Sinhala Typing Tool

සතු මලකට ඇයි ලොබකම්....

View previous topic View next topic Go down

සතු මලකට ඇයි ලොබකම්....

Post  Esala on 11th May 2015, 11:16

මට මගේ ජීවිතේ වැරදුනා...කාගෙවත් වරදින් නෙවෙයි මගෙම වරදින්...ජීවත් වෙන්න තිබුන එකම හේතුව , හිතේ තිබුන බලපොරොත්තුව.....ඒ ඔයා....ඒත් අන්තිමට ඔයත් උවමනාවෙන්ම දුරට ගියා,ගොඩක් දුර.... මට සිද්ද උනේ පිස්සෙක් වගේ ඉබාගාතේ යන්න....

එදා ඔයා අහම්බෙන් මගේ ජීවිතේට ආවා වගේම තවත් කෙනෙක් හදිස්සියේම මගේ ජීවිතේට එන්නේ හිතුවෙවත් නැති වෙලාවක...මගේම කතාව එයාගෙ වචන වලින් මම ඇහුවා....ටිකක් වෙනස් විදියට , ලොකුම වෙනස එයාට මට වගේ තනි නැහැ...එයාගෙ ආදරේ කොච්චර වැරදි කලත් එයාව තනි කරලා නැහැ...
ඒත් ඔයා මාව තනි කලා...මට ඔයාට වැරදි කියන්න බැහැ ඒකට...ඒත් ,හ්ම්..........මම දන්නෙ නෑ ඕයි...මට මොකක්දෝ වෙලා කියලා මට දැනෙනවා....අනුන්ගේ මලක්....සුවඳ බලන්නවත් ඉඩක් නැහැ....සුවඳින් මට වැඩකුත් නැහැ...

සුවඳ ඇදෙයි මුලු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුලු තුලින්
සුවඳ දිදී පිපුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්...

ඒත් මොකක්දෝ වෙන්න යනවා කියලත් මට දැනෙනවා....වෙලාවකට බයයි...හිත එහේ මෙහේ දුවනවා,හරිම කලබලයි....වෙලවාවකට මොකක්දෝ මහ බරක් හිත පුරාවට වද දෙනවා...
අනුන්ගේ මලක් උනත් දුරින් ඉඳන් ආදරේ කරන්න බැරි කමකුත් නැහැ.....ජීවිතේ හරිම පුදුමයි....

සොඳුරුද මාහට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්
හිමි නැතිවූ සඳ වෙයි ලතැවුල්.....
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4890
Member Since : 2013-03-28

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  kasunx on 11th May 2015, 21:43

scratch
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7687
Member Since : 2013-05-31

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  virmadu on 11th May 2015, 22:07

වැටේන් එහා මල් පදුරේ...පිපී වැනෙයි අත නුදුරේ...
මල් මිලින උනත් ගන අදුරේ....මල් නෙලන්න නම් තහනම්
අනුන් සතු මල් නෙලනු කුමට ...
avatar
virmadu
+ 250 Posts

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2920
Member Since : 2014-07-29

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  භානුක on 12th May 2015, 09:14

ආදරේ කරනවා කියලා, ආදරේ ලැබෙනවා කියලා හිත රවට්ටගෙන ජිවත් වෙන එක ලේසියි තමයි. ඒත් ඇත්ත තේරුම්ගන්න ඕන ඇසලයෝ...   kiss
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 223
GetReal Gold : 4399
Member Since : 2013-05-05

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  samitha on 24th May 2015, 01:44

ඇසල මල... අන්සතු මලේ සුවඳ, ලස්සන ඔයාට දැනෙයි... ඒත් තාවකාලිකයි, අයිතිය සැමදා අන්සතුයි.තේරුම් ගන්නකම් දුකයි, ඒත් තේරුම් ගත්තට පස්සේ හිත නිදහස්...  smile
avatar
samitha
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2502
Member Since : 2015-01-25

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  thavisha on 24th May 2015, 12:32

curse curse curse

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: සතු මලකට ඇයි ලොබකම්....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum