Sinhala Typing Tool

සංසිඳණු මැනවි

View previous topic View next topic Go down

සංසිඳණු මැනවි

Post  samitha on 26th January 2015, 16:00

අවදියෙන් සිටීමි  මම...
පැයක්, දෙකක්, කිහිපයක් නොව 
ඉර නගින යාමයේ සිට...
ඉර බැස යන තෙක්ම 
ඉර බසින යාමයේ සිට...
නැවත හිරු පිබිදෙන අලුයම තෙක් 


දිනක් දෙකක් කිහිපයක් නොව
වසක් පාසා ඇති දින සියල්ලකම
සිඳෙනතුරු මාගේ ආත්මීය පිපාසය...
සිටිමි මම බලා


කෙදිනක හෝ... 
ලැබෙන තුරු ඒ පහස 
මාගේ ගිනිගෙන දැවෙන...
වල්මත් වූ... ඒ ආත්මය 


බලාසිටිමි මම...
ලැබෙනතුරු... එකුදු සිසිල් දියපහරක්
සුවපත් කරනු වස්... මාගේ නොනිදන ආත්මය...


මුළුල්ලෙහිම වසර ගණනාවක් පුරා...
හිඳිමි මම මග බලා 
ලැබෙනතුරු ඒ... පහස
මා ආත්මය සුවපත් කරනු පිණිස 


නොදන්නෙමි මම තවම 
නොහඳුනමි මම තවම 
සයුරද ඒ මහ... 
නදියක්ද නොවේනම් ඒ...
නිවනු හැකි... 
මාගේ ආත්මීය ගින්න!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: සංසිඳණු මැනවි

Post  Jith on 26th January 2015, 16:34

තවත් අළුත් කවියෙක්. hello  ලස්සනයි. නියමයි.  kiss

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සංසිඳණු මැනවි

Post  Oshada on 26th January 2015, 19:28

අවදියෙන් සිටිනු මැන..
මා වෙනුවෙන්..
දිනක්.. දෙකක් නොව
සංසාරය පුරාවටම..
නුඹේ
ආත්මීය පිපාසාව..
සන්සි‍ඳෙන තුරුම..

කෙදිනක හෝ..
ලැබෙන තුරු ඒ..
ආදරණීය පහස මගෙන්..
නිවන්නට නුඹේ ගිනිගෙන දැවෙන
හද මඩල..

දොවන්නම්..
නුඹේ
කකියවන ආත්මය
වචනයෙන් නොකියවෙන
මගේ..

ආදරයෙන්..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සංසිඳණු මැනවි

Post  samitha on 26th January 2015, 21:44

ස්තූතියි ජිත්.....!  kiss 

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

ස්තුති ඕෂධ!

Post  samitha on 26th January 2015, 21:47

ඉඳිමි අවදියෙන් මම​
සසර පුරා...
කෙදිනක හෝ...
ලැබෙනතුරු ඒ...
ආදරයේ පහස...
මාගේ... ගිනිගෙන දැවෙන 
ඒ...
ආත්මයට...!

පවසනු... මා සබඳ ...

හැකිද... වනු නුඹට
ඒ...
පිණි කැට පොකුර...
වපුරනු වස්...
මාගේ... පුරන් වූ කෙත...

හැකිද... වනු නුඹට
ඒ...
නිල් දිය දෝත...
සංසිඳනු වස් 
මාගේ... කල්පාන්ත පිපාසය...

හැකිද... වනු නුඹට
ඒ...
සිසිල් මඳ පවන...
වෙලනු වස්
මා... ගතෙහි වූ... ඒ වෙහෙස...!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: සංසිඳණු මැනවි

Post  Oshada on 26th January 2015, 22:01

හිඳියොතින් අවදියෙන්
සසර පුරා..
පෙරුමන් පුරමින්..
ලබන්නට මාගේ
ආදරය..

වපුරන්නට ආදරයේ..
මිහිර නුඹේ නමින්..
පුරන් වූ කෙත
අස්වද්දන්නට හැකිය මට
එකතු වී දෙදනාට..
නෙලන්නට අවසරයි
නුඹට...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සංසිඳණු මැනවි

Post  Sponsored content Today at 09:18


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum