Sinhala Typing Tool

මොකද කරන්නේ...?

View previous topic View next topic Go down

මොකද කරන්නේ...?

Post  samitha on 11th March 2015, 19:52

ජීවිතය කියන්නේ
එක දිග ගමනක්
එකේ... 
හැල හැප්පීම් තියෙනවා
වැටීම් තියෙනවා
දිවීම් තියෙනවා 
නැවතුම් තියෙනවා 
මේ ඔක්කොමත් එක්ක
ඉදිරියට යනවා
ආදරය කියන්නේ
මේ ගමනේ
අපේ එක
අත්දැකීමක්
නැත්නම්
එක හීනයක්
ඒක...
සුන්දර වෙන්න පුළුවන්
නැත්නම්
අජුත වෙන්නත් පුළුවන් 
එත්...
මුලු ජීවිතයම
ආදරය කරගත්තු
අපි වගේ මෝඩයෝ
කොහොමද
ඒ...
නීරස හීනෙත් එක්ක 
ඉස්සරහට යන්නේ
ගමන නත්තන්න මයි
හිතෙන්නේ
ඒත්...
ගමන නවත්තන්න නම්
ජීවිතයට සමුදෙන්න ම වෙනවා
ඉතින්
මොකද කරන්නේ...?

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1764
Member Since : 2015-01-25

Back to top Go down

Re: මොකද කරන්නේ...?

Post  Guest on 11th March 2015, 21:37

ජිවිතේ කියන්නේ
කෙටිම කෙටි ගමනක් 
එක ඇතුලේ තියන එක දේ 
අත්මර්ථකමිත්වය 
විතරමයි...

Guest
Guest


Back to top Go down

Re: මොකද කරන්නේ...?

Post  samitha on 11th March 2015, 22:27

Nil saliya wrote:ජිවිතේ කියන්නේ
කෙටිම කෙටි ගමනක් 
එක ඇතුලේ තියන එක දේ 
අත්මර්ථකමිත්වය 
විතරමයි...

සාලිය... මට ඒකට එකඟ වෙන්න අමාරුයි.  smile 


ජීවිතය කෙටියි නම් අපේ මතකය, අපේ අත්දැකීම්, මේ ඔක්කොමත් කෙටි වෙන්න ඕනේ.. එහෙනම් දින, සති, මාස ගණන්, අවුරුදු ගණන් ආවර්ජනය කරන්න... විඳින්න... විඳවන්න... අපිට මතකයන් නැතිවෙන්න ඕනේ. එහෙම නෑ... අපි මැරෙනකන් ම මතක් කරන්න පරණ මතකයන් අපිට තියෙනවා.


ආත්මාර්ථය: ඔව්, බොහෝදුරට අපි හැමෝටම තියෙනවා.. ඒත් ආත්මාර්ථය විතරක් නම් කොහොමද අපිව දාල ගිය, ගිහින් අපිව අනාථ කරපු ඒ අපේ ජීවිතයේ කොටස්කාරයන්ට අපි තාමත් වෛර කරන්නේ නැතුව මතක් කරන්නේ... ඉන්න තැනක, කැමති කෙනෙක් එක්ක සතුටින් ඉන්න කියල හිතන්නේ... හැමදාම පල්ලියට පන්සලට ගියාම අපිටම හොරෙන්, හිතින් එයාට හොඳක්ම වෙන්න කියල ප්‍රර්ථනා කරන්නේ...? ඒ අපේ මනුස්සකම... දවසක් හරි, බොරුවට හරි සතුටක් වින්දේ ඒ අය නිසානේ කියන ඒ පුංචි දේ හරි අපිට අමතක කරන්න බැරි නිසා... 


ඒ අපේ හිතේ සංවේදීකම... හැම මනුස්සයෙකුටම අඩු වැඩිය පිහිටලා තියෙනවා ඒක. එත් ඒක හැමෝටම එකම විදිහට දැනෙන්නේ නෑ. මොකද සංවේදීකම අපි තුල වර්ධනය වෙන දෙයක්... අපේ ජීවිතයේ අපි මුහුණ දෙන දේවල්--අපේ අත්දැකීම්--තමයි ගොඩක් වෙලාවට ඒකට අවශ්‍ය මූලය දෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම පොඩි කාලයකදී සිද්දවෙන්නේ නැ නේද?  smile smile

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1764
Member Since : 2015-01-25

Back to top Go down

Re: මොකද කරන්නේ...?

Post  Keneth on 2nd April 2015, 22:48

ජීවිතය? ආදරය? මේව නිකංම වචන විතරයි කියල හිතුව කාලයක් මටත් තිබුණ. ඒත්, ජීවත් වෙනව කියල දැනුනෙ මම ආදරේ කරන්න පටන් ගත්ත දවසෙ නෙවෙයි. ආදරෙ කරල දුක දැනුන දවසෙ. හිත ඇතුලෙන් කොච්චර රැඩිකල් එකෙක් කියල හිතුවත්, ජීවිතේ කියන අම්බලමට ගොඩ වැදිල ගිය දාහක් මිනිස්සු අතරෙන්, එ අනිත් මිනිස්සු අම්බලමක් කරගත්තු මගෙ ජීවිතෙම මන්දිරයක් කරගන ඒතන නවතින්න කෙනෙක් ආවම මට විස්වාස නැති උනා. හිත ඇතුලෙ වේදනව තියෙන්නෙ තනියම ඉන්න කෙනාගෙ විතරක් නෙවෙයි. ආදරේ කරන කෙනාගෙත්. ආදර ලබනව හෝ දෙනව කියන්නෙ, දුක කියන දේ එකතු කරගන්න පුලුවන් අපෙ හදවතෙ වපසරිය වැඩි කරගන්න එක. නැතුව දුක නැති කරගන්න එක නෙවෙයි.

Keneth
Regular Member

Now :
Online
Offline

Mood : In love

City : Kabdy and Kurunegala
Country : Sri Lanka
Posts : 46
GetReal Gold : 1922
Member Since : 2014-08-18

Back to top Go down

Re: මොකද කරන්නේ...?

Post  Sponsored content Today at 14:06


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum