වීඩියෝ, ගොන් ආතල් එකක් දාන් හිටපන් මචන්."


"මේ මහාද්‍ර කල්පයේ ගප්පියාගේ අවසාන මනුභාවය !!" (මේකෙ තේරුම නිර්වාණ අවබෝධය කියන එක නෙවෙයි කියලා මට හිතෙනවා.  Suspect Suspect )


"ඔබට තිබෙන මිනිසුන්ගෙ ගරු කිරීම නැති කර ගන්න එපා."  Question Question
(මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ 'බුදු ගුණ අනන්තයි' කියලා ප්‍රොෆයිල් එකකින්.. මනුෂ්‍යත්වයට සමාන තැන දීම බුද්ධ චරිතයේ මහා ගුණ වලින් එකක්. හ්ම්.......)


කාලෙකට කලින් මෙතනදි මට මගෙ යාළුවෙක් කියපු කතාවක් මතක් වුණා.  Idea Idea


"අපේ රටේ අය අපිව පිළිගන්න නම් ක්‍රිකටර් කෙනෙක් වගේ හොඳ ප්‍රසිද්ධ, හැමෝම ආදරේ කෙනෙක් එළියට එන්න ඕනෙ.. එදාට තමයි අපිට පළවෙනි අඩිය තියන්න පුළුවන්."


මේවා දකිනකොට ඒක කොච්චර දුරට ඇත්ත වෙයිද දන්නෙ දන්නෙ නෑ.  noidea noidea


(දෝනිලට වෙච්ච දේවත් වත් වෙයිද? ගෙවල් ගිනි තියයිද දන්නෙ නෑ "මම ගේ නෙවෙයි කියනකම්.")


මෙහෙම කමෙන්ට්ස් නුත් නොතිබ්බම නෙවෙයි.  lol!


"ලෙස්බියන් ස්නේක් කොහෙද බං........
නයා ලෙස්බියන් වෙන්නෙ කොහොමද බොල.....
නයාගේ ගැහැනු සතා තමයි ලෙස්බියන් වෙන්නෙ"


"නයා නයාම තමා. ලෙස්බියන් එකා හැපින්නක්. ඌ තමා වෙනස් එකී."


"කවුරු නැතත් වාසුදේව අන්කල්ට අපි කැමති!"  lmao lmao


සොරි.. මගෙ හිත හැදෙන්නත් එක්ක මේ ටික දැම්මෙ.  kiss kiss


මට තියෙන ලොකුම ප්‍රශ්නෙ සහජීවනේ කියන එක ගැන ජාති, ආගම් වලින් පටන් අරන්, ඇයි හැමදාම අන්තිමට ගේ, ලෙස්බියන් වලින් ඉවර කරන්නෙ කියන එක.   noidea noidea


ඔය මොක මොකා මොක කිව්වත් ගේ මමත් කියන දෙයක් තියෙනවා අනික් උන්ට වඩා. ඒක ගැන මට ලොකු හැඟීමත් තියෙනවා.


"මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියලා වටිනා රත්න තුනක් මට තියෙනවා. එය ‍රැක ගැනීම මගේ යුතුකමයි." 


දේශපාලනේ නම් කරන්නෙ නෑ. ඒත් කැම්පස් අපි වෙන දේකට කියනවා වගේ, 


"එය යුතුකමක් නොව, අප උර මත පැටවූ වගකීමකි."


හැබැයි මේකත් ඇත්ත.. මිනිස්සු බාහිරින් කිසිම වෙනසක් නොපෙන්නුවත් දරන ආකල්ප වලින් වෙනස් වෙනවා තමයි. උඩින් බැලුවොත් උඩ කමෙන්ට් ඇත්ත කියලා හිතෙයි. ඒත් ටිකක් ගැඹුරින්, සාධාරණව කරුණු කාරණා එක්ක බැලුවොත් මම මේ කිව්ව කතාව තේරෙයි. ඒත් හැම මානුෂීය හැඟීම් වලින් යුත් හැම මනුස්සයම මනුෂ්‍යත්වය කියන දෙයින් සමානයි නේද??


ඇයි මම මේක මෙතන කියන්නෙ?? ඔව්. මම මේක මෙතන කිව්වා කියලා ලොකු වැඩක් නැහැ තමයි. මේ දේ කවදාහරි වැදගත් දෙයක් වෙන්නෙ අරිසෙන් අහුබුදු, එදිරිවීර සරච්චන්ද්‍ර, ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීව් ජොබ්ස් වගේ කෙනෙක් ලෝකෙට කිව්වොත් විතරයි. ලෝකෙ පිළිගන්නෙ අන්න එතකොටයි. එතකම් මොනවා කිව්වත් පිළිගැනීම නැති පුද්ගලයාගෙ ඇත්ත හැමදාමත් කුණු ගොඩේ. ඒ කුණු පෑදිලා කවදා හරි දවසක ගොඩ එන්න පුළුවන්. ඒ නිසා උත්සාහ දරනවා ලොකු ඉලක්කෙකට යන්න.


වැරදි අපේ අයගෙත් තියෙනවා.


පට්ට ෆන් දෙන සෙක්සි මල්ලිලා, උස්සලා මොනවද කරන්න කෙට්‍ටු මල්ලිලා, මෝල් ගස් බස්සන ජිම් අයියලා, සල්ලි තියෙන චබී අන්කල්ලා ප්‍රසිද්ධියේ ගොන් විදිහට හොයන්න ගිහින් තමයි ලේබල් වැදිලා තියෙන්නෙ හැමෝටම. මම කියන්නෙ නැහැ සෙක්ස් හොයන්න එපා කියලා. දෙයි හාමුදුරුවනේ කවුද කියලා නම් මතක නැහැ. කෙනෙක් කියලා තියෙනවා ඒක ඕනෙම දෙයක්ලු සාමාන්‍ය තත්ත්වයේ මනුස්සයෙකුට. (සාමාන්‍ය යනු විද්‍යාත්මක ඇසින් වේ.) ගෲප් නෙවෙයි මොනවා කළත් කළ යුතු සහ සුදුසු සෙවිය යුතු විදිහට කරනවා නම් ගැලපෙයි නේද? 


මේ විදිහෙ අමන වැඩත් වෙනවා.. සම සහ විෂම දෙපැත්තෙම.  thumbdown thumbdown


"ගේ කපල් එකක කොල්ලට හොරෙන් එකෙක් එක්ක සෙට් වෙන්න ආසයි. ස්ට්‍රේට් කපල් එකක කොල්ලෙක් එක්ක සෙට් වෙන්න ආසයි." මේවට මං ගාව වචන නැහැ. (තියෙනවා තියෙනවා. වචන තියෙනවා.. ඒකෙ ෆොන්ට් එක මේකෙ නැහැ.. මෙහෙමයි පේන්නෙ. %^ &*@&^!%$%$)!*&^#)


අන්තිමට මෙහෙම ඉවර කරන්නම්. 

දරුණුම අපරාධකාරයෝ ඉන්න තැනක මෙහෙම දෙයක් දැක්කා.


"සිරකරුවොත් මනුෂ්‍යයෝය." 


ඒත්, 


"ආකල්ප, අදහස්, හැඟීම්, දැනීම සහ බුද්ධිය තියෙන මනුස්සයෙක් වෙන්න.."  pride pride pride


ජිත්.

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3412
Member Since : 2013-10-18

Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  shevan on 21st August 2015, 17:09

ජිත් මේ වගේ ලිපියක් පල කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ  වගේම සබුද්ධික මානයකින් මේ ගැටළුව දිහා බලල මේ වගේ විචාරශීලි යමක් පල කිරීම මෙය කියවන අනෙකුත් අයට පළදායී වේවි කියලත් හිතුණා.

හැබැයි ගප්පියාගේ පෝස්ට් එකත් ජිත්ගෙ ලිපියත් කියෙව්වම මට මං සමලිංගිකයෙක් කියන හැගීමත් අමතක කරල මෙන්න මේ වගේ අදහසක් ලියන්න හිතුණා. දැන් ඔතන නයි 6ක් ඉන්නවනේ. මෙතනදි අපි අවධානය යොමු කරන්නෙ අපිට අදාල දෙකකට විතරනේ. ඒ ගැටළුව ගැන සමාජෙ දෙපිරිසක් මත දෙක ඉන්නවා. හැබැයි ඒක ගැන විතරක් නෙවෙයි. හිතල බලන්න අනිත් නයි ගැනත් ඒ විදියටම සමාජ මත තියෙනවනේ. තව ටිකක් කල්පනා කලාම ඔතනට සදාචාරය, ආගම, පතිවත, කුළ මළ, දේශපාලනය, වගේ  තව නයි ගොඩාක් අදින්නත් තියෙනවා. ඒ නිසා අපි සමලිංගංකයි කියන සිතුවිල්ල ඔස්සෙ බැලුවොත් යම් හද කකියවන සුලු හැගීමක් ඇතිවීම සාධාරන වුනත් සමස්තය දිහා සම බර සිතින් බැලුවොත් ඒක තව එකක් විතරයි. හරියටම කියනව නම් ඔතන ඉන්න ඔනම නියෙක් අපිව කන්න පුලුවන්. හැබැයි මම මෙහෙම කිව්වම කෙනෙකුට මේ වගේ තර්කයක් මතු කරන්න පුලුවන්. එතන තියෙන කමෙන්ට් ඔක්කකොම තියෙන්නෙ සමලිංගිකත්වය හෑල්ලු කරල, අපි මේ ලොකෙට උපන්නට ජීවත් වෙන අයිතිය නැති මිනිස්සුද කියල වගේ හැගීමක් සමකාමීන්ට ඇති වෙනව නේද කියලත්. යම් විදියකින් කිව්වොත් ජිත් මේක ලියන්න පොළඹවන්න තරම් ඔය කමෙන්ට් ටික හේතු වුනානේ. ඇත්තටම සමස්ත සමාජයම එහෙම නැහැ. අනිත් කෙනෙක්ගෙ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් විදියෙ මනසක් තිබෙන, අනිත් අයගේ මානසික අයිතීන්ට ගරු කරන මූලික මානව අයිතීන් පිළබඳව සාධාරණ සහ මධ්‍යස්ථ අදහස් දරන සැලකිය යුතු පිරිසක් මේ සමාජෙ ඉන්නවා. ඒත් ඒ කවුරුවත් මෙවැනි මොහෙතෙක සමාජයේ මතු වෙන්නෙ නෑ. මූලිකත්වය ගන්නෙ නෑ.  ලෝකයේ හැම විටම සත්‍යයට වඩා ජය ගන්නෙ බලයයි. කොටිම්ම ලෝක සත්‍යය ඒකයි.

ඉතිං ඇයි ඒ අය සමාජ අසාධාරණත්වය එරෙහිව සටන් නොකරන්නෙ? ඔබට ඊළගට පැන නගින ගැටලුව ඒකයි. ඒකට උත්තරේ මං ප්‍රශ්නයක් විදියටම මෙහෙම ඇහුවොත්. ඇයි ජිත් එයාට දැන දේ මෙතන ලිව්වට එතන නොලිව්වෙ?  ජිත් බයයි අර නයි එයා කයි කියල. ඇත්ත එකයි. මැදිහත් සිත තියෙන කෙනා ඔවට උත්තර ලියන්න යන්නෙ නෑ. මොකද එයාලත් සමලිංකයො කියල හංවඩු ගහනවට. කොටින්ම අර නයි පැනල කනවට බයයි.  නිල් පාට තීන්ත බාල්දියක් වැවකට දාල හේදුවට තීන්ත දිය වෙනව මිසක් වැව නිල්පාට වෙන්නෙ නෑනේ. ආන්න ඒ වාගේ අපි අතලොස්සට සමාජය වෙනස් කරන්න බෑ. අපි සමාජයට අනුගත වෙන්න ඕන. පාඩුවෙ අපේ වැඩක් බලාගෙන තමන්ගෙ අරමුනක් සදහා හිත යොමු කරන්න ඕන. කවද හරි දවසක මේ ඉන්න නයි තව බලං හිටියොත් මුං අපිව කයි. කියල හිතෙන සත්‍යවාදී පිරිසකට බලය ලැබුනොත් එදාට සත්‍යය බලවත් වෙලා ඒ සත්‍යය ජය ගනීවි. උන් ඒ නයි මරාවි. පහුගිය දවසක ඇමරිකාව කලේ ආන්න ඒ නයි මැරිල්ල තමයි.


Last edited by shevan on 22nd August 2015, 03:51; edited 2 times in total

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  Jith on 21st August 2015, 18:32

Damn!!!!!!!!!! I am fucked!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  banghead banghead( Font worked correctly........  help help help)

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3412
Member Since : 2013-10-18

Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  shevan on 22nd August 2015, 16:25

[You must be registered and logged in to see this link.] Grrrrrrrrrrrrrrrrrrrrrrrrrr curse

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  Guest on 22nd August 2015, 21:33

banghead banghead banghead banghead

Guest
Guest


Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  rayya1 on 15th October 2015, 10:37

bath bath bath bath bath bath bath bath bath bath

rayya1
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 2147
Member Since : 2014-02-10

Back to top Go down

Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Post  Sponsored content Today at 01:09


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum